මයිනාගෙ කථා....20 .... නාවළපිටියෙ නැන්දා
මයිනා සහ අපත නඩේ අපරාදේ පොත්වලට සල්ලි (අ.පො.ස) වියදම් කරලා සා.පෙ. ලියලා ඉවර වෙලා ට්‍රිප් එකක් යන්න සූදානම් උනා. සිරීපාදේ යන්න කෝච්චියෙන්. ට්‍රිප් එකට සෙට් වෙලා හිටපු එවුන් ගෙවල් වලින් හින්නි එකා සංදියෙ එක්ක ගිහින් කෝඩු කඩපු ඈයෝ. ගමන්මග හෝ ගමන ගැන නිසි අවබෝධයක් නෑ.
අනේ ඉතිං මේ විදියට ලත වෙද්දි එක අපතයෙක් කිව්වා අපේ නැන්දා ඉන්නෙ නාවළපිටියෙ, එහෙ ඉඳන් සිරීපාදෙට ඔහොම මෙහෙම කියලා. කට්ටියම ගිහින් එහෙ ඉඳලා සිරිපාදෙ යමු කියලා. දැං ඉතිං මොනවද එකෙන්ම පුල් හැපි.
නැන්දා අවුරුද්දකට සැරයක් ඇවිත් අරූව වඩාගෙන යන්න හදන්නෙ නැන්දගෙ ගෙදර. එහෙම ආවම ගමේ තියෙන සබ්බසකළමනාවම උන්දැට ගෙනත් දෙන්නෙ ඉතිං මයිනා සහ යාළු පිරිස. පොල් ගේනවා එකෙක්, දෙල් ගේනවා එකෙක්, ඉස්සො - දැල්ලො බළමාළු මයිනගෙ තාත්තට පිංසිද්ධ වෙන්න ලැබේනවා. අනේ ඉතිං අරුන්දෑ මයිනගෙ තාත්තාව ලෙව කන්නෙ නැතිටික විතරයි.
"අනේ අයියෙ එක දවසක එන්නකො අපෙත් ගමේ කියලා කවුරැ හරි එනවනං කොයිතරං කැමතිද".
උන්දැගෙ ඇවටිලි ළඟ හිත වෙඬරැ වගෙ දිය වෙලා යනව ඉතිං අනේද කියන්නෙ.
"මේ ළමයෙක්වත් එවන්න අයියෙ නෑකං දුරස් වෙන්ට දෙන්ට එපා... අපි නැති කාලෙක මේ ළමයිනුත් ඈත් වෙලාම යනව නොවෑ".
නැන්දා කියන විදියට නැන්දාගෙ වත්ත වටේම දූරියං ගස්ලු. වත්ත මැද මැංගුස් ගස්ළු. මුහුදු හුළඟයි කරිජ්ජ ලුණු වතුරයි එක්ක දිවි ගෙවන අපිට ඒ කතා මාරය. හැබැයි කිසිම දවසක නැන්දා ගෙනාපු දූරියං ගෙඩියක් නම් නැත. නැන්දා කියන්නෙ දැං අවාරේ බවයි. මැංගුස් කතාවත් එසේමය. ඒ වත්තෙ මැංගුස් ගෙඩියක් නම් යාළු අපතයාගෙ පැමිලි එකේ උන්වත් නොකෑ බව නම් ෂුවර්ය. අනේ ඉතිං හික්කඩුවෙ ටවුමේ මැංගුස් විකිණිමට තිබෙද්දි අර නැන්දාගෙ වත්තෙ මැංගුස් නැතිවිමටත් හේතුවකි. නැන්දා කියන්නෙ ඒ මැංගුස් කළුතර ඒවා බවයි. නවළපිටියෙ මැංගුස් වෙනත් වාරයක පල ගන්නා අතර එයට නියමිත මාසයක් වාරයක් නැත. නැන්දා දෙසැම්බර් අවත් අප්‍රයෙල් ආවත් අගොස්තුවෙ ආවත් නාවලපිටියට මැංගුස් ආවාරය බව නැන්දා කියයි.
