Sunday 3 June 2018

මයිනාගෙ කථා... 10 කුකුළා

මයිනාගෙ  කථා....10 .... කුකුලා....

                           ගං කුකුළා,   ෆාම් කුකුළා වර්ග දෙකයි,  ආයෙමත් පොර කුකුළා,  කොච්චි  කුකුලා  තව  ඉන්නවා  නොවෑ  වළි කුකුලා  සහ  ගිණි කුකුලා. ගිණි කුකුළා හඬලද්දි නොවැ නයි බිත්තර කුණු වෙනවාය කියන්නෙ.     වළිකුකුලා   අපේ ජාතික පක්ෂිය කිව්වට දෙනියාය  සහ  සිංහරාජෙ  අවට  ඈයොන්ගෙ ජාතික ආහාරෙත්  වළිකුකුලා  තමයි.  දෙන්නෙක්  පැය  කිහිපයක්   රණ්ඩු  වෙනව  නම්  ඒ  ඇවිල්ලා  පොර කුකුලලු.      මනමාළ ගතිය  වැඩිපුර  ඇති පිරිමින්ටත් කුකුලා  කියනව  නේ. 

මයිනගෙ  ගම්පලාතේ  ඈයොන්ට  උපන්දා  පටන්  ලැබෙන මුහුදු  හුළඟෙ  බළපෑමද  මන්දා  කරන්නෙම අලුගොත්තෙරු වැඩ.    මම   කලිනුත්   කිව්වනේ   ගම් 5ක් ගැන  කළුපේ,   තොටගමුව,   සිනිගම,   වරැල්ලාන, මලවැන්න.    

මේ  ගම්වල  පටබැඳි   නමක් නැති  එකෙක්  හොයනව කියන්නෙ  කළුණික  හොයනවා  වගෙ  තමයි.  නරියා, හාවා,  අවතාරෙ,  පාමා,  මොණරා,  සිඹා,  පොළඟා,  බාලා, ගමා..........   මෙහෙම නම් කෝටියයි.

මේ නම්  හැදෙන්නත් හේතු  බූත  වුනු කරැණු  රාශියයි.

හාවා කියන්නෙ ලොකු කන්දෙකක් තියෙන හාදයෙක්.
සිඹා කියන්නෙ ස්ත්‍රි ලෝලියෙක්.   ඌ ට්‍රයි කරපු නැති කෑල්ලක් මුලු ගාළු දිස්ත්‍රික්කෙම නෑ.  කරුමේ කියන්නෙ මූ සදා තනිකඩයි. ලව් එකක් නම් හරි ගියෙ නෑ.
ගමා කියන්නෙ ගම් එක වගෙ ඇලිලා ඉන්න හොයන පොරක් කොතන ගියත්. කොහෙ හිටියත් ඌට කරට අතක් දාගෙන යන්න ඕනේ නැත්නම් හේත්තු වෙලා ඉන්න ඕනේ. 
මේ වගෙ නම් කෝටියක් අතරෙ සමහර නම් තාත්තගෙන් පුතාට ආපු ඒවා.   තාත්තා  "ගලා"  පුතා  "ගල් ටීක්"   වගෙ.

රැකියා හෝ වෙනත් කියපු කරපු කියපු දෑ නිසාත් නම් වැටුනු පුද්ගළයොත් ඉන්නවා.    හැම වෙලාවෙම තොප්පියක් පැළඳ සිටිම නිසා තොප්පියා කියන නම වැටුනු මාමා කෙනෙක් හිටියා.  මාමේ මූ මීමා තමයි.     දවසක් තොප්පියට   හික්කඩුවෙ   ටවුන්   එකේදි    තොප්පියෝ කියලා    අහගනිපු හරියක්.    සමහර ඈයොන්ට පටබැඳි නම් ඇහෙද්දි   99.99ට   කේන්ති එනවා නේ.    තැනක් නොතැනක්   නැතුව   ශුද්ද    සිංහළෙන්   ජාතිය   සහ ජාතකය   ඇමතීම   ඒ   අයගෙන්   ඉටුවෙන    ප්‍රධාන කාර්‍ය්යක්. 

