Friday 11 May 2018

මයිනාගෙ කථා ...7 කැමැත්ත

මයිනාගෙ කථා ....7....  කැමැත්ත​

ඒ කාලේ මයිනට හොඳ පෙනුමක් තිබුනා.   ඒක නිසා ගෑණු පරාණ මයිනා දිහා දෙපාරක් හැරිලා බැළුවාදැං ඉතිං වැඳිරියෙක්වත් බලන්නෙ නෑ.    එදා ඇත්ලටික් බොඩි මෙදා තඩි බඩ සමග ඇවරේජ් බොඩි.   එදා කළු පැහැති ඝණ කෙස් කළඹ සහිත හිස මෙදා තට්ටය  පෑදුණු පූර්ණ චන්ද්රයා වැනි හිස.   
කොටින්ම කියතොත් එදා මයිනට පට්ට ලුක් එකක් තිබුනා.  අද නං ඉතිං දැක්කොත් තූ නොදකින් මැන්ටලේ කියලා හිතෙයි.




මයිනා සහ පිරිසට මල්සරා බැල්ම හෙලා විද්දා උගෙ අර මළකඩ දුන්නෙන්.

අනිත් එවුන්ට මල්සරා විදපු අතරෙ මයිනට සිකුරත් දමලා ඇරියා පිහි පාරක්මයිනා ගාල්ලේ ක්ලාස් යනව මයිනා දිහා කෑලි බලනවා මයිනා අහක බලනවා කෑලි දිහා මයිනා බලනවා කෑලි අහක බලනවා.  
දුම්රියෙ, බස්රියෙ, දුම්රිය නැවතුමෙබස් නැවතුමේ මේ සියළු තැන්හි සෙම සෙවල අඩු නැතිව පෙරනවා.   කොතැන කොහොම කොයි විදියෙ කතාවක් පටන් ගත්තත් ඒක ඉවර උනේ කෙල්ලෙකුගෙන්.  

මේ ප්රේම රෝගයට බෙහෙත් හෙව්වට ගමේ වැල පිට කපුටන්ට අතහැරලා පිට වැල 
පස්සෙ මයිනා ඇතුළු කපුටු රැළ ගියාඑක එකා එක එක වැල පස්සෙ පැණි හළනවාසමහර එවුන් 10කට 12කට එක සැරෙ ට්රයි එකක් හරි වැටෙයිනෙ කියලා

අපේ එකෙක් ට්රයි කරා රජ්ජම කෙල්ලෙකුට කටක් නොවෙයි තියෙන්නෙ බෝක්කුවක්මාස කිහිපයක් එකෙක් ට්රයි කරලා කරලා මයිනට කිව්වා අඩෝ අරකිගෙන් අහපංකෝ කියලා.  

මයිනත්  ගිහිං ඇහුව්වා. 

"මගෙ යාළුවා ඔයාට කැමතියි නංගි ඔයා මොකද කියන්නෙ"
මේකි කඩා පැනපි ඇඟට 

"මනුස්සකමට හිනා උනාම තමුසෙලා මගුල් කතා කරන්න එනවදකියලා අහපි.

මයිනා නොන්ඩි වී කුජීත වී විරැව පට්ටං ගැහි ආවා කිහංකො අපතයො සෙට් එක 
ළඟට. රජ්ජම කියන්නෙ දකුණු පලාතෙ තියෙන කුජීතම ගමක්, ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ කටවල් ඉතිං ගිංගඟෙ පාළම වගෙ තමයි.

"
මොකෝ බං උනේ"

"අරකි නොන්ඩියක් දැම්මා බං"

අපෙත් හිටියා අපතයෙක් තොටගමුවේ එකෙක්. ඌට තිබුනෙත් වලත්ත කටක්.   මූ එක සැරෙ අර කෙල්ලගෙන් අහපි 
"
ඇයි නංගි නළලෙද"

කියන්න දුකයි දුන්නා රිටන් එකක් කොහාමද ආයේ ඇඬෙන්න.
"
මගෙ නළලෙ තිබුනොත් මම අතින් වහන් යන්නම්...
තොගෙ නළලෙ තිබුනොත් ගණ දෙවියන්ට වගෙ වන වන තමා ඉන්න වෙන්නෙ"

 කියාපි.  මැදෑ අහගත්තා.

අනේ ඉතිං මයිනත් කෑල්ලකට පුල් ට්රයි එකේ හිටියා වැඩෙත් වෙනත් එකෙකුට 
පවරලා තිබුනේ අහපං කියලා. දවසක් හවස 3 විතර නසරාණියා ආවා ගෙදර.