අපේ ගම්වල කවුරු කවුරුත් එකිනෙකාට නෑකම් ඇති හින්දා අපේ මහ පරම්පරාවෙ ඈයෝ ඒ නෑ සබඳතා ගෞරවයෙන් රැක ගත් බව කිව යුතුමය. යාළු අපතයගෙ නැන්දා වුවත් අනිත් නසරාණින්ටත් ළඟ දුර නෑකම් තිබුනු නිසාත් ගෙවල් වල ඈයෝ සිරීපාදේ යන ඇයොන්ට පහසුකම් සලසා දුන්නේය. දන්න හඳුනන ඈයොන්ගෙ සන්ගලාස් ජැකට් බෑග් කුළියට ණයට සහ ආයාචනාත්මකව ඉල්ලා ගත් අතර සමහරුන්ගෙ ගෙවල් වල ඒවා තිබිම නිසාම අවුළක් වුයෙ නැත.
යාළු අපතයා ජිවිතකාලේම නැන්දාගෙ ගෙදර දෙපාරක් ගිහින් තිබුනු අතර අවසන් වරට ගිහින් තිබුනේ වසර දෙකකට පෙරයි.
සියල්ල සූදනම් වූ අතර මගවිදම් සඳහා ගෙවල් වල ඇයෝ මුදල් දුන්නෙ මුං මේ සල්ලි අරන් පැනලා යාවි කියන සිතුවිල්ලෙන් විය යුතුය. එක අපතයෙකුගෙ අප්පාට සල්ලි උතුරා ගලා ගිය නිසා ඌට රැපියල් 3000ක් දි තිබුනි. අනිත් හැළපයන්ට 750ක් හො 1000ක් දී තිබුනේ ඇඟෙන් ඇටයක් ගලවා දෙන තරම් අමාරැවෙනි. මයිනාගෙ අප්පා මෑණියන් වහන්සෙ ඉදිරිපිට රැපියල් 1000ක් දුන් අතර මෑණියන් සමන් දේවාළයට පඬුරැ දැමීමට රැපියල් 40ක කාසිද මයිනාගෙ අක්කලා රැපියල් 100ක්ද ආධාර වශයෙන් දුන්නෙ උඹ සිරිපාදෙම නැවතියං යන පරම චේතනාවෙන් විය හැක.
වත්ත පහළට ආපු අප්පුච්චා කාටත් හොර රහසේ රැපියල් 500ක් දුන්නෙ
"උඹලෑ අම්මගෙ ජහරනෙ එවුන් ෂුවර් නෑ කාටවත් පෙන්නන්නෙ නැතුව මේක හංගලා තියා ගනිං"
(අපත යාළුවාගෙ නැන්දා මයිනාගෙ මවු පාරෂවයෙ ඤාති බව කරැණාවෙන් සලකන්න)
"මගට බැස්සාම කියන්න බෑනේ, පොකැට් කාරයො ඉන්නවා ඒක නිසා සල්ලි වෙනම හංගලා තියා ගනිං"
සහ තවත් උපදෙස් සමග කීවේ මොන ප්‍රශණයක් උනත් අනිත් උන් මගහැරුනත් කොයි ඉස්ටේෂන් එකකින් හරි කොළඹ එන කොච්චියක නැග කොළඹට ඇවිත් එතන ඉඳන් ගෙදර එන්න පුළුවන් බවයි.
දවස් 2කට කලින් හික්කඩුවේ ඩිමාෂා එකේ දුරකථනයට පිං සිද්ධ වෙන්නට රැපියල් 60ක් ගෙවා නැන්දාට අපි එන බව දන්වා පස්වනක් ප්‍රිතියෙන් පිනා සතුටු වෙමින් ආ හැටි මතකය.
ගමනට නඩය 8 දෙනෙකි. මයිනා සමග ස.පෙ. ලියු අපතයන් තුනක්ද එවකට 10 වසරට සමත් වු එකෙක්ද උ.පෙ. ලියන එකෙක්ද, ආතක් පාතක් නැති අපිට වඩා වයසින් වැඩි සියළු වලත්ත කාඩ නසරාණි වැඩ සඳහා අපව පුරුදු පුහුණු කල එහෙත් ගමට සුද්දවන්ත වු අපේ ගුරුන් දෙපලක්ද තවත් අපේ වයසේම ගංපාළුවන් දෙදෙනෙක්ද විය.
