මයිනාගෙ කතා ....35.... ඇට්ටර පොඩි එකා.....
ඉස්සර කතාවක් ආහලා තිබුනා අන්දරෙගෙ. දවසක් අන්දරෙ ගමනක් යද්දි වැටක කඩුල්ලක් උඩින් පැනලා යන තැනක් තියෙනවලු. හැබැයි ඉතිං අන්දරෙට එතනින් යන්න විදියක් නෑ මැරෑටි පොඩි නගරං කොල්ලෙක් කඩුල්ල උඩ වාඩි වෙලා ඉන්නවලු. අන්දරෙ එතනින් යන්න හැදුවම අර නගරං කොල්ලා කිව්වලු "පලයං මගෙ කකුල් 2ක යටින්" කියලා. අනේ ඉතිං අන්දරෙ මොකද කරෙ අතේ තිබුනු රිදී කාසියක් අර කොල්ලගෙ අතට දීලා යන්න ගියාළු. කොල්ලා තවත් ටිකක් ආඩම්බර වෙලා එතනින් ගියපු හැඩි දැඩි රාජ පුරැෂයෙකුටත් කිව්වලු "පල මගෙ කකුල් දෙක යටින්" කියලා. රාජපුරැෂයා දුන්නලු කනේ වංගු කෙලින් වෙන්න කොල්ලට ආයෙමත් පඩත්තර වැඩ නොකරන්න. පළවෙනි එක අන්දරෙ නිය්‍යාය, දෙවනි එක රාජපුරැෂ නිය්‍යාය. මයිනගෙ ළඟ තියෙන්නෙ දෙවනි නිය්‍යාය බොහො අවස්ථාවලදි ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක උනා.
සමහර ගම්වල ඉන්නවනෙ මැරෑටි පොඩි කොල්ලො. එවුන් යංතං වයස අවුරැදු 10ක් 11ක් වෙද්දි රියල් මදාවිකාරයො වෙනවා. රටේ ලෝකෙ මහ මිනිස්සුත් නොදන්න කුණු හරැප දන්න එහෙම එකෙක් හිටියා මයිනගෙ ගම කිට්ටුව ගමක. ස්කෝලේ පිට්ටනිය කෙළවරක තමයි ගෙදර තිබුනේ. ඌ මහ නරැම කොල්ලෙක් තාත්තා කලේ කසිප්පු වෙළඳාම අම්මා කලේ බොන්න එන එවුන්ට බයිට් සෑදිම. හැබැයි අර ඇටකිච්චා මොන වරදක් කරත් අරැට කවුරැ හරි මොනවම හරි දඬුවමක් දුන්නොත් ඌගෙ අම්මයි තාත්තයි රෙදි කරෙ තියන් ඇවිත් රංඩු වෙනවා. ඇත්තටම මේක මහ වදයක් වෙලා තිබුනේ ගමේ එවුන්ටයි ඒ ගේ ඉස්සරහ රේල් පාරෙන් යන එන මිනිස්සුන්ටයි.
හැම වෙලාවෙම කසිප්පු බොන්න ආපු කාළකණ්ණි එතන ඉන්න නිසා රංඩුවට ආපු එවුන්ටත් ලේසියෙන් බේරෙන්න බෑ. හික්කඩුව ටවුන් එකෙ ඉඳන් පංති ගිහින් එන ගෑණු ළමයි එහෙම රේල් පාර දිගෙ ඇවිත් තමයි ගෙවල් වලට යන්නෙ. මෙතනින් යන ළමයින්ට මූ ගල් ගහනවා, මඩ වතුර ගහනවා. එක දවසක ගෑණු ළමයෙකුගෙ ගවුම උස්සලා අර කසිප්පුකාරයො බලන් ඉන්දැද්දි. අන්තිමට පොලිසිත් ගිහිල්ලයි ඒ රංඩුව ඉවර උනේ. දැං ඉතිං පංති යන එන ළමයි රේල් පාර දිගෙ එන්නෙ නැතුව ගාළු පාර දිගෙම යනවා එනවා. මුහුදු හුළං සැරට කුඩයක් ඉහලගෙන යන්නත් බෑ. ගවුමක් සායක් ඇඳන් යද්දි අතින් අල්ලන් යන්න ඕනෙ ඒක හුළඟට යන නිසා.
