මයිනාගෙ කතා ..38 .. පෙම් සුව සහ පොළිසිය
"පෙම් සුව විඳනු වගෙ ප්‍රීතියක් ඇත්තෙ නෑ" ජෝතිපාළ මහත්තයා ඔහොම කිව්වට පෙම්සුව විඳින දෙස බළං ඉන්න සමහර ඈයොන්ට හෙණ ජෙලස් එකක් තියෙන්නෙ. ඒ අතරිනුත් පොළිසියෙ අයියලට තියෙන්නෙ වෙනම අමාරුවක් සහ ඇම්මක්. ලංකාවේ විවිධ ප්‍රදේශවල නගර මධ්‍යයෙ තියෙනව නෙව අනේක විද උද්‍යාන. ගාල්ල දර්මපාල, කොළඹ විහාර මහ දේවි, ගම්පහ, පේරාදෙනිය වගෙ ඒවා වඩා ප්‍රසිද්ධයි. ඒ අතරිනුත් කොළඹ විහර මහ දේවි පාර්ක එකේ එක කොටසක් තියෙනව පෙම්වතුන්ටම වෙන් උනු ලව් පාර්ක් කියලා කියන්නෙ. පාර්ක් එකේ උදේ ගේට්ටු ඇරපු වෙලේ ඉඳලා හවස 3 වෙනකම් තනිකඩ පොරවල් හො පාසල් ළමුන් හො ඒ පැත්තට යෑම තහනම්.
මයිනා සහ කුක්කුඩෝල් ප්‍රේම වෘතාන්තය සැරටම ලියැවෙන කාලේ තහාංචි බාධක ඇනුම් බැණුම් රැවුම් ගෙරවුම් මැද්දෙ කොහොම කොහොම හරි දෙන්නා ඉතිං තැන් තැන්වල සෙට් වෙනව. කුක්කුඩෝල් උසස් පෙළට ගාල්ලෙ යන්න ගත්තට පස්සෙ ටිකක් මුණ ගැසිමේ නිදහස තිබුනට දෙපැත්තෙම ගෙවල්වලට කේළම් ගලා යෑමේ අඩුවක් තිබුනේ නෑ. කුක්කුඩොල් පංති යන අතරේ ඉතිං මයිනාගෙ විශේෂ පංතිවලටත් සහභාගි උනා. විශය භාහිර ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික දැනුම මයිනා විසින් අඩු නැතුව කියලා දුන්නා. පාට ඇඳුම් ඇඳගෙන පංති එන සෙනසුරාදා සහ ඉරිදා දවස් තමයි ඉතිං වැඩිපුරම අමතර පංති සඳහ යොදා ගත්තෙ.
දර්මපාළ පාර්ක් එකේ තඩි ගහක් මුලක හරි ෆිල්ම් හෝල් 4න් එකක හරි එහෙමත් නැත්තං කොටුව ඇතුලේ කොතන හරි මුල්ලක තමයි ඔය විශේෂ වු අවශේෂ පංති පවත්වන්නෙ. ෆිල්ම් හෝල් කේස් එක නම් ඉතිං මාස කිහිපයකට සැරයක් තමා සිද්ධ උනේ, නෝ ජොබ් කම්පැණියෙ විධායක අධ්‍යක්ෂ වෙලා හිටපු ඒ කාලේ කොහෙ තිබ්බ සල්ලිද බං. දර්මපාළ පාර්ක් එකේ ප්ලේස් එකකට සෙට් වෙන එක අමාරුයි මොකද කුකුලා අතේ අරන් පාර්ක් රිංගන එවුන් වැඩිපුර ඉඳපු නිසා. අනික ඉතිං එක ගහ වටේට ජෝඩු ජෝඩු උනාම එක එකාගෙ පෞද්ගළිකත්වයට හොඳ නෑ නේ. එක එක හේතු කාරණා එක්ක පැහැදිළි කරලා ගත්තම වඩාත්ම සුදුසු තැන තමයි ගාළු කොටුව පෙම් කෙළියට. හැබැයි ඉතිං සුදුසු තැන උනාට ප්‍රේමයට අකුල් හෙළන පොළිසිය තමා පුරස්නෙ. හිටි ගමන් කඩා පැනලා කපල් තිහ හතළිහක් එක පෙළට පොළිමේ ගාල්ල පොලිස්ථානයට අරගෙන යන උජාරුව බලන්න එපැයි.
