Friday 8 June 2018

මයිනාගෙ කතා... 13 අත්හදා බැළිම -1.. පලතුරු වඩිය

මයිනාගෙ කතා....(13)... අත්හදා බැළිම.1

පරීක්ෂණ, නිරීක්ෂණ ඉන්පසු නිගමන එහෙමයි විද්යාවට කියලා දුන්නෙ. සැරින් සැරෙ එක එක අංජබජල් අදහස් ඔළුවට රිංගිම ගැටයා කාලේ කාට කාටත් සිද්ද වෙනව නේ. මයිනට වැඩිපුරම ආවේ මහ පුදුම විදියෙ අනතුරුදායක අදහස්. සමහර එවා සාර්ථක උනා නම් ඒළීයන්ස්ලා මයිනව උස්සන් යනවා උන්ගෙ ලෝකෙකට ආයේ ෂුවර්.

එක දවසක් මයිනට හිතුනා කසිප්පු වඩියක් ගහන්න. අරයගෙන් මෙයාගෙන් අසා දැනගත්  පරිද්දෙන් ඒක තරම් අමාරු කේස් එකක් නොවෙයි. හැබැයි අමුද්‍රව්‍ය සපයා ගැණිම තමා අවුළ. ඔහොම මේ අදහස අපත රැළත් එක්ක කියද්දි බැරල් එකක් සහ සලංකයක් නැතුව මේ වැඩේ ඉදිරියට අරන් යන්න බැරි බව තමා හැම එකාම කිව්වෙ. මයිනා කතා වලින් සැලෙන එකෙක්ද නෑ නේ. අතර වාරෙ කවුදෝ එකෙක් කිව්වා හැළි අරක්කු පෙරන කතාවක් හැබැයි ක්රමේ දන්නෙ නෑ.

මයිනා නිකං එයා මෙයා එක්ක චැට් දාන අතරෙ බොන ඉබ්බෙකුගෙන් ඇහුව්වා

"
මොනවද මාමේ හැළි අරක්කු කියන්නෙ"

ආයේ මොනවද ඉතිං මාමා වැඩ දාලා කැටයම් පාලා මහ දීර්ඝ කතාවක් කීවා. කියපු කතාවේ මෙලෝ ගත යුත්තක් නැති උනාට කලයක් උපයෝගි කර ගෙන වඩියක් ගහන්න පුළුවන් කියන මූලික අදහස ආවා. දැං ඉතිං කළයක් හොයා ගන්න ගන්න ට්රයි කරා. මේ කළ පිපාසාව නිමා කරෙ අහම්බෙන්.  දැක්කා එක අපතයෙකුගෙ ගෙදරක පිළිකන්නෙ තියෙනව පුවක් පල් වෙන්න දාපු තඩි කළයක්. දවස් දෙක තුනකට පස්සෙ එතන කලේ   නැත. අරැගෙ ආත්තම්මා උපාසිකාව මුළු ගාළු දිස්ත්රික්කෙම ඉන්න කුඩු කාරයන්ටයි උංගෙ මෑණියන් වහන්සේලාටයි ඇමතුවා ඇමතිල්ලක් හම්මෙ ඉතිං උන්දෑ කියපුවා. හැන්දෑ යමේ දවසක් මයිනා පැත්තට ගෑටුවා. අර උපාසක උන්දෑ මයිනට කියනව.

"
ලොකු පුතේ ආරංචි කරලා බලාපං මගේ පුවක් කළේ හොරකං කරපු #රි බල්ලා මම කපනව ඕකගෙ තුංතුමාව"

අනේද කියන්නෙ කළ හොරකමට පුර්ණ සහයෝගය දීපු ගෙදර එකාට දෙකොනින් හිනා.

කලේ  හංගලා තිබ්බා එකෙක්ගෙ ගෙදර වත්ත පහල තියෙනවා මිරිදිය මත්ස් කර්මාන්තෙට හාරපු ලොකු වතුර වලක් එතන. පුවක් අරඹක් මැද්දට වෙන්න තිබුනු වළ අඩි 20x20 වගෙ එකක් ඉඳ හිට ඔය වලේ මළුවෙකුට බිලි කොක්කක් එහෙම ගහලා අල්ලගෙන මඤ්ඤොක්කා අලයක් එහෙම තම්බගෙන කනවා. වත්ත අපි ස්වෙඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලා සුද්ද කරලා කිරි අල, මඤ්ඤොක්කා වගෙ අනං මනං හිටවලා දානවා. ඒක නිසා වත්තෙ අපි ගැවසුනාට සැකයක් නෑ කවුරැත් හොයන්නෙත් නෑ. දැං වඩියට ඕන කරන බඩු  ගන්න වැඩේ තමා තියෙන්නෙ.

