Sunday, 27 January 2019

මයිනාගෙ කතා... 30 සමාජවදේ..

මයිනාගෙ කතා..30.. සමාජවදේ..

එක එක වාද තියෙනව නෙ, ලංකාවෙ වාද අතර ප්‍රසිද්දම වාදය තමයි පානදුරා වාදය. සුද්දගෙ රෙද්දෙ රෙවෙන්න උත්තර දීපු සුපිරි වාදයක් වෙච්ච පානදුරා වාදයෙන් පස්සෙ තමයි පිට රටවල ඈයොත් මේ බුදු දහාම ගැන වැඩි පුර සොයලා තියෙන්නෙ. ඕල්කට් තුමා එහෙම ආවා කියන්නෙ ලංකාවට ඊට පස්සෙ නොවෑ.

                                  ඇත්තම කියනව නම් ලංකාවේ හිටපු සහ ඉන්න සුපිරිම මරි මෝඩ අපතයෝ තමයි සමාජවාදේ වැළඳුනු සෙට් එක. සමහරවිට උං වළිගෙ පාගං නැත්තං සමාජවාදය කියලා මුංට වෙන වෛරස් එකක් ලැබිලා. සාපේක්ෂතාවාදය, පරිණාමවාදය.... වගෙ තව තව වාද අස්සෙ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාර්ළිමේන්තුවට වෙලා වාද විවාද  කරන අයියලා සෙට් එකකුත් ඉන්නව නොවෑ. වාද විවාද සාද මැද්දෙ සමහාර එවුන් ගෙවන ලයිෆ් එකත් පට්ට.

                                              මං කියන එකා රට කාලා කාලා බැරිම තැන පිට රටවල් කන්න කියලා ගුවන් ගත උනානේ. ආං එහෙම ගුවන් ගත වෙලා ඉඳලා ලංකාවට ආපුවහාම සමහර එවුන්ට මාර අවුළ් නේ. ආං එහෙම අමාරැවක් තිබුනු එකෙක් අපේ අම්මගෙ කණට දැම්මා "පුතාට  මනමාළියක් හොයමු" කියන තේමා පාඨය. ඕං ඉතිං අම්මට වඩා අනිත් එවුන්ගෙ අමාරැවට දැං එනවා එක එක විස්තර. මනමාළිට තිබිය යුතු සුදුසුකම් මයිනා පාර්ශවයෙන් ඉදිරිපත් කලා. කොණ්ඩය දිග, වැඩියෙ මහාත නැති, පැහැපත්, රෑමත්, උගත්......

ඕහොම ලැව් ගින්නක් පැතිරිලා ගිහින් එක එක ඒවා ගැන ආරංචි අරන් එක එක එවුන් එනව. ඒ අතරිනුත් පවුළේ හිතවතෙක් වෙච්ච එකෙක් මේ සිද්ධිය බොහෝම බැරෑරැම්ව කරටම අරගෙන වැඩේට බැස්සා. ඕං ඉතිං මූ එක එක විස්තර අරන් එන අතරෙ මූත් දන්න හිතවත් කෙනෙකුගෙ විස්තර සමග වර්ණනාව වැඩි උනා. අවසාන ප්‍රථිඵළය උනේ මනමාළිය බලන්න යායුතු බව. හැබැයි යන්නෙ හිතවතා මයිනගෙ අපත සංගමේ යාවජීව සමාජික තඩියා සහ මයිනගෙ බාප්පගෙ පුතෙක් වෙච්ච මයිනා සේම නස්කූනියෙක්.


එක සෙනසුරාදාවක හතර දෙනත් එක්ක ගියා අහම්බෙන් ආවා වගෙ මනමාළිගෙ ගෙදරට. ඕං ඉතිං ගෙට ගොඩ උනු හැටියෙ මයිනගෙ දෙනතට දර්ශණය වෙනවා ලෙනින් ඉන්නව එක බිත්තියක විරවගෙන. පළවෙනි නිගමනයට ආවා මේ ගෙදර මූළිකයා සමාජවාදියෙක් වෙන්න ඕනේ. සාලේ තිබුනු පුටුවක වාඩි උනා ස්ටූල් එක උඩ මැක්සිමම් ගෝර්කිගෙ පොත් පෙළක් සහ චේ ගූවේරා රැව සහිත පොතක්. දෙවනි නිගමනයට ආවා  මේ මාමා සමග කතා කරන්න වෙන්නෙ පරිසමින්.

                       ඕං ඉතිං මාමා ආවා කතා කරගෙන යනකොට තේරැණා අනේ මේ මාමා හොඳ මාමෙක් වග. ඉන්න රට තොට රැකියාවේ තොරතුරැ සහ බුද්ධ දර්මය ගැන කතා කලා. දේශපාළන දැක්මත් වමට බර සරළ දැක්මක්. මාමා සතුව මොළේ උණ නැති බව ස්තීර උනා. ඕං ටිකකින් අර ෆොටෝ එකෙ හිටපු මනමාළිගෙ රැව ඇති එකිත් ආවා. ගේ ඇතුලෙන් එළියට බැහැලා සිහිළ් සුළං රැල්ලෙ සිසිළස විඳින ගමං කතාවට මාතෘකා හොයනව.

"කවුද මේ මල් වවලා තියෙන්නෙ"

"අපේ අම්මා"

"අර එළවළු පාත්ති"

"තාත්තා"

"මොනවද ඔයා කරන්නෙ"

"මොනවත් නෑ ඩිග්‍රිය කරා, සමාජසේවා වැඩ පොදු කටයුතු තමයි"

"ඒක හොඳ වැඩක් පොදු කටයුතු වලට උදව් වීම"

"මේ රටේ පවතින ක්‍රමය වෙනස් කරන්න, ශ්‍රම  සූරා කෑම නවත්තන්න, ධනවාදින් අතරට විතරක් ඇති පහසුකම් පොදු මහජනයාට ලබා දෙන්න අපි කැප වෙනව"

"ඇත්තට"

"ඕව් විජේවීර සහොදරයා අරගළය තුලින් බළාපොරොත්තු උනේ ඒක, ජීවිත පරිත්‍යාගයෙන් අපේ සහොදරවරැ කැප උනේ  සමානාත්මතාවය වෙනුවෙන්" "මේ රට ඇතුලේ ඉන්න ධනවාදීන් පන්නලා බළයට පත් වීම සහා මේ රට සමෘදිමත් දේශයක් කිරිමයි අපේ බළාපොරෙත්තුව. දිවා රෑ කැප වෙමින් අපි උත්සහා කරන්නෙ ඒකට"


වෙන්න මනමාළිගෙ හඬ උස් වෙලා, ගිරිය පිප්පිලා, නහාර ඉළිප්පිලා එකම එක මළම මළ විකාරයක් උනා. ඒ වෙද්දි වෙන්න මනමාළිගෙ තාත්තා ඔළුවෙ අත තියං ඉන්නව. අම්මා කුස්සියට වෙලා දවල් කෑම හදනව. ජෙ.වි.පි. කියන අකුරැත් ඇලජික් වෙච්ච මගෙ ප්‍රතිචාර දන්න බාප්පාගෙ පුතා සහ මිත්‍රය තොළ හපං හිනා වෙනව.

"ඈ කෙල්ලෙ අර මල් ගස් වැව්වෙ අම්මා, එළවළු පාත්ති හැදුවෙ තාත්තා"

"අපි ආපු වෙලාවේ අපිට තේ හදලා දීලා සංග්‍රහ කරේ අම්මා, යකෝ ඉන්න ගෙදර දොරට පළක් නැති තොපි තමා රට හදන්න යන්නෙ"

"අර අම්මා නැහි ගෙන උයනව කුස්සියට ගිහින් ඒ අම්මට පොල් ටිකක් ගාලා දෙන්න බැරි තොපි තමා රට හදන්න යන්නෙ"

"හදලා වඩලා අධ්‍යාපනේ දීලා ලෙඩට දුකට බලලා, අවුරැදු විසි ගාණක් වෙනකං තමුං වෙනුවෙන් යුතුකම් ඉටු කරපු දෙමව්පියන්ට තමුං හම්බ කරලා තමුංගෙ මහාන්සියෙන් රෙදි කෑල්ලක් දෙන්න බැරි තොපි තමයි මේ රට සුඛිත මුදිත කරන්න හදන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව්. ධනවාදින්ට ශාප කරන්න තොපිට උගන්නපු තොපේ නායකයා (එවකට ජෙ.වි.පෙ. නයකයා  සෝමවංශ) ඉන්නෙත් එංගලන්තෙ"

"රෝහණ විජේවිර කියන පිස්සා පස්සෙන් ගිහින් මේ රටට නැති උනු තරැණ ජීවිත, පොදු දේපළ, ඒ මිලේඡ් තුප්පහියො තමා අද රට හදන්න කතා කරන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව් ඊට පස්සෙ රට නිකම්ම හැදෙයි"



දේශනය ඉවර කරන්න හම්බ උනේ අරකිගෙ අම්මා අත්පොලසන් දීපි.

"ඔය ළමයගෙ කටට මසුරං දාන්න ඕනේ" කියලා.

"හැබැයි වරද ඔයාලගෙ මොලේ කොලොප්පං වෙන පොතුයි මෝඩ දේශපාළනේටයි ගියාම ගෙදරින් කිසිම දෙයක් දෙන්න එප. ඔය පක්සෙන්ම ඉල්ලං කාලා ඇඳලා ඉඳපං කියලා ගෙදරින් පන්නන්න"

අර අම්මටයි තාත්ටයි කට උත්තර නැත අපි එතන රැඳෙන්නෙ නැතුව මාරැ උනා.
හැබැයි මයිනගෙ බාප්පගෙ පුතණ්ඩියා එන ගමන් අර කෙල්ලගෙ තාත්තට කිව්වා.

"මාමෙ විමල් වීරවංශට හරි ටිල්වින් සිල්වට හරි දුව බන්දලා දෙන්න, සමාජවාදෙන්ම වැඩේ ඇදන් යයි." කියලා

හැබැයි අර ලෙනින්ලා, චේ ලා, රැසියානු පොත් සහ පත්‍රිකා සියල්ල ගිණි ගොඩකට වැටි ගිණිබත් උනාලු ඒ ගෙදර තාත්තගෙ අතින්. අම්මගෙ රෙද්දෙ සමාජවාදේ.

මයිනාගෙ කතා...29 ඔට්ටු ඇල්ලීම

මයිනාගෙ කතා...29 ... ඔට්ටු ඇල්ලීම

                                     ඔට්ටු ගැන මොනවද දන්නෙ, කැසිනො සහ වෙනත් විදිවලින් රජයෙ අනුග්‍රහායෙන් ඔට්ටු ඇල්ලුවට ගමේ ගොඩේ ඔට්ටු පොළට ඉතිං දහාසකුත් එකක් තහාංචි. හැම ගමකම වගෙ මීට අවුරැදු 10කට 12කට කලින් ඔට්ටු පොළවල් තිබුනා. බුරැවා ගැහිල්ල, කුකුල් කෙටවිල්ල වගෙ ඒවා තමයි බහුල වශයෙන් තිබුනෙ. 6 - 5 දැමිල්ලත් තිබුනා පොඩි දාදු කැට දෙකක් හොලවලා දාන සීන් එකක් ඒකේ තිබුනේ. එංගලන්තෙ අශ්වයන්ට මෙහෙ ඉඳන් සල්ලි පුදන ක්‍රමේකුත් තියෙනව හරි ඒක වෙනම කතාවක්.

