Sunday 5 August 2018

මයිනාගෙ කතා... 22 .... තොට යකා..


මයිනාගෙ කතා... (22) .... තොට යකා..

යක්කු, පෙරේතයො, භූතයො, කුම්භාණ්ඩයො..... ගෙවලයො අරැං මුං සහ උං. මෙවුන් ගැන සහ මන්ත් සාස්තරෙ ගැන අපිට උනන්දුවක් ඇති උනා. එහෙකුට වැළඳෙන ලෙඩේ අපේ අනිත් එවුන්ටත් වැළඳීම බොහොම සාමාන්යයි.

                                                             තොවිල් ගෙදරකට ගිහින් ආපු අපේ නසරාණි රැළට යක්කු  එක්ක  ගණුදෙනු   කරන්න  ආශාවක්  ඇති  වුනා.  මේ  ගැණ  කරැණු  කාරනා හොයමින්  උනන්දු  වෙමින්  ඉන්දැද්දි  අපේ  ගමේ  ගෙදරකට  පිටින්  ආපු  මැදි වයසෙ මාමා කෙනෙක්  අපිට  මුණ  ගැහුනා.    මාමාගෙ  අක්කගෙ  දුවෙක්  බැඳලා  හිටියෙ අපේ  අල්ලපු  ගමක්  ආමි  එකේ  කොල්ලෙක්.   මැදවච්චිය  දිහාවෙ  මාමෙක්  හැබැයි ඉතිං   පඩ   ෂෝ.





අර ආමි එකේ බුවා නිවාඩු ආපු දවසක ගෙදර පැත්තට ගියාම අර මාමා ඉතිං අපිත් එක්ක ටිකක් හිතවත් උනා. මාමා එක්ක ඉන්දැද්දි අපේ එකෙක් නිකං ආමි එකේ එකාට

"
උඹ ආයෙ කවදැයි යන්නෙ, අපි පොඩි වැඩකට යනව වරෙන්" කියලා කිව්වා.

ආමි බුවා අහාපු ප්රශ්ණ වලට ඉතිං අරෑ දීපු එකම උත්තරෙ තමයි

"
අපි ගොපල්ලා බලන්න යන්න ඉන්නෙ බදාදා රෑ වරෙං යනව නම්"

"
බෑ බං අඟහරැවාදා කෑම්ප් එකට යන්න ඕනේ"

ඔන්න ඉතිං අර පඩ මාමා පැන්නා මැද්දට.

"
මල්ලිලා මම දැකලා තියෙනව ගොපළු යකා"

"
නෑ ඔයා මාර එක්කෙනෙක් නේ"

"
මල්ලිලාට කියන්න මල්ලිලා දවසක් රෑ 1 මම එනවා වැව් බන්ට් එක දිගෙ මට පේනව ඈත කළු පාට ගුළියක් වගෙ"
"
ගැහුව්වා ටෝර්ච් එක පාර හරස් කරගෙන මහ එක්කෙනාම ඉන්නවා මල්ලි ගත්තා වැළි ටිකක් මතුරලා ගැහුව්වා, කොහෙද පැනලා දිව්වා මල්ලි"

පිටි පස්සෙන් ඉඳන් ආර්මි එකේ බුවා අතින් නයා පෙන්නනවා. ඕං ඉතිං මූ මීමා අරින්නෙ නයි කියන එක අපි දැන ගත්තා.

"
ඉතිං අයියෙ බය හිතුනෙ නැද්ද"

"
මොන බයද මල්ලි මගෙ මන්තර වලට ඔය කොයි යකත් බයයි"

"
එතකොට අයියෙ ගොපල්ලා දැක්කා කිව්වෙ"

"
ඔව් මල්ලිලා"
"
ඕං දවසක මම රෑ එද්දි වැව්පිටියෙ හරක් ළගින තැන කවුද ඉන්නව වගෙ රෑ 12 විතර වෙලාව"

"
ඉතිං"

"
මල්ලි ගොපල්ලා වැස්සිගෙන් කිරි දොවනව මල්ලි වාඩි වෙලා. වාඩි වෙලා ඉන්න තැන කඹ කෑල්ලයි කෙවිටයි, මම ටෝච් එක නිවල    දෙවනි සැරෙ ගහද්දි බඩු නෑ"



"
ඔයා නම් මාර එක්කෙනා තමයි. එහෙනං යමුද අපිත් එක්ක බදාදා"

"
යමු යමු මමත් එන්නම්"

බදාදා කියන කෙම්මුර දවසෙ රෑ ගොපළු යකා බලන්න යන්න ස්ථිර කරගෙන පිරිස පිටත් වෙද්දි ආමි බුවා අපිත් එක්කම ආවා.