"
සීනී ඕනේ, ඊස්ට් ඕනේ, ඇමොනියත් දානවළු බං"

"
සීනී නම් ගෙදරින් හරි හොරකං කරන්න බැරියෑ"

"
ඊස්ට් ටිකක් රතු මාමාලාගෙ බේකරියෙන් ඉල්ලගමු ශාන්තයා දෙයි"

"
ඇමෝනියා කියන්නෙ හෙන වස ජාතියක් ලු"

"
වැල්ලවත්තෙ සිල්වා සුසන්තගෙ කඩේ තියෙනවලු ගන්න පුළුවන් බං"

"
කෝ වාහේ ඕවා ගන්න සල්ලි මේ පාර හිරෙත් ලැගලා තමා නවතින්නෙ"

අදහස් උදහාස් චෝදනා යෝජනා අරවා මේවා ගැටුම් මැද්දෙ එකෙක් වෙනම කතාවක් කිව්වා.





"අඩෝ සුපිරිම කසිප්පු හදන්නෙ පළතුරැ වලින් ලු"

"
මාත් හලා තියෙනවා බං කොහොමද දන්නෙ නෑ"

ඕං දැං පළතුරැ වලින් කසිප්පු පෙරිමේ කලාව හොයනවා. ආයෙමත් බොන එවුං එක්ක චැට් එක දාන ගමං එකෙකුගෙන් ඇහුව්වා.

"
මොනවද මේ බොන මළ ජරාව පපු කැවුතු තම්බ ගන්න"

"
ඇත්තටම මාමේ නැද්ද ඔය කසිප්පු හොඳ විදියකට හදා ගන්න විදියක්"

"
ඇයි බං නැත්තෙ හොඳට පළතුරැ දාලා හැදුවා නම් මරැ එකට තියෙන්නෙ"
"
කොහොමද එහෙම හදන්නෙ මාමා එහෙම හදල තියෙනවද"

"
ආයෙත් අහලා කෙසෙල් ගෙඩියි, අඹයි, ගස් ලබුයි තව පුළුවන් නම් මිදි ටිකකුයි රට ඉඳි ටිකකුයි දාලා සීනී ටිකකුත් දාලා වතුර දාලා හොඳට පොඩි කරනවා"

"
ඊට පස්සේ"

"
ඒක හොඳට පොඩි කරලා බැරල් එකකට හරි මුට්ටියකට හරි දාලා සත්තුන්ට යන්න බැරි වෙන්න කට වහනවා"

"
ඊට පසසේ දවස් 10ක් විතර පල් වෙන්න ඇරලා වඩිය ගහාන්නයි තියන්නෙ"


අම්මා ගාහායි බැට් එකෙන් කිව්වලු. වඩියක් ගහාන ක්රමේ ඉතිං මොළේ අස්සට ගිහින් නහාර ඇට මස් සිසාරා ගියා. පළතුරැ කිව්වාම කෙසෙල් කැනක් නම් කාගෙ හරි වත්තකින් කපා ගන්න එක නොවෑ තියෙන්නෙගස්ලබු ඒකත් අවුළක් අඹ නම් ලොවෙත් නෑ මේ කාලෙට.

"
මිදි ගන්න සල්ලි කොහෙන්ද අඩෝ තොට මඤ්ඤංද"

"
හරි හරි මම ඒක කර ගන්නං"

ඉරිදට හික්කඩුවෙ පොළට යන පොරක් ඉන්නවා ඌත් අපේ නසරාණි වැඩවලට ඉඳ හිට සපෝර්ට් එක දෙනවා ඌට ගිහින් විස්තරෙ කිව්වා.