නැන්දාගෙ ගෙදරට හිස් අතින් යා නොහැකි නිසාම මයිනාගෙ ගෙදරින් මාළු ඇඹුලක්ද තව එකෙකුගෙ ගෙදරින් පොල් ගෙඩි 10ක්ද වෙනත් එකෙක් සිනිසම්බල් බෝතලයක්ද නැන්දා දැඩි ආශාවක් දක්වන ජාඩි මුට්ටියක්ද ඇතුළු ලට්ටං ලොට්ටං ද. මුහුදු වෙරළ පුරා හක්කලන් කර සිප්පි කටු කවඩි හක්බෙල්ලොද නැන්දාගෙ පුතාට සහ දුවට සුදානම් කර ගත්තෙය. ලොරියක පමණ බඩුද උස්සා ගෙන පාන්දර 5ට හික්කඩුවෙන් සමුද්‍ර දේවියෙ නැගි කොළඹටත් ඉතිරි මග වෙනත් දුම්රියකින් නාවළපිටියටත් රාත්‍රිය නැන්දාගෙ නිවසෙ නැවති පසුදා සිරීපාදෙ යෑමටත් නැවත එන ගමනෙ නැන්දාගෙ නිවසෙ නැවති ගිමන් නිවා ගම රට බලා පැමිණිමටත් අදහස් කරන ලදි.
හික්කඩුව දුම්රිය ස්තානයෙ වැඩ කරන හිතවත් මාමා කෙනෙකුගෙ අනුග්‍රහයෙන් ලට්ට-පට්ට සමග ගාඩ් පෙට්ටියෙ නැගි කොළඹට පැමිණි අතර කොළඹින් ටිකට් ගෙන බදුළු දුම්රියෙ මහ පිරිස් සමග සටන් වැද එක දොරක් අත්පත් කර ගත්තෙ ඇඟපුරා තිබු ගමේ උණ දුම්රිය මගින්ට පෙන්විමෙන් පසුව බව කිව යුතුමය. කොටුව දුම්රිය ස්තානයෙන් පිටත් විමටත් පෙර සිට පටන් ගත් සිංදු කෑම මදකට හො නතර වුවා නම් ඒ යමක් කෑ අවස්ථාවක පමණි.
බිංගෙවල් අස්සෙන් කඳු නැග නැග කඳු බැස බැස යකඩ යකයි අපියි තරඟෙට හූ කිය කිය නාවලපිටියට ආවා. හට්ටි මුට්ටි පෙට්ටි බෝතල් බාස්කට් සහා පොල් ගෝණියත් අරන් ස්ටේෂන් එකේ ඉඳන් දැන් නැන්දාගෙ ගෙදර හොයන් යනවා වෙලාව හවස 5ට විතර ඇති. අපත යාළුවා නම් කිව්වෙ මේම මේම කොච්චි යන සද්දෙ ගෙදරට ඇහෙනව කියලා. අර පොල් ගෝණිය එකා එකා මාරැවෙන් මාරැවට අරන් කන්දකුත් බඩ ගාගෙන නැන්දගෙ ගෙදරට ආවා පැය එකහමාරකට විතර පස්සෙ.
හතරවටින් අඳුර ඇවිත් අප වට කොට මුකුළු කරයි. අනේද කියන්නෙ සුපෙම්වතුනි නැන්දාගෙ ගෙදර දොර වසා ඇත. මග දිගට පාන්දර ඉඳලා කාපු ඉස්සො වඩේ, පරිප්පු වඩේ මාළු පාන් සහ කජු කඩල දෝසි දැං මේ සියල්ල මිස් කෝල් ගහනවා. දොරට සහ සියළුම ජනේලයන්ට තඩි බෑවත් නැන්දා ගෙදර නැත . අමාරුවෙන්ම හිටපු ඈයො නැන්දලාගෙ වැසිකිළියට පැන බර සැහැල්ලු කර ගනිමින් සැනසුම් හෙළු අතර පස්ස හොදා ගත්තෙ අසල ගලා ගිය කුඩා දිය පහරින් බෝතල් පුරවා ගැනිමෙන් බව කරැණාවෙන් සලකන්න.