"
මයිනා මල්ලි මට ලොකු උදව්වක් කරපං" ආමි බුවා කියාපි.

"
මොකො සුද්දයියෙ කියනවකො"

"
අන්න අර ගස් #යා එළවලා දීපං බං පිංසිද්ධ වෙනව"
"
බලපං මේ @රියා ලිඳ ළඟට ගෑණියෙක් ආපු  හැටියෙ වතුර ඇදලා දෙන්න යනවා"
"
වත්තෙ වැටෙන පොල් ගෙඩිය එහා පැත්තෙ ගෙදර ගෑණිට විසි කරනව"

"
අඩෝ කොහොම හරි මේ සෙවළයව එළවලා දීපල්ලා" "බලහං මූ බෝට්ටු මුදලාළි කෙනෙකුගෙන් සල්ලිත් අරන් මාළු අහුවෙන්න ගුරැකං කරලා දෙන්නං කියලා" "මූ හින්දා මට ගමේ ඉන්නත් නැති වෙනව බං"

"
ඇත්තටම බං මූ ගුරැකං දන්නවද"

"
එහෙං මෙහෙං දන්නව තෙල් මතුරන්න නූලක් බඳින්න වශි ගුරැකං කරන්න වගෙ ඒවා. මූ කරන්නෙත් බොරැව බං ගමේ ඉන්න බැරැව තමයි මූ මෙහෙ ඇවිත් ඉන්නෙ"

අනේ අරැගෙ දුක්මුසු කතාව අහලා ඉතිං බොක්කෙන්ම උදව් කරනව කියන පරම චේතනාවෙන් කට්ටියම ගෙදර ගියා. එදා ආමි බුවාගෙ ගෙදරට අපිත් එක්ක නොගිය අපතයො අතරෙ තඩියත් හිටියා.

එදා පටන් ඉතිරි දින කිහිපය තඩියා නිවාස අඩස්සියට පත් කරා. සැරින් සැරෙ කට්ටිය ගිහින් පඩ මාමා සමග යාළු හිතවත්කම් වැඩි දියුණු කර ගත්තා. එළඹෙන බදාදා දවසෙ ගොපළු යකා බලන්න යන්න සියළුම දෙනා සැදි පැහැදි ඉන්නව.

නියමිත බදාදා රෑ 9 විතර අපේ එවුන් 6 දෙනෙක්  ගියා  පඩ මාමා කැඳවාගෙන එන්න. මාමා   දැං කයිවාරැව දැම්මට මොකද එන්න සූදානමක් නෑ. මාමගෙ ආදරණීය ලේලි හෙවත් අපේ ආමි බුවාගෙ බිරින්ඳෑ මාමා වෙනුවෙන් තව තව දිරිදීම් කරලා, මාමාගෙ වීර ක්රියාවන් මතක් කරලා දීලා අර පඩ මාමා  අපිත් එක්ක එව්වා. අනේ ඉතිං ගෙදරින් පිට වෙලා ඇවිත් තුංමං හන්දියක් තියෙනව එතන වහපු සමූපකාරෙට වෙලා මාමත් ළඟින් ඉන්දගෙන හොල්මන් කතා මොහීණි, බෝදිළිමා, ඔඩ්ඩි යකා, රීරී යකා ඇතුළු සියළු යකුන් ගැන කතා. අර මාමා මීක් නෑ බෙල්ලෙ දාපු සුරයක් තියෙනවා ඒක අල්ලගෙන මුමුණනවා.

ගොපළු යකා බලන්න යන්න යොදා ගත්ත තැන තමයි ගමේ පිට්ටනිය. හැබැයි එතන වැඩිපුරම සෙල්ලංකරෙ වොළිබෝල්, රෑ 8 - 9 වෙද්දි ගමේ ඉන්න හරක් ගාල් වෙන්නෙ ඔතනට. ඔය හරක් අස්සේ හරක් හතර පස් දෙනෙක් හිටියා පොඩි රත්තයියා කියලා කියන්නෙ එයාලගෙ. එයාලගෙ ගේ තියෙන්නෙත් එතනම පාරෙන් එහා පැත්තෙ. හරක් අපිට හරි හීළැයි එදා අපි කරන්න යන වැඩේ ගැනත් පොඩි රත්තයියා දැනුවත් කරලා තිබුනෙ. මොකද එයාට කියලා ගෙදර හතරවටෙ ලයිට් ඕෆ් කරවලා තියන්න ඕන නිසා.