"
අඩෝ මම අරන් එන්නම් මිදි ටිකක් විකුණන උං ළඟ හවස් වෙද්දි ඩැමේජ් ඉතිරි වෙන ඒවා ගන්නං"

එහෙනං ඉරිදා හවස වැඩේ පටං ගන්නවා. එකෙකුට ගස්ලබු ගෙඩි දෙකක් සහ අනිත් එවුවන්ට එක එක දේවල්. මයිනා ඇතුළු ඉතිරි අපතයන් කෙසෙල් කැනක් සොයා ගැණිමේ මෙහෙයුමට. ඉරිදා වෙද්දි පළතුරැ ඉදිලා තියෙන්නත් ඕනේ. රෑ 8 විතර මයිනා ඇතුළු කෙසෙල් ගෙඩි බාර ගත්ත පිරිස හිකක්ඩුවෙ ස්ටේෂන් එක ඉස්සරහා තිබුනු කෙසෙල් වගාවට. දුම්රිය දෙපාර්තුමෙන්තු ඉඩම කොහොමත් මහජනතාවගෙ නේ කියලා
දවල් ඉදන් ඇහැ ගහ ගෙන හිටපු කෙසෙල් ගහා බිමට පාත් කරලා කැන කපා ගත්තා. ඒකේ ඇවරි ටික වෙන වෙනම කපාගෙන සෙට් එකත් එක්ක ඇවිත් කළේ හංගපු එකාගෙ වත්තෙ හංගලා තිබ්බා.

ඉරිදා හවස 4 විතර අඩුම කුඩුම අරන් ආපු  අපතයො ඉතිං පෘට් සැළඩ් එකක් දානවා වගෙ ඔක්කොම ටික අර කළේට දාලා වතුරයි සීනිත් දාලා කළේ කට රෙදි කෑල්ලකින් බැඳලා අයෙමත් කලේ හංගලා ආවා. කළේ ආරක්ෂාව ගැන වගකිම ඉඩම අයිති එකාට පැවරැවා. දැං අවුළ සලංකයක් හෙවත් තඹ දඟරයක් හොයා ගන්න විදිය. කාගෙන්වත් ඉල්ලන් එන්නයෑ ගිහින් කසිප්පු වඩියක් ගහනවා කියලා. ගැන කල්පනා කර කරම දවස් 7ක් විතර ගියා අර කළේ පෙණ දාගෙන උතුරනවා.

ඕං ඉති එකෙක් සලංකේ ගේන වැඩේ බාර ගත්තා වැඩ කරං තබුනු තැනින් ගිහින් තියන පොරොන්දුව පිට. නියමිත දවස උදා වුනා බඩු සියල්ල සූදානම් කළේ කට වහන එක තමා අවුළ. මයිනට වගෙ අංජබජල් මොළයක් තියෙන එකෙක් හිටියා. බිස්කට් ටින් එකක උඩ පියනක් හිල් කරලා ඒකට වතුර කරාමයක් හයි කරලා අරැංගෙ ගෙදරින් පාං පිටි ටිකක් ගෙනත් වතුර එක්ක අනලා කළේ කටට තියලා පාංපිටි මිශ්රණයෙන් හොඳට වැහුව්වා. ලොකු ගල්ගෙඩි 3ක් තියලා සලංකේ එහෙම වතුරට දාලා බටේ අනිත් කොන බැරල් එහෙකට දාලා වැඩේ පටන් ගත්තා.






කිහිප දෙනෙක් තැන් තැන්වල ගිණි ගොඩවල් ගහානව. අතරෙ ෂේප එකේ දරත් එනවා ඔත්තුත් බලනවා. ඕං ඉතිං ටික ටික අශාවෙන් බලන් හිටපු බඩු එනවා. ඒක දැකපු ආශාවට තව දර දදා ගින්දර වැඩි කරනවා. පැය 2ක් විතර මේ විදියට ගෙවුනා.

"
අඩෝ තාත්තා එනවා බොළ"

කිව්වා විතරයි හිටපු එවුන් කොහෙ වාෂ්ප උනාද නෑ. මයිනයි ගෙදර එකයි විතරයි ඉතුරැ කරන්න දෙයක් නෑ කළේ පෙරළුවා වතුර වළට. "ටූපප්" ගාලා සද්දයක් ආවා කළේ බිඳිලා වතුර යටට බැස්සා.

"
තොපි මොකද කරන්නෙ අද මෙතනට වෙලා"

"
සුද්දා ඉඩම ටිකක් සුද්ද කරමු කිව්වා මාමෙ ඒකයි"

"
අනිත් එවුන් මං දැකලා දිව්වෙ මොකද බොළ එහෙනම්"

"
කුරැම්බා කඩන්න සෙට් උනේ මාමා දැකලා දුවන්න ඇත්තෙ"

"
තොපේ මොනව හරි මගඩි වැඩක් ඇති කියපල්ලා"

"
සත්තයි මාමේ නෑ සුද්දා තමා ඉඩම සුද්ද කරමු කිව්වෙ"

"
හරි හරි දැං ගෙවල් වලට පලයල්ලා දැං හතාමාර විතර වෙලා"

"
හරි මාමේ"

මාමා ගියා බැරල් එක බැළුවා අම්මට සිරි බෝතල් 2කට ටිකක් වැඩියෙන් බඩු තියෙනවා පට්ට සුවඳයි. කළෙත් ඉවරයි ඉතුරැ වැඩෙත් ඉවරයි දැං මේක ටෙස්ට් කරන්න කොහොමද?.

"
හෙට මේක කාට හරි කියලා ටෙස්ට් කරවමු දැං කට්ටියම යමල්ලා"

අර මිදි ගෙනත් දුන්නු පොළේ යන එකාට ඊළඟ දවසේ හවස බාගෙ බෝතලේකට එකක් දාලා දුන්නා. අපතයා ගිහින් ඒක දීලා තියෙන්නෙ උංගෙ මාමට. මාමා ඉඹලා බලලා

"
හොඳ පළතුරු වඩියක් බොළ කවුද ගැහුව්වෙ"
කියලා අහලා. ඇඟල්ල බොතලේට දාලා ස්ප්රීට් එකද කියලා ගිණි තියලා බලලා.

"
මයිනා තමා වඩිය ගැහුව්වෙ කොහොමද මාමේ බඩු" කියලා මාමගෙන් අහලා.

හම්මෙ ඉතිං පළතුරැ සුවඳින් ඔකඳ වෙච්ච මාමා තවත් නසරාණියො දෙන්නෙකුත් එක්ක  තමා බාගෙ ගහලා තියෙන්නෙ. මේ ගල් මීමා බොන අතරෙ අරැන් බඩු වර්ණනා කරද්දි කියලා

"
මද්දු අයියගෙ කොල්ලා මයිනා තමයි බං වඩිය ගහලා තියෙන්නෙ තනිකරම පළතුරැ"

ඕං ඉතිං ඉතිරි වෙලා තිබුණු කසිප්පුත් පොළේ යන එකා උගෙ මාමාට විකුණලා. ඊට දවස් දෙකකට පස්සෙ මයිනලගෙ තාත්තා ගමේ වල් ෆැන්ටා පොට් එකකට රිංගලා හොරෙන් එකක් දා ගන්න. අනේ සුපෙම්වතුනි කියන්න දුකයි ඇරැගෙ මාමත් එක්ක කසිප්පු බොන්න සෙට් වෙච්ච එකෙක් එතන ඉඳලා.

"
මද්දු අයියෙ මොකෝ මේ පැත්තෙ ගෙදර බඩු ඉවරද"

"
මොන ගෙදර බඩුද බං"

"
ඇයි අර කොල්ලා පළතුරැ දාලා ගහාපු වඩිය"
"
මරැ බඩු ටික මද්දු අයියෙ"

"
මගෙ කොල්ලා"

"
ඊබට් අයියාට බෝතලයක් දීලා මිනිහ එක්ක තමා මමත් ගැහුව්වෙ. අම්මපා අයියෙ මරැ බඩු ටික"

වෙනදට අශෝක විදුරැවෙන් රැපියල් 10 ශොට් එකක් දාන අප්පොච්චා එදා අශොක විදුරැවෙන් 5ක් 6ක්ම දාලා. එතනින් කෙලින්ම ඊබටයා හොයාගෙන උගෙ ගෙදරට. ඊබටා ගල් ඉබ්බා දන්නවා ඊළඟට කන්න වෙන්නෙ පරම්පරා පෝරියල් එකක්. ඌගෙ අක්කගෙ පුතා වෙච්ච පොළේ යන එකාව පාවලා දීලා. ආරංචිය ආපු සැනින් අරැ මයිනා හොයාගෙන ආවා



"
මයිනෝ වැඩේ කෙළවෙන්න යන්නෙ තොගෙ තාත්තා මාව හොයනව මොනව හරි කරපං"

ශෝක සැනසුම් වේදනාවන් ආපු හැමදාම පිහිටට එන බාප්පා සොයාගෙන ගියා.

"
බාප්පො අද කෑමක් ලැබෙන්න යන්නෙ"

"
අදත් මගෝඩි වැඩක් කරාද"

"
මෙහෙම සීන් එකක් අපි කරා ටෙස්ට් කරන්න තමයි කලේ වැඩේ ලීක් වෙලා"

"
ඇයි වහෙ තොට ගෙදරින් දෙන බත් ටික කාලා නිකං ඉන්න බැරි නං ආමි එකට පළකෝ අඩුම ගානේ මැරැනොත් නම්බු පිටින් වළට හරි දායි"

"
බාප්පෙ මොනව හරි කරනවකො හැබැයි තාත්තා ගැහුව්වොත් නම් අම්මපා ආයෙමත් යනව කොහෙ හරි"

"
උඹටත් වාහෙ කසිප්පු දෙන්න වෙන එකෙක් නැතුවද ඊබටාටම දුන්නෙ"

බාප්පා ගෙදරට තාත්තා සූර් පිට

"
අද මද්දු අයියට අවුරැදු වගෙ මොකෝ අද වැනි වැනි"

"
අද මම අරැ මරණව ඕකා කරන්නෙම අළුගොත්තේරැ වැඩ. කසිප්පු පෙරලා බලපං මුගෙ බෙල්ල කපන්න එපැයි"

"
මද්දු අයියට පිස්සු නේ කසිප්පු පෙරලා නෑ පොලිසියෙන් එලවද්දි දාලා ගියපු කසිප්පු කෑන් එක මුං අරන් ඇවිත් ඊබටාට දීලා. අරන් එද්දිත් මට කිව්වා එකෙක් කසිප්පු කෑන් එකක් දාලා ගියා ඒක අපි කාට හරි දෙනව කියලා"

"
මම දැං ගිහින් ඊබටත් හම්බ වෙන්නම් කණ පලන්න එපැයි මෙහෙම බොරැ කියනවට. ලොකු එකා ආවොත් අද එහෙ ඉන්න කියන්න. මම රෑට කොළඹ යනව"

"
මගදි හම්බ උනොත් මං නවත්ත ගන්නම්"

හම්මෙ ඉතිං බාප්පට පිංසිද්ධ වෙන්න එදත් බේරැණා. ඊට පස්සෙ තවත් අත්හදා බැළිම් කරා ඒකත් පස්සෙ කියන්නම්.

කසිප්පු පෙරණවා කියන්නෙ බොහොම සංකීර්ණ ක්රියාවලියක් ඒක හින්දා උඹලා අත්හදා බැළිම්වලට යන්න එපා. කසිප්පු බැරල් පුපුරලා සෙට්ටපොච්චි වෙච්ච ඈයොයි මුළු ශරිරෙම පිච්චිලා ජීවිත කාලෙම විරෑපි වෙලා ඉන්න ඈයොයි ඇස් දෙකෙන්ම දැකලා තියෙනව

ඉතිං ඕං මයිනා කරපු එක පරික්ෂණයක් තව කිහිපයක් තියෙනව හෙමිහිට කියන්නම්.


9 comments:

  1. හෙක්.. අරුං ස්ප්‍රීට් එක කලවං කරන්නෙ නැතුවම ගැහුවද? බාප්ප නැත්තං බොලාගෙ කෑලිවත් හොයන්න හම්බවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අදත් බප්පට සළකන්නෙ දෙයියන්ට වගෙ තමා ඉතිං

      Delete
  2. උඹත් ඇවිල්ල මරු පොරක් නෙ මයිනෝ

    ReplyDelete
  3. වඩියක් පෙරන්න උපදෙස් ටිකක් දීපං
    උඹ ගෙදරින් පැනලා ගිය ඉතුරැටික කෝ?

    ReplyDelete
    Replies
    1. ගෙදරින් පැනලා ගිය සීන් එක පහු වෙලා දන්නම්

      Delete
  4. බාප්පා බුදු වේවා.

    ReplyDelete
    Replies
    1. බාප්පා මගෙම බාප්පා වී හැම භවයකදි ඉපදේවා

      Delete
  5. මයිනෝ ඔය හෙට අනිද්දා ඔය පැත්තේ ආවොත් වැඩියක් දාගන්න ඇහැකිද ? :-D

    ReplyDelete