                                       ඊළඟ එක තමා ජැක්පොට් මැෂිම ලංකාව පුරා නගර වල ඒ කාලේ ඔය මැෂිම හයි කරලා තිබුනා. හික්කඩුවෙත් 2කක්ම තිබුනා අතට රැපියල් 10ක් 20ක් ලැබුනා නං මයිනා ගිහින් ජැක්පොට් එකට පුදලා ආපු සොඳුරැ අතීතයක් මයිනට තිබුනා. පයින්ම හික්කඩුවට ගිහින් අතේ තිබුනු කීය හරි මැෂින් එකට දාලා බලං ඉන්නවා ඉතිං ඒකේ තිරේ දිහෑ. දිනුවා නං එහෙම 2කේ කාසි සර සර ගාලා හැලෙන්නෙ. ඒක නැවැත්තුවෙ ප්‍රේමදාස ආණඩුවෙන් නේ, ඒකට හේතු උනාය කියන්නෙ ප්‍රේම් ලොක්කා හැන්දෑකොරේ විසිට් එකක් දාද්දි පාසල් නිළ  ඇඳුමෙන් ළමයෙක් ඉන්නවලු පාර අයිනෙ. රෑ 8ට විතර මේ ළමයා තනියෙං පාර අයිනෙ ඇයි කියලා බැළුවම කොල්ලා බස් එකේ යන්න ගෙදරින් දීපු සල්ලි වලින් ජැක්පොට් ගහාලා. සල්ලි නැතුව ගෙදර යන්න විදියක් නැතුව තමයි ඉඳලා තියෙන්නෙ. ප්‍රේම් ලොක්කා කොල්ලට ගෙදර යන්න. අවශ්‍ය පහසුකම් එහෙම සලසලා දිලා ගනිපු තීරණය තමයි ලංකාව පුරාම ජැක්පොට් මැෂින් තහනම් කිරිම.

                                     ඕං ඉතිං මයිනලාගෙ ගමෙත් කැලෑ මණ්ඩියක මේ වැඩේ ජයටම කෙරැනා. දවසක මයිනා පුටාර් එකේ නිරික්ෂණ චාරිකාවක යෙදි ඉන්න මොහොතක එකෙක් "ලොකු මල්ලි මාව චුට්ටක් ඉස්සරහාට දාපං" කියලා අර කැලෑ මණ්ඩියට ගියා. ආපු එකේ මොකෑ යන්නෙ නිකං කියලා මයිනත් ඉතිං ඔළුව පොඩ්ඩක් දාලා බැළුවා. හම්මා  ඉතිං 1000ට 500ට කූට්ටම කැපෙන්නෙ. වඩි වෙච්ච උං එහෙම කොළ බෙදාගෙන දඟළනවා. වටේ එවුන් එවුන් පිට ඉදං ඔට්ටු අල්ලනව.

"මේ 100 කළු අයියා දිනයි"

"මේ 200 ලාල් දිනය"

"මේ 200ය 100ට දානව සුනිල් දිනයි"

මයිනගෙ බයිසිකලේ ආපු එකත් දැං ඔට්ටු අල්ලන්න සෙට් උනා. ඊළඟ අත කැපෙන්නෙ ආරි මාමා කියලා පොරකට. මයිනා එක්ක ආපු එකා ඔට්ටු අල්ලන්න හදන්නෙ අනිත් එකාට. මයිනගෙ කට තියන් ඉන්න බැරිකමට   අරෑට කිව්වා

"ආරි මාමාට අල්ලපන්"

ආරි මාමා අතේ තිබිච්ච අන්තිම 1000 තමයි දාලා තියෙන්නෙ. ඒ වෙනකොටත් පැරදිලා කුජීත වෙලා හිටපු ආරී බැළුව නරි බැලිල්ලක්. නිකං හරියට පව් අරැගෙ 100 කියන්න වගෙ. කරැමේ ආරීට කැරකිලා කාඩ් පැක් එකේ උරැමේත් ආරිට ආවා. එතැන් පටන් ඉතිං ආරී දුන්නා වටේටම පිටියම සුද්දයි. ආරී සරම කැහැපොට ගහලා දිනපු සල්ලි ඔක්කෝම දාගෙන යමිං ගමං රැපියල් 500කුත් දීලා ගියා මයිනාට.

අර 500යත් අතේ තියන් මයිනා කල්පනා කරා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බූරැවා ගහන්න යන්න. ඕං ඔය සිතුවිල්ලෙන් ඉන්දැද්දි මයිනා බුරැවා ගහාන්න යන තැනට යන්න හේතු හොයනවා. කරැමේ කියන්නෙ එකෙක් පයිං ගියෙ නෑ එදා බූරැවා ගහාන පැත්තට. මයිනා  හිතං හිටියෙ ට්‍රාන්ස්පෝර්ට් දෙන මුවාවෙන් ඒ පැත්තට යන්න ඒක හරි ගියෙත් නෑ. ඊළඟ  දවසේ ට්‍රාන්ස්පෝර්ට් එකක් සෙට් උනා. පුටාර්  එකේ හැඬල් එකේ ටියුබ් පටියක් දාලා පොත්  දෙකකුත් ඒකෙ හිර කරං පංති ගිහිල්ලා එන ගමන් තමා හිටියෙ. ආයේ මොනාද ඉතිං මයිනා බූරැ පොලේ තමා කෙලින්ම අරැත් දාගෙන, වැඩෙ නැගලා යනව.
මයිනා දැං ඔට්ටුවක් අල්ලන්න එකෙක් හොයනව. වළියක් නැතුව සල්ලි බේර ගන්න පුළුවං එකෙකුත් වෙන්න එපෑ. මොන ඔට්ටුද  එකෙක් කෑ ගැහුව්වා "පොලීසියෙන්" කියලා. හිටපු ඇයෝ කොහෙද නෑ කාල් ලුවිස්ලා, බෝල්ට්ලා මොක්කුද එතන ඉඳලා දුවපු එවුන් එක්ක. අහිංසක මයිනා කෙසේ දුවමිද  බයිසිකලේ දාලා, අසරණ මයිනා එතනම නැවතුනා. එතන එවුං දුවලා පොලිසියෙන් මයිනව අල්ල ගත්තා එකෙක් දුන්නා කණ වහාලා එකක් හත් දින්නත් තරැ සහ ඉතිරි මන්දාකිණියම සැනින් මැවෙන්න.

"තෝ බූරැවා ගැහුව්වා නේද"

බොහොම අහිංසකතාලෙන් පොළිස් නිළධාරියා දෙස බලාපු මයිනා

"අනේ සර් පංති ගිහින් එද්දි ජොංකොලොස් මගෙ බයිසිකලේ උදුරන් ආවා මම ඒක ගිනියන්න ආවේ"

ජොංකොලොස් හොර පොල් කැඩිම, හොරකම් සහ බූරැවා ගැසිම සම්බන්ධව ඒ පලාතේ නම් දරාපු හාදයෙක්. මතකෙට ආවේ  ඌ උගෙ නම කිව්වා.

"කෝ බයිසිකලේ"

"අර තියෙන්නෙ සර්"
පංති පොත් දෙකත් හැඬල් එකේ, පොලිස් පොරක් පොත් දෙකත් අරං බලලා

"හරි යනවා දැං" කියලා එළවලා දැම්මා.

මයිනා ඉතිං පොලිස් කනේ පාරත් කාලා පැයට එකසිය විස්සට පැදගෙන එනව පුටාර්  එක. හුටා මෙන්න බොළං "ජොන්කොලා" ඒ පැත්තට යනව. ජොන්කොලාව දැක්කෙ නෑ වගෙ මයිනා රෑං ගාලා මාරැ. බූරැ පොලේ එකෙක්වත් අල්ල ගන්න බැරැව ආපු පොලීසියට "ජොංකොලා" මාට්ටු. ආයේ මොනවද ඉතිං අරෑට අම්බානයි ටිකයි වෙන්න දීපු පොලීසියෙන් බූරැවා ගැසිමේ සහා සුදූ පොළ පවත්වාගෙන යෑම ඇතුළු සියළු වැරදි දාලා උසාවියට. හැබැයි ඔය අස්සෙ හිටපු එක පොලිස්කාරයෙක් කියලා උඹ ගැන මෙන්න මෙහෙම කොල්ලෙක් විස්තර කිව්වා කියලා. උසාවියෙන් 20000ක දඩයක් කාපු "ජොංකොලා" දැං බයිසිකල්වල  පංති ගිහින් එන හැම කොල්ලටම වලිය දානව. ඕං ඉතිං එක දවසක මයිනා සහ ජොංකොලා මූණට මූණ මුන ගැහුනා. අල්ල ගත්තා මයිනගෙ බයිසිකලේ හැඬල් එකෙන්

"තෝ නේද එදා පොලිසියට මං ගැන කිව්වෙ. ගහානව #ත්තිගෙ පුතාගෙ කණ පොඩි වෙන්න"

"අනේ ඉතිං #@යි තමයි ජොංකොලස් ගහලා බලපං"

"ඇයි තෝ මට මොනව කරන්නද"

"හුකා ඉතිං බොට ගියපු ගම තමයි. ඇඟට අතක් තියලා බලපං"

සද්දෙ වැඩි වෙද්දි ඕං වටේ පිටේ මිනිස්සුත් ලං උනා. පොඩි රත්තයියා කියලා ඉන්නව එයත් ආවා.

"ජොංකොලොස් පලයං පලයං පොඩි එවුන් එක්ක රංඩු නොවි"

"නෑ පොඩි මල්ලි මු උස්සලා ගහන්න ඕනේ පොළවේ, වයසට නෙවෙයි මුගෙ වැඩ"

වටේ පිටේ මිනිස්සු සෙට් උනා මයිනා ඉතිං හෙණ සෝක මූඩ් එකකුත් දාගෙන අහිංසකයා වගෙ ඉන්නවා. "ජොංකොලස්" ඉතිං වීරයා වෙන්න ට්‍රයි එක ඕං ඉතිං මයිනගෙ අපත ගැංසියෙ එවුන් පස් හය දෙනෙක් ආවා. මයිනා ඉතිං එතන හිටි වැඩිහිටි අණට කීකරැ විණිත දරැවෙක් වගෙ යන්න හදද්දි ජොංකොලොස් බයිසිකලේට ගැහුව්වා පයිං. මයිනා ඉතිං අපතයා පොලොවෙ ගැහුව්වා වගෙ තාර පාර මැද්දෙ. මයිනගෙ මළ අසුහාරදාහාට පැන්නා බයිසිකලේ කේබල් ලොක් පාරක් දුන්නා ජොංකොලාට හිතා ගන්න බැරිවෙන්න.  ඉතිරි අපතයො ටිකත් වැටවල් වලින් ගලවපු පොළු පාරවල් සහා කේබල් පාරවල් දෙනවා ජොංකොලාට. වටේ පිටේ එවුන් බේරන්න හදද්දි පොඩි රත්තයියා එකෙකුටවත් බේරන්න දුන්නෙ නෑ.

"පාඩුවෙ යන්න හදපු කොල්ලට යන්න දුන්නෙ නෑ නේ, ගුටි කාපුවාවෙ" කියලා ජොංකොලා සරමත් දාලා ට්‍රන්ක් එක පිටින්ම තමා දිව්වෙ.   ආරංචිය ගෙදරට ගිහිං මයිනා ගෙදර යන්න කලින්. පියරජු පෙරමගට වඩිනව මොකද උනේ බලන්න.

"මොකද උනේ"

"ජොංකොලා මගදි ගහන්න ආවා"

"වරෙං යන්න" කියලා ආවා වලිය උනු තැනට.  තොරතුරැ වලට අනුව ජොංකොලා වැරදියි. ගියා ජොංකොලාගෙ ගෙදරට ජොංකොලාගෙ  තාත්තට කිව්වා

"මාමේ ජොංකොලාට කියපං මේක මෙතනින් ඉවරයි කියලා ආයෙමත් මගෙ කොල්ලට පාරෙදි හුචං පචං දාලා මම නරක මිනිහ කියන්නත් එපා"

"අනේ බං පුතේ ඌ දන්නෙ නැතුව වෙන්න ඇති, ඌ ගෙදර ආපු ගමන් මම එවන්නං"

ඊට පස්සෙ ජොන්කොලා නොවෙයි මා දෙස බැළුවේ. මම නොවෙයි ජොංකොලා දෙස බැළුවේ. පහු කාලෙක ජොංකොලොස් පොලිස් වෙඩි පහාරින් මිය ගියා. අම්බලන්ගොඩ පොලිසියෙ පොලිස් නිළඳාරින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම නිසා. එන්නං ඈ.... බූරැවා ගහාන තැනකට සෙට් වෙයල්ලා ඒක මාරයි.

