Saturday 14 September 2019

මයිනාගෙකතා ..66.. එළඟිතෙල් සාත්තුව....

#මයිනාගෙකතා ..66.. එළඟිතෙල් සාත්තුව....

18+ එකක් හරි පොඩිහිටියො කියවන්න එපා..


කියමනක් තියෙනව ගෑණු දහකට පෙන්නුවත් පිරිමියෙකුට පෙන්නන්න එපාය කියලා. හරි තොපි හිතන එක තමා! මොකද  ඕක දැක්කොත් මොනවහරි ඇදයක්, වරදක්, කූදයක් කියනවමයි ඒක පිරිමිගතිය. අපේ සෙට් එකේ හිටපු ඇච්චො බැච්චො අතරේ නසරාණිම ඇටිකිච්චෙක් හිටියා. ඒ වෙනකොට ඕකා හිටියෙ ස්කෝලේ 9 වසරේ හැබැයි අපරාදේ කියන්න බෑ ඌට ගෑණියෙක් බඩ කරලා ළමයත් උපද්දලා වැදුං ගෙයි වැඩ ටිකත් කරලා දෙන්න තරම් දැනුම තිබුනා. ඕකා ස්කොලේ ඇරිලා ඇවිත් හවස 4 වෙද්දි දානවා සයිකලෙන් රවුමක් ඒ අපි සෙට් එක සෙට් වෙලාද බලන්න.
මුලින්ම කොටාගෙ ගෙදරට , එතනින් කටාගෙ ගෙදරට, ඊට එහා පැත්තෙ කට්ටගෙ ගෙදර, එතනින් පතයගෙ ගෙදරට ඊට පස්සෙ මයිනා සහ තඩියා සොයාගෙන..

සෙට් එකෙන් බාගයක්ම තොටගමුවෙ හාදයො ඉතිරිබාගෙ කළුපේ හාදයො. අපරාදේ කියන්න බෑ සෙට් එකම එකට එකතු උනාම ගමම පෙරලන්න පුළුවං තරං නඩේ. එකෙක් චූ කරා කියන්නෙ ඉතිරි එවුනුත් පොළිමට හිටං ටැප් එක අරිනවා... එක දවසක හවස් යාමේ ඕං ඉතිං එකෙක් රේල් පාර අයිනේ ඇරියා ටැප් එක, ඉතිරි ඈයොත් දිගටම ටැප් ඇරගෙන. අන්තිමට හිටපු එකා ගෙදරක කුස්සිය ළඟ ජුංඩා එලියෙ දාගෙන, ඒ ගෙදර ගෑණි මාළු හෝදපු පිළී වතුර එකකින් අරූව නෑව්වා ජුංඩා පෙන්නුවා කියලා. ඔන්න ඔය වගෙ ජුංඩා එළියේ දාපු වෙලාවක අපේ අර නසරාණි ඇටිකිච්චා එකෙකුට කියලා "අපෝ මොකද්ද බං ඔය අමු මිරිස් කරලක් වගෙ නේ, තෝ බැන්ද දවසක ගෑණි පිට යයි" කියලා. ඒ ගැන හිතල හිතල හිතලා......... අරුට මාර ප්‍රශ්ණයක් උනා දැං මේක පොඩි වීම. ඌ මොකද කරන්නෙ අනිත් එවුං චූ පාරක් දාන්න සෙට් වෙච්ච හැටියෙ ෂේප් එකේ රබර් ඇහැ දාලා බළනව අනිත් එවුංගෙ සයිස් එක. ඌ වැරදිලා හරි චූ පාරක් දාන්නෙ ටිකක් ඈතට වෙන්න.


ටික දවසක් යද්දි මූට මේ තත්වය ඉවස ගන්නම බැරුව ගිහින් මූ අර නසරාණි ඇටකිච්චගෙන්ම අහලා "මේක ලොකු කර ගන්න මොකද බං කරන්නෙ ඕන" කියලා. "හිටපංකෝ සෙට් එකම ඉන්න වෙලාවක අහමු මයිනයියගෙ සීයා එහෙම හොඳ වෙදෙක්ලු නේ බෙහෙත් දන්නව ඇති, ඇයි බං "ලවා" අයියා බයෝ නේ කරේ ඌත් දන්නව ඇතිනේ" කියලා දැං ඇටකිච්චා කියලා. කොහොමින් කෝමහරි එදා හවස ඉරට්ටයක් අරන් අත මැනලා අතේ ඇඟිළි ගානට අර ඉරට්ට කඩ කඩ අයින් කරලා ඉතිරි වෙන ප්‍රමාණය සමානයි #ංඩගෙ ප්‍රමාණයට කියලා සෙල්ලමක් ගියා. ඒ කතා මේ කතා මැද්දෙන් කැරකිලා ඇවිත් අවසානෙට නැවතුනේ #ංඩා ලොකු කිරිම පිළිබඳව වු මාතෘකාවකින්.





