Tuesday 3 September 2019

මයිනාගෙ කතා... 56 බැල්මට්

#මයිනාගෙ කතා... 56  බැල්මට්...
                                                                   එක එක ජිල්මාට් එක්ක එක එක විනෝදාංශ තියනවානෙ. එක එකාට තිබුනේ එක එක ආතල්. මයිනලගෙ සෙට් එකේ හිටියා නිත්‍ය සමාජිකයො 20ක් විතර. මයිනලට වැඩියෙන් වැඩුමහාල් එකාගෙ ඉඳලා එවකට පාසලේ 8 වසරේ එකාට වෙනකං හිටියා කොටින්ම කිව්වොත්. සමහර උං නිත්‍ය නොවුනට සතියකට සැරයක් පැමිණිම සටහන් කරමින් සමාජිකත්වය රැක ගැනිමට කටයුතු කලා. සමහර එවුන් හිටියා මයිනලාගෙ සෙට් එකත් එක්ක තරහායි. මයිනලගෙ නසරාණි වැඩ ගෙවල් වලට කීම සහ අගතියට පතවන පාර්ශවයන්ට ඔත්තු සැපයිම.
                                                                     එහෙම අබිළිං වැඩ කරන එවුන්ට සැරින් සැරේ මාත්‍රාව වෙනස් කරමින් බෙහෙත් නොදුන්නාම නොවෙයි. සෑම සෙනසුරාදා ඉරිදා දිනයකම මුහුදේ හො ගඟෙ නෑම සියළු සාමාජික එකතුවෙන් උනු වැඩක්. ගඟෙ නාද්දි වැඩිපුරම නාන්නෙ තොටගමුවේ රේල් පාර ළඟ. පාළමෙන් වතුරට පනියි, බල්ටි ගහායි, නිදහාස් ආර, සමනළ ආර, පිටුපස ආර...... හැම ක්‍රමේටම පීනයි ඕවා තමා ඉතිං. ඒ අතරවාරෙ පංති ගිහින් එන නංගිලා දැක්කම පාළම යටට ගිහින් උඩ බලන් ඉඳලා ජංගියෙ පාට කීමේ ක්‍රමයකුත් තිබුනා. හැබැයි ඉතිං අපි දිය කෙළියෙ යෙදෙන වෙලාවට රෙල් පාර මගහැර ගාළු පාරෙන් යාම තමා නංගිලා බොහෝ වෙලාවට කරේ.
                                                                     ඔන්න ඔහොම ජංගියක් බලා පාට කීමේ කතාන්දරයක් දුර යෑම නිසා අවුළක් ගියා. පාට කිව්වෙ අපේ පුංචි ගැන්සියෙ එකෙක්, ඌට අම්බානයි ටිකයි වෙන්න අප්පච්චි දිලා තිබුනා. අර කෙල්ලගෙ තාත්තා ගෙදරටම ගිහින් කියපු එක අපිට ලොකු පෙහේළිකාවක් උනා. ටක්කෙටම කවුද කිව්වෙ පොඩි එකාම කිව්වා කියලා.
"කවුද අපි ගඟෙ නාද්දි එතනින් ගියෙ"
"මතක නෑ ඕයි"
"මතක් කරලා බලපං අර කෙල්ල එක්කම වගෙ කවුද ආවේ"
"බෝල්ලා ගියා වගෙ මතකයි"
"හරි ඕකා තමයි ගියේ"
"මයිනයියෙ ගහමු බං ඕකට"
"පොඩ්ඩක් ඉඳපල්ලා ඌට නිකංම ගහන්නයෑ, වළියක් පටල ගමු කෝ ඉස්සරවෙලා"
බෝල්ලා කියන්නෙ ඇස් දෙක ලොකු එකෙක් අපිට දිරවන්නෙම නැති එකෙක්. 
                                                                   අපේ නසරාණි ක්‍රියා බොහොමයක් අගතියට පත් පාර්ශවයන්ට හෙළි කිරිම නිසා කිහිප විටකම අපෙන් ගුටි කාපු එකෙක්. මූට අමතක නොවන පාඩමක් ඉගැන්විම වෙනුවෙන් කට්ටියම වෙහෙසෙද්දි දවසක් මයිනා නැග්ගා අඹ ගහාකට. අඹ ගහ තියෙන තැනට මීටර් 100ක් 150කට ඈතින් තියෙනව නාන ළිඳක්. ගමේ ඈයෝ වැඩිපුර නා ගන්න රෙදි හෝදන්න එන්නෙ ඔතනට. ඔතනට හවස 3ට විතර සමන්ති අක්කා කියලා අක්කා කෙනෙක් නාන්න එනවා රැවින් අග තැන්පත් හැබැයි නාලා ඇඟ පත අතුල්ලද්දි මෙලෝ සංගයක් නෑ තමයි. සමහර උන් නම් කියන්නෙ සබන් කැටෙත් විනාඩියකට දෙකට අතුරැදහාන් වෙලා තියෙනවලු. සමන්ති ළිඳ ලඟ නානවා මේං බොලේ අර බෝ..ල්ලා කියන එකා කැලෑ මණඩියෙ හම්පිරිල්ලා ගස් අස්සෙන් ඒ පැත්තට පාත් වෙනව. මයිනා කළබලයක් නැතුව බලාන හිටියා. අක්කා නානවා අරැ අත් ට්‍රැක්ටර් එක පදිනව.

