Friday 6 September 2019

මයිනාගෙකතා.... 63... පිටගංකාරයා

මයිනාගෙකතා.... 63 ... පිටගංකාරයා

                                         ඕං ඉතිං එකමත් එක කාලෙක එකමත් එක ගමකට එකමත් එක පිටගංකාරයෙක් ගියාලු. පිටගංවල එවුං ගියාම ඒ ගංවල එවුන්ට පොඩි පහෙ කැසිල්ලක් එනව නේ, ආං එහෙම කැසිල්ලක් ආපු එවුන් පිටගංකාරයට රවනව ඔරවනව සහ එක එක වැඩ. එහෙම වෙන්න එක හේතුවක් උනේ ගමේ නෑම්බියො ටිකත් පිටගමාට කටපුරා සිනාසි ඇඟෑලුම් පෑම. ඒ ගමේ එක මායිමක තිබුනෙ රක්ෂිත වනයක්, ගමේ හිටපු සියළුම පිරිමි පරාණ බුළත්විටක් එහෙම හපාගෙන හේනක් කුඹුරක් කරාන හිටපු ඈයෝ. සමහර ඇයෝ රබර් කිරි කැපිම,  දළු කැඩිම වගෙ දේවල් කරා. සිදාදියෙන් ආවැයි කිව්ව පිටගංකාරයා අර ගමේ හිටපු ගොබිළංගෙන් පැහැදිළිව වෙන්කර හඳුනා ගැනිමෙ ලක්ෂණ තිබුනා. ඒ හාදයගෙ පෙනුමත් ටිකක් ආරක්ෂක අංශ සමාජිකයෙකුගෙ වගෙ හිංදා ගමේ එවුං රැව්වට එරෙව්වට ටිකක් බයකුත් තිබුනා.




                                           ඕං ඔය පිටංගංකාර හාදයා ගිහින් නැවතිලා හිටපු තැන තිබ්බෙ අක්කර ගානක වතුයායක්, ඒ වත්ත පුරා යම් ප්‍රමාණයකට තේ සහ ගම්මිරිසුත් වෙනත් භව බෝග සහ පළතුරුත් තිබුනා. වත්තෙන් ආදායමක් බළාපොරොත්තු නොවුනු වත්ත අයිතිකාර තැන මාස කිහිපයකට සැරයක් ඇවිත් ගියා පමණයි. ඒ තැනැත්තා පිට රටක හිටපු හින්දා එතුමගෙ යාළු ෆිට් එකක් තමයි මාසෙකට සැරයක් වත්තට විසිට් දැම්මෙ. ඒ යාළුෆිට් පොරත් ඉතිං ඇවිත් දවසක් දෙකක් ඉඳලා බෝර 12 තුවක්කුවකින් රිළවෙකුට, වල් ඌරෙකුට එහෙම වෙඩි තියලා පොඩි සාජ්ජයක් එහෙම දාලා තමා යන්නෙ.

                ඊට ඉස්සර සමහර ගමේ හාදයො ඔය වත්තෙ තිබුනු බව බෝග හොරෙන් සහ බළෙන් කියන දෙයාකාරයෙන්ම අරං ගිහිං තියෙනව. ඒ ඉඩම දැන් ගනිපු කෙනාට ඉඩම විකිණිනිමට හේතු වෙච්ච කාරණාවත් ඒකමයි.ඉඩම අරගෙන ඒ ඉඩම වටේ වැටවල් එහෙම පිළිසකර කරවලා සුද්ද පවිත්‍ර කරවලා තමා පිටගංකාරයා ඇතුළු පිරිසකට ගිහිං ඉඳපල්ලා කියලා කිව්වෙ. ලැබුනු පළවෙනිම අවවාදය තමා ගමේ එවුං එක්ක ආරවුල් හදා ගන්න එපා කියන එක. පිටගංකාරයා ඇතුළු පිරිසකටම පළයල්ලා කිව්වට අනිත් එවුන් එනකං පිටගංකාරයට තනියම තමා ඉන්න උනේ. මුළින්ම පිටගමා එක්ක සෙට් උනේ ගමේ කඩේ මුදලාලි, ඊට පස්සෙ වත්තෙ වැඩට ස්ථීර ලෙසම ආපු දෙමළ මනුස්සයා බාළන්. බාළන්ට ඒ ගම ගැන හොඳ අවබෝධයක් තිබුනා සහ හැම එකා ගැනම බාළන් දන්නව. බාළන් ඉතිං ඔය හන්දි ගානේ බෝක්කු පාළං ගානේ ඉන්න එවුං ගැනත්, ගමේ චන්ඩිපාට් දාන එවුං ගැනත් ඇත්තටම චන්ඩි කවුද කියන එකත් නොන්ඩි ගැනත් කියල දීලා තිබුනෙ.

                                          පිටංගංකාරයා කඩේට ගියාම කඩේ මුදලාළි ඉතිං බඩු ටික එහෙම දීලා ඉක්මනට එවනවා වගෙ ගරු සැලකිළි තිබුනා. එක දවසක් පිටගං කඩෙන් එළියට බහිද්දි එකෙක් ඇවිත් බලෙන්ම ඇඟේ හැපිලා "ඇස් පේන්නැද්ද ඕයි" කියලා පොඩි සද්දෙකුත් දැම්මා. අනේ ඉතිං පිටගමා "සොරි" කියලා බොහොම නිහතමානිව කියලා පාඩුවේ ආවා. මේවා පිට ගම් නෙව නිකං ප්‍රශ්ණ හදා ගන්න උවමනාවක් නෑ කියලා හිතං ආවා. ඒ වෙලාවේ ඇඟේ හැපිලා තියෙන් චන්ඩි පාර්ට් එකේ ඉන්න නොන්ඩි පොරක්, ඒක දැන ගත්තෙ බාළන්ගෙන්. "අපරාදේ මහත්තයට තිබ්බෙ දෙන්ඩ එකක් කණ පැළෙන්න" කියලා තමයි බාලා කිව්වේ.