රට ඉඳි කෑම, කෝළිකුට්ටු කෑම, රට ඉඳි එළඟි තෙලෙහි බහා සතියකට පසු කෑම,.. සහ තවත් දේ කතා වෙනව. ඔය අස්සෙ අර නසරාණි ඇටකිච්චා ඇවිත් ෂේප් එකේ කිව්වා "ඕයි මයිනයියෙ මම අරූට මෙහෙම සීන් එකක් කිව්වා අරු දැං #ංඩා ලොකු කරන්න බෙහෙත් හොයනව" කියලා. හිටපිය තොට කරන්නං හොඳ වැඩක් කියලා, මයිනා කිව්වා "මම වෙද පොතක තිබිලා කියෙව්වා බං ඔය එළඟි තෙල් තියෙනව නේ. හැමදාම උදේට උදේට එළඟි තෙල් දාලා හොඳට මසාජ් කරාම ඕක ලොකු වෙනවලු. ඊට පස්සෙ රෑට නින්දට කලින් එළඟි තෙල් මේස හැන්දක් බොන්න ඕනලු. වේළිච්ච මිදි, රට ඉඳි එහෙමත් කනව නම් හොඳයිලු" කියලා. අනේ ඉතිං එදා හවසම මූ අර නසරාණි ඇටයත් එක්ක ගිහින් වෙද සාප්පුවෙන් එළඟිතෙල් කාලකුයි, රට ඉඳි වගේකුයි අරන් ඇවිත්. පොඩි එකා ඇවිත් අපිට විස්තරෙ කිව්වා. අපේ කට්ටා හිටියෙත් එළඟි තෙල් ගෙනාව එකාගෙ ගෙවල් ගාව. කට්ටට කිව්වා පොඩ්ඩක් අරුට ඇහැ ගාගෙන හිටපං කියලා.

වැඩේ හරි අරු හැමදාම උදේට එළඟි තෙල් එකත් අරන් ලැට් එකට රිංගනව. ටිකකින් අර එළඟිතෙල් එක අර වැසිකිළි කවුළුව උඩින් තියනවා කට්ටා වැඩේ මිටර් කරන් ඉඳලා. අරූගෙ අයියට කියලා "මොකද බං බොලාගෙ මල්ලි හැමදාම උදේට එළඟි තෙල් එකකුත් අරං ලැට් එකට රිංගන්නෙ, පොඩ්ඩක් බලාං" කියලා.

අනේ ඉතිං ඊළඟ දවසේ අරු ලැට් එකට රිංගුවම අයියා ෂේප් එකේ බලං ඉඳලා, ලැට් එකේ කවුළුව උඩට එළඟිතෙල් බෝතලේ ඇවිත්. අයියා ඉනිමග තියලා ලැට් එකේ කවුළුවෙන් බලද්දි අරු ෆුල් මසාජ් එකක් දෙනවලු. ආයේ මොනවද ලැට් එකෙන් එළියට ඇදලා අරන් දීලා ඇරලා කන වහලා 2ක්. එදා ඉඳලා ඌගෙ නම "#ඩ තෙලා" උනා. වැඩේ ඉතිං නෝන්ඩි වෙලා ගිහින් අහල ගම් 7ක්ම දැන ගත්තා මුගෙ නම. හිටි ගමන් පොඩි කොල්ලො මූට ඔය නම කියලා පැනලා දුවනව මූ ඉතිං අතට අහු වෙච්ච එකකින් කෙළලා අරිනව තැන නොතැන බලන්නැතුව. දෙපාරකට ඔළු පැලුවා කොල්ලො දෙන්නෙක්ගෙ මූ ගල්වලින් ගහලා. හොඳ කුණුහරුප ටිකක් එහෙම අහගන්න ඕන උනාම අපේ තඩියා අහනව අරුගෙන් "එළඟි තෙල් වගයක් තියෙනව දෙන්නද බං" කියලා. අනේ ඉතිං අරු කියල දෙනව එළඟි තෙල් දාන්න ඕන තැනයි ගාන්න ඕන තැනයි ඔක්කොම අඩුවක් නැතුව.

"#ඩ තෙලා" 2004 සුනාමියෙන් මිය ගියා, ඌ ගැනත් මතක ගොන්නක් මයිනගෙ හිතේ තවම තියෙනවා ...
____මයිනා____

3 comments:

  1. කොටා, කට, කට්ටා… කොහොමද අප්පා ඕවා මතක තියාගන්නෙ. පව් අනේ තෙලා… ඒකගෙ අයියා මාර යකෙක්නෙ... මුලදි ආව හිනාව නැවතුනේ අන්තිම ටික කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. සමහර නම් තිබුනා පිරිසක් ඉදිරියේ කියන්න බැරි

      Delete