කලුපේ  කියන  ගම් තුලානෙත්  එහෙම  මාමෙක්  හිටියා.
කුකුලා  කියල   තමයි  කිව්වෙ  උන්දැත්  තැනක්  නොතැනක්  නැතුව  අර නම  කියපු  එකාට  ඌගෙ  අම්මා තාත්තා  දෙන්නා  සහවස    වෙච්ච  තැන  ඉඳලා   වදාපු තැනට  වෙනකම්  සියළු  විස්තර  කියලා  දෙනව.

පැය  24 පුරාම  ගමේ  වල්ෆැන්ටා  පොට්වලින්   චාර්ජ්  වෙලා ඉන්න  උන්දැට  කුකුලෝ  කියපුවාම  ඉතිං  සරම  උස්සලා කුකුලා  පෙන්විම  සිද්ද  කලා.     අපේ  ගම්තුලානෙ උන්දැගෙ   නාකි  හම්පඩ  කුකුලා නොදැකපු කෙනෙක් නැති තරම්. 

ලොං  හැලිච්ච  කුකුලා  පෙන්වීම  නිසා  වැඩිපුරම අපහසුතාවයට  පත්  වුනෙ  ගෑණු  ළමයි.     හැන්දෑවෙ 5 - 5.30 - 6 වගෙ   වෙද්දි  ගමේ පාරවල්  වල  පංති  ගිහින්  එන කෙල්ලො  කොල්ලො  වැඩ  ඉවර  වෙලා  එන  අය  මේ අයගෙන්  ජනාකීර්ණ  වෙන  පාරෙ,  මේ වෙලාවට කුකුලා සෙට් උනා කියන්නෙ ඉතිං බඩුම තමා. 
මයිනත් එක්කම හිටපු නසරාණි හාදයෙක් හිටියා කුකුලා කොයි තැනක දැක්කත්    "කුකුලෝ"   කියලා කෑ ගහනවා. 

හික්කඩුවෙ ඉරිදා පොළ කියන්නෙ ඒ පලාතෙම මිනිස්සු හික්කඩුවට එන කළබලකාරි දවසක්.  සාමාන්‍යයෙන් ඉරිදා උදේ හික්කඩුවෙ වැල්ලට ගිහින් මූදේ නෑම පුරැද්දක් කරගෙන හිටපු මයිනා ඇතුළු නසරාණි රැළට ඉරිදා දවල් 11- 11.30 වගෙ වෙද්දි මූදේ නාලා පොළ මැද්දෙන් එද්දි කුකුලා සෙට් වුනා.
අනේ ඉතිං අර අපතයා අර දෙනෝ දහසක් ජනී ජනයා මැද "කුකුලෝ"  කියාපි. අනේ ඉතිං අපේ ග්‍රාමසේවා වසමේ එවුන් විරක් දැකලා හිටපු අර නාකි හම්පඩ කුකුලා එදා මුළු හික්කඩුව ප්‍රදේශිය ලේඛම් බළ ප්‍රදේශයේම එවුන් දැක්කා. 

අර අපතයා කොතන දැක්කත් අතට අහු වෙච්ච එකකින් දමා ගැසිමත් කුකුලගෙ පුරැද්දක්.     ඒ අපත යාළුවගෙ අම්මා   පොල්   සංවර්ධන   මණඩලේ   තමයි   රැකියාව කලේ.    හවසට   රුහුණු  දුම්රියෙන් ගෙදරට එන උන්දෑ පුතන්ඩියගෙ වැඩ වලින් 1%ක් වත් දන්නෙ නෑ.    
අනේ  ඉතිං  එක  කාළකණ්ණි  සැංදෑවක  කළුපේ ශක්ති සහ   තොටගමුවෙ  කණ්ඩායම  අතර  වොළිබෝල් තරඟයක්.
හවස  5  වගෙ  වෙලා  පාරෙ  යන  එන  අයත්  නැවතිලා තරඟය  නරඹනවා.     සූර් සූර් වෙලා කුකුළා එනවා.    අර අපත හාදයා තාප්පෙ උඩ ඉඳන් තරඟය නරඹනවා.      මූ සුපුරැදු  සද්දෙන්  කුකුලෝ  කියලා  තාප්පෙන් පැනලා හැංගුනා.  අනේ අර අපතයගෙ අම්මා වැඩ ඇරිලා පාරෙ එනවා හෑන්ඩ් බෑග් එකත් අරන් ආඩම්බර ලීලාවෙන්.  
කුකුලා දැක්කා අරූගෙ අම්මව. සරම ගත්තා කරට
"උඹෙ පුතා හැමදාම මගෙන් #%@ ඉල්ලනවා උඹට ගිහින් දෙන්න. ඉඳා අරන් පළයන්" කියලා.  
මේ  සටහන  ලියද්දිත්  මට  හිනා  එදා  අර  නැන්දට  කුකුලා අතින්  අල්ල  අල්ල  පෙන්නපු  ඉරියව්වට.     අර සෙනග කන්දරාව   මැද්දෙ   අතරමං   වුනු   ඒ   අම්මට   අර  කුකුලා කාම   සුත්‍ර   පොතම   කියලා   දුන්නා.  