                                           ඊට දවස් දෙකකට විතර පස්සෙ සෙනසුරාදා දවසක පිටගමා සුපුරුදු පරිදි උදේ කඩේට ගියා. ඔය කඩේ ඉස්සරහම තමයි ගම හරහා යන එකම බස් එකත් නැවැත්තුවෙ. උදේ 10ට විතර වගෙ වෙලාව පිටගමා බඩුත් අරං කඩෙන් එළියට බහිද්දි එකේ ඇවිත් හැපුනා ඇඟෙ, කවදා කොහෙන් කොහොම ආපු ශක්තියක්ද? කේන්තියක්ද කියන කාරනව මතක නැත. දීලා ඇරියා එක කං අඩියට අරු කණත් බදං බිම ඉඳ ගත්තා. ඉස්සරහට එකම එකයි ආවේ ඌට එකම එක පාරක් ගැහුව්වා පයිං ඌ ආගිය අතක් නැත. ඇඟිල්ලකුත් කෙලින් කරන් දැම්මා සද්දයක් "මතක තියා ගනියව් මම බෙන්තර පාළමෙන් එහා පැත්තෙ #@යෙක් පඩ ෂෝ දාන්න අවොත් එකාට එකාට #කවලා ගන්නෙ" කියලා. කඩේ මුදලාළිට පට්ට හැපි ඉතිං.





                        බාළන්ට ආරංචි වෙලා එකෙකුට ගැහුව්වා කියලා බාළා කඩේ පැත්තෙන් විස්තරත් හොයාගෙන දුවගෙන ආවා.
"මහත්තය මොකටද අරුට ගැහුව්වෙ, ඕකා මහ වසවර්තියා ජයරත්න කියන්නෙ ඕකට තමා"
හුටා පිටගමා හිතුවෙ කලිං දවසෙ වගෙ තවත් පඟර නැට්ටෙක් කියලා, බැලින්නං ගහලා තියෙන්නෙ ගමේ චංඩියට.  ඕකා සත්තු මරණ එකයි වතුවල බවබෝග හොරෙන් බලෙන් ගන්නන එකයි තමා කරේ. දැං ඉතිං ගැහුව්වට පස්සෙ බය පෙන්නන්නයෑ.

"බය නැතුව ඉන්නව බාළා මං බළා ගන්නං මොකා ආවත්" කියලා වීරයා උනාට මොකද දැං ඉතිං හිතට ෆුල් අප්සෙට් සමග බයකුත් ආවා. ඔය ජයරත්න කියන එකාට අයියලා මල්ලිලා පස් දෙනෙක් උං ඔක්කොම නාහයට අහන්නෙ නැති නසරාණි. පිටගමා එතන ටිකක් එහා තියෙන ටී ස්ටේට් එකට ගිහං ලොක්කගෙ යාළු ෆිට් එකට කෝල් එකක් දාලා කිව්වා "මෙහෙම සීන් එකක් උනා, තනියම ඉන්න බයයි අනිත් අපත රැල එවන්න" කියලා.යාළු ෆිට් බුවත් කිව්වා "හිටාං හෙට කොල්ලො ටික එක්ක මමත් එනවා" කියලා.

                                     එදා රෑ 11ට විතර ජයරත්නයගෙ මල්ලිලා දෙන්නෙක් වෙරි වෙලා ආවා පිටගමාට සද්දයක් දාන්න. පිටගමත් ඉස්සරහ පැත්තෙ ලයිට් එක දාලා පිටි පස්සෙ දොරෙන් එළියට ආවා අරුන් දෙන්නව කවර් වෙන විදියට.එද්දි ගේ ඇතුලේ තිබිච්ච රම්බො පිහියකුත් ඉනේ ගහගෙන ආවා. අරුන් දෙන්නා ලයිට් එළිය යට පිටගමා කළුවර තැනක ඉඳං බැලුවා අරුන් දෙන්නා අතේ ආයුධ මොනවත් නෑ. පිටගමා අරුන් දෙන්නට පිටිපස්සෙන් ඇවිත් හිට ගත්තා "මොකද තමුසෙලා මේ මහ රෑ"
"මේ මහත්තය උඹ දැන ගනිං මේවා අපේ ගම් හරිද පිටිං ආවා නම් පිට විදියට හිටපං"
"පිට ගං කොහෙද වහෙ පිටගං තියෙන්නෙ මේ ලංකාවේ කොහෙත් එකයි, කණ පලා ගන්නෙ නැතුව ආපු අතක් බලාගෙන පළයව්"
"උඹ පරිසම් වෙලා ඉඳපං"
"තොගෙ අම්මට #@න්න මට මොනව කරන්නද බොළ තොපි" 

                                                      ගත්තා ඇදලා පිහිය පිහි මිටෙන් ගැහුව්වා ඔළුවට එකෙකුගෙ, අනිත් එකා පැනලා දුවන්න හදපු පාර බිමත් වැටිලා දණිස් දෙකත් දෙරි ගහගෙන ගියා. පිහි මිටෙන් ගහපු එකාගෙ බෙල්ලට පිහිය තියලා කිව්වා "තෝ මෙතන කපනව දැන ගනිං වල් බල්ලා" කියලා. අනේ ඉතිං ඌගෙ වෙරිත් හිඳිලා පැනලා දිව්වා. ඊළඟ දවසේ දවල් එකට විතර අපත රෑළ ