Saturday 8 September 2018

මයිනාගෙ කතා... 24 ඩෙවල් චිකන්

මයිනාගෙ කතා.... 24  ඩෙවල් චිකන්.....

                   ගම පුරා නගරය පුරා රට පුරා වළ ගසා කාළකණ්නියා වැහුනා වගෙ මස්තෙ ගහලා ඉන්න කාලේ.  එකෙක් සර්වොදෙන් කරන විවිධ පාඨමාලා ගැන අරංචියක් ඇන්න ආවා.   කාළකණ්නි වෙන එකේ මේකටවත් යමං කියලා හිත හදාගෙන අපත රැළම ඕං ඉතිං ගියා වෘත්තිය පුහුණුවකට.   එක එක ඒවා අස්සෙ ටේළරින්, සුපවේදය, යතුරැ ලියනය, අරවා මේවා තෝරා ගෙන දැං කට්ටියම පුහුණුවෙ.

අපරාදේ කියන්න බෑ රස්තියාදුව තරම් සුපිරි පාඨමාළාවක් තවත් නැති නිසා මයිනා නැවතුනා.   සතියක් විතර ගිහින් මයිනා,   දවස් 10කින් විතර හූනා,   දවස් 15කින් විතර ලේනා,   දවස් 20කින් විතර ඉබ්බා ආදි වශයෙන්  මාසයක්  විතර  යද්දි  මුලු  කණ්ඩායමෙන්ම  දෙන්නෙක්  හැර සිල්ලොම  පරණ පුරැදු  රස්තියාදුවේ.   උන්  දෙන්නගෙන්  එකෙක්  කරේ ටයිපින්ග්   කෙල්ලො  ගොඩක්  මැද්දෙ  කුකුලා  වෙලා  හිටපු  ඌ ටයිප්රයටරයට  ඇඟිළි  වලින්   අනීන ගමන්  කෙල්ලොන්ටත් ඇඟිල්ලෙන් අරහෙට මෙහෙට ඇන ඇන වෙනම ආතල් එකක හිටියා.
අනිත් එකා පබ්ළිස් සිල්වගෙ නම තියන්න හිතාගෙන සුපවේදය කරා. ඒකට හේතු උනු කාරනාව උගේ නංගි. ස.පෙළින් පස්සෙ ගෙදරට ගාල් උනු ආදරණීය නැගණියගෙ කැමවල රසට ඉතිං ඌ සුපවේදය පරතෙරට  ඉගෙන ගන්න අදහස් කලා.  අපරාදේ කියන්න බෑ ඒ නගාගෙ තේ කෝප්පයක උනත් රස වෑහෙනව.   සීනි 250ක් විතර දාලා තේ කොළ 100ක් විතර දාලා හදන තේ එක අද මතක් උනත් දිවග රස නහාර පිනා යනව.

අරැ සුපවේදය ඉගෙන ගන්න ගියදා පටන් ඉතිං කන්න පුළුවන් කියලා හිතෙන හැම දේම විවිද ක්‍රමවලට හදලා කෑම තමයි කලේ.   ලංකාවේ සුප වේදය ගැන ලියැ වුනු සියළුම පොත් ඌගෙ ළඟ.   සියළුම කෑම වට්ටෝරැ පොත් සහ සිරිකත, බිරිඳ, භාවනා ඇතුළු සියළුම කාන්තා පත්තර ටිකත් ඌගෙ ගෙදර.