මයිනගෙ පියාණෝ දිවා බෝජනයෙන් පස්සෙ සැතපෙන වෙලාව. පිය රජතුමාගෙ 
සිරියහන් ගබඩාවට එළිය පැත්තෙ ජනෙලේ ළඟ පුටුවක් තියෙන් මයිනා වාඩි වෙලා ඉන්නවා.

"
අඩෝ මයිනා අරකි උඹට කැමතියි බන්"

මයිනට අමතක උනා පියාණෝ ඇතුල්ගෙයි නිදි වග.
"
අම්මපා කියහංකිව්වා විතරයි ජනෙල් කූරැ අස්සෙන් වැදුනා ටෝච් පාරක් ඔළුවට.

"
තොට දැන් මගූළ විතරද අඩු බොළ  "  
කියලා අහාපි.


දිවා භෝජනයෙන් පස්සෙ පිය රජුට නින්ද ගිහින් නෑ කියපංකොඅර නසරාණියා උගෙ 
බයිසිකලෙත් දාලා පැනලා දිව්වාඋගේ බයිසිකලෙත් අරන් මයිනත් පස්සෙන් දිවාපි.

අද ඉතිං ඩබල් පෝරියල් කන්න වෙනවා ආයේ දෙකක් නෑ රෑට ගෙදර ආවා කියන්නෙ 
ෂුවර්ම තමාගියා බාප්පලගෙ ගෙදර. බාප්පා නෑ පුංචිට කිව්වා සීන් එක.
"චුට්ටක් ඉන්නව කෝ"   කියලා පුංචි පොඩි එවුන් දෙන්නත් අරන් අපේ ගෙදර ගියා. අපේ වත්තෙ ගොඩක් පළතුරු තියෙනවා. අනික තමයි මාළු ටැංකි ගොඩක් තියෙනව ඒවා බලන්න තමයි වැඩිපුරම යන්නෙ.

පුංචා ගෙදරට කියලා බාප්පා කොළඹ ගියා එද්දි රෑ වෙනව ලොකු එකාට එහෙ ඉන්න කියලාතාත්තා මල්ලිට කියලා

"අරැ ඉන්න තැනක් සොයලා කියපං අද බාප්පලාගෙ ගෙදර යන්න"   කියලා.  එදා ඒක නිසා ෂේප් යංතං.

තව අපතයෙක් හිටියා දැං සංඝමිත්තෙට යන කෑල්ලකට පුල් ට්රයි.   හවස අරකි පංති 
ඇරෙන වෙලාවෙ, ස්කූල් ගිහින් එන වෙලාවෙ හෙනහුරාදා ක්ලාස් යන වෙලාවෙ මූ මයිනත් ඇදං අරකි පස්සෙ. සියළු වියදං අරැගෙන් හින්දා මයිනත් ඔන්න ඔහෙ යනව එනවා.  
අරකි හිනාවෙනව. මයිනත් හිනා වෙනවා අරැත් හිනා වෙනව. දැං ඉතිං  තේරෙණවා අරකි හා හා වගෙඕං තියෙන්නෙ යෝජනාව ඉදිරිපත් කිරිම. කලින් සැරෙක වෙච්ච හරිය දන්න නිසා මයිනා වැඩේ බාර ගත්තෙ නෑ. අරූගෙ හඬා වැටිම හමුවෙ හිත උණු වෙලා මිත් බැඳිම මතු වෙලා දුක හිතුණු එකෙක් බාර ගත්තා කොන්ත්රාත්තුවහැබැයි යෝගට් පගාවකට.

මයිනයි මාස ගාණක් ට්රයි කරපු එකයි අහන්නම් කිව් එකයි තුන් දෙනාම එක 
සෙනසුරාදාවක ගාල්ලට ගියාගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක පිටි පස්සෙ පැවිලියන් හොටෙල් එකෙන් තොසේ කාලා අරූගෙ සල්ලි වලින් හැපි එකේ ස්ටේෂන් එකට ආවා.

අර කෙල්ල එනවා ක්ලාස් ඇරිලා. අපේ කොන්තරාත්තුව ගනිපු එකා ගියා අරකි ළඟට
අරෑ කතා කරනවා අපි ඈතට වෙලා බලන් ඉන්නවා. ටිකකින් අරූ ආවා අර කෙල්ල දුක්මුසු බැල්මක් බලා සුසුම් හෙලා පවන් සලා යන්න ගියා



"
මොකද උනේ එකි හා කිව්වද"    අරූ අහනවා.


"
මට කියපං තොපි දෙන්නගෙන් කවුද ඒකිට ට්රයි කරෙ"

"
මූ තමයි ට්රයි කරෙ" මයිනා කියනවා.

"
එහෙනං ඒකි තොට කැමති නෑ, මයිනට කැමතියිලු කියාපි.