Saturday, 1 December 2018

මයිනාගෙ කතා...28 ග්‍රීස් යකා

මයිනාගෙ කතා....... 28 ....ග්‍රීස් යකා

මහසෝනා, රිරී යකා, ඔඩ්ඩි යකා, මළ යකා, තොට යකා, ගරා යකා ......... ඔන්න ඔහොම යක්ෂ නාමාවලියක් අපි දන්න ඩිරෙක්ටරියෙ තියෙනව. යකා ගැහුව්වා යකා දැක්කා යකාට බය උනා කියන අතරෙ යක්කු කියලා එකෙක් නෑ බං කියන එවුනුත් ඉන්නව. අහම්බෙන් දවසක මයිනා ඇතුළු අපතයො සොහොනක නිදා ගත්තා. හැබැයි වීරකමට නොවෙයි යාළුකමට, සිමෙන්තියෙන් බැඳපු සොහොනක් උඩ මයිනටත් යමරෙට නින්ද ගියා. අනිත් එවුන්ටත් එහෙමයි, උදේ බල්ලෙක් ඇඟ උඩින් දුවපු නිසයි ඇහැරැනේ නැත්තං තාම නිදි බොළව්.

                            සමහාර කාලවලදි ලංකාවේ එක එක යක්කු  පෙරේතයො ගොඩ බහිනව නේ. සමහාර ඈයෝ ජාතික මට්ටමට යනවා සමහර එවුන්  පළාත් නියොජනය කරනව තවත් සමහාර එකාලා ගම් මට්ටමෙන්ම නවතිනව. කාලේන් කාලෙට ආපු යක්කු අතරෙ රිටිගල ජයසේන කියන්නෙ ජාතික මට්ටමේ ප්‍රසිද්ධ යකෙක්. හැබැයි ඒ යකා ගැනත් ප්‍රශ්ණ පත්‍රයක්ම අපි ඉදිරියෙ ඉතිරි වෙලා. දුටු ගැමුණු සේනාවේ නන්දිමිත්‍ර සහ රිටිගල ජයසේන එකම අයෙක්ද? මහසේන හෙවත් මහසෝනා බවට  පත් වූයේ මොවුන්මද? මහසෝනා යනු යක්ෂ කට්ටුවක යම් පොදු තනතුරක්ද? මේවට උත්තර පස්සෙ හොයමු හරිනේ.



                               මේ කියන කාලේ ග්‍රීස් යකා තමයි සුපර් ස්ටාර්  හැබැයි හොරකමේ යන්න හොරැ බාවිතා කරපු එක්තරා උපක්‍රමයක් විදියටත් ග්‍රීස් යකාව හැඳින් උනා. මයිනගෙ ගමෙත් ඔන්න ග්‍රීස් යකා භීතීකාවක් පැතිරැනා. අර ගෙදර හිටියා මේ ගෙදර ජනේලෙන් එබුනා අතනින් එද්දි කැළෑ වැදුනා. මේ කතා අස්සෙ ඔන්න තනියෙං ගෑනු උදවිය ගමන් බිමන් යෑමත් සීමා උනා. ග්‍රීස් යකා අල්ල ගන්න ට්‍රයි කරපු එවුන් කිව්වෙ ඌව අල්ලන්න බෑ ලිස්සනව ඇඟ පුරාම තෙල් ගාගෙන හිටියෙ කියලා.


                                    යන එනං මං නැතුව මහ පොළවටත් මහ බරක් වෙලා ඉස්කෝලේ ඇරිලා ඇවිත් තියෙන දෙයක් ගිළලා ගෙදරින් පනින කාලෙක තමා හිටියෙ. ග්‍රීස් යකා භීතිකාව බොහොම තදට පැතිරිලා යද්දි සමහර එවුන් ගෙවල් වල ඇසිඩ් ගෙනත් තියා ගත්තා.  තවත් ඈයෝ කඩු පිහි පොළු කුරැඳු කපන කැති සූදානම් කරා. රෑට ග්‍රීස් යක් බලාපොරොත්තුවෙන් හිටි නිසාම ඌ නොවෙයි රෑට ගෙවල් පැත්ත පළාතක ආවේ. හැබැයි පොදු නාන ළිං ළඟ දවල් දවසේ ග්‍රීස්  යකා හක්කලං කරන බවත් නාන නෝනලා බල බල කෙට්ටු වෙනවා කියලත් ආරංචි ආවා.
පොදු ළිං අතරිනුත් එක ළිඳක් තිබ්බා එක පැත්තක අඩි 30ක විතර කන්ද, කන්දත් එක්ක දිගටම අක්කර ගානක කැලෑව. ඔන්න  ඔය කියන ළිඳ ළඟ ග්‍රීස් යකා අත වන වන හිටියා කියලා තමා අරංචි වැඩි පුරම ලැබුනේ.


                                               එක හැන්දාවක නසරාණි නඩේ එකෙක් යෝජනා කරා "කන්දෙ" යන්න. අර ළිඳ ළඟ කන්ද උඩ කොස් ගස් වගයක් ඩොංකා ගස් වගයක් සහා ගොරකා ඇතුළු උගුරෙන් පල්ලෙහාට බස්ස ගන්න පුළුවන් තවත් කැලෑ ගෙඩි තිබුනා. ඒ කාලේ ඩොංකා තිබුනු කාලයක් කට්ටියම නැග්ගා අර කැලෑ කන්දට. ඔය කැළෑවට රිංගද්දි අනිවාරයෙන්ම පිහියක් දෙකක් අරන් යනවා වරකා ගෙඩියක් එහෙම සෙට් උනොත් කන්න. කට්ටියම බිම මයිනා පත ඩො0කා ගහාකට බඩ ගෑවා. ඩොංකා අතු හොළවන කොට ගෙඩි බිමට මයිනත් මේ ක්‍රියාවෙ යෙදි ඉන්නකොට මයිනට පේනව ඈත එකෙක් ඇදුං ගලවනවා.
පහාළ එවුන්ට අතිං කිව්වා කට වහාගෙන හැංගියව් කියලා. ආයේ මොනවද කොමාන්ඩෝ බටයෝ කැලේ, කට්ටියම සිං සිං ගාලා මිසින්. මයිනා බලං ඉන්නව අරැ ඇඳුම් ටික ගළවලා කිතුල් ගහාක් යට හැංගුවා. ගත්තා බෝතලයක් මුළු ඇඟේම ගා ගත්තා මූනෙත් මොනවදෝ ගා ගත්තා පොර එනවා දැං අපි ඉන්න පැත්තට. අරැ ඩොංකා ගහාත් පහු කරන් දිගටම ගියා ළිඳ පැත්තට පහළ හැංගිච්ච එවුන් මයිනා දිහා බලන් ඉන්නව. මයිනා සිං ගලා බැස්සා ගහෙන් අනිත් එවුනුත් අර ළිඳ පැත්තට කවර් වෙවි ගියා. අනේ ඉතිං නාන ගෑණු දිහා බලාගෙන ග්‍රීස් යකා වනවා වැනිල්ලක් කොහොමද ආයේ නෑ දැං කොළඹයි කොළඹ  ළඟයි තමයි.

අපේ අපතයො කඩං පැන්නා ඉතිං ආයේ බල්ලො රැළ වගෙ.

"ඔහෝ හිටු @රියා "
"අම්මට #@%## %#@ #%# "
"අල්ලපිය මුගෙ අම්මට......"

එකෙක් පැනලා ඇල්ලුවා අරෑව කොහෙද ඉතිං අරැ ආඳා වගෙ ලිස්සලා දුවපි. කට්ටියම අතේ තිබුනු පොලු වලින් අරෑට කෙලපි. අනේ ඉතිං අන්ත අසරණ බාවයට පත් වුනු ග්‍රීස් යකා කෑ ගහාපි

"මල්ලි මම ශාන්තයියා ගාහන්න එපා"


හුටා දන්න කියන එකෙක් මූ ඇඟ පුරා තෙල් ගාගෙන මූනත් කළූ කරාන නාන ගැහැණු දිහා බලන්න ඇවිත්. අනේ ඉතිං දහා අතේ වැඳලා වැඳලා අපිව පොරොන්දු කරව ගත්තා කාටවත් කියන්න එපා කියලා. ඇඳුම් තිබුනු තැනට ගිහින් පර්ස් එකෙන් රැපියල් 500කුත් අපිට දීලා ග්‍රීස් යකා ගියා.


ඊට පස්සෙ මාස 3ක් විතර යනකං ග්‍රීස් යකා අපට පිදේනි දුන්නා. ආප්ප බිල්, කොත්තු බිල් ග්‍රීස් යකා ගානේ අපිට ලැබුනු වරප්‍රසාද අතර ඉස්සරහින්ම තිබුනා. කිව යූතු විශේෂම කාරනාව නම් ගමේ උගත් සහ උසස්යැයි සම්මත වැදගත්ම පොරක් ග්‍රීස් යකා විදියට අපෙන් ගුටි කෑමයි. ඕං බං වැඩේ..... එන්නං ඈ......

Monday, 5 November 2018

මයිනාගෙ කතා... 27 ජංගිය

මයිනාගෙ කතා... 27  ජංගිය

ජොකා, පෑන්ටිය, ජංගිය, යට ඇඳුම, අන්ඩර් වෙයාර් එක, මයිනා කූඩුව..... ඕං ඔහොම නම් ගොඩයි නේ අයිටම් එක එකක් උනාට. ඒ කාලේ ස්කෝලෙන් ගුටි කාපු එක හේතුවක්  තමා පටි ජොකා. සුදු සර්ට් එක පටි ජොකාට යට කරාම මරැ එකට තියෙනව. හැබැයි ඉතිං නැවෙද්දි දිග හැරෙද්දි ජොකා එළියට ආවාම ගුරැබවතුන්ගෙන් වේවැල් කසාය ලැබේනව ලෙසටම.

ජංගි කතා අතරේ හොඳම කතාව තියෙන්නෙ  අපේ හිටපු තවත් නසරාණි අපතයෙකුට. තැනක් නොතැනක් නැති වාචාල කටක් තිබුණු ලැජ්ජාවක් කියන එකක් සංසාරෙවත් නොතිබුනු එකෙක් තමා ඌ. හැමදේම විහිළුවට අරගෙන වචාළකම පෙන්නන්න ගිහින් ඌගේ පරිප්පු ලෙසටම කාපු කිහිප දෙනාගෙන් එකෙක් තමා මේ මයිනා. අපරාදේ  කියන්න බෑ ඌ හින්දා ලැබුනු කළු ගල් පාරකින් මැහුං 4ක් දාපු තුවාල කැළලක් තවමත් මේ සිරසේ විරාජමානව තියෙනව.


තොරණක්, පෙරහෑරක්, මියුසිකල් ෂෝ එකක්, ට්‍රිප් එකක් ආදි සියළු තැන්වලදි බඩකටපුරා කන්න පුළුවං විදියෙ ගං පෝරියල් ඉල්ලලා දීපු හාදයෙක්.  එක දවසක්  කෑම ඔඩර් එකක් ඉල්ලලා දුන්නා ගාල්ලෙ දක්ෂිණ නාවික හමුදා කඳවුරෙන්, අන්න කෑම අතිවිශිෂ්ඨයි.  ඒ කෑමෙන් පස්සෙ අද තව වෙනකං එළිමහාන් සංගීත සංදර්ශණ නම් බලන්න නොගියෙමි.   සංසාරෙන් උරැම වෙච්ච ගොංකම කොහොමද කියනව නම් පොලීසියත් එක්කත් කට ගහාගෙන නීතිය කියලා දෙන්න යනව.   එහෙම වෙලාවල් ලැබුණු කනේ පාරවල් සපත්තු පාරවල් එහෙමත් නිමක් නෑ.   ඌට දාපු නම කිව්වොත් මාව මාට්ටු වෙන නිසා ඌගෙ නම කියන්න විදියක් නෑ. එක දවසක් මූ S I කෙනෙකුට කිව්වා "මම යනව මානවහිමිකම් තමුසේ බලනවකො තමුසෙට වෙන දේ" කියලා.   ඒ කාලේ ඔය මානවහිමිකම් කියලා එකක් තිබුනා කියලා දන්නෙත් ඌ කිව්වම. හැබැයි ඉතිං SI උන්නැහෙත් ටිකක් පදිරි උනා අරෑගෙ  ටෝකට.

