Wednesday 6 June 2018

මයිනගෙ කතා...12 ලර්නර්ස්

මයිනගෙ කතා...(12)... ලර්නස්...

මයිනට 21 ලැබුවා ඒ කියන්නෙ පුර්ණ වැඩිහිටියෙක් ලෙස සමාජගත විමේ අවකාශය ලැබුවා. ඡන්ද අයිතිය ඇතුළු අනංමනං වරප්‍රසාද එහෙමත් ඒ වෙනකොට තිබුනා. ඒ උනාට බොළව් කියන්න සංතෝෂයි පිය රජාණන්ගෙ අණසක යටතේ තමා සියළු කෙරුවාවල්. මයිනා කියන්නෙ ඇත්තටම රියල් අපතයෙක්. අධ්‍යාපනය ඇතුළු සියළු කටයුතු කඩාකප්පල් කර ගැණිමත් කොයි තැනක අවුළක් තිබුනත් ඒ කොනක මයිනා සිටිමත් නිසා ගෙදරිනුත් මයිනට නෝ චාන්ස්. හැබැයි බොළව් මගෙ තාත්තා අනිත් 6 ටම වඩා මට ආදරෙයි. මගේ එක අක්ක කෙනෙකුත් මයිනට ආදරෙයි. අම්මා නම් එළිපිටම විරෝධය පෑම සිදු කලා. ඒකට හේතු උනේ මයිනගෙ මල්ලි කොයි දීපංකරෙ ගියත් හවස 6 වෙද්දි ගෙදර. අනික තමයි රෑ රාත්‍රියෙ මළ ගෙවල් හො පොදු කටයුතු ඌට නොතිබිම.

සාමන්‍යයෙන් මයිනාගෙ ගෙදර පැමිණිම රෑ නමය තමා. රෑට කෑම එකට තමා ගෙදර එන්නෙ. දවල් දවස පුරා හතර දිග්බාගෙම කරක් ගහලා ගෙදර එද්දි අම්මා ඉතිං පුපුරන්න ඔන්න මෙන්න. එහෙම ආපු සමහර දවස්වල වැදුනු කොසු පාරවල් පොළු පාරවල් ගනනකින් නම් කියලා නිම කරන්න බෑ. මයිනට සතියකට සැරයක් මළගෙයක්, දානයක් හෝ  වෙනත් පොදු කටයුත්තකට රැයක් දෙකක් ගෙදරින් පිට නවතින්න වෙනව ඒක ෂුවර් 100%ක්.


"තෝ මේ පොඩි එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෙ නෑ"

ඒක තමා මයිනට අම්මගෙන් ලැබුනු සහතිකෙ සහ ගෞරවය. හැබැයි ගෙදර දොරේ මොන වැඩේ තිබුනත් මයිනගෙ යාළු අපතයො බැහැලම වැඩ. මයිනට මයිනගෙ අප්පොච්චා නම් අම්මට හොරෙන් හොරෙන් ගතමනාවක් දෙනවා. බොහෝ වෙලාවට ඒ සල්ලි දෙන්නෙ අත් දිග ෂර්ට් එකේ අත ඇතුලට දාලා. ෂර්ට් එකේ අත නවන්නෙ සල්ලි ඇතුලෙන් තියලා. ඊට පස්සෙ ෂර්ට් වැලට දානව වේලෙන්න.

"ලොක්කා වැලේ තියෙන සර්ට් එක ගෙනෙං"
කිව්වනම් අනිවා සල්ලි සර්ට් එකේ අතේ තියෙනව. 
එක දවසක් මයිනගෙ පියාණෝ මයිනට කිව්වා
"ලයිසන් එක ගන්න කීයක් විතර ගෙවන්න ඕනද බලපං"
ඕං ඉතිං මයිනත් රට හතර අතේ ඉන්න එවුන්ගෙන් ඇහුව්වා
"ලයිෂන් එක ගන්න හොඳම තැන"
"අම්බලංගොඩ හොඳයි"
"අම්බලංගොඩ නියමයි අරක..."
"කෙලින්ම අම්බලංගොඩ අරකට පලයං"
වැඩි ප්‍රතිචාර නිසා අම්බලංගොඩ අරකට ගියා. රියදුරු බලපත්‍රය ලබා ගැනිම සඳහ පුහුණු වෙන්න. ඕං සල්ලි කොටසක් බැන්දා ඉතිරිය පසුවට ගෙවන්න. ඉතිං මාර්ග සංඥා කියලා දෙනවා. ඊළඟ දවසේ වාහන පැදවීම සඳහ පුහුණුව.

උදේ 9  වෙද්දි අම්බලන්ගොඩට ගිහින් සූකීරි හිනාවකුත් එක්ක නැග්ගා අර පරණ බස් එකට. බස් එකෙත් ඉන්නව සෙට් එකක් කසාය බීපු ගොළුවො වගෙ. පුරැදු කරන්න ඉන්න එකා තට්ටෙ තියෙන තඩි බඩක් තියෙන එකෙක් පරණ පොලිස් කාරයෙක් වගෙ. අම්බලන්ගොඩ ඉඳලා ගාළු පාර දිගෙ ගාල්ල පැත්තට එනවා.