යන එනමං නැති අනාතයන් වි අහල පහල ගෙවල් වලින් විපරම් කරා. දවල් ඉඳලම එයාලා නෑ කියලා තමයි කිව්වෙ. සත් ගුණවත් අසල්වැසි නැන්දෙක් ඒ අකාරුණික හැන්දෑවෙ තේ කෝප්පයක් දීලා ඇහුව්වා දැන් මොකද කරන්නෙ කියලා.
"අනේ නැන්දෙ අපි දැන් යන්නං" කියලා ගෙනාපු පොල් ටිකත් මාළු දෙල් ඉස්සො එකත් ඒ නැන්දට දිලා ඒ ගෙදර හිටපු පොඩි එකාට ගෙනාපු සිප්පි කටු මල්ල දුන්නා. පොඩි එකාට හරි හැපි. මූ දැන් කියනවා
"අපේ ඉසකෝලෙන්ම මේවා තියෙන්නෙ චමත්ට විතරයි එයා අපට අල්ලන්වත් දෙන්නෙ නෑ" කියලා. චමත් කියන්නෙ අර නැන්දගෙ කොල්ලට. අපේ එක හාදයෙක් ඇහුව්වා
"චමත් ඔයාගෙ යාළුවද ඇයි එයා අද ගෙදර නැද්ද" පොඩි එකා කියපි
"අද කවුද වධකාරයො වගයක් එනවා කියලා එයාලා ගියා වෙන කොහෙදො".
කඩා වැටි හඬන හදින් ගිනියපු දේවල් වලින සිනී සම්බල් එකයි කැවිළි පාර්සලේකුයි විතරක් අරන් නැන්දෙ ඔයාලා මේවා ගන්න කියලා ඒවා දීලා ආයෙමත් ඉස්ටේෂමට ගෑටුවා.
මගදිගට අරූගෙ නැන්දාට කලයුතු සියළු දෑ නැන්දගෙ අම්මට කළයුතු සියළු දෑ සහ නැන්දගෙ දුවටත් කොරලා අර පොඩි කොල්ලා අහු උනොත් ඌගෙත් @# පලලා දැං වැඩ ගොඩයි.
කළුවරෙම ආවා ස්ටේෂන් එකට ස්ටේෂන් එකෙ වාඩි වෙලා ඉන්දැද්දි දහඩිය නිමිලා ගිහින් දැං සීතල දැනෙනවා. ගෙනාපු ජැකට් ස්විටර් ඇඳගෙන දැං ස්ටේසමේ. රෑ වෙද්දි ආපු බඩගින්නට එකෙක් ගිහින් පාං ගෙඩි හතරක් ගෙනත් නැන්දාට ගෙනා සීනි සම්බල් එක්ක වැළඳුව. නැගිටින්නෙ ඉඳ ගන්නෙ අරැගෙ නැන්දගෙ ගුණ වයන ගමන්.
ස්ටේෂමෙන් ඇහුව්වාම සිරිපාදෙ යන ස්පෙෂල් ට්‍රෙන් එකක් තියෙනවා ඒක එන්නෙ රෑ 12ට විතර අද නම් පරක්කුයි පාන්දර 2 -3 වගෙ වෙයි එද්දි කීවා දැන් ඉතින් හැටන් වලට ටිකට් අරන් උදේ 4ට විතර ආපු ට්‍රේන් එකේ හැටන් වලට ආවා . හැටන් වලට බැස්සාම සීතළ පිණි බිංදු බිංදු වද දෙමින් කරන වදයත් රෑ පුරා නිදි වරා ගෙවු ඒ අසුන්දර රැයත් පෙරදා දුම්රියෙ ගී ගයා බොල් හඬ නිකුත් වු උගුරත් සමග සිරීපාදය නැගිම එකෙකු විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එකා දෙන්නා වි දෙන්නා තුන් දෙනා වි සියල්ලොම සිරීපාදය නැගිම නවතා නැවත ගම බලා යායුතු බවට තීරණය කෙරිණි.