මේ දවස් වෙද්දි අධ්‍යාපනය ඇතුළු සියළු කටයුතු වලින් ඈත් වෙලා පූර්ණ කාලීන රස්තියාදු සංගමයෙ සාමාජිකත්වය අරගෙන තිබුනේ.  දිනපතා ගලා එන පැමිණිළි වැඩි වෙද්දි ඊට සාපේක්ෂව ගෙදරින් ලැබුනු දඬුවම් එහෙමත් ටිකක් සැර උනා.  අපත ගැංසියම එකට ඉන්න වෙලාවක වඳුරෙක් ගහාක ඉඳං අනිත් ගහාට පනින්නෙ බොහොම පරිසමට.   ගං වැදිච්ච කළු වඳුරැ  රංචුවකට වට කරං දීපු පනිෂ්මන්ට් එකක ප්‍රථිඵළය උනේ අපි දැක්ක ගමං වඳුරෙක්වත්  අහාළ ගං 7ක නොයිඳිම. වඳුරන්ගෙ බය කොතරම්ද කියනව නං අපි දිහා බලාගෙන අනිත් ගහාට පනින්න ගියපු වඳුරො බිමට වැටිලා අත පය කඩා ගනිපු අවස්තා එහෙමත් තිබුනා.


                 ගෙදරින් කන්න දෙයක් දුන්නට අතට කීයක්වත් දෙන්නෙ නෑ නේ. ඕං ඉතිං සෙට් එක තීරණය කරා කොහෙ හරි යන්න. මොනව හරි ගතමනාවක් ලැබෙන දෙයක් කරන්න. අර බිස්නස් කරමු මේ බිස්නස් කරමු කිව්වට එහෙම බිස්නස් කරන්න අපිට කොහෙද දෙයියංගෙ මල්ලි.   අවසානේ තීරණය උනා මොනව හරි දෙයක් කරමු ලැබෙන ඕනෑම දෙයක්.   අන්න ඒ වගෙ වෙළාවක අපේ කොන්තරාත් ප්ලෙන්ට්බාස් අයියා අපි ඉන්න අහාළ පහාළින් යනව.


"ධම්මිකයියෙ"


"සයාං ගොයියො"


"ඩියුලක්ස් අයියා"..   ඇතුළු එකි මෙකි නම් වලින් කෑ ගහාලා අයියව නවත්ත ගත්තා.
"මොකද වාහෙ"


"තමුසේ කොහෙ යන්නෙ"


"යනව බං හතර පස් දෙනෙක් ඕනේ ගෙයක් ඉවර කරන්න තියෙනව ඉක්මනට දෙන්න ඕනේ එකක්"


"කොහෙද"


"කොළඹ බං වත්තල"


"අපි එක්කං යනවකෝ ඕයි"


"අනේ මේ තොපේ වැඩ කෙරිලි"


"සිරාවටම කියන්නෙ අපි එන්නං"


"මම වෙන කාටවත් කතා කරන්නෙ නෑ තොපි 8 දෙනෙක් වරෙව්"


"කොහොමෙයි යන්නෙ"


"හෙට ගාළු කුමාරියෙ යමල්ලා"

මයිනා සහ අපතයන් පසුදා රේල්ලුවෙන් කොළඹට කොළඹින් වත්තලට.   "රෝයල් පර්ල් ගාර්ඩන්"   එහෙමත් නැත්තං මුතුරාජ වෙළ ලෑන්ඩ් සේල් කාරයො මුල් අදීයරෙ ඉඩම් විකිනිමෙන් ඉඩම් ගත්ත ඈයො හදන නිවෙස්. සමහර ගෙවල් බාගෙට හදලා තව සමහාර ඒවගෙ යට තට්ටුව හදලා පදිංචි වෙලා උඩ තට්ටුවෙ වැඩ ඉතිරියි. මෙහෙම මෙහෙම වැඩ ඕං ඉතිං අපේ අපතයොත් පසුදා සිට වැඩ පටන් ගත්තා. වැඩට යක්කු වගෙ තමා බිත්ති කපනවා සුද්ද කරනවා එක දිගට වැඩ එක්කං ආපු එකාටත් පට්ට හැපි. මුං ඉතිං රෑ 7 විතර වෙනකම් වැඩ නේ.   බතක් උයනව කරවළ බැඳුමක් පරිප්පුවක් හදා ගන්නවා කනව වැඩ කරනවා දවස් 10ක්  යද්දි වැඩ ඉවරයි.

ඕං ඉතිං කොන්ත්‍රාත් අයියා ඊට එහා පැත්තෙ  තිබුනු ගේත් කොන්තරාත් ගත්තා. දැං ඉතිං ඒ හරිය ගම කර ගත්තා නිවාඩු පාඩු වෙලාවක අර වගුරක ඉන්න ආඳෙක් ලූලෙක් බට්ටෙක් අල්ලං කිරට මිරිසට රසට හදං කන එකත් පටං ගත්තා. අපි වැඩ කරපු ගෙදරට මීටර් 40ක් 50ක් වගෙ දුරින් තිබුනෙ යට තට්ටුව හදලා පදිංචි වෙච්ච ගෙදරක්. උඩ තට්ටුවේ එළියට ආපු බීම් කම්බි වල වැලක් ගැට ගහාලා යට තට්ටුවෙ ගෙදර නෝනයි මහත්තයයි ළමයෙකුයි එහෙම හිටියා. මතක විදියට මහත්තයා එයාර් ලංකා වැඩ කරපු කෙනෙක් නිල්පාට කාර් එකකින් වැඩට ආවේ ගියෙ. මහත්තයයි නෝනයි දෙන්නම මහාතයි චබි සයිස් ඈං... 


මේ පාත්තයටත් නිකං ඉන්න බැරැව එක දවසක් අපි වත්තල ගිහින් බඩුත් උස්සං එන  වෙලාවක හම්බ වෙලා විස්තර අහාපි.

"මේ මල්ලිලගෙ ගම් පලාත එහෙම"

"අපි හික්කඩුවෙ සර්"

"දකුණේ කොල්ලො ටිකක් නේ"


එහෙම කියලා මහත්තයත් හිතවත් වෙලා ඉතිං උදේට "මෝනිං" පාරක් එහෙම දාගෙන හැන්දෑවට "ගුඩ් නයිට්" කියාගෙන යන තත්වෙට පත් උනා. අපේ වැඩ වල වේගවත් බව දැකපු අලුතින් හැදෙන තව ගෙවල් කිහිපයක වැඩත් අපේ එකාට ලැබුනා. මුතුරාජ වෙළ පේන්ට් කිංග් අපේ එකා උනා අපිට පිංසිද්ධ වෙන්න.  ඕං ඕහොම ඉන්දැද්දි අර මහත්තයගෙ ගෙදර උඩ තට්ටුවේ රෙදි වැලේ පත සයිස් ජංගියක් වනලා. අර අපේ වහුතු වාචාල කට තියෙන එකා කිව්වා.


"බලපල්ලකෝ අර වැලේ නෝනගෙ ජංගියක් වනලා පට්ට ඩිකියක් ඇත්තෙ නේ බං"

"නෑ බං ඒක මහත්තයගෙ එකක්"

"නෑ අඩෝ නෝනගෙ"

"මහත්තයගෙ බොළ"

"නෑ නෑ ඒක නෝනගෙ" අන්තිමට වැඩට හිටි ඈයො දෙපැත්තට බෙදිලා ඔට්ටුවක් දැම්මා රැපියල් 300ක ජංගිය කාගෙද කියලා දැන ගන්න.


එදා හැන්දෑවෙ ඉතිං අර වාචාළ කටා මහාත්තයා එන වෙලාව බලලා පාරට වෙලා හිටියා. අර ගෙදර උඩ තට්ටුවෙ නයිටියකුත් පටලන් නෝනා මොකද්දො වැඩක. ඕං මහාත්තයා එනවා අපේ වාචාලයා පාර අයිනේ. මහාත්තයා එදා පොඩි සොට් එකකුත් දාලා මළකුත් පන්නගෙන එන වෙලාවක්. මහාත්තයා නැවැත්තුවා කාර් එක

"කොහොමද මල්ලිලා"

"හා හොඳයි සර්, සර් මේ පොඩි වැඩක් අහාන්න හිටියෙ"

"මොකද්ද මල්ලි"

"සර් අර උඩ තට්ටුවෙ වනපු ජංගිය සර්ගෙද නෝනගෙද"
සර් ගෙදර දිහා බැළුවා නෝනා නයිටිය පිටිං  සැඳෑ සක්මනෙ

"අම්මට #කන්න @රි බල්ලා, තොට ගෑණුංගෙ  ජංගි බලන්න" බැස්සා කාරෙකෙන් බිමට අල්ල ගත්තා අරැගෙ බෙල්ලෙන්.
"@#% %%^ $€$& චටාස් පටාස්"

කට්ටියක් මහත්තයා බදා ගත්තා අනිත් එවුන් අපේ එකා පැත්තකට ඇද ගත්තා. මේක දැකපු නෝනයි වැඩට ගෙදර ඉන්න ගෑණියි දුවගෙන ආවා. මහත්තයව කාර් එකට නග්ගලා යවන ගමං නෝනා ඇහුව්වා මයිනගෙන්

"මොකද මල්ලි උනේ"

"අනේ මැඩම් අපේ එවුං දෙන්නෙක් ඔට්ටුවක්  දාලා අන්න අර උඩ වැලේ තියෙන අන්ඩර් වෙයාර් එකට, මූ මහත්තයගෙන් ඒක නෝනගෙද මහත්තයගෙද කියලා අහාලා නේ"

අනේ ඉතිං විළියෙන් රතු වෙච්ච නෝනා මයිනට කිට්ටු වෙලා කියාපි.


"ඒක මගෙ එකක් මල්ලි" කියලා.

හැබැයි ඉතිං වාචාලයා පහුවදාම ගමේ ආවා. මහත්තයා අපි දෙස නොබලා එතනින් ගමනේ යෙදුනා. නෝනා නං අහාක බලං හිනා වෙවි යන වග අපි බලං හිටියා. ඒ ගෙදර වැඩ ඉවර කරලා ගමේ ආපු අපත නඩේ ආයෙමත් නොගිය නිසා කොන්තරාත් බුවා ෆුල් නන්නත්තාර උනා. ගිහිං එන්නං ඈ.......

මයිනාගෙ කතා... 26 මැණික් ගැරිල්ල

මයිනාගෙ කතා.... 26... මැණික් ගැරිල්ල...

එක එක කාලවල එක එක කේස් හින්දා ගමේ ඈයෝ ටිකක් අවුල් උනා. විශේෂම හේතුව උනේ නෑ සනුහරේ එකෙකුටම හොස්පිටල් යෑමට ඉඩ සැලැස්සිම නිසා නෑ සනුහරෙම ඈයෝ මයිනට විරැද්ධව නැගි සිටිම. ඒකට ආසන්නතම හේතුව නෑ සනුහරේ එකා අපේ අපත ගැංසියෙ යාව ජීව සමාජිකයෙකුට තනියම සිටින විටදි කන අතගෑම. නෑයා වෙන එකාගෙ යළුවෙකුත් මයිනා සහ සමාගමේ එකෙකුත් එකම කෑල්ලට ට්‍රයි කිරිම හේතුවෙන් නෑයා වෙන එකා මයිනාගෙ අපතයාට පාහර දී එය වහාම නවත්තන ලෙස දැනුම් දීම.