හවසට හවසට ස්කෝලෙ පිට්ටනියට ගිහින් සමහර දවසට මයිනයි අපත රැලයි ක්‍රිකට් ගහනවා. අර ඇට්ටර කොල්ලගෙ ගෙදරට අනිත් පැත්තෙ දිගටම තියෙන්නෙ බක්මී ගස් පේළියක්. බක්මී මල් පිපෙන කාලෙට ඒ ගස්වල මී වද බඳිනව. හවස් යාමේ ක්‍රිකට් සෙල්ලම නැගලා යනවා. ඒත් ඉතිං අර ඇට්ටර කොල්ලා උගෙ ගෙවල් පැත්තට බෝලයක් ගියා නම් අරන් දුවනව. ඒක ඉල්ලන්න ගියාම මුගෙ අම්මා රංඩු වෙලා පිහියක් අරන් බෝලේ පැළුවා. හැමදාම මේ ගෑණි එක්ක රංඩු වෙන්න බැරි නිසා සටම්ප් හිටවන පැත්ත වෙනස් කරා. දකුණත් හුරැ එවුන් වැඩි හින්දා බවුන්ඩ්‍රි වදින්නෙ අර බක්මී ගස් තිබුණු පැත්තට. මෙන්න බොළ මේ නසරාණි පැටියා අර බකමී ගස් අස්සෙ ඉඳලා බෝලෙත් අරන් දුවන්න පටන් ගත්තා. ඩන්ලොප් ටෙනිස් බෝලේ ගෙනැල්ලා ඒකේ මයිල් රේසරේකින් ගාලා හොඳට තම්බලා අරන් තමයි ක්‍රිකට් ගාහන්න ගන්නෙ. හැමෝම රැපියල් 5 -10 එකතු කරලා ගන්න බෝලේ ආයෙමත් අර ගෑණි පැළුවා. එදා නම් කොල්ලො හැමෝම අරැන් එක්ක වලිය දාගෙන කට කියවන්න ආපු කසිප්පුකාරයො දෙන්නෙකුට දුන්නා ස්ටම්ප් වලිනුයි බැට් වලිනුයි. මේ වලිය අස්සෙ මයිනාගෙ දෑසට දර්ශණය වෙනවා ලොකූ මී වදයක් බැඳලා බක් මී ගහාක. හම්මෙ මයිනට දැනුනු ප්‍රිතිය. වරෙල්ලා දැං යමව් කියලා හැමෝම ඇදගෙන මයිනා ආවා. හැම එකාම හෙට අනිවාර්යෙන්ම වරෙල්ලා ක්‍රිකට් ගහන්න කියලා නීතියකුත් දැම්මා.
ඊළඟ දවසෙ කට්ටියටම කිව්වා උඹලා ගිහින් ක්‍රිකට් ගහපල්ලා අපි දෙන්නා බක්මී ගස් අස්සෙ ඉන්නව පුලුවන් තරම් ඒ පැත්තට බෝලේ එවපල්ලා කියලා. මයිනයි තව සනා කියලා එකෙකුයි බක්මී ගස් අස්සෙ තිබුනු වල්බෙලි ගහකට නැගලා මී වදෙ දිහා බලාගෙන ඉන්නව. පිට්ටනියෙ ඉන්න එවුං හිතා මතාම බෝලේ එවනවා බක්මී ගස් පැත්තට. සනා කියන මයිනගෙ අපත යාළුවට හොඳට ගල් ගහන්න පුලුවන් ඒක තමයි ඌට තිබුනු හැකියාව. මෙන්න අර ඇට්ටර කොල්ලා හොරෙන් හොරෙන් ඇවිත් මී වදේ තිබුනු හරියෙන් ළඳු කැළෑවෙ හැංගුනා.