වීරයා සේ නැන්දාගෙ ගෙදරට අපිව රැගෙන ආ එකා හුළං බැහැපු බැලුමක්සෙ කට පුප වසා නිහඬවම සිටියෙ එය ඌගෙම සෞඛ්‍යට හොඳ බව දන්නා නිසාවෙනි. සෙනග පිරැණු දුම්රියක නැගි නැවත කොළඹට පැමිණ ගෙදරට ආ පසු අරූ නැන්දා කල අමන වැඩය තාත්තා සමග පවසා තිබුණි. අපේ අප්පොච්චා කිව්වෙ මම උඹට කිවේ ඒක තමයි මුලින්ම කියාය.
කාළය ගෙවෙමින් යද්දි අපත යාළුවා නැවත යතා තත්වයට පත්වි මිතුරු සමාගමේ නිසි තැන ලැබීය. මාස කිහිපයකට පසු අරූගෙ නාවලපිටියෙ නැන්දා ඇතුළු පිරිස නැවත ගම පැමිණ තිබුනි. අපේ අපතයන්ට නැන්දා දැකිම නයාට අඳුකොළ දැකිම හා සමාන වු අතර නැන්දාට පාඩමක් ඉගැන්විමෙ තදබළ අශාවක් අපටත් වඩා නැන්දාගෙ බෑණට හෙවත් අපේ මිත්‍රයාට තිබිම විශෙෂත්වයකි.
නැන්දාගෙ දෝණියන්දෑගෙ සමහර දෑ නලල්තලාවෙ පිහිටියාසෙ හැසිරැණු අතර එවා පඩයකට ගනං නොගැනිමට අපේ සෙවලයන්ට මුලින්ම අවවාද සහ අනතුරු අඟවා තිබිණි. එලෙසින්ම මිතුරු සමාගමේ සියළුම දෙමාපියන්ද දැනුවත් කර ගෙදර හතරමායිමෙ අවොත් ගනං නොගන්නා ලෙසටද අවවාද කර තැබිනි.
නැන්දාගෙ කොලුවා වෙරලේ සිප්පි කටු ඇහිදින්නට රැගෙන ගොස් ඌව මුහුදට තල්ලුකර දමා මුහුදු වතුර පොවා ඌට පනිස්මන්ට් දීමට 9 -10 වයස්කාණ්ඩයෙ පසුවු පොඩි ගැන්සියෙ හාදයො කටයුතු කර තිබිනි. නැන්දාගෙ දුව හික්කඩුව බීච් එකේ නෑමේ මුවාවෙන් රැගෙන විත් ඉතිරි දඬුවම් දීමටත් අපතයාගෙ අක්කා නංගි ඇතුළු පිරිස කටයුතු කර තිබිනි. උදේ කාලයෙ වතුර අඩුවෙන් පෙන්වන මුහුදෙ නැංගුරම්ලා ඇති බොට්ටුවකට නංගි නග්ගවා දහවල් 11 පමණ වන විට වතුර වැඩි වු පසු "අනේ නංගි ඔයාට පීනන්න බෑ නේද" කියා නංගි වෙරළට ගෙන එමේ කාර්යය අප නඩයට පවරන ලදි .
බොට්ටුවෙන් නංගි වතුරට පන්නවා දෙතුන් සැරයක් නංගි උඩ යට ආ ගිය පසු අනවශ්‍ය තැන්ද අල්ලා වෙරළට ගෙන එන ලදි. නැන්දා අර පුරුදු හිනාවෙන් මයිනාගෙ ගෙවල් දිහාවට යද්දි බාර් එකෙන් හීන් අඩියක් ගසා මදපවනෙ සිටි මයිනාගෙ තාත්තා පරම්පරා තොරතුරු සමග නැන්දාගෙ ජාතිය ඇමතිමෙන් සියල්ල අංජබජල් වී ගියේය. වෙනදා අතින් කටින් මළු උස්සාගෙන දුම්රියට නගින නැන්දා හිස් අතින්ම නැවත නාවළපිටි ගියේය.
ඉන්පසු වසර ගනනාවක් යනතුරු නැන්දා ගම ආවේ නැත. අරූගෙ ආච්චි මලදා ආවත් ඉතා ඉක්මණින්ම මාරුවූයේ අපේ වසවර්තින් ඒ සිදුවිම අමතක නොකර සිටි නිසාවෙනි.