දැං ඉතිං අරැට පට්ට අප්සට්. මැදෑ ඒකිගෙ පස්සෙන් මාස 3ක් විතර කාලේ කා දැම්මාඒ  
ලව් එක ඉවරයි. දැං මූ වෙන එකකට ට්රයි මුගෙ මෝඩකම කියන්නෙ ගමන් බිමන්වලටත් මයිනව ඇදන් ගියානෙ.   මාස එකහමාරක් විතර පස්සෙන් බයිසිකල් පැදලා පැදලා ඌම ගිහින් ඇහුවා.   මයිනයි තව එකෙකුයි පාපැදියත් තියන් බලන් ඉන්නවා.

මයිනා ඇඳන් හිටියෙ කොළපාට සර්ට් එකක්අරකි අරැට කිව්වලු මම කැමති අර කොළ
පාට ෂර්ට් එක ඇඳන් ඉන්න අයියට කියලා. අනේ ඉතිං අරෑ නයා මැරිච්ච අභිකුණ්ඨකයා වගෙ ඇවිත් කියාපි

"
මයිනො ඒකිත් කැමති උඹටලු"

මැදෑ කොලා. ඉන්පසු කිසිම දිනක නොවෙයි මයිනට කතා කලෙ කෑලි බලන්න යන්න
වගේම අනිත් එවුන් කෑලි ට්රයි කරන්න නම් මයිනා එක්ක ගියෙ නෑ.  

හැබැයි ඉතිං ඕං ඔහෙ කියලා හැමෝම ඈයො මොන මොනව හරි සෙට් කර ගත්තාඉක්මන් උනු එකෙක් හඳපානෙ රෑ යාමේ මාරැ වෙලා ගියාඅනිත් එවුන් නම් නිසි වයසෙ වැඩ කර ගත්තා.   
මයිනා  නිසි  වයසත්  පැනලා  ලබ්බයි  තට්ටෙයි  එක්ක  තාම  තනිකඩයි.
සිකුරා කෙසේ වෙතත් දැන්නම් හෙණහුරා පිහියෙන් ඇනපු එක ෂුවර්..

එන්නං ........

...
මයිනා
....




15 comments:

  1. කාසාදේ කියන්නේ ඇඹුල් අඹයක් කනවා වාගේ කියලා අපේ සීයට මීමුත්තා පවසලා තියෙනවා. කන එකාගේ දත් හිරිවැටෙනවා. බලන් ඉන්න එකාගේ කටට කෙල උනනවා. ඉතිං දත් හිරිවට්ටාගන්නේ නැතිව කටට ආපු කෙල ටික ගිලලා හිටපං.

    ReplyDelete
    Replies
    1. උඹලගෙ මී මුත්තා උන්නා නම් තව මොනව හරි අහා ගන්න තිබබා

      Delete
  2. කාසාදේ කියන්නේ ඇඹුල් අඹයක් කනවා වාගේ කියලා අපේ සීයට මීමුත්තා පවසලා තියෙනවා. කන එකාගේ දත් හිරිවැටෙනවා. බලන් ඉන්න එකාගේ කටට කෙල උනනවා. ඉතිං දත් හිරිවට්ටාගන්නේ නැතිව කටට ආපු කෙල ටික ගිලලා හිටපං.

    ReplyDelete
  3. මරු කථාව. බඩට සහ තට්ටෙට කැමති වුණුත් ඇති.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ඇයො සල්ලි තිබ්බා නම් ඉබ්බෙකුට හරි කැමති වෙනව තට්ටේ නොවෙ ඔලුවම නැතා හරි

      Delete
  4. ඇත්ත කියහං උඹ බලු පූට්ටු වලට ගල් ගහල තියනවා නේද ...........මේ ආත්මෙම පල දෙනවා ඕවා

    ReplyDelete
    Replies
    1. ලෙසටම බන් මන් පේන දුරක හිටියොත් බල්ලො ඔය වැඩෙ කරන්නෙත් නැ

      Delete
  5. අර අහිංසක ස.ප්‍රේ.බෘ.රාජයන්ගෙ ලව් කඩා ඉහිරවපු ආනන්තරීය පාප කර්මෙ තමයි බොට පල දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන් දා බන් මොකක් හරි එහෙම දෙයක් තමා

      Delete
  6. ලන්තෑරුම ලිිදේ කියාන්කො

    ReplyDelete
  7. හයියූ හැමිනෙනවා

    ReplyDelete
    Replies
    1. කොහෙ හැමිනෙන්නද බන් වෙලේනව ලෙසටම

      Delete
  8. maina, uba kuruduwatteda bn.?

    ReplyDelete