ආයේ පරක්කු වෙන්නෙ මක්කටැයි වල් බෙලි ගහෙන් පැන්නා බිමට. එතනම තිබුනු පොල්ලකින් මයිනා දුන්නා මී වදෙට අනිත් එකත් ඇරියා ගලක්. අපරාදේ කියන්න බෑ ඉලක්ක දෙකම අති සාර්ථකයි. අර තඩි මී වදෙන් බාගයක් කඩන් වැටුනා ඇට්ටර කොල්ලගෙ පිටි පස්සට. මයිනයි අපත යාළුවයි පැනලා දිව්වා. කොහොමද සැප අරැට වටකරගෙන මී මැස්සො අනින්න පටන් අරන්. අන්තිමෙ කොල්ලට සිහිය නැති වෙලා වහානෙකින් තමා ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියෙන්නෙ. මූ අපි දෙන්නගෙ මූණු දැකපු නැති නිසා වැඩේ අවුල් උනේ නෑ. දවස් 5ක් 6ක් හොස්පිටල් ඉඳලා මූ ආවා අර මරැමුස් ගති බාගයක් විතර අඩු වෙලා.
දැං මූගෙන් වැඩියෙ කරදරයක් එහෙම නෑ ඒත් මුගෙ වයසෙ පොඩි එවුන්ට ගහනවා. පැන්සල් පෑන් බලෙන් අරන් යනව මූට මොනව හරි කිව්වොත් තාත්තා ඇවිත් ගුරැවරැන්ටත් වලිය දානව. ඒක සර් කෙනෙකුට මුගෙ තාත්තා ගහන්න ඇවිත් ඒ සර් ඉතිං හරිම දුකෙන් කිව්වා මයිනගෙ සෙට් එකට විස්තරෙ. දැං ආයෙමත් ඇට්ටර කොල්ලට පනිෂ්මන්ට් එකක් දෙන්න ට්‍රයි එක. එක කාලයක් දිගට හරහාට වහිනවා. කැලෑවල තියෙන ඇල පාරවල් වතුර වලවල් එහෙම පිරිලා. රේල් පාර දිගට කපපු කාණු වල ගලාගෙන එන වතුර පාරෙ එක එක මාළු එනවා. ඇට්ටර කොල්ලා රේල් පාර යටින් වතුර බහින්න දාපු බෝකකුවක් අස්සෙ මාළු අල්ලනවා තව පොඩි එවුන් වගයක් එක්ක. මූ බොක්කුව අස්සට රිංගලා අනිත් එවුන් එලියෙ.
අළුතින් රේල් පාරෙ ලී සිල්පර අයින් කරලා කොන්ක්‍රිට් සිල්පර දාන්න, තැන් තැන්වල කොන්ක්‍රිට් සිල්පර ගොඩවල් දාලා. අර කොල්ලා බැහැපු බෝක්කුවෙ එක පැත්තක ගලවපු ලී සිල්පර දාලා ඒ පැත්ත වැහිලා. ඒ පැත්තෙන් වතුර බැහැලා යනවා එත් පුසෙක් වගෙ සතෙකුට ඇරෙන්න වෙන එහෙකුට ඒ පැත්තෙන් එළියට එන්න බෑ. අනිත් පැත්තෙ අළුත් කොන්ක්‍රිට් සිල්පර දාලා. ඒ පැත්තෙ බෝක්කු කට හරස් වෙන්න එක සිල්පරයක් වැටිලා.. ඒක අස්සෙන් තමයි මූ බෝක්කුව අස්සට රිංගන්නෙ. එතනට තව සිලපර දෙක තුනක් දැම්මා නම් අරැ ඇතුලේ හිර වෙනවා.