පොළිමේ ජෝඩු ජෝඩු එකා පසින් එකා බැගින් පොත්වලින් මුණු වහගෙන බෑග්වලින් මූණු වහගෙන යන අහිංසක විලාසේ බලන්න දුකයි අප්පා. එහෙම අරං ගිහිල්ලා ගෙවල් වලට පණිවිඩ ඇරලා දෙමව්පියො ගෙන්නවලා ඒ කරන හරියක් #%න පොලිස්කාරයො. ඕං ඔය පොලිස් හුට පටේ හන්දා කොටුවට ගියාම මයිනා ෆුල් ඇලර්ට් මොන කර්තව්‍යක යෙදිලා හිටියත් වටපිටාව ගැන පට්ට අවදානෙන් තමා ඉන්නෙ. මයිනගෙ ගෙදරට වගෙම කුක්කුඩෝල්ගෙ ගෙදරටත් එහෙම සීන් එකක් ගියා කියන්නෙ මරණයක් ෂුවර්. ඕං එක සෙනසුරාදාවක මයිනා ගාල්ලට ගියා, මයිනගෙ බොක්කෙ ෆිට් යාළුවෙක් හිටියා අකුරළ "ජගා" කියලා මූත් කෑල්ලට අමතර පංතියක් පවත්වන්න ඇවිත්. දෙන්නම කතා උනා කොටුවේ යන්න. ඕං ඉතිං මයිනා කෑල්ලට මුහුදු හුළං වැදි වැදි ප්‍රසව හා නාරි වේදය පාඩම පටන් ගත්තා විතරයි ඈත පේනව නුහුරු ඩයල් වගයක් එනවා හැම එකාම කළු සපත්තු දාලා.
මයිනගෙ ටිකිරි මොළේට වැටහුනා බඩු බනිස් වෙන්න යන්නෙ කියලා. කුක්කු ඩෝල්ට කිව්වා "පොළිසියෙන් එනවා, තමුසේ ඔහොමම ඉන්නවා මම මාරු වෙනව"
මයිනා පැන්නා එතනින් පහාළට එහා බංකුවේ හිටපු එකාට කිව්වා "ජගෝ පොළිසියෙන්" කියලා. අරු ඉතිං ඔළුව උස්සලා බැළුවා, "නේවි එකෙං බං" කියලා ආයෙමත් අඹේවෙල ගියා. අනේ ඉතිං මයිනා මීටර් 50ක් විතර සිං ගාලා දුවලා ආයෙමත් තාප්පෙ උඩ කොටසට නැගලා බැළුවා. කියන්න දුකයි දෙයියනෙ මිටර් 100 දුවන පෙම්වතුන්, ගමහරහ දුවන පෙම්වතුන් ආදී වශයෙන් විවිධ ක්‍රීඩකයන් සහ ක්‍රිඩිකාවන් පොළිස් අත්තඩංගුවේ. මයිනා මොකවත් නොදන්න තොත්ත බබා වගෙ පාඩුවේ අයින් වෙලා පයින් ගියා "කොටුවේ කඩේට".
පැය බාගෙකට විතර පස්සෙ මයිනා පාරට ඇවිත් බැළුවා දෙන්නා දෙන්නා අත් අල්ලන් පාර දිගෙ පොළිස් ආරක්ශාව පිට පොළිමට යනව පෙම්වත් උනු පෙම්වතුන්. කියන්න දුකයි මයිනගෙ අතීජාති මිත්‍රයා "ජගා" පොතකින් මූණ වහගෙන යනව කෑල්ලගෙ අතකින් අල්ලන්. මයිනාගෙ නෑදෑ වෙන R පීසී කෙනෙක් හිටියා ගාල්ලෙ පොළිසියෙ ඒකට කියලා ජගාව බේර ගන්න කියලා හිතං මයිනත් අනිත් පැත්තෙං පෙළිසිය දිහාවට ගියා. ඕං ඉතිං පොළිසියට ගිහින් වසන්ත රාළහමි හම්බවෙන්න ආවේ කියලා බංකුවක් උඩින් වාඩි වෙලා ඉන්දැද්දි ආං ඒකා අර අල්ලං ආපු කෆල්වලට හෙණ සද්දයක් දානව. යකෝ මුගෙ ඝණකම D.I.G. මහත්තයා ළඟත් නැතුව ඇති. මයිනා ඌට පේන්න ළඟට ගියාම මූ ඇස්දෙක පුංචි කරලා නෝන්ඩි බැළ්මක් දාලා බැළුවා. ආවා ළඟට