දෙල් බැඳුම, දෙල් මැල්ලුම, දෙල් හොද්ද..... දෙල් ගෙඩියක් ලැබුනා නම් එහෙමයි.   කොස් මැල්ලුම, කොස් හොද්ද, කොස් බැදුම.... කොස් ගෙඩියක් ලැබුනොත් මෙහෙමයි.   මේ කොයි කෑම හැදුවත් ටෙස්ටිං වලට ඉන්නෙ මයිනා තමයි ඉතිං.   සමහර දවස්වල උගේ කෑමෙන් පස්සෙ උංගෙම වැසිකිළියෙ පැළපදියම් වෙලා හිටපු අවස්තා නැතුවම නොවෙයි. ඒකට  හරි  යන්න  අපේ  අපතයොත් ගඟෙ පැනලා අල්ල ගන්න ඉස්සද, කකුළුවද,  මාළුවද  අරන්  අරැගෙ  ගෙදරට.    ඒ අපතයත් ඒකට අතට අහු වෙන මිරිස්, තුනපහ, සෝස්  අනං   මනං  දාලා   හදනවා උගුරෙන් පහාලට  යවා  ගන්න  පුළුවන්  විදියට.

එක   සිකුරාදා හැන්දෑවක අපතයො කතා උනා සෙනසුරාදා උදෑසන කොරළි අල්ලන්න යන්න.   කිවුල්  දියේ ඉන්න මල් කොරළියා කියන මාළුවා අල්ලන්න හරි අමාරැයි.   අනික  තමයි ඒකා අල්ලන්න නම් පාං හරි පූනක්කු හරි දාන්න ඕනේ.   පූනක්කු බිළි කොක්කක අමුනන්න බැරි නිසා පාං ගෙඩියක මැද්ද ගලවලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක හොඳට අනනවා,  එහෙම හදා ගත්ත මිශ්‍රණය ගිලින්න මල් කොරළියා හරි මනාපයි...   බිළි පිති සූදානම් කිරිම සහ පාං මිශ්‍රණය එකෙකුට හදන්න පවරලා කට්ටියම    පසුදා උදෑසන හමු වීමේ බළාපොරොත්තුවෙන් විසිර ගියා.

උදේ 8 වෙද්දි අර බිළි පිති සූදානම් කරන්න කියපු එකා මයිනගෙ ගෙදර.

"මයිනා පොඩි හදිස්සියක් වරෙංකො"

"තාම මූණ හෙදුවෙත් නෑ බං හිටපං"

"අඩෝ පොඩි අවුළක් යමංකෝ" අරැ ගෑණි මැරිච්ච මිනිහ වගෙ හඬා වැටෙනව.

"මොකද වහෙ"

"යමංකෝ බං උඹට වඳින්නං"

මයිනත් ඉතිං බුරැසවත් කටේ ගහගෙන දත් කූට්ටම මැද මැද අරැ එක්ක යනව.

"ඇයි මොකො අවුළ"

"බැරළගෙ බෲස් ලීට කෙළ වුනා"

"ඉතිං තොට මොකද බැරලා අඬාපු දෙන්, ඌ නේ ඔට්ටු දාලා සල්ලි හොයන්නෙ"

අහපියව්    බෲස්  ලී කියන්නෙ කුකුළෙකුට නිකං නොවෙයි පොර කුකුළෙකුට.   බැරලා කියන්නෙ කුකුළගෙ අයිතිකාරයා නියම නසරාණියා වචනෙ වැරදුනා නම් පිහිපාර තමා.  කුකුල් කෙටවිල්ලෙ කිං තමා ඌ.   බෲස් ලී කියන්නෙ ඒ කුකුල් කෙටවිල්ලෙ හිටපු අහාල ගං හතටම ගහාපු සුපර් ෆයිටර්.   බූරැවා ගැහිල්ලයි කුකුල් කෙටවිල්ලයි තමයි බැරලගෙ ප්‍රධාන ජීවනෝපාය.  ඌගෙ ගෑණිට ළමයින්ට වඩා ඌ කුකුළට ආදරෙයි.   කුකුළගෙ අත්තටු දෙකට තෙල් ගාලා පිරිමැදලා, තල තෙල් එක්ක බිත්තරයක් මිශ්‍ර  කරලා පොවලා එහෙම තමා කුකුලට සැප දෙන්නෙ.   එහෙව් එකාගෙ කුකුළට ගලකින් ගහපු එකෙකුට පිහි පාරක් දෙන්න ගිහින් බොහොම අමාරැවෙන් තමා බේරැනේ.