ඕං ඉතිං රෑ 12 උනා ඔය වොළි බෝල් කෝඩ් එකට එහා පැත්තෙ සිමෙන්තියෙන් බැඳපු සොහොන් දෙකක් තියෙනව. කට්ටියම ඉතිං අර සොහොන් දෙකට එහා පැත්තෙ තැන් තැන් වල හැංගිලා ගොපළු යකා එනකං බලන් ඉන්නව.

ලා සඳ එළියයි එන මද සුළඟයි ලයි ලයි ලයි  සිසිළයි........ කියාගෙන ගොපළු යකා ආපි. ඕං ඉතිං අතේ තිබුනු කෙවිටයි, කඹ කෑල්ලයි  පැත්තකින් තියලා මුට්ටිය අරන් ගොපල්ලා වාඩි උනා. ටිකකින් හරක් ටික කළබල උනා ගොපළු යකා පොල්ලත් උස්සන් අපි ඉන්න පැත්තට. හිටපු ඈයො පැනලා දිව්වා. පඩ මාමා පළවෙනි පාර සරම පැටලිලා බිම, සරම දාලා ට්රන්ක් එක පිටින් මාමා වැටකුත් කඩන් දිව්වා. ගොපළු යකාටයි අපිටයි ඉතිං පට්ට හිනා වැඩේට. ගොපළු යකා වෙන කවුරැත් නොවෙයි අපේම අපත තඩියමයි. ට්රන්ක් එක පිටිං ගෙදර දුවපු මාමා පහුවදාම   ගමෙන් මාරැ.

මෙන්න මෙහෙම යක්කු කතා අස්සෙ කෙනෙක් කිව් කතාවක් තමයි නාන හො රෙදි හොදන තොටුපළකින් රෑ 12 ගලක් ගෙනත් දවස් 7ක් එක දිගටම  ගෙදරකට​  ගැහුව්වොත් ගෙදරට ඊට පස්සෙ දිගටම රෑට ගල් ගහනවලු. හැබැයි මේ වැඩේ කරන්න ඕනේ හෙළුවෙන් ගිහින්ලු. දැං අපතයන්ට මේක ටෙස් කරන්නම උවමනාව. අපේ ගමේ එක කෙළවරක තියෙනව රෙදි හොදන මිනිස්සු ඉන්න හරියක්. එතනින් ගලන ඇළ පාරක තමයි මිනිස්සු රෙදි හොදන්නෙ. එතනින් ගලක් ගෙනත් ගෙදරකට ගහන්න එකෙක් බාර ගත්තා. ඉතිං යකෙකුටවත් බය නැති  යකාගෙ පොරක්.

මූ සරමකුත් ඇඳන් රෑ ඇවිත් තොටුපළ ලඟදි සරම ගලවලා අතට අරන් උණඩි කරලා කිහිල්ලෙ ගහ ගන්නව. කතා නොකරම ගලක් අරන් ගෙදරක් තියෙනව ගෙදරට ගල ගහනවා. දවස් 4ක් වැඩේ කලා අපි තව අපතයො කිහිප දෙනෙක් මූට මීටර් සීයක් විතර ඈතින් ඉන්නව, මූට අවුළක් උනොත් කියලා.



5
වෙනි දවසෙ ගල ගේන්න ගියපු එකා කුණුහරැප වක්කර වක්කර එනව.

"
මොකද බං"

"
අර #ත්තා එක්ක බෑ බං"

"
කවුද"

"@
රි තඩියා බං"

"
කෝ"

"
රදා තොටේ ඉදං මට ගලක් අරන් දුන්නෙ, ඌට #කා ගන්න කියලා ආවා බං"

"
තඩියා ආවේ නෑ බං"

"
අර මම ගල් ගේන තැන හිටියෙ %කයා, බාව වන වන අමු නිර්වස්තරෙන් අපරාදේ දවස් ගානක් කට්ට කෑවේ"

"
ඌට #කා ගන්න කියලා යමල්ලා බං"


පහුව දා උදේ තඩියලගෙ ගෙදරට ගියා.

"
මොකද්ද වහෙ තෝ කරෙ"

"
ඇයි බං"

"
තෝ ඊයෙ රෑ රදා තොටට ගිහින් හිටියෙ %කටද"

"
අඩෝ මම ගියෙ නෑ බං"

"
අනේ පළයං වහෙ බොරැ නොකිය"

"
අම්මපා ගියෙ නෑ"

ඇත්තටම තඩියා ගිහින් තිබුනේ නෑ, ඒත් අපිට මාරම ප්රශ්ණයක් අදටත් කවුද එහෙම කරෙ. කවුද එතන හිටියෙ, හොල්මනක්ද? නැත්නම් අපේ එකා බය කරන්න වෙන කවුරැ හරිද?.


4 comments: