Thursday 14 June 2018

තොටගමුවේ කථා - 5

ජනප්‍රවාදයෙහි කියැවෙන පරිදි රාහුල හිමි ගම්පොල විසූ වික්‍රමබාහු නම් කුමරකුගේ පුතෙකි. එහෙත් ළදරු වියෙහි දී ම පියාගේ අභාවය නිසා අනාථ භාවයට පත් රාහුල කුමරු සවැනි පැරකුම්බා රජු විසින් ඇතිදැඩි කරගන්නා ලදැයි ද කියැවේ.

රාහුළ හිමියන් ක්‍රි.ව. 1408 දි පමණ උපත ලබන්නට ඇතැයි ජන මූලාශ්‍රවල  සඳහන් වේ. සැළලිහිණි සංදේශය, පරවි සංදේශය ඇතුළු කෘති ගණනාවක් සිංහළ සාහිත්‍යට දයාද කල ඒ හිමියෝ විජයබා පරිවෙණාධිපති වශයෙන්ද  අමිල  සේවයක් කල බව සඳහන් වේ.
රාහුල හිමියන් මුලින් ම රචනා කළ කෘතිය වශයෙන් අද ඉතිරි ව තිබෙන්නේ පරෙවි සන්දේශය නමැති කෘතිය යි. ඉන් පසු කාව්‍යශේඛරය ද සැළලිහිණි සන්දේශය ද රචනා කෙරිණි. මෙයින් පළමුවැන්න හා තෙවැන්න සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය ගණයට අයත් වේ. අවසාන භාගයේ ලියන ලද මොග්ගල්ලාන පංචිකා ප්රදීපය නමැති කෘතිය, මොග්ගල්ලානපංචිකා හෙවත් මොග්ගල්ලාන ව්‍යාකරණය නමින් ප්‍රකට පාළි ව්‍යාකරණ ග්‍රන්ථයට සම්පාදනය කෙරුණු අර්ථ ව්යාගඛ්යා වකි. ඉන් පසු පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයක් වූ බුද්ධිපසාදිනිය රචනා කරන ලදි. (අන්තර්ජාලයෙන්)



ලංකාවේ පන්සල් වල මහණ කිරිමේදි කුළය බලන සිරිතක් තියෙනව නෙ. හැබැයි කුළ දෙකක් නියොජනය කරමින් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න එකම පන්සල පුරාණ තොටගමු විහරයයි. සලාගම කුළය සහ කරාව කුළය තමයි මේ කුළ දෙක. භික්ෂුන් වහන්සේලාට දානය ලැබෙන්නෙත් එලෙසින්මයි. සලාගම කුළය නියොජනය කරන භික්ෂූන් වහන්සේට සළාගම අයත් කරාවේ කුළය නියොජනය කරන භික්ෂූන්ට කරාවෙ අයත් දානය සපයනවා.

මේ විහාරයේ විහාර ගෙයි මල්සරා නමින් හඳුන්වන පිලිමයක් තියනවා. වැඩිහිටි මල්සරා කෙනෙක්ගේ රුපයක් තමයි තියෙන්නේ.

එකල මේ විහරයට අයත් පරිවාර විහාර කිහිපයක් තිබුනු බවත් සඳහන්. ඒ අතරිනුත් විශේෂ වන එක විහාරයක් තමයි කළුපේ ශ්‍රී නාගරුක්ඛාරාමය. පුරාණ තොටගමු විහාරයෙන් පිටත් වන පෙරහැර එන්නෙ මේ කළුපේ විහාරයට. එහෙම ආපු පෙරහැර කළුපේ නාග රුක්ඛාරාම විහාරය බුදු ගෙය වටා ගිහින් නැවත පුරාණ තොටගමුව විහාරයට යනවා.