අනේ ඉතිං ගුටි කාපු එකා ඇවිත් අනිත් අපතයන්ට කියලා අරැ ගැහුව්වා බන් කියලා.   ගහාපු එකාට රිටන් එක දෙන්න විදියක් නෑ මයිනගෙ නැන්දගෙම පුතා නිසා. කට්ටියම ඇවිත් මයිනට සීන් එක

"මොකද බං කරන්නෙ මයිනො"

"ඌ නැන්දගෙ පුතා උනාට කමක් නෑ දෙමු"

"අඩෝ අම්මපා කියපං"

ඒ දවස් වෙද්දි හික්කඩුවෙ තොරණක් තිබ්බා. එදින රෑයේ නැන්දාගෙ පුතාට සහ උගෙ යාළුවාට බඩකට පුරා දුන්නා. ඊට දවස් දෙකකට පස්සෙ උං අපේ එකෙකුට තනියම ඉන්න වෙලාවක රිටන් එක දීලා. දැං ගින්න ඇවිලිලා පැතිරිලා යනවා. නැන්දගෙ පුතාව සොයාගෙන ගම පීරාගෙන යද්දි මූ එනවා වීරයා සේ හම්මා ඉතිං ආයෙ කොහොමද කපුටන්ට කුණු මාළුවෙක් සෙට් උනා වගෙ තමා. කුංෆු කරාටේ මරාටේ ගුජරාටි සියල්ල කවලං කරලා අරැට බෙදනවා. අරංචි වෙච්ච හැම එකාම දුවගෙන ආවට බේරන්න කවුරැත් එන්නෙ නැත හේතුව බේරන්න හදන එවුන්ට ගහාන්නම වෙනම 4 දෙනෙක් මුළින්ම යොදවා තැබිම.
                                       ඒ අස්සෙ එක බාප්පෙකුත් ඇවිත් බාප්පව දන්නැති එකෙක් බාප්පටත් පොලු පාරක් දීලා ඇරපි. වැඩේ ලෙඩේ උනා අපේ අම්මා ගෙදර ඉඳන් කොස්ස අරන් ඇවිත් තිබුනා කිලෝමිටර් 2ක් විතර දුරට මට ගහන්න. මයිනටද ඉබ්බටද හූනටද ලේනටද ගෙම්බටද හැමොන්ටම කොසු පාරවල් මව්තුමිය ගානේ. ගුටි කාපු එකා රෝහළට උගේ අනිත් එකා සොයාගෙන  එදා රෑ 10ට පමණ උගෙ ගෙදරට කඩු පොලු පිහි කිණිසි බයිසිකල් චේන් නංචක්කු සමග සන්නද්දව.

  එකෙක් ගිහින් අරැගෙ නම කියලා කතා කරා.  අරැංගෙ තාත්තා එළියට ආවා කෑළි 5හෙ ටෝච් එකත් අරන්. ගැහුව්වා ටෝච් එක ඉන්නවා 15ක් විතර උන්දා දැක්කා කඩු කිහිපයක් අත්වල පුතණ්ඩියගෙ අතපය හතර මුං කපනවා කියලා දැනුනු අප්පා දුන්නා මර හඬක්.

"මෙන්න මගෙ කොල්ලා මරණවො" කියලා.  ගේ ඇතුලේ හිටපු එකා පස්සෙ දොරෙන් පැන්නා එළියට දිව්වා වෙළට පැනලා. ගමේ අහාල පහාල ඈයො පිරැනා කට්ටියම මිසින්.පහුවදා උදේම අරැගෙ අම්මයි තාත්තයි මයිනගෙ ගෙදර.

"අනේ බුදු අයියෙ මොන වරදක් කරාටද මගෙ කොල්ලා මරන්න හදන්නෙ. මායි මගෙ ගෑණියි මරලා ඌවත් මරන්න කියාපං අයියෙ"

හුටා වැඩේ අංඤ්ඤකොරොස් නිදි ඇදෙං පැන්න මයිනා දිව්වා තඩියගෙ ගෙදරට

"තඩියො වැඩේ දෙල් පුංචා අපේ ගෙදරට ඇවිත්"

"හුටා දැං තොපේ තාත්තා අපේ ගෙදරට එනවා යමං වෙන කොහෙ හරි"

අරෑගෙ ගෙදරින් අඟුරැ කෑල්ලක් අරන් හප හපා දත් කූට්ටමත් මැද මැද තව එකෙකුගෙ  ගෙදරට. එහෙට ගිහින් විස්තරෙ කියද්දි ඒ ගෙදර එකාගෙ මාමා

"තොපිටත් උවමනාවක් නැති වැඩනෙ වහෙ කරන්නෙ"  කියලා එළියට බහිද්දි පුංචයි ගෑනියි බයිසිකලෙන් යනවා. අරෑගෙ මාමා ඉතිං

"පුංචයියෙ පුංචයියෙ"  කියලා කතා කරලා ඇහුව්වා   "කොහෙ මේ යන්නෙ" 

"මං යනවා මීටියාගොඩ. ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න ආවා. කඩු අරන් පිසතෝළ අරන් පොලීසියට ගිහිල්ලා දීපල්ලකෝ තොපේ අයූධ"

"කොල්ලො කොල්ලො රංඩුවෙනව බං උඹ ගෙදර පළයං මම උන්ට කියලා ඕවා ඉවර කරන්නං"

"ඇයි උඹ බය උනාද තොපේ එකත් හිටියා ඌ  තමයි පිසතෝලේ තියං හිටියෙ. මාමාගෙ පිසතෝලේ දෙන්නෙ නැතෑ බෑනා පොලීසියට"

"ඔන්න ඕවා අතෑරලා පලයං පුංචයියෙ ගෙදර"

"###%$&^()€&&^{#&$"

"චටාස්" "පටාස්" "ඩිං ඩිං" "ක්හැ කැහ්"

"මෙන්න මරණවො"

"ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න හැදුවා දැං මගෙ මිනිහ මරන්න හදනවෝ"

"පල පොලිසි තොට පුළුවන් දෙයක් කරපිය"  "තෝ පොලිසි ගිහිල්ලා ආයෙමත් මේ ගමට එන්න එපා යන තූත්තුකුඩියක පල"

මාමා දීලා පුංචට මැදෑ කොලා. දැං ඉතිං මයිනට ගෙදර බත් ලැබෙන්නෙ නෑ කියන එක 500% ෂුවර්.  මයිනා සහ තඩියා දස අතේ  කල්පනා කරනව මොකදෑ කරන්නෙ කියලා. තව යාළුවෙකුගෙ ගෙදරට ගිහින් මූනත් හොදගෙන උදේට එහෙං කාලා එහෙට වෙලා හිටියා.

දන්න අඳුරණ හිතවත් අයියෙක් ඉන්වා මූ කරන්නෙ කොළඹ ගෙවල් කොන්තරාත් ක්‍රමයට පේන්ට් කරන එක. මූ ඉතිං අහාපි

"මොකද උඹලා පාතාලේ බ්‍රාන්ච් එකක් ඇරලා කියන්නෙ"

"මොන පාතාලේද ඔයි මෙන්න මේ #%යට දුන්නා දෙකක් ඒක අවුල්"

"දැං මොකද උඹලා කරන්න හදන්නෙ"

"ගෙදර යන්න බෑ ඕයි දැං කොහෙ හරි යනවා"

"කොහෙද තොපි යන්නෙ"

"පොඩ්ඩලගෙ මාමා කෙනෙක් ඉන්නාළු ඔක්කංපිටියෙ එහෙ යනව"

"එහේ මොකටද"

"එහෙ පතල් හාරන්න පුළුවංලු"

"වහෙ පිස්සුද තොපිට එහෙ මදුරැවො ඉන්නව මැලේරියාව හැදෙනවා. පාඩුවේ ඉඳපියව් කොටි පනිනව එහෙට"

"බෑ බෑ අපි යනව එහෙ මැණික් ගරන්න"

"එහෙනං පළයව් තොපි බෙල්ල කපා ගන්න"

එක අපතයෙක් ෂේප් එකේ ගිහින් පොඩි අක්කට කියලා ටී සර්ට් දෙක තුනකුයි කලිසං දෙකකුයි සොපිං බෑග් එකකට දාගෙන ආවා.  දැං මයිනා පස්සෙන් වැටිලා තව එවුං 4 දෙනෙක් ඇඳුම් දෙක තුනකුත් අරං ආපි. පොඩ්ඩගෙ මාමා හොයාගෙන යන හිංදා පොඩ්ඩත් ආවා හැබැයි පොඩ්ඩත් උගෙ ගෙදරට කියන්නෙම නැතුව. ඇඳුම් පැළඳුං උස්සන් ආවට මොකද බස් එකේ යන්නවත් සල්ලි නැත.

මයිනගෙ ලොකු අක්කා ඉන්නෙ හික්කඩුව ටවුන් එක කිට්ටුවම. එකෙකුගෙන් ෆුට් සයිකලයක් ඉල්ලං අක්කලගෙ ගෙදරට ගිහින් රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනා ගෙදර නෑ එහෙම්ම මස්සිනා හිටපු තැනට ගිහිං තව රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනාට කිව්වා මම කොහෙ හරි යනව කාටවත් කියන්න එපා ගිහිං ලියුමක් එවන්නං කියලා.

                                    සහානාදාරත් එකතු කරං ගියා කිහාංකො ඔක්කංපිටි. ගෙවල් වල ඈයො දන්නෙ නෑ ගිය  තැනක්. මොණරාගලට ගිහිං ඊට පස්සෙ පරණ ලොරියකින් හදපු බස් එකකින් ඔක්කම්පිටියට. එතන හිටපු කෙනෙකුගෙන් විස්තර අහාගෙන පොඩ්ඩමාමගෙ ගෙදරට. මාමා උන්දැට පුළුවන් විදියට බත් පිඟානකුත් දිලා විස්තරෙ පැහැදිළි කරලා දුන්නා. එක කොටි ප්‍රශ්ණෙ දෙක අලි ප්‍රශණේ තුන වනජීවි ප්‍රශ්ණෙ ආදි ලෙසට පිළිවලට. පහුවදා මාමා සමග ගෝළයො රොත්ත කැලේ මැද්දෙ කිලෝමිටර් 10ක් 12ක් ගිහින් ගෝණියකට උස්සගෙන එන්න පුළුවන් තරං පස් එක තැනකින් හාරගෙන එනවා. සමහරවිට එතන වතුර හිඳුනු ගඟක් වෙන්නත් ඇති.පළවෙනි දවසේ දෙපාරකට පස් කපං ආවා එදා රෑ ඉතිං පොලිසියෙන් ගුටි කාලා වගෙ තමා ඇඟෙ පතේ රැදාව. එකාට එකා කෙඳිරි  ගගා පං පැදුරේ දොයි. එතැන් පටන් දවස් 5ක් විතර එක දිගට ඉල්ලං පස් කපාන ඇවිත්  පොඩි ඇළ පාරක් අයිනෙ ගොඩ ගහනවා. අර  මාමාගෙ මස්සිනා වෙන එකෙක් ඒවා හොදන  වැඩේ කරන්න ගත්තා. පැහැදිළිවම මාමා ඒ වැඩේට කැමති උනේ නෑ. ඒත් ඉතිං කොයි ලොක්කත් ඈඹේණියට පදිරි නේ. කෑලෑවෙ ඉල්ලං පස් කපන ගමං මාමා අපිට කිව්වා 
 "කොල්ලනෙ අරැ හෙණම #රියා ලොකු වාසියක් තිබුනත් ඕකා අපිට දෙන්නෙ නෑ. හෙට යමල්ලා ඉල්ලං පස් අපිත් හොදමු" කියලා.

ඉල්ලං පස් ගෙනත් දාන තැන හොද හොද හිටපු එකා නෑ. අර මාමාට දැං පට්ට සැකයි.

"අරැට මොනවම හරි හම්බ උනා නැත්තං ඌ මේක දාලා යන්නෑ බං"   කියලා මාමාත් හරිම දුකෙන් ගෙදර ගියා අපිත් එක්ක. ඉල්ලං හෝදපු එකා ගැන අහාද්දි මාමාගෙ ගෑණි කියාපි.



"අයියා මම ඉල්ලං හොදනවට කැමති නෑ කියලා මල්ලි ගියා යන්න"

හැබැයි ඒ වෙලාවෙ මාමට ආපු කේන්තියට ගෑණිගෙ බෙල්ල කපන සයිස් එකක් තිබුනේ. එදා හවස ගිහින් ඉල්ලං පස් හෝදන වැඩේ මාමත් එක්ක එකතු වෙලා අපිම කරා. මැණික් ගැන දැනුමක් නැති නිසා වෙනසක් ඇති සියළු ගල් මාමා ළඟට ගිහින් දෙනව. රෑට මාමා මූන ගලවපු ටෝච් එළියෙන් අර ගල් බලනවා. වැඩකට ඇති දෙයක් ලැබුනේ නම් නෑ ඒත් ඔය පොඩි ගල් කෑළි දිලා ඒ මනුස්සයා රැපියල් 1000ක් 500ක් අරන් ආවට  අපිත් ඒක එයාටම තියා ගන්න කිව්වා. ඔහොම ගිහින් සති 2කට විතර පස්සෙ සියඹලා ඇටේක ප්‍රමාණෙක රතු පාට ගලක් අහු උනා. මාමාට පට්ට හැපි ඉතිං මාමා අපේ  කොල්ලො දෙන්නෙකුත් එක්ක ගිහින් ඒ ගල විකුනුව රැපියල් 55000කට. මාමා සල්ලි සම සමව හැමෝටම බේදුවා. හැබැයි ඉතිං මයිනා ඇතුලු නඩේ ඔය සල්ලි වලින් කොටසක් ආයෙමත් මාමට දුන්නා. ගෙදර ගෑණිත් විස්සොප කරන් උන්දෑ අපිට කරන සේවයට සළකන්නත් එපැයි.

ඇවිල්ලා ගෙවුණු සති තුනකට පස්සෙ මුහුදු මාළු කෑල්ලක් කාලා ගමේ විදියට බත් වේලක් කෑවේ එදා තමයි. ගෙදරට අවශ්‍ය බඩුත් ඔක්කොම මොණරාගලටම ගිහින් අරන් ඇවිත් අපිම උයලා පිහලා කුස්සියෙ කටයුතුත් කරලා නැන්දවත් ෂේප් කර ගන්න පුළුවන් උනා එදා නම්. ඊළඟ දවසෙ සුපුරැදු  පරිදි ඉල්ලං පස් කපං එන්න කැලේට. පළවෙනි සැරේ පස් කපං ආවා දෙවැනි සැරෙට කැලේ කිලෝ මිටර් 5ක් විතර දුරදි වෙන පස් කපං එන්න ගියපු එවුං දුවගෙන එනවා පේනව. මාමා එකෙකුගෙං ඇහුව්වා

"හිච්චි මල්ලි මොකෑ බං"

"කොටි ඇවිල්ලා අයියෙ දුවපං" කිව්වා.

බෝල්ට් නං මොකෙද්ද අපිත් එක්ක අපිනේ රනර්ලා.

කොටි නිසා ඇති උනු මරණ බයත් හිත දරන් දැං මාමගෙ ගෙදර. අපරාදේ කියන්න බෑ ඒ වෙද්දි අප්‍රිකන් කාරයො වගෙ සොඳුරැ කළු පැහැයට හැරිලා. අත්වල කර ගැට ඇවිත්, හම කබර හමක් වගෙ වෙලා. දවස් 3කට 4කට පස්සෙ අරංචි උනා ආමි එකෙන් කැලේට බැහැලා කොටි හොයනව කියලා.   ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ආයෙමත් කැලේට රිංගලා වෙන තැනකින් ඉල්ලං පස් කපං එන්න පටන් ගත්තා. 

                                                    ඕං ඉතිං පොඩ්ඩගෙ තාත්තා හිටි අඩියෙ කඩා පාත් උනා. වැඩේ කියන්නෙ උන්දෑ දැකපු හැටියෙ මයිනා කිරි හට්ටියක් විතර හිනා කටක් දැම්මා මුන්දෑ යංතං හිනාවක් විතරක් දාලා ගෙට ගියා. අනේ ඉතිං මයිනට හෙණ අප්සට් ඇයි යකෝ ගමේ ඉන්දැද්දි මුන්දැ මයිනට මාර ආදරෙයි.මයිනා ගේ පිටිපස්සෙ හිටපු එවුන්ට කිව්වා.

"පොඩ්ඩා උඹලගෙ තාත්තා ආවා බං මා එක්ක කතා කරේවත් නෑ නේ"

"අපේ තාත්තා උඹ එක්ක කතා නොකර ඉඳිද බං යමං බලන්න"

අපතයො ටික උන්දෑ ළඟට ගියා. ටිකක් වෙලා බලං හිටියා


"ඈ බොළව් තොපිට මොකෑ මේ වෙලා තියෙන්නෙ. ලොකු පුතේ උඹ හිනා වෙලත් මට  අඳුර ගන්න බැරි උනා. හෙටම යමල්ලා ආපහු ගමේ මොනවත් අවුළක් නෑ"

"අනේ අයියෙ හෙට යන්න එපා අනිද්දා යන්න කොල්ලො ටිකත් අරන්"  අර මාමා බොහොම බැගෑපත්ව ඉල්ලා සිටියා. ඊළඟ දවසේ උදේන්ම නැගිටලා මාමා එකතු කරපු ගල් වගෙකුත් අරන් පොඩ්ඩගෙ තාත්තා එක්කම ගියා. අපි ටිකත් පට ගාලා කැලෑවට රිංගලා ඉල්ලං පස් ගෝණි 6කුත් ගෙනත් දාලා නාගෙන කොරගෙන ඇඟෙ පොල්තෙල් පාරකුත් ගාගෙන හිටියා. මාමත් ආවා මූනත් හිනාවකින් පිරිලා. නැන්දත් සැමං ටින් එකකුත් එක්ක බත් හදලා තිබුනා.

මාමා එදා රෑ හැමොගෙම අත්වලට රැපියල් 27000 ගානේ දුන්නා. එදා අපිට කිව්වා අපි ආපු මුල්ම දවස්වල ගෙනාපු ඉල්ලං වල තිබිලා මාමගෙ මස්සිනාට ලක්ෂ 12ක ගලක් හම්බ වෙලා තියෙනව. ඌ කරපු වැඩේට නැවත ඌ එක්ක කතා කරොත් එහෙම ගෑණීත් එළවනවා කියලයි කිව්වේ.

කට්ටියම ඉතිං ඊළඟ දවසෙ ගමට ආවා. ගම සන්සුන් වෙලා තිබුනට අපි ගමට ආවම සමහර ඈයොන්ට හරි අවුල්. අප්පොච්චිටත් අවුළ් සහිත හැපි ඇයි ඉතිං අප්‍රිකන් කාරයෙක් වගෙ එකෙක් නේ ඉන්නෙ. දවස් 5කට 6කට පස්සෙ ඔක්කම්පිටියෙ මාමා හදිස්සියෙම ආවා නැන්දයි ළමයි දෙන්නා එක්කම. අපි දාලා ආපු ඉල්ලං පස්වල තිබිලා  ලක්ෂ 7ක ගලක් හම්බ වෙලා. අපේ කොටස දෙන්නයි ඇවිත් තිබුනේ. හැබැයි අපි කිසිම කෙනෙක් ශත 5ක් නොගන්න තීරණය කරා. ඒ සල්ලි වලින් මාමට ගෙයක් හදා ගන්න කියලා  උපදෙසුත් දීලා අපිට පුළුවන් උපරිමයෙන් සළකලා යැව්වා. ඊට පස්සෙ මොකද්දො හේතුවකට ගමේ ඉන්න හිතුනෙත් නෑ.

Saturday, 3 November 2018

මයිනාගෙ කතා... 25 අලි කෙඳි

මයිනාගෙ කතා.... 25.. අලි කෙඳි.....

උඹලා කැමති නැද්ද අළි කෙන්දක් දාලා මුද්දක් හදන්න. අපළ උපද්‍රව වලට එහෙමත්  හොඳයි කියන්නෙ. රිදී මුද්දකට අලි කෙන්දක් දාලා හදපල්ලකො මාර ලස්සනයි ඈං.... කාලෙන් කාලෙට තාලේ වෙනස් වෙලා එකම සිංදුව තමා ඉතිං මයිනා සහ නඩේට ලං වෙන්නෙ. කොටින්ම කිව්වොත් නසරාණි අපත මදාවි වැඩක් අයිඩියාවක් තමා මේ මොළ ඇතුළට රිංගන්නෙ.





මයිනා සහ අපත පිරිස කවුදෝ එකෙක් නොමිලේ එක්කං ගියා මොකද්දො කාරනාවකට උඩවළවේ. හරියටම මතක නෑ   ඇයි ගියේ කියලා, කන්නයි බොන්නයි දිලා වරෙල්ලා කිව්වා අපිත් ගියා. ඔහොම ගිහිං දවස් 2ක් විතර එහෙ හිටියා. හිටි ගමං අලි එනවො කියනව ඩෝං ගාලා සද්ද ඇහෙනව එක විකාරයයි. ඔය අල්ල පනල්ලෙ එකෙක් අලි කෙඳි කතාවක් කිව්වා. දැං ඉතිං අලි කෙන්දෙ වර්ණනාව සියළු ලෙඩ රෝග දුරලා  ග්‍රහදොස් දුරැ කරන මහ බළගතු මුද්දට වළල්ලට අවශ්‍ය අලි කෙන්ද.

ඕං ඉතිං ඒ පළාතෙ ආරංචි කරලා බැළුවා අලි කෙන්දක් රැපියල් 400ක් 500ක් වගෙ මුදලකට ගන්න පුළුවන්. ඒත් ඉතිං අපි ගෙදරින් ලැබෙන පිං බත් ටික කාලා ඉන්න අපතයො නිසා අතේ සතේ නැත. එහෙමයි කියලා අලි කෙඳි සිහිනෙට බොඳවෙන්න දෙන්න පුළුවන්ද බෑනේ. ගමට ආපු වෙලේ ඉඳලා අලි කෙඳි ලබා ගන්න ක්‍රමේ හොයනවා.
පළවෙනි ටාර්ගට් එක උනේ හික්කඩුව වැල්ලවත්තෙන් හැරිලා ගියාම තියෙන හෙට්ටිගොඩ පන්සලේ හිටපු කපුරි කියන ඇතින්න. ඒ ඇතින්න ඈතිං එනකොට බෙල්ලෙ දාපු පොඩි ඝණඨාර දෙකක සද්දෙ එනව. ළමිස්සියෙක් පාරෙ බැස්සාම ඉළන්දාරි පස්සෙන් වැටෙන්නැහෙ අර ඇතින්නගෙ සද්දෙ ඇහුනම කවුරැ හරි අපතයෙක් ඒකි පස්සෙන් යනවා අලි මයිලක් ගලව ගන්න. එහෙම ගියපු එකෙක් ඇත්ගොව්වා හෙවත් අලි ඩ්‍රයිවර් එක්ක වලියක් දාගෙන වෙනම කෙළියක් ගිහින් පොලෝසි නොගිහින් බේරැනේ ලෝක අමාරැවෙන්.