ගිහින් එන්නම් එහෙනම්... ඊළඟ සිරිපාදේ සීසන් එක කට්ටියම යමුද නාවළපිටියෙ නැන්දලාගෙ දිහා.....

පුදුමයි සාමාන්්‍යයනේ ඔය ගම්වල අය ආගන්තුක සත්කාාාාාරට කප් ගහපුු අයනෙ.
ReplyDeleteඑක පාරක් අපේ යාලුවො ටික(වී.ටීී.ඒ) එක යාලුවෙක්ගගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා බදුල්ල අවට රස්තියාදු ගැසීම(ඒ දවස් වල රෝද දෙකේ රස්තියිදුව නෑ හොදේ)
ඉතින් යන දවසේ උදේට දවල්ට කන්න, යාලුවාගෙ ගෙදට්ට අවශ්‍ය කලමනා අරන් ගිහින් රෑ කෑම එහෙන් හදාගන්න පහුවදා එන ගමනේදීී වේල් ෙදෙකක් කෑම දවස් දෙකේම ෙබොන්න
ලෙස ඇස්තමේන්්තතු කරල මුදල් එකතු කරගත්තා
යන දවසේ අපේ එකෙක්ගෙ තාත්තතාගේ බිස්නනස් ස්ථථානයනේ බියර් කෙස් දෙකක් එවල තිබ්බා
රෑට කන්න කස්ටටි එක එක දේවවල් ගෙනත් තිබිබා රෑෑෑ බොන්න බියර් තිබ්බා(ඉතිරිත් උනා)
උදේ ෙකෝචියෙන් බහිද්දිම යාලුවා ඇවිත් හිටියා
උදේ කෑම ලෑෑෑෑෑෑස්ති කරල කීීව දවල්ටත් කෑම හදනව කීීව ගෙදරට කිසිම දෙයක් ගත්තොත් දොරනේ මෙහාට නොගන්නා බවත් කීීව.
දැන් එකතු කරපු සල්ලිි වලට මොකද කරන්නෙ/
තිබ්බ එකම විකල්පපය අරක්කු පමනයි සල්ලිි කියන ඒව ඉතිරි කරන්න හොදනෑ නොවැ මද්ද මුලු ගමන පුරාවටම පැය කිහිපයක් පමනක් හොද සිහියනේ සිටි බට මකත් කල යුතුය
පහුවචදා එද්දි මගට කන්න කෑම එකකුත් බැදල දුන්නා ඒ අම්ම අන්න එහෙම මිනිස්සු අතරෙ මෙහෙම අයත් ඉන්නව කීවම පුදුමයි
සමහාර ගැණු ඉන්නව මද්දා කපටී කෛරාටීක. අනික ඔය ගැනී ඒ මාමා අල්ල ගත්තෙ කපටිකමින්ලු, අපේ තාත්තා තමයි කිව්වෙ.
Deleteහැක්.. උඹලට තිබුනෙ බලහත්කාරයෙන්ම අරුන්දැගෙ ගෙදර නයිට ගහන්න.
ReplyDeleteනයිටක් නෙමෙයි,අර කැත කුස්සියෙ කරපු වැඩ එළියෙ කරල විනාස කරල එන්න තිවුණෙ....ඒ වගේ අයට එහෙම නොසැලකුවම තමයි හැමදාම ඒ විදියටම හැසිරෙන්නෙ!!!
Deleteඅඩෝ ඉස්සො කිලෝ දෙකතුනක් සෙට් කරපියකො..... 0:)
එකෙක් කිව්වා දොර කඩමු කියලා ඒත් ඒවා කරලා ගමේ මිනිස්සු ගැහුව්වා නම් එහෙම
Deleteකියපන් ඉස්සො ටිකක් සෙට් කරන්නම්.
Deletemaru
ReplyDeleteනෙදකින් මේ වගේ නෑදෑයෝ ඉන්නකොට හතුරො මොකටෙයි ?
ReplyDeleteමයිනා සිරීපාදෙ ගියා වගේ
ReplyDeleteඅළුත්ම ප්‍රස්ථා පිරුළ
Delete"මයිනා සිරීපාදෙ ගියා වගේ"
Delete