මයිනා සහ අපත රැල සීනිගම ඉදන් මද වැස්සෙ තෙමි තෙමි රේල් පාර දිගෙ එනවා. දැක්කා සීන් එක අර ඇට්ටර කොල්ලගෙ. "තොපි වැස්ස වෙලාවෙ මැරෙන්නද හදන්නෙ දිවපියව් ගෙවල් වලට" කිව්වාම අනිත් පොඩි එවුන් දිව්වා. අරැ "අඩෝ %#@ බල්ලො අම්මට &%#@" කියලා බැනපි. ටිකක් දුර ආවා අරැ ආයෙමත් රිංගුවා බෝක්කු කට අස්සට. රේල් පාර හරහා දාන්නෙ හතරස් හැඩයෙ තරමක් ලොකු බොක්කුවක් දැකලා ඇති නේ. හැරිලා දිව්වා අරැගෙ බෝක්කුව ළඟට උඩ තිබුනු කොන්ක්‍රිට් සිල්පර 4ක් තල්ලු කරා බෝක්කුව වැහෙන විදියට. මයිනා සහ අපතයො ගියා "තෝ මැරිය බෝක්කුව අස්සෙම" කියලා. වැඩේ වෙද්දි දවල් 11.30ට විතර මහ වැස්සකුත් වැස්සා 2ට 2.30ට විතර මතක් උනා අරැ බොක්කුවෙ නේද කියලා ඒ වෙද්දි කට්ටියම ගෙවල් වල ගිහින් නාලා කාලා ෂපාන් එකේ. සෙට් එකම ආයෙමත් වැස්සෙම දුවගෙන ආවා අර රේල් පාරෙ බොක්කුව ළඟට. අයෙමත් අර සිල්පර ටික අයින් කරද්දි කොල්ලා ඉන්නවා බය වෙලා සුදුමැළි ගැහිලා සීතලට වෙවුල වෙවුල. මූ බෝක්කුව අස්සෙ ඉන්දැද්දි උඩින් කෝච්චි ගිහින් මූ ඒකටත් බය වෙලා. එළියට ඇදලා අරන් දුවපිය ගෙදර කිව්වා මූට දුවන්න පණ නෑ . තව පැයක් විතර උනා නම් මූ මේක අස්සෙම මැරෙණවා ෂුවර් එකටම. මූට යන්න ඇරලා පස්සෙන් ඇවිත් ඈතට වෙලා බලන් හිටියා මූ ගෙදරට යනකම්.
ඒත් හිතට බයයි මූ මරැනොත් කියලා. උංගෙ තාත්තා ගහන්න ආපු සර්ව හොයාගෙන එහෙට ගියා. සර්ට කිව්වා උනු සිද්දිය සර් කිව්වා "කලබල නැතුව ඉන්වලා" කියලා. අපි පුට් සයිකල් වලින් එද්දි සර් අපිට කලින් මෝටර් බයික් එකෙන් අර කොළුවගෙ ගෙදරට ගිහින්. අරැගෙ තාත්ගෙන් කසිප්පු බාගයක් ඉල්ලලා ඒ ගමන් ළමයා ගැන ආහාලා. ළමයා ඉන්නවලු එතකොටත් වෙවුල වෙවුල රෙද්දකුත් පොරවගෙන. "ලමයා මොකට හරි බය වෙලා කතාවක් බහාක් නෑ සර්" කියලා අරැගෙ තාත්තා කියලා. සර් ඉතිං ළමයව බලලා කියලා. මේකට සීතලක් හැදිලා තියෙන්නෙ ගිණි මැළයක් ගහාලා ගිණි තප්පවන්න කියලා. කොකටත් ගිහින් බෙහෙත් ටිකකුත් ගේන්න කියලා. සර් ඇවිත් අපිට බැන්නා යකෝ අරෑ මැරැණා නම් තොපිට ලගින්න වෙන්නෙ හිරෙ තමයි කියලා. දවස් 5ක 6ක උණ සන්නිපාතෙකින් පස්සෙ අරෑ එළියෙ ඉන්නවා දැක්කම තමයි හිතට සැනසීමක් දැනුනෙ. හැබැයි එදා බය උනු බයවිල්ලට මයිනට රෑ උණ හැදිලා. උණ විකාරෙන් කියවලා තියෙන්නෙ මම අර පොඩි එකාව මැරැවා දැං පොලිසියෙන් එයි කියලා තමා. ගෙදර මිනිස්සු බයෙ ඉඳලා ඇත්තටම මොනව හරි ජල්තර වැඩක් කරලා තමයි කියලා.
ඊට පස්සෙ අර කොළුවා නම් කාටවත් කරදරයක් කරලා තිබුනේ නෑ. ඒත් 2004 සුනාමියට ඒ පවුලෙම ඈයො මුහුදු ජල කඳට යට වෙලා ගිහින් තිබුනා. හිතාමතා නොකරත් එදා ඒ පොඩි එකා මැරැණා නම් කියන පසුතැවිම බොහො කාලයක් මයිනගෙ හිතේ හොල්මන් කලා.......
....මයිනා....
ඇට්ටරයට දීපු පනිෂ්මන්ට් වලට දැනුනු සංතෝසෙ අන්තිම ඡේදෙ කියෙව්වම නැතිවෙලා ගියා මයිනෝ...
ReplyDeleteමම මාර විදිය කාලයක්ම ඔය පසුතැවීම වින් දා
Delete