පුතණ්ඩියගෙ   වැඩ හින්දා  අඬ  අඬා  ගෙදර  ආපු  උන්දෑ සාරියකින්  බෙල්ලෙ  වැල  දාගෙන.    අම්මා වැඩට ගිහින් කාමරෙට  ගියා  ආවෙ  නැතුවට  දුව  බලද්දි මෙන්න  බොල සාරියෙන් එල්ලිලා.   වටපිට     මිනිස්සු   ඇවිත්  ඒ  නැන්දා මරණයෙන්  මුදා   ගත්තා. 

අර  අපත  යාළුවට  ඌගෙ  නෑ  සනුහරෙ  නොගහපු එකෙක්  නෑ.     ලොකු   අම්මගෙ   පුත්තු   කියයි,    නැන්දගෙ   පුත්තු   කියයි,   පුංචිගෙ   දුව   කියයි.... එකිමෙකී සියල්ලන්ගෙ  ගුටිකෑමෙන්   අර අපතයා  පස්සෙ  දිවුරා   පොරොන්දු  කරව  ගත්තා  තවත්  මයිනා සහ   පිරිස   සමග   මිතුරු   සමාගම්   නොපවත්තන ලෙසට. 
ඒ  කාලේ   තරැණකමට  කරපු  වැඩ  ගැන  දැන්  තමයි  දුක හිතෙන්නෙ.   ඒත්   වැඩේ   කියන්නෙ   මට්ටු   වුනේ  නෑ නොවෑ.   මයිනා  ඇතුලු  පිරිස  ගම  අතහැර  රෑකියාවට සිදාදියට  ආපු  දවසක   එ ක නැන්ද   කෙනෙක්  කිරිබතුත් උයන් කෑවලු.     උන්දැට    කරපු   වැඩෙත්   පස්සෙ කියන්නම්කො. 

ඕං තවත්  කරපු   කාඩ   වැඩක් ලිව්වා.   එහෙනං   ඉතිං ගිහින්   එන්නම්......

7 comments:

  1. ඉලේට ඇන්නම අමතන දෙදෙනෙකුගේ සහ තම මවගේ් නමින් ඇමතු විට සුපිරි වදනින්/ක්‍රියාවෙන් සලකන අයෙකු පිලිබඳ අතදැකීම් ඇති බැවින් මෙහි ඇති ආතල් එක සිතා.ගත හැකිය..... අසීමාන්තිකව සිද්ධ වුණාම තමයි ඇඬෙන්නෙ හැබැයි....හෙහ්!

    ReplyDelete
    Replies
    1. මේ ආතල් හැමෝටම ගන්න බැ ඉතිං

      Delete
  2. මදෑ.. බෙල්ල වැල දාගත්ත හින්ද බේරුනා බැරි වෙලාවත් අර ගෑනු මනුස්සය කෝච්චියට බෙල්ල තිබ්බනං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මනුස්සයා ගෙදර ගිය නිස හොඳයි

      Delete
  3. අර පොලිස්කතාව දානවකො

    ReplyDelete
    Replies
    1. දැම්මා මල්ලි දැම්මා

      Delete
  4. ඈ බං මයිනෝ අරූව හම ගහපු එක හරිය කියමුකෝ ... ඉතිං බන් ඔය පිය පාර්ශවයෙන් එන ආභරණ කුට්ටම නොදැකපු එකක්යැ බෙල්ලෙ වැල දාගන්න තරම් ?

    ReplyDelete