Friday 12 April 2019

මයිනාගෙ කතා ... 41 කටා - 2

මයිනාගෙ කතා ... (41) ... කටා - 2 

                                                 කොහෙන් කොහොම මඟ හැරලා මාරු වෙන්න හැදුවත් කටාව හලනවා කියන එක බොරුවක්. කොයි ලෝකේ ඌට හොරෙන් ගියත් ඌත් එනව අපිව හොයාගෙන.කටාව කට් කරලා කට්ටියම එක පාරක් තොරණ් බලන්න කොළඹ යන්න තීරණය කරා. සියළු සංවිධාන කටයුතු කටාට රහසේ සිද්ධ කරලා හවස 4ට විතර තිබුනු කෝච්චියක කොළඹ යන්න සෙට් උනා. 
                          කට්ටියම 3.30ට විතර කටාගෙ ගෙවල් පැත්තට ගිහින් කටාගෙ ආච්චිගෙන් කටා කෝ කියලා අහලා මාරු උනා.එහෙම කරේ කටා ඇහුව්වොත් උඹලගෙ ගෙදර ගියා "ආච්චි උඹ නෑ" කිව්වා කියන්න පුළුවන්නෙ.                                                 
                                         කටා නැති පරම ප්‍රීතියෙන් සියළු දෙනාම කොච්චි පෙට්ටියක් දෙවනත් කරමින් සිංදු කෑම ආරම්භ කරා. කියන්න සංතෝෂයි මේ විදියට ගිහින් අළුත්ගම ස්ටේෂන් එකේදි දකිනවා කටා "කොකා සේ" බෙල්ල දික් කරමින් කෝච්චි පෙට්ටි ඇතුලට එබි එබි එනවා. සිංදු ඉවරයි ෆන් ඉවරයි කට්ටියම අනිත් පැත්තෙන් කෝච්චියෙන් බැහැලා මාරු උනා. කොළඹ තොරණ් බැලිල්ල ඉවරයි, පාඩුවේ අම්බලන්ගොඩට ඇවිත් තොරණ බලලා ගෙදර ආවා.  කටා කොළඹ ගිහින් තනියම තොරණ් බලලා ආවා.
                                              දන්න අඳුරන හිතවත් පොරක් වෑන් එකක් අරන් ඒකට බාරයක් වෙන්න කතරගම යං කිව්වා. මයිනයි තවත් 4 දෙනෙකුයි නොමිලේ කතරගම ගියා. අග්ග බෝධිය වැඳලා, වේරහේන, වැවුරුකන්නල, තිස්ස වැඳලා කතරගමට. මැණික් ගඟෙන් නාලා හවස මහ දේවාලෙට යද්දි කටා දේවලෙ ඉස්සරහ ඉන්නවා ,අනේ ඉතිං කටාව දැං කට් කරන්න බෑ නොවෑ ඌවත් පිනා චාන්ස් ට්‍රිප් එකට එකතු කරන් වැඳලා කරලා නවාතැන්පොළට. 
                                     පාන්දරම නැගිටලා කිරි වෙහෙර එහෙම වැඳලා සෙල්ල කතරගමට. කටාට අවවාද අනුශාසනා දීලා එහෙම පාඩුවෙ හිටපිය කියල නැත්තං තෝ මග දාලා අපි යනව කියලා කිව්වා. දේවාල එහෙම වැඳලා එන ගමං දොදොල් මාකට් එකට රිංගුවා. ඔය දොදොල් මාකට් එකේ ඉන්නවා ගම් පලාතේ අපේ වර්ගයෙ එවුන් වගයක් කඩයක් දාගෙන. ගමේකම අපේකම දෙකම හින්දා අපේ එවුන් කවදා ගියත් දොදොල් එහෙම ගත්තෙ එතනින්.  ඕං ඉතිං කඩේට ගියාම එන්න "එන්න පුතේ" කියලා වාඩි කරවගෙන, ගමේ විස්තර අහන ගමන් දොදොල් කෑල්ලක් එක්ක තේ කෝප්පයක් එහෙමත් දුන්නා.
                                          අනේ ඉතිං වලත්ත කටාගෙ උම්බෑ කියන ගතිය මතු උනා. දැං මූ අහනවා දොදොල් හදන විදිය සහ අමුද්‍රව්‍ය එකතු කරන විදිය. අර නැන්දයි මාමායි මූට කියලා දුන්නා දොදොල් හදන හැටි,මූට තව ප්‍රශ්නයක්, දොදොල් වල මිල වෙනස් වෙන හැටි.  කඩේ මාමා රහසක් නැතුවම කියලා දුන්නා ඒ රහසත්,ලාබම එකට යම් ප්‍රමාණයක පාන් පිටි මාත්‍රාවක් එකතු කිරිම සහ තවත් බොහො දේ. ඔන්න ඉතිං කටාගෙ ඇඟ ඇතුලේ හැංගිලා හිටපු පාරිභෝගික සේවා අධිකාරියෙ නිළධාරියා එළියට පැන්නා.
"එහෙම කරන්න ඔයාලට අයිතියක් නෑ පාරිබෝගික සෞඛ්‍ය ගැන ඔයාලට කිසිම ප්‍රමිතියක් නෑ" "ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය හරහා නඩු පවරන්න පුළුවන්, දඩත් ගෙවල හිරෙත් යවන්න පුළුවන්. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්න දෙන්න බෑ" අර කඩේ ඇතුලේ ඉඳං මූ පොර වෙන්න ගියා. හැබැයි ඉතිං මේ මී හරකට අමතක උනා මේ කියවන්නෙත් බෙන්තර පාලමෙන් මෙහා පැත්තෙ එකෙකුට කියලා. විනාඩියක් ගියෙ නෑ කටාට කම්මුල් පාරක් වැදුනා අපරාදේ කියන්න බෑ ඇඟිළි 4ක් මූනේ සළකුණු වෙන්න.
           "මුගෙ අම්මට ###න කැ# බල්ලා උස්සලා ගහනව පොළවේ.   අපේ එකෙක් කියලා සැළකුවාම ආවා අපිටම අරින්න" .   මාමට යක්ෂය ආරෑඩ උනා මේ හිකනැල්ලා හින්දා.   මාමව කූල් ඩවුන් කරලා හිටපු එවුන් කටාට ගහන සයිස් එකට ඇවිත් යංතං ගොඩින් බේරං ෂේප් උනා.
                               කටා ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගෙ ගිහින් වෑන් එක ළඟට වෙලා හිටියා අපි එනකම්ම. කටයි පුපයි වහගෙන ට්‍රිප් එක ඉවර කරපු කටා ඊට පස්සෙවත් හැදුනද? පිස්සුද හැදුන්නෑ.
පැය 24යි උපරිම ඊට පස්සෙ සුපුරුදු චරිතෙටම ප්‍රවිෂ්ඨ වෙනව ආයෙමත් ගොං තමා.
එන්නං තව කියන්න තියෙනවා...... ඉවර නෑ....
🤔___මයිනා___

3 comments: