Friday 13 April 2018

මයිනාගෙ කතා...3 ගිං පොල්

ගිං පොල් කිව්වම නම් ටිකක් බලයි මොනවද මේ පොල් කියලා.

දන්නා තරමින් නම් ගිංපොල් බහුළව දැක ගන්න පුළුවන් වෙන්නෙ ලංකාවෙ ස්ථාන දෙකකදි පමණයි. එක තැනක් ගිං ගඟ මුහුදට වැටෙන ගාල්ලෙ ගිංතොට ප්‍රදේශයේදී.. අනික් තැන වයික්කාල බෝලවත්තෙන් ගලා බසින ගිං ඔය ආශ්‍රිත ප්රදේශයේදිත් පමණයි. ලංකාවට ආවේනික ශාකයක් කියලත් කියනවා. සුද්දගෙ බාෂාවෙන් කියන්නෙ Nipa Palms කියලලු නේ. විද්‍යාත්මක නම Nypa fruticans ලු. පාරිසරික වගෙම කළපු ආරක්ෂක කඩොලාන ශාකයක් විදියටත් මහ පුදුම විදියෙ වටිනාකමක් තියෙනවාය කියන්නෙ. එහෙම කිව්වෙ අර බදූර්දීන් විල්පත්තුව කැපුවට පරිසර හානියක් නෑ කියපු ලංකාවෙ මහ පරිසරවේදියා තමා. කතාවට යං කො දැන් .. හාද. 

ගිං පොල් වැඩියෙ කවුරැත් දැකලා නෑ නොවැ ඒක හින්දා කෙනෙක්ව රවටන්න පුළුවන් ගිං පොල් වල්ලක් පෙන්නලා හරිද. මයිනා කියන අලිගුත්තෙරැවයි උගෙ අර යාළු මදාවියො ටිකයි කම්මැළිකම ඉහට ගහපු සමහර වෙලාවට දෙවොල් දෙයිහාමුදුරුවො බලන්න කියලා උන්නාන්සෙගෙ වාසබවන දිහාවට යනවා. ඈත ක්ෂිතිජය දෙස බලාගෙන මුහුදු හුළං පාරකින් පුංචි සැපක් ගන්න වෙලාවට තමා එක එක යෝජනා එහෙම සෙට් එකේ එවුන් එළියට දාන්නෙ. මස්තෙ ගහලා වැලේ වැල් නැතුව වේලි වේලි ඉන්න කාලයක්, ජොබ් එකක් කරනවා කියලෑ. 
මේ කියන දවසේ වෙද්දි සීනිගම දේවාලේ උත්සවය ඉවර වෙලා දවස් දෙකක් විතර. අර දෙවොල් මඩුව එහෙම නිරුපද්‍රිතව තියෙනව. එකේ එල්ලන පොල්මල්- පොල් අරවා මෙව්වා විනීත සුවනීත දරැ පැටව් ඉතිං විවිධ ක්රම අත්හදා බලමින් ගලවා ඉවත් කිරිම සිදු කරනව. දෙවොල් මඩුවක අර මම ඉහතින් කියපු ගිං පොල් වලු 2ක් එල්ලිම සිරිතක්. ගිං පොල් වල්ලක් නොදන්න කෙනෙක් දැක්කොත් නම් හිතන්නෙ ඒක දැවමය නිර්මාණයක් කියලයි.

අර දෙවොල් මඩුවෙ තිබුනු ගිං පොල් වලු දෙක මයිනා සහ කණ්ඩායම අත්පත් කර ගත්තා. ඒක ගැන කිසිම හැඟිමක් හො උවමනාවක් වෙනුවෙන් නම් නොවෙයි, ආතල් එක සඳහම පමණයි. මේ ගිං පොල් වලු දෙකත් තියන් වැල්ලෙ ඔරුවක් උඩ වාඩි වෙලා ගිං වල්ලෙ තිබුනු අනංමනං සුද්ද පවිත්ර කරලා ඒක නැවුම් පෙනුමකින් හැඩ කලා. 
මෙහෙම ඉන්දැද්දි සෙට් එකේ එකෙකුට දෙවොල් දෙවි හාමුදුරැවො පුංචි අයිඩියා එකක් දීලා. 
දැන් මේකා අහනවා "අඩෝ ගිං පොල් වලු 2ක විකුණමුද" 
දැන් ඉතිං අනික් ඈයෝ එක එක දෑ කියති. "පිස්සුද බොළ මේක ගන්නෙ තොගෙ අප්පද" "මූට මෝංගල්" "පළයං වහෙ" එකි මෙකී ලියන්න හැකි නොහැකි සියළුම වදන් වලින් බැන්නා. 
ඒත් ඌ නොවෙයි සැළුනේ, ගිං පොල් වලු දෙකත් අරන් ආවා ගාළු පාරට ඒ කියන්නෙ සීනිගම දේවාලේ ඉදිරිපිටට. 
මේ කියන කාලේ කලිසම ඇන්දෙ කොළඹ නෝනලා සහ කොළඹ බව ඇඟවිමට උත්සහ කරපු නෝනලා පමණයි. අනේ ඉතිං ඒ වගෙ නෝනෙක් කොරවක්කෙක් වගෙ පාද තබා අපේ අතේ තිබුනු ගිං පොල් වලු දෙක දෙස බැළුවා සොඳුරැ බැල්මක්. අනේ අපේ අර මාර්කටිං අපතයා එක සැරෙ කියපි "ගන්න නෝනා දෙකටම 250ක් දෙන්න" කියලා. අරැට බනින්න හිතාගෙන අපේම එකෙක් අරැට කියපි "උඹට පිස්සුද බන්" කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ මාර්කටිං අපතයා කියපි "අන්තිම දෙක නේ.. දීලා යං" කියලා. දැන් අනේ අර කලිසං නෝනා ඇරියා පර්ස් එක. දුන්නා 250ක්. අපේ එකා නෝනට ගිං පොල් වලු දෙක දුන්නා. දේවාලේ දිහාවට හැරිලා වැන්දා. අසුරැ සැනින් මාරු. 
අනේ ඉතිං තව ටික දවසකින් අර ගිං පොල් වල්ලෙ ගෙඩි ටික හැලෙයි නැත්නම් පැළ හැදෙයි. එතකොට තමා නෝනට අපේ මෑණිවරු මතක් කරන්න හිතෙන්නෙ. ඒ සල්ලි වලින් කොත්තු කෑවා ගාමිණි අයියගෙ කඩෙන්. 
මයිනාගෙ අපත යාළුවො කරපු තවත් එක කුප්ප වැඩක් එන්නම් ඈං......

ඡයාරෑප අන්තර්ජාළයෙන්...

9 comments:

  1. හෙක්.. හෙක්.. ඔය අන්දල තියෙන්නෙ ගොඩ සුද්දියක්ව.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පොෂ් කියලා හිතපු එකියක්

      Delete
  2. සෝයි මාකටිං බුවෙක්. පුදුමයි බෝලගේ එකෙක්ව නෝනට වික්කේ නැතුවා.

    ReplyDelete
    Replies
    1. එකෙක්ව වික්කා සුද්දෙකුට පස්සෙ කියන්නම් සිද්දිය

      Delete
  3. නිල්වලා ගග ආසන්නයෙත් ගිං පොල් තියනව

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති ගිංගඟ දෙපැත්තෙම තියෙනව

      Delete
  4. ජෙහාන්ව මතක් උනා

    ReplyDelete
  5. මාර්කටින් නම් ඌ තමා පොර

    ReplyDelete