"අහපංකො මම උදේ පිති ටික එළියට අරන් ඉන්දැද්දි බැරළගෙ කුකුල්ලු ටික අපේ වත්තට ආවා. මං බිළී කට්ටෙ පාං කෑල්ලක් ගහලා නිකං දාලා බැළුවා අර @රි කුකුළා ගිල්ලා බං"

"මොන #ත්තක්ද වහෙ කරේ ගස් ලබ්බා. #කටද තෝ කුකුල්ලුන්ට පාං කවන්න ගියෙ" "බැරළගෙන් පිහි පාරක් කාපිය දැං"

අරැගෙ  ගෙදරට ගියාම බැරළගෙ බෲස් ලී ඉන්නව හේබාලා කටින් මීටරේක විතර දිග තංගුස්පොටකුත් එළියට දාගෙන අරෑගෙ කාමරෙ ඇතුලේ.  තංගුස්පොට ඇදලා බැළුවා බඩටම ගිලලා.   දෙන්නත් එක්කම කල්පනා කර කර ඉන්දැද්දි අපේ පරක්කුවට තව එකෙක් ආවා අපිව සොයාගෙන.   අරැංගෙ ගෙදර ඉන්නෙ ආත්තම්මා විතරයි උන්දැගෙ ඇස් පේන්නෙ නෑ හරියට.   ආපු අපතයා එක්කං ගිහින් ඌට කුකුළා පෙන්නලා විස්තරෙ කිව්වා.  මූ ගල් ඉබ්බා තංගුස්පොට අතේ පටලලා ඇද්දා ඇදිල්ලක් කුකුළගෙ බඩවැලකුත් ඇදං බිළි කොක්ක එළියට. කුකුළා අමුතු සද්දයක් එකක් ටිකක්  වෙලා ගැස්සිලා නිහඬ උනා.

"මොකද්ද #ත්තො කරේ"

"වහෙ මම බිළි කොක්ක පන්නන් නේ හැදුවේ"

අරැන් දෙන්නා මරා ගන්න හදනව මැරිච්ච කුකුලා දිහා බලාගෙන.   අරැන් දෙන්නා දෙපැත්තට කරලා එළියට බැස්සා.  අනිත් කිකිළියො ටිකයි පැටව් ටිකයි එහා පැත්තෙ ළඳු කැලෑවක් තියෙනව ඒ හරියෙ පහුරැ ගානව. බැරළගෙ අවුරැදු 8ක 9ක විතර කොල්ලෙක් ඉන්නවා ඌ මිදුලේ සෙල්ලං කරනව.  අරැගෙ ගේ එහා පැත්තට කවර් වෙලා ගලක් අරන් ගැහුව්වා අර කුකුල්ලු රංචුවට.   ගල් පාර වැදිලද නැද්ද දන්නෑ එක කිකිළියක් මර ළතෝනි තියාගෙන කැළෑව අස්සට දිව්වා.

බැරළගෙ පොඩි එකා කිකිළිගෙ සද්දෙට දුවන් ආවා. බෲස් ලීයි එක කිකිළයෙකුයි අඩුයි.  කළෑ මණ්ඩියෙ ඈත ඇහෙනව අර කිකළි කෑ ගහාන සද්දෙ.

"තාත්තෙ බෲස් ලී නැතෝ රතු කිකිළිත් නැතෝ" 


ඕං ඉතිං බැරළත් ඇවිත් කුකුල්ලු හොයනව. අපි තුන් දෙනා මොකවත් නොදන්න බබ්බු වගෙ බිළි පිති ටිකත් අරන් ගඟට යන්න යනව.