මයිනා කුඩා අවදියෙ මේ පෙරහැර දෙතුන් වතාවක් සියැසින් දැකලා තියෙනවා. මේ පෙරහැරෙ විශේෂත්වය වන්නෙ කසකරුවන් වෙනුවට මේ පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරන්නෙ ඇත්ත කඩු අත දරා ගත් පිරිසක්. ඒ විදියට කඩු අත දැරුවන් පිරිස එක් එක්කෙනාට සමාන්තර දුරකින් ගමන් කරමින් පෙරහැර එන මගේ ඉදිරියට ඇවිත් නැවත හැරිලා පෙරැහැරට ඉදිරියට එන ලෙස දන්වනවා. මේ සම්ප්‍රදාය කුමක් නිසා බිහි උනාද කියලා නම් මයිනට විස්තර සොයා ගන්න බැරි උනා. ඒත් කොළඹ යුගයෙ කවියෙකු උනු ඇල්. පී. ද සිල්වා හෙවත් ඇක්මන් මහතා දවසක කිව්වෙ ඒ කාලේ මේ පෙරැහැරට මගදි වෙන බාදා නිසා මේ විදියට ආයුධ අතින් ගත් පිරිස් සහබාගි වෙන්න ඇති කියලා.

අනිත් කාරනාව තමයි මේ කළුපේ කියන ගම, මේ ගමට නම හැදුනේ "කළු උක් රැප්පෙ" කියන නමින් බිඳිලා ඇවිත් කියලා කියනව. ඒත් මේ ගම ගැන තොරතුරැ සොයා යෑමෙදි වෙනස්ම කතාවක් මයිනට අහන්න ලැබුනා. ඒ තමයි 6 වන පරාක්‍රම බාහු රජුගෙ සේනාවට අවශ්‍ය අවි ආයුධ හැදුවේ මේ ගමේ කියන එක. ඒ කළුපේ ගමේම කොටසක් තියෙනව කම්මල් ගොඩ කියලා එතන හදපු කඩු පේ කළේ ශ්‍රී  නාග රැක්ඛාරාමයෙ කියලත් මේ තොරතුරු දුන් කෙනා කිව්වා. කඩු පේ පසු කාලෙක කළුපේ ලෙස වෙනස් වු බවයි ඔහු පැවසුවේ.

මේ නාගරුක්ඛාරමයෙ තියෙනව විශ්ණු දේවාලයක් එහි බොහෝ හාස්කම් තියෙන බව තමයි කියන්නෙ. ඉස්සර මේ පන්සලේ යම් පිංකමක් හෝ වෙනත් වැඩකටයුත්තක් සිද්ද කරන වෙලාවක වැස්සක් එහෙම ආවොත්, මම පෙර කියපු විශ්ණු දේවාලයෙ වහලයේ උළු කැටයක් අයින් කරනවලු. ඒ විශ්ණු දේව ප්‍රතිමාව තෙමෙන විදියට. එහෙම කලාම කිසිම දවසක වැස්සක් නම් ඇති වුනේ නෑලු. 
මේ කළුපේ ගම ආසන්නයෙ තමයි තොටගමු විහාරයට සහ පැරකුම් රජුට බෙර වාදනය කල කණ්ඩායම ඉඳලා තියෙන්නෙ. බෙරවාගොඩ කියලා හඳුන්වන මේ ගම තිබෙන්නෙ කළුපේ නාගරැක්ඛාරාමය පන්සල පිටුපසමයි.

තව තොරතුරැ තියෙනවා... ඒවත් කියන්නම් කෝ
__මයිනා__

(ඇතැම් තොරතුරැ අන්තර්ජාලයෙන් උපුටා ගතිමි)

3 comments:

  1. //කුළ දෙකක් නියොජනය කරමින්
    මේක අහ තිබ්බේ නැහැ බෝ තුති.
    ඔය අනංග පිළිමේ හදන්න හේතුව හෙම බෝ දන්නවද?

    ReplyDelete
  2. නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා.

    ReplyDelete
  3. එල! මලවැන්නේ තව විස්තර කියපං අපේ උන්දෑගේ යාලුවෙක් ඉන්නවා එහෙ.. :)))

    ReplyDelete