මේ විදියට දින සති මාස ගෙවිලා පෙරහැර සීසන් එක පටන් ගත්තා. යටපත්වෙලා තිබුනු අලි මයිල් කේස් එක ආයෙමත් උඩට ආවා. දැං ඉතිං පෙරහැර බලන්න යනවා. අලියෙක් වැරදිලා හරි පෙරහැර බලන කිට්ටුව පාත නැවතිලා වළිගෙ පද්ද පද්ද හිටියා නම් වළිගෙ අල්ලන්න තමා ට්‍රයි එක. මෙහෙම කාලේ ගෙවිලා ගිහින් ගමේ පෙරහැර පටන් ගත්තා. සීනීගම දේවාලේ පෙරහැර සීසන් එක දැං ඉතිං කාට බය වෙන්නද අලි එන්නෙ ඕන තරම්.

පළවෙනි වෑයම පෙරහැරේ යද්දි අලියගෙ අලි වලිගෙන් කෙන්දක් ගලවා ගැනිම. දෙවොල් දෙයියනෙ කියලා ඉතිං ඔන්න අපිත් පෙරහැරෙ කාවාඩි නටනව. බොහො වෙලාවට පෙරහැර පිටි පස්සෙ කාවාඩි නටන්නෙ හොඳ සිහියෙන් ඉන්න එවුන් නොවෙයි නෙ. ඒ නසරාණි අස්සෙ උඩුකය නිරැවත් යටි කය රතු රෙද්දකින් වහගෙන කාවාඩි නටනව. අනේද කියන්නෙ පෙරහැර බලන්න ආපු පියතුමානන්ට මයිනා කාවාඩි නටනව දර්ශණය උනා. අර පෙරහැරේ නටපු මයිනව පැත්තකට ඇදපු තාත්තා පළමුව කට ඉඹලා බැළුවා ඇල්කොහොල් එහෙම ඇතුල් වෙලාද බලන්න. ඒත් හරියන්නෙ නෑ අප්පට සැකයි ලොකු ත්‍රිෂුලෙකුත් අතේ අනිත් නසරාණි සෙට් එකත් ඉන්නවා. හැම එකාගෙම අතේ දේව ආයුධ, ටවුන් එකේ එවුන් එක්ක වළියක් පටලන් ඒ කේස් එකට මුං මේ පෙරහෑරට නටනව ඇති කියල හිතපු පියතුමානන් එනවා කාවාඩි බෑන්ඩ් එකත් එක්ක.

පෙරහැරෙ කොඩි උස්සං යන නෑමබියන්ට ඉතිං දැං ෆුල් චූන්.

"මද්දු මාමේ ලොක්කයියගෙ තනියට ආවැයි" නෑදෑ වෙන එවුං

"අද නං තාත්තා එක්කම ඇවිත්නෙ අයියෙ" දන්න අඳුනන එවුං

"හොඳ වැඩේ තොට" පංතියෙ කෙල්ලො
කුක්කුඩෝල් අතිං පෙන්නනවා නියමයි ආරක්ෂාවට තාත්තා ඇවිත්නේ කියලා.

අලි මයිල් සීන් එක දවල් පෙරහැරට හරි ගියෙ නෑ. ඉතිරි දවස් දෙකේ පෙරහැරේ නැටිම පියරජු විසින් තහනම් කරා. ඕං ඉතිං එකෙක් කියාපි සිනීගම අහවල් තැන අලි බඳිනව එතනිං ගලවගමු අලි කෙන්දක් කියලා.

හැන්දෑවෙ මද අඳුර ගලාගෙන එද්දි අලි බැඳපු පැත්තට ගෑටුවා. අලි තුන් හතර දෙනෙක් බැඳලා ඉන්නව පොල් ගස්වල. අලි ඩ්‍රයිවර් අයියලත් ඊට එහා පැත්තෙ ඉන්නවා. තව තව ඈයෝ ඉතිං අලි කිතුල් අතු පොල් අතු කන දිහා බලාගෙන ඉන්නනවා. අපේ නඩේ හිටපු නස්කූණි නසරාණි ගල් ඉබ්බා පොල් ගස් වල බැඳලා හිටපු එක අලියෙකුගෙ පිටි පස්ස පැත්තෙන් කමාන්ඩෝ භටයෙක් වගෙ ලං උනා. ඇත්තම කියනව නං අලි කෙඳි අමාරැව සැරටම තිබුනෙත් ඒ ඉබ්බට තමයි. අලියත් කිසිවක් නොදන්න චූටි බබා වගෙ අලි හුරතල් පෙන්න පෙන්න ඉන්නව.

අලියා හොඳ කිතුල් අත්තක් කාලා ඒකේ මහතට තිබුනු පොල්ල වගෙ කොටස හොඬේට පටලන් ඉන්නව. අපේ කොමාන්ඩෝ  භටයා වීරයා සේ පිටිපස්සෙන් ගිහින් ඇල්ලුවා වළිගෙ. වැදුනා කුතුල් පිති පාරක් කොහොමද ආයේ ඉතිං බිම වැටෙන්න. ඊළඟ සංග්‍රහාය ලැබෙන්න කලින් අරෑ බිම දිගෙ පෙරලිලා ගිහින් එහාට උනා.... නැත්තං අලියා අරෑව පාගනව ෂුවර් එකටම. එතන අලි සෙල්ලං බලං හිටපු ගෑනු ටික කෑ ගැහුව්වා.

"අලියා ගැහුව්වෝ" කියලා.

ඒ සද්දෙට අලි ඩ්‍රයිවර්ලා ටිකයි එතන හිටපු අනිත් එවුනුයි දුවං එද්දි අපි කිලෝමීටරයක් විතර දුවලා ඉවරයි. අර වැදුනු කිතුල්පිති පාරට අරෑගෙ කකුලේ කළව හරිය නිල් පාට වෙලා. ඊට පස්සෙ නම් අලි මයිල් පස්සෙ ගියේ නෑ. හැබැයි එකෙකුට කොටි දත් අමාරැවක් හැදිලා ඒකට වෙන එකෙකුට කියලා ඒ අමාරැව හොඳ කෙරෙව්වා.
එන්නං ඈ..... අලි මයිල් ඕන නං කියපල්ලා හරිද.

Saturday, 8 September 2018

මයිනාගෙ කතා... 24 ඩෙවල් චිකන්

මයිනාගෙ කතා.... 24  ඩෙවල් චිකන්.....

                   ගම පුරා නගරය පුරා රට පුරා වළ ගසා කාළකණ්නියා වැහුනා වගෙ මස්තෙ ගහලා ඉන්න කාලේ.  එකෙක් සර්වොදෙන් කරන විවිධ පාඨමාලා ගැන අරංචියක් ඇන්න ආවා.   කාළකණ්නි වෙන එකේ මේකටවත් යමං කියලා හිත හදාගෙන අපත රැළම ඕං ඉතිං ගියා වෘත්තිය පුහුණුවකට.   එක එක ඒවා අස්සෙ ටේළරින්, සුපවේදය, යතුරැ ලියනය, අරවා මේවා තෝරා ගෙන දැං කට්ටියම පුහුණුවෙ.

අපරාදේ කියන්න බෑ රස්තියාදුව තරම් සුපිරි පාඨමාළාවක් තවත් නැති නිසා මයිනා නැවතුනා.   සතියක් විතර ගිහින් මයිනා,   දවස් 10කින් විතර හූනා,   දවස් 15කින් විතර ලේනා,   දවස් 20කින් විතර ඉබ්බා ආදි වශයෙන්  මාසයක්  විතර  යද්දි  මුලු  කණ්ඩායමෙන්ම  දෙන්නෙක්  හැර සිල්ලොම  පරණ පුරැදු  රස්තියාදුවේ.   උන්  දෙන්නගෙන්  එකෙක්  කරේ ටයිපින්ග්   කෙල්ලො  ගොඩක්  මැද්දෙ  කුකුලා  වෙලා  හිටපු  ඌ ටයිප්රයටරයට  ඇඟිළි  වලින්   අනීන ගමන්  කෙල්ලොන්ටත් ඇඟිල්ලෙන් අරහෙට මෙහෙට ඇන ඇන වෙනම ආතල් එකක හිටියා.
අනිත් එකා පබ්ළිස් සිල්වගෙ නම තියන්න හිතාගෙන සුපවේදය කරා. ඒකට හේතු උනු කාරනාව උගේ නංගි. ස.පෙළින් පස්සෙ ගෙදරට ගාල් උනු ආදරණීය නැගණියගෙ කැමවල රසට ඉතිං ඌ සුපවේදය පරතෙරට  ඉගෙන ගන්න අදහස් කලා.  අපරාදේ කියන්න බෑ ඒ නගාගෙ තේ කෝප්පයක උනත් රස වෑහෙනව.   සීනි 250ක් විතර දාලා තේ කොළ 100ක් විතර දාලා හදන තේ එක අද මතක් උනත් දිවග රස නහාර පිනා යනව.

අරැ සුපවේදය ඉගෙන ගන්න ගියදා පටන් ඉතිං කන්න පුළුවන් කියලා හිතෙන හැම දේම විවිද ක්‍රමවලට හදලා කෑම තමයි කලේ.   ලංකාවේ සුප වේදය ගැන ලියැ වුනු සියළුම පොත් ඌගෙ ළඟ.   සියළුම කෑම වට්ටෝරැ පොත් සහ සිරිකත, බිරිඳ, භාවනා ඇතුළු සියළුම කාන්තා පත්තර ටිකත් ඌගෙ ගෙදර.






දෙල් බැඳුම, දෙල් මැල්ලුම, දෙල් හොද්ද..... දෙල් ගෙඩියක් ලැබුනා නම් එහෙමයි.   කොස් මැල්ලුම, කොස් හොද්ද, කොස් බැදුම.... කොස් ගෙඩියක් ලැබුනොත් මෙහෙමයි.   මේ කොයි කෑම හැදුවත් ටෙස්ටිං වලට ඉන්නෙ මයිනා තමයි ඉතිං.   සමහර දවස්වල උගේ කෑමෙන් පස්සෙ උංගෙම වැසිකිළියෙ පැළපදියම් වෙලා හිටපු අවස්තා නැතුවම නොවෙයි. ඒකට  හරි  යන්න  අපේ  අපතයොත් ගඟෙ පැනලා අල්ල ගන්න ඉස්සද, කකුළුවද,  මාළුවද  අරන්  අරැගෙ  ගෙදරට.    ඒ අපතයත් ඒකට අතට අහු වෙන මිරිස්, තුනපහ, සෝස්  අනං   මනං  දාලා   හදනවා උගුරෙන් පහාලට  යවා  ගන්න  පුළුවන්  විදියට.

එක   සිකුරාදා හැන්දෑවක අපතයො කතා උනා සෙනසුරාදා උදෑසන කොරළි අල්ලන්න යන්න.   කිවුල්  දියේ ඉන්න මල් කොරළියා කියන මාළුවා අල්ලන්න හරි අමාරැයි.   අනික  තමයි ඒකා අල්ලන්න නම් පාං හරි පූනක්කු හරි දාන්න ඕනේ.   පූනක්කු බිළි කොක්කක අමුනන්න බැරි නිසා පාං ගෙඩියක මැද්ද ගලවලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක හොඳට අනනවා,  එහෙම හදා ගත්ත මිශ්‍රණය ගිලින්න මල් කොරළියා හරි මනාපයි...   බිළි පිති සූදානම් කිරිම සහ පාං මිශ්‍රණය එකෙකුට හදන්න පවරලා කට්ටියම    පසුදා උදෑසන හමු වීමේ බළාපොරොත්තුවෙන් විසිර ගියා.

උදේ 8 වෙද්දි අර බිළි පිති සූදානම් කරන්න කියපු එකා මයිනගෙ ගෙදර.

"මයිනා පොඩි හදිස්සියක් වරෙංකො"

"තාම මූණ හෙදුවෙත් නෑ බං හිටපං"

"අඩෝ පොඩි අවුළක් යමංකෝ" අරැ ගෑණි මැරිච්ච මිනිහ වගෙ හඬා වැටෙනව.

"මොකද වහෙ"

"යමංකෝ බං උඹට වඳින්නං"

මයිනත් ඉතිං බුරැසවත් කටේ ගහගෙන දත් කූට්ටම මැද මැද අරැ එක්ක යනව.