සීන් එක අපේ අපතයන්ට කිව්වා,
"අඩෝ දෙන්න තිබ්බෙ කණ පැලෙන්න"
"සමන්ති අක්කට පෙන්නන්න තිබ්බේ"
"ෂිහ්ං කට්ටියම ඉන්න තිබ්බෙ"
එක එකාගෙ අදහාස් එහෙමයි. හැබැයි අපිත් එක්ක හිටියා මොළ ඩබලක් තිබුනු එකෙක්. නියපොත්තෙනුත් හිතලා තමා වැඩක් කරන්නෙ ඒ වගෙම තමා ගේමක් සෙට් කරා නම් බඩුම තමා කිරි ගහාට කුරැඳු කැත්තෙන් ගැහුව්වා වගෙ.
"මයිනා ෂුවර් එකටම ඕකා පුරැද්දට කරන වැඩක් ඔය. සමන්ති අක්කා ළිඳට එන වෙලාවට ඕක හැමදාම එනවා ඒ කියන්නෙ"
"ඔව් බං එහෙම වෙන්න ඇති"
"හොඳම වැඩේ ඕකා සුනිල් අයියට මාට්ටු කරලා දෙන එක"
"කොහොමද බං ඒක කරන්නෙ"
"උඹ සමන්ති අක්කා ලිඳ පැත්තට ගියාම බලපං බෝ..ල්ලාත් යනවද කියලා එහෙම උනොත් හරියටම හරි"
සමන්ති අක්කා සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරලා ඉවර වෙලා ළමයි ඉසිකෝලෙන් ආවට පස්සෙ තමා ළිඳට එන්නෙ ළමයින්ගෙ රෙදි එහෙමත් අරන්. සමන්ති අක්කගෙ මිනිහා නොර්මල් පොර ඒ වගේමයි කේන්ති ගියාම විෂ පෝච්චිය. අපේ නඩෙත් එක්ක පොර ෂේප් බීපු වෙලාවට එහෙම පාරෙ හිටියොත් ගෙදර ගෙනත් දානවා. සමහර වෙලාවක පොඩි උන්ට සකූල් වෑන් එක මිස් උනාම ගෙනත් ගෙදරට දානවා. නෑ කමකුත් තිබුනා අපේ ගම්වලම ඈයෝ නේ. දැං හවස 3ට විතර සමන්ති අක්කා ළිඳට යනවා දැක්කා නං මයිනා අඹ ගහෙ උඩටම නැගලා හැංගෙනවා. කරැමය නියමට කැරකිච්ච එක දවසක සමන්ති අක්කා ළිඳට ආවා. මයිනා අඹ ගහාට නැග්ගා බෝල්ලා කැලෑ මණ්ඩියෙන් ඈත එනවා.