"උඹ දැන් කොටුවෙ ඉඳලා දිව්වා නේ"
"පිස්සුද අනේ මම කොටුවේ කඩේට ගිහින් එන ගමං"
"දැං කෝ උඹ ගනිපුවා"
"ජොකෙක් ගන්න ආවේ පට්ට ගණං නේ හික්කඩුවෙ ළාබයි හෂාන් එකෙං ගන්නව"
"අනේ මේ මම නොදන්න ජොකා මම දැක්කා තෝ දුවනව පණ කඩාගෙන, වහෙ ඔහොම දුවලා තෝ තාප්පෙන් පල්ලට වැටුනා නං තොගෙ කෑළි ටික තමා අර ගන්න වෙන්නෙ"
"ඔයා ඉතිං පිළිගන්නෙම නෑ නේ"
"දැං උඹ ආවේ ඇයි කියපං"
"බාප්පෙ මගෙ යාළුවෙක් අරං ඇවිත් ඌව එවනවකෝ, උං ගෙ ගෙදරට අරංචි උනොත් හෙණ කේස් එක"
"කොයි එකාද කිහාං"
"අර ඉන්නෙ දුඹුරු පාට සර්ට් එක ඇඳලා"
"ඌ ද ඕකගෙ අත හැට්ටෙ අස්සෙන් එළියට ගත්තෙ මම ගිහින් බොළ ඕකා පොළිසියෙන් එනවා දැක්කෙත් නෑ"
"එහෙම කරන්න එපා ඉතිං මොනව හරි කරල දෙනවකෝ"
"කතා කරපං ඌට"
"ජගා" මයිනා අරුට කතා කලා
"ඈ බං තෝ පොඩි කාලේ අම්මා තොට කිරි දුන්නෙ නැද්ද"
"දුන්නා සර්"
"එහෙනං තෝ වවුලා වගෙ එල්ලිලා හිටියෙ" "උඹ දැං ඔය කෙල්ලව බඳින්නමද ඉන්නෙ නෑනේ"
"බඳින්නම තමයි සර්"
"ඇත්තද එහෙනං යමං බන්දලා දෙන්න, 18ත් සම්පුර්ණයි නේ"
"අනේ සර් නංගි A/L කරලා ඉවර උනාම බඳින්න ඉන්නෙ"
"අනේ තොගෙ බැඳිළි" "පළ මෙතනිං තොගෙ අයිඩින්ටියත් අරගෙන"
මයිනා අරුත් එක්ක යන ගමන් "බාප්පෙ ගිහින් එන්නං ඈ" කිව්වා
"උඹලගෙ තාත්තා හරි අම්මා හරි හම්බ උනාම කියන්නංකෝ පුතාගෙ තරම"
"හරි ඉතිං කියන්න කෝ, ඊට පස්සෙ පවුන්ඩේසන් කපන්න, ළිං හාරන්න, මුල් ගලවන්න, ගෙපළ ගොඩ කර ගන්න එහෙම ඒ දෙන්නටම එන්න කියන්න හොඳේ"
"තෝ නං මද්දු අයියගෙ වෙන්න බෑ"
"ඒක ඉතිං දන්නෙ අම්මා තමයි හම්බ උනු වෙලාවක අහලා බලන්නකෝ" කියලා මයිනා මාරු.
ඕකගෙ ගේ හදන වැඩවලට මයිනා මාර ශ්‍රම දායකත්වයක් දුන්නා, ආයේ උගේ සහොදරයෙක්වත් එහෙම උදව් කරන්නෙ නෑ ඌට. හැබැයි ඉතිං ඒ අරංචිය ගෙදරට ආවේ නෑ ආවා නං මේ කතාව ලියන්න මයිනා ඉතුරැත් නෑ. ඔය පොළිස් බාප්පා හරි හොඳ එකා හැබැයි ඉතිං උතුරැ නැගෙනහිර ක්‍රියාන්විතයෙදි මිය ගියා මතක විදියට පරන්තන් පොලිසියට කොටි ගහද්දි වෙන් ඕනා. මයිනා දුවපු සීන් එකට නම් කුක්කුඩෝල් අවුලෙන් හිටියා ටික දවසක්. ඒකත් ටික දවසකින් ෂේප් උනා ඉතිං මයිනා සෝක පණිවිඩ යවනකොට. දැං ඉන්න එවුන් නං කෑල්ල උස්සං යන්නෙ රෑම් එකකට නේ අපේ කාලේ එහෙම නෑ හමුදුරැවනේ......
maru.
ReplyDelete