"ඇයි මොකො අවුළ"

"බැරළගෙ බෲස් ලීට කෙළ වුනා"

"ඉතිං තොට මොකද බැරලා අඬාපු දෙන්, ඌ නේ ඔට්ටු දාලා සල්ලි හොයන්නෙ"

අහපියව්    බෲස්  ලී කියන්නෙ කුකුළෙකුට නිකං නොවෙයි පොර කුකුළෙකුට.   බැරලා කියන්නෙ කුකුළගෙ අයිතිකාරයා නියම නසරාණියා වචනෙ වැරදුනා නම් පිහිපාර තමා.  කුකුල් කෙටවිල්ලෙ කිං තමා ඌ.   බෲස් ලී කියන්නෙ ඒ කුකුල් කෙටවිල්ලෙ හිටපු අහාල ගං හතටම ගහාපු සුපර් ෆයිටර්.   බූරැවා ගැහිල්ලයි කුකුල් කෙටවිල්ලයි තමයි බැරලගෙ ප්‍රධාන ජීවනෝපාය.  ඌගෙ ගෑණිට ළමයින්ට වඩා ඌ කුකුළට ආදරෙයි.   කුකුළගෙ අත්තටු දෙකට තෙල් ගාලා පිරිමැදලා, තල තෙල් එක්ක බිත්තරයක් මිශ්‍ර  කරලා පොවලා එහෙම තමා කුකුලට සැප දෙන්නෙ.   එහෙව් එකාගෙ කුකුළට ගලකින් ගහපු එකෙකුට පිහි පාරක් දෙන්න ගිහින් බොහොම අමාරැවෙන් තමා බේරැනේ.



"අහපංකො මම උදේ පිති ටික එළියට අරන් ඉන්දැද්දි බැරළගෙ කුකුල්ලු ටික අපේ වත්තට ආවා. මං බිළී කට්ටෙ පාං කෑල්ලක් ගහලා නිකං දාලා බැළුවා අර @රි කුකුළා ගිල්ලා බං"

"මොන #ත්තක්ද වහෙ කරේ ගස් ලබ්බා. #කටද තෝ කුකුල්ලුන්ට පාං කවන්න ගියෙ" "බැරළගෙන් පිහි පාරක් කාපිය දැං"

අරැගෙ  ගෙදරට ගියාම බැරළගෙ බෲස් ලී ඉන්නව හේබාලා කටින් මීටරේක විතර දිග තංගුස්පොටකුත් එළියට දාගෙන අරෑගෙ කාමරෙ ඇතුලේ.  තංගුස්පොට ඇදලා බැළුවා බඩටම ගිලලා.   දෙන්නත් එක්කම කල්පනා කර කර ඉන්දැද්දි අපේ පරක්කුවට තව එකෙක් ආවා අපිව සොයාගෙන.   අරැංගෙ ගෙදර ඉන්නෙ ආත්තම්මා විතරයි උන්දැගෙ ඇස් පේන්නෙ නෑ හරියට.   ආපු අපතයා එක්කං ගිහින් ඌට කුකුළා පෙන්නලා විස්තරෙ කිව්වා.  මූ ගල් ඉබ්බා තංගුස්පොට අතේ පටලලා ඇද්දා ඇදිල්ලක් කුකුළගෙ බඩවැලකුත් ඇදං බිළි කොක්ක එළියට. කුකුළා අමුතු සද්දයක් එකක් ටිකක්  වෙලා ගැස්සිලා නිහඬ උනා.

"මොකද්ද #ත්තො කරේ"

"වහෙ මම බිළි කොක්ක පන්නන් නේ හැදුවේ"

අරැන් දෙන්නා මරා ගන්න හදනව මැරිච්ච කුකුලා දිහා බලාගෙන.   අරැන් දෙන්නා දෙපැත්තට කරලා එළියට බැස්සා.  අනිත් කිකිළියො ටිකයි පැටව් ටිකයි එහා පැත්තෙ ළඳු කැලෑවක් තියෙනව ඒ හරියෙ පහුරැ ගානව. බැරළගෙ අවුරැදු 8ක 9ක විතර කොල්ලෙක් ඉන්නවා ඌ මිදුලේ සෙල්ලං කරනව.  අරැගෙ ගේ එහා පැත්තට කවර් වෙලා ගලක් අරන් ගැහුව්වා අර කුකුල්ලු රංචුවට.   ගල් පාර වැදිලද නැද්ද දන්නෑ එක කිකිළියක් මර ළතෝනි තියාගෙන කැළෑව අස්සට දිව්වා.

බැරළගෙ පොඩි එකා කිකිළිගෙ සද්දෙට දුවන් ආවා. බෲස් ලීයි එක කිකිළයෙකුයි අඩුයි.  කළෑ මණ්ඩියෙ ඈත ඇහෙනව අර කිකළි කෑ ගහාන සද්දෙ.

"තාත්තෙ බෲස් ලී නැතෝ රතු කිකිළිත් නැතෝ" 


ඕං ඉතිං බැරළත් ඇවිත් කුකුල්ලු හොයනව. අපි තුන් දෙනා මොකවත් නොදන්න බබ්බු වගෙ බිළි පිති ටිකත් අරන් ගඟට යන්න යනව.

"මල්ලි අපේ සත්තු ඔය පැත්තෙ හිටියොත් මෙහෙට එළවන් පළයල්ලා හරි"

"හරි හරි සුනිල් අයියෙ" කියාගෙන යද්දි බැරළගෙ පොඩි එකා කැළෑවට එබි එබි බලනව කුකුළා ඉන්නවද කියලා.   එතනට ටිකක් එහාට වෙන්න තළගොයෙක්  පහුරැ ගගා ඉන්නව.   ගත්තා ගලක් කෙළියා තළගොයාට තළගොයා පැනලා දිව්වා. අර පොඩි එකාට කෑ ගැහුව්වා


"ඕං ඕං කබරා තෝව ගිළියි ගෙදර පළයං" කියලා. හම්මා ආයේ මොනවද ඇරැ දැම්මා මර හඬක්
"තාත්තෙ මෙන්න තඩි කබරෙක් මූ තමයි අපේ බෲස් ලී කන්න ඇත්තෙ". " "දුවලා එන්නො"

අපි අපේ පාඩුවේ ගඟට ගිහින් ඉතිං පැයක් විතර මාළු අල්ල අල්ල හිටියා.

"අඩෝ ඩෙවල් එකක් කන්න තිබ්බා නම් මරැනේ"


"කොහෙද බං මස් ඩෙවල් දාන්න"

"සල්ලි එකතු කරමු"

"හරි උඹළ ළඟ සල්ලි කියක් තියෙනවද කිහල්ලකො"

"මම 20ක් දෙන්නං"

"මගෙ ළඟත් 50ක් 60ක් ගන්න පුළුවන්"

"මමත් 40ක් දෙන්නං"

රැපියල් 180ක් විතර එකතු කරන්න පුළුවන් වගෙ. හරි එහෙනං සල්ලි ගෙනත් දීපල්ලා 3ට  විතර වරෙල්ලා කුකාගෙ ගෙදරට පං කමු ඩෙවල් එකක් දාලා.




අල්ලපු මාළු ටිකත් අරන් කුකුළා මැරිච්ච ගෙදරට.   ගිහින් පරණ ටී සර්ට් එකක කුකළා ඔතලා ඊට උඩින් අල්ලපු මාළු ටිකත් දාගෙන  ගියා කුකාගෙ ගෙවල් දිහාවට.   කුකුළගෙ තංගුස්පොට ඇදලා මරපු එකා අනිත් එවුන්ගෙ සල්ලි එකතු කරන් එන්න ගියා.   කුකාගෙ ගෙදර දවල් දවසෙ ඉන්නෙ නංගියි ඌයි විතරයි බොහො වෙලාවට.  කුකාගෙ නංගි ඉතිං මයිනව දැක්කා විතරයි සුපුරැදු සිරික්කිය දාගෙන ආවා.


"ගඟෙ ගියෑයි තමුසෙලා" කියාගෙන


"ඔව් හලෝ" "කෝ අයියා"

"පොඩි අයියෙ මයිනයියා ආවා"

"මයිනා මාළු ඇල්ලුවද බං" කියාගෙන කුකත් ආවා. ෂේප් එකේ කූකා ළඟට ගිහින් කිව්වා "නංගි පැය බාගෙකට ගෙදරින් යවපිය" කියලා.

"නංගි පොඩ්ඩි අක්කලගෙ ගෙදරින් එනසල් ටිකක් ඉල්ලන් එනවකො" කියලා අරෑ නංගිව  ගෙදරින් යැව්වා.

කුකාට විස්තරෙ කිව්වා මෙහෙම සීන් එකක් උනා හැබැයි මේක දන්නෙ තෝයි මමයි පතයයි, අනිත් එකයි විතරයි.  තොගෙ නංගි එන්න කලින් කරන දෙයක් කරන්න හදපං කිව්වා.   කුකා දැං බයෙන් බීරාන්ත වෙලා. කරන්න දේකුත් නෑ මයිනගෙ ඉල්ලීම පිට අරෑ  කූකුලා සුද්ද කරලා ගත්තා.    කුකුළගෙ අතුනු බහාන් ටික උංගෙ ගේ පිටිපස්සෙ වළක් කපලා වළ දැම්මා.    කුකාගෙ නංගිත් ආවා අර සල්ලි එකතු කරන්න ගිය එකත් ආවා.   ආයෙමත් එකතු කරපු සල්ලි වලින් ගේන්න ඕනකරන කුකුළු මස් සහා අනිත් බඩු ටිකත් කියල අරැංගෙ නංගියි අනිත් අපතයයි කඩේ යැව්වා.   කුකා ඒ වෙද්දි අර කුකුලාව කපලා කොටලා රෙඩි කරලා ඉවරයි.    ඊට පස්සෙ කඩෙන් ගෙනාපු කුකුළු මස් එක්ක එකතු උනු බෲස් ලීගෙ මස් ඩෙවල් එකක් විදියට මේෂෙට.    හැබැයි ඉතිං කුකාගෙ නංගිට මාර ප්‍රශණයක් කඩෙන් ගෙනාවෙ මස් ග්‍රැම් 700ක් 800ක් විතර කොහොමද 10 දෙනෙකුට ඇති උනේ කියලා.

ඒක මස් කෑල්ලක්වත් මයිනවත් අර කුකුළට  බිළි කොක්කෙ ගහාලා පාං දුන්නු එකාවත් කෑවේ නෑ.   ඒකට හේතු උනේ අර අපතයා තංගුස්පට අදිද්දි කුකුළගෙ බඩවැළුත් කඩං එළියට පැන්න ලේ කැටිය දැකලා ඇති වුනු පිළිකුළ.    එදායින් පස්සෙ බැරළා නම් කොයි ලෝකේ දැක්කත් කබරයන්ට චාන්ස් එකක් දුන්නෙ නෑ.   හැබැයි එක දවසක බැරළට කබරෙක් ගහලා තිබුනා දවස් 4ක් ඉස්පිරිතාලේ ඉන්න.

2012 දි තොටගමුවෙදි පොර කුකුළෙකුට ගලකින් ගහපු සිද්දියකට ඇති වුනු රංඩුවක් දුර දිග ගිහින් සුභයා කියන චන්ඩියව කොල්ලො එකතුවෙලා ගහාලම මැරැවා. එතන හිටපු අපේ කතාවට සම්බන්ධ මිත්‍රයො කිහිප දෙනා කියලා තිබුනා මීට අවුරැදු ගානකට කලින් සිද්ද වෙන්න ගිය මේ වගෙම මිණිමැරැමක් මයිනා නිසා වැළකුනා කියලා. අද වෙද්දි නම් මේ යාළුකම් ඈත් වෙලා ගිහින් ඒත් මතක විතරක් අදත් හිත් වල ඉතිරි වෙලා