                                                                                                මයිනා අඹ ගහෙන් පැන්නා සමන්ති අක්කලගෙ ගෙදරට දුවන්න. මේං බොළ සුනිල් අයියා ඉස්රහාට එනවා.
"ලොකු මල්ලි කොහේ දුවන්නෙ"
"සුනිල් අයියෙ මම තමුසේ හම්බ වෙන්න දුවන්න හැදුවේ"
"ඒ මොකෝ"
"අහනව කෝ අර බෝල්ලා සමන්ති අක්කා ළිඳට ආවම කැලේ අස්සට රිංගලා බලන් ඉන්නවා"
"මට අහු උනොත් ඕකා උස්සලා ගහානවා පොළවේ"
"එහෙනං දැං එනවා අල්ල ගන්න පුළුවන්"
"වරෙං එහෙනං මට පෙන්නපං ඕකව"
"මම සීන් එක දැක්කෙ අඹ ගහාට නැගපු වෙලාවේ"
"යමංකෝ ඔකගෙ අම්මට #කවනවා අද"
"සුනිල් අයියෙ ඉස්සරලා තමුසේ සීන් එක බලනවකෝ චුට්ටක් ඔය කොහේ හරි උඩකට නැගලා"
"බලන්නෙ මොනවද බොළ"
"අර ළිඳට චුට්ටක් එහා රැක් අත්තන පැළයක් තියෙනව නේ හරියටම එතන තමා ඕකා ඉන්නෙ" " ඕකා මෙහෙන් දුවන්න ගියොත් මං අල්ල ගන්නං"
                             

       
                                  සුනිල් අයියා ඉතිං ළිඳ ගාවට මෙහා පැත්තෙන් කැළෑ මන්ඩියට රිංගුවා. මයිනා අඹ ගහා පැත්තෙන් සූදානම් ශරිරෙන් හිටියා. එතනිං ගියපු පොඩි එකෙකුගෙ අතේ තඩියට ඉක්මනට වර කියලා පණිවිඩේකුත් යැව්වා. සුනිල් අයියා කැලෑ මණඩියත් බිදං පැනපු පාර බෝල්ලා පැනලා දුවපි. මූ කොහොමත් දුවන්නෙ මූට පුරැදු පාරෙන් නේ මයිනා ඉතිං පෙරමග බලං හිටියා.
"ලොකු මල්ලි අල්ලපං ඕකා" කියලා සුනිල් අයියා දැම්මා සද්දයක්. අරැ එන වේගෙත් එක්කමයි මූ අපට කරපු පෙර වැරදියි මතක් කරං දුන්නා පයිං එකක්. අනේ ඉතිං බෝල්ලා හුරැල්ලා වෙලා වැටුනා. සුනිල් අයියා අල්ල ගත්තා අරැගෙ ටි සර්ට් එක හොඳට අතේ පටලවලා. ඕං ඉතිං අරැට දෙනවා දීමක් නාහය කැඩිලා ලේ පෙරෙනවා. අපේ තඩියත් ආවා අරැගෙ අර කිලෝ සීයක් විතර බර අතින් බෝල්ලට දීලා ඇරියා දෙකක් තුනක් ආයේ ජීවිතේට අමතක නොවෙන්න. වටේ පිටේ රටේ තොටේ බෝල්ලට නොගහාපු එකෙක් නැත. ගම පුරා වේගයෙන් පැතිර ගිය නාන කන්තාවන් දෙස බලා අත් ට්‍රැක්ටර් පැදිම කියන පුවතත් සමග බෝල්ලගෙ ගෙදර ඈයොත් අරෑට අම්බානක ගහාලා. ඌව කුලියාපිටියට යවලා උන්ගෙ නෑ ගෙදරකට ඕං එහෙමයි ඒක උනේ.

No comments:

Post a Comment