"මල්ලි අපේ සත්තු ඔය පැත්තෙ හිටියොත් මෙහෙට එළවන් පළයල්ලා හරි"

"හරි හරි සුනිල් අයියෙ" කියාගෙන යද්දි බැරළගෙ පොඩි එකා කැළෑවට එබි එබි බලනව කුකුළා ඉන්නවද කියලා.   එතනට ටිකක් එහාට වෙන්න තළගොයෙක්  පහුරැ ගගා ඉන්නව.   ගත්තා ගලක් කෙළියා තළගොයාට තළගොයා පැනලා දිව්වා. අර පොඩි එකාට කෑ ගැහුව්වා


"ඕං ඕං කබරා තෝව ගිළියි ගෙදර පළයං" කියලා. හම්මා ආයේ මොනවද ඇරැ දැම්මා මර හඬක්
"තාත්තෙ මෙන්න තඩි කබරෙක් මූ තමයි අපේ බෲස් ලී කන්න ඇත්තෙ". " "දුවලා එන්නො"

අපි අපේ පාඩුවේ ගඟට ගිහින් ඉතිං පැයක් විතර මාළු අල්ල අල්ල හිටියා.

"අඩෝ ඩෙවල් එකක් කන්න තිබ්බා නම් මරැනේ"


"කොහෙද බං මස් ඩෙවල් දාන්න"

"සල්ලි එකතු කරමු"

"හරි උඹළ ළඟ සල්ලි කියක් තියෙනවද කිහල්ලකො"

"මම 20ක් දෙන්නං"

"මගෙ ළඟත් 50ක් 60ක් ගන්න පුළුවන්"

"මමත් 40ක් දෙන්නං"

රැපියල් 180ක් විතර එකතු කරන්න පුළුවන් වගෙ. හරි එහෙනං සල්ලි ගෙනත් දීපල්ලා 3ට  විතර වරෙල්ලා කුකාගෙ ගෙදරට පං කමු ඩෙවල් එකක් දාලා.




අල්ලපු මාළු ටිකත් අරන් කුකුළා මැරිච්ච ගෙදරට.   ගිහින් පරණ ටී සර්ට් එකක කුකළා ඔතලා ඊට උඩින් අල්ලපු මාළු ටිකත් දාගෙන  ගියා කුකාගෙ ගෙවල් දිහාවට.   කුකුළගෙ තංගුස්පොට ඇදලා මරපු එකා අනිත් එවුන්ගෙ සල්ලි එකතු කරන් එන්න ගියා.   කුකාගෙ ගෙදර දවල් දවසෙ ඉන්නෙ නංගියි ඌයි විතරයි බොහො වෙලාවට.  කුකාගෙ නංගි ඉතිං මයිනව දැක්කා විතරයි සුපුරැදු සිරික්කිය දාගෙන ආවා.


"ගඟෙ ගියෑයි තමුසෙලා" කියාගෙන


"ඔව් හලෝ" "කෝ අයියා"

"පොඩි අයියෙ මයිනයියා ආවා"

"මයිනා මාළු ඇල්ලුවද බං" කියාගෙන කුකත් ආවා. ෂේප් එකේ කූකා ළඟට ගිහින් කිව්වා "නංගි පැය බාගෙකට ගෙදරින් යවපිය" කියලා.

"නංගි පොඩ්ඩි අක්කලගෙ ගෙදරින් එනසල් ටිකක් ඉල්ලන් එනවකො" කියලා අරෑ නංගිව  ගෙදරින් යැව්වා.