"බුරැවා, හරකා,... ඔළමොට්ටලයා"

ගෞරවණීය වචන සහිත ඇමතුම් රාශියයි. ඕං මගක් දුර ආවම මයිනගෙ වාරෙ. මයිනා ඉතිං පරිසමට ගිහිං ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගත්තා. නම ඇහුව්වා ගම ඇහුව්වා මු. අප්සෙට් ගැහුව්වා.
ක්ලච්, බ්‍රේක්, සිග්නල් ගැන කියලා දැන් ගන්න කිව්වා. ක්ලච් එක පාගං ගියර් එක දැම්මා දුන්නා ඇක්ස්ලේටරෙ ඇතැරියා ක්ලච් එක. හුටා බස් එක අඩි එකාහමාරක් විතර උඩ පැනලා නැවතුනා. වැදුනා ඔළුවට එකක් කමක් නෑ වරදක් උනා කියලා හිත හදා ගත්තා. ඊට පස්සෙ




"බූරැවා දාපිය ගියර් එක"

"මී හරකො කණ්නාඩිය බලපිය" ටොක්කක් ඇනපි බස් එකේ අනිත් එවුන් හිනා වෙනව.

"කැඳ බීලද වහෙ ඉන්නෙ ක්ලච් එක හොඳට පාගපිය" කකුලට ගහනව.

"දුර බලන් පල" කොන්ඩෙන් අදිනව.

මූ දැන් මොකද්දො තරහක් පිරිමහනව වගෙ. කමක් නෑ මගෙ වැඩේ කර ගන්න නේ කියල ඉවසන් හිටියා.

ඊළඟ දවසේ ක්ලච් එක අප්සට් වෙලා බස් එක නැවතුනා.
"අම්මට @#%වද වාහෙ" කියලා ඇහුව්වා හම්මෙ ඉතිං කොහොමද පැනපු මල බස් එකෙන් බැහැලා ගෙදර ආවා. හවස අපතයන්ට කිව්වා විස්තරෙ.

"මොකද ඌට කරන්න ඕනෙ"

"ගහන්න ඕනේ බොළව් අරූට"

"හෙට අපි ඉන්නව ගොඩගම ඩොයිෂ් ලංකා එක ළඟ බස් එක එතන අර පොල් ඉඩම ළඟින් හරවන්න දැම්ම දෙමු"

යෝජනාව සම්මතයි. හෙට ලර්නස් බුවාට දෙන්නං ජම්බු කියලා හැපි එකේ ඉන්නව.

ඊළඟ දවසේ බස් එක නැග්ගා දැන් අරූගෙ හෙණ ඇක්ටිං.

"තමුසේ ඊයෙ ගියෙ මට කෙළවන්න වෙන්න ඇති"

මූ දැන් කියවනව. තව ටිකකින් තොට වෙන වැඩේ දන්ව නේ යමංකෝ කියලා පාඩුවෙ හිටියා. අම්බලන්ගොඩ ඉඳන් ආවා. මදම්පේ පහු උනා, අකුරළ පහු උනා, කහව පහු උනා, ගොඩගම බෝඩ් එක ගහපු පොල් වත්තට දැම්මා බස් එක හරවන්න. අපේ අපත නඩේ ඉන්නව.. දෙන්නෙකුගෙ අතේ වැටිච්ච පොල් අත්තකින් කඩා ගනිපු පොල් පිති දෙකකුත් තියෙනව. මයිනට සතුට ඉහ වහ ගිහින් නලියනව.

"වරෙං පඩත්තලයා"



පුහුණුකරු කතා කලා. ගියා ඩ්‍රයිවින් සීට් එකට. ගැහුව්වා අරූ ඔළුවට එකක්. ගත්තා බස් එකේ යතුර බැස්සා බිමට. අරුත් බැහැලා ආවා යතුර ගන්න. මයිනගෙ අපත යාළුවො ටික ක්‍රියාත්මක උනා. දුන්නා පොල්පිති පාරවල් ටිකක් ආයේ කොහොමද උන් හිටි තැන් අමතක වෙන්න. අර තඩි බඩත් උස්සන් අරූ දිව්වා දිවිල්ලක් අරූට කොහෙද යන්න ඕනේ කියල නිනව්වක් නෑ. එතන හෝල්ට එකේ නවත්තපු ගාල්ල පැත්තට යන බස් එකක එල්ලිලා මූ ගියා. බස් එකේ යතුර දුන්නා බස් එකේ හිටපු එකෙකුට. ඩ්‍රයිවින් ලයිසන් ගැනිල්ල එතනින් ඉවරයි.

ඊට පහු කාලෙක මයිනා වේරහැරටම ගිහින් ලයිසන් එක ගත්තා. හැබැයි ඉතිං අදටත් ලර්නස් එකක වහනයක් දැක්කොත් අර සිදුවීම මතක් වෙනවා. එන්නං ඈ......

5 comments:

  1. //ලොක්කා වැලේ තියෙන සර්ට් එක ගෙනෙං"
    කිව්වනම් අනිවා සල්ලි සර්ට් එකේ අතේ තියෙනව.// හැක් ඒකනං මරු.

    ReplyDelete
  2. සැක් මරු තාත්තෙක් නෙ බං ඉදල තියෙන්නෙ‍

    ReplyDelete