කුකාට විස්තරෙ කිව්වා මෙහෙම සීන් එකක් උනා හැබැයි මේක දන්නෙ තෝයි මමයි පතයයි, අනිත් එකයි විතරයි.  තොගෙ නංගි එන්න කලින් කරන දෙයක් කරන්න හදපං කිව්වා.   කුකා දැං බයෙන් බීරාන්ත වෙලා. කරන්න දේකුත් නෑ මයිනගෙ ඉල්ලීම පිට අරෑ  කූකුලා සුද්ද කරලා ගත්තා.    කුකුළගෙ අතුනු බහාන් ටික උංගෙ ගේ පිටිපස්සෙ වළක් කපලා වළ දැම්මා.    කුකාගෙ නංගිත් ආවා අර සල්ලි එකතු කරන්න ගිය එකත් ආවා.   ආයෙමත් එකතු කරපු සල්ලි වලින් ගේන්න ඕනකරන කුකුළු මස් සහා අනිත් බඩු ටිකත් කියල අරැංගෙ නංගියි අනිත් අපතයයි කඩේ යැව්වා.   කුකා ඒ වෙද්දි අර කුකුලාව කපලා කොටලා රෙඩි කරලා ඉවරයි.    ඊට පස්සෙ කඩෙන් ගෙනාපු කුකුළු මස් එක්ක එකතු උනු බෲස් ලීගෙ මස් ඩෙවල් එකක් විදියට මේෂෙට.    හැබැයි ඉතිං කුකාගෙ නංගිට මාර ප්‍රශණයක් කඩෙන් ගෙනාවෙ මස් ග්‍රැම් 700ක් 800ක් විතර කොහොමද 10 දෙනෙකුට ඇති උනේ කියලා.

ඒක මස් කෑල්ලක්වත් මයිනවත් අර කුකුළට  බිළි කොක්කෙ ගහාලා පාං දුන්නු එකාවත් කෑවේ නෑ.   ඒකට හේතු උනේ අර අපතයා තංගුස්පට අදිද්දි කුකුළගෙ බඩවැළුත් කඩං එළියට පැන්න ලේ කැටිය දැකලා ඇති වුනු පිළිකුළ.    එදායින් පස්සෙ බැරළා නම් කොයි ලෝකේ දැක්කත් කබරයන්ට චාන්ස් එකක් දුන්නෙ නෑ.   හැබැයි එක දවසක බැරළට කබරෙක් ගහලා තිබුනා දවස් 4ක් ඉස්පිරිතාලේ ඉන්න.

2012 දි තොටගමුවෙදි පොර කුකුළෙකුට ගලකින් ගහපු සිද්දියකට ඇති වුනු රංඩුවක් දුර දිග ගිහින් සුභයා කියන චන්ඩියව කොල්ලො එකතුවෙලා ගහාලම මැරැවා. එතන හිටපු අපේ කතාවට සම්බන්ධ මිත්‍රයො කිහිප දෙනා කියලා තිබුනා මීට අවුරැදු ගානකට කලින් සිද්ද වෙන්න ගිය මේ වගෙම මිණිමැරැමක් මයිනා නිසා වැළකුනා කියලා. අද වෙද්දි නම් මේ යාළුකම් ඈත් වෙලා ගිහින් ඒත් මතක විතරක් අදත් හිත් වල ඉතිරි වෙලා

9 comments:

  1. පොර කුකුල් මස් බ්‍රොයිලර් වාගේ නැතිව හයියට රසට තියෙන්න ඇති නේද? පව් අසරණ සතා.......

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැ බන් කන්න බැරි උනනෙ

      Delete
  2. බැරලට සිද්ධිය අහුඋනානං උඹලගෙත් බොකු බඩවැල් එලියට ඇදල උඹලවත් ඩෙවල් දායි ඌ.

    ReplyDelete
    Replies
    1. අායෙමත් කතා දෙකක් නැ ඒක ශුවර්

      Delete
  3. මෙච්චර මස් කෑල්ලකට හෙඩිමක් දාන්න බැරි මයිනෙක් නේ බං උඹ.. හැක්

    පව් ඕයි..

    ReplyDelete
    Replies
    1. අනේප්ලෑංයන්න. බොට අර නානගෙ කඩේ හරක්මස් ශුප් බොන්න හොඳයි. හැක්..

      Delete
    2. මොක්ද්ද බන් සුප් කථාව

      Delete
  4. බැරලා මේක කියවලා...තොපි ඉවරයි දැන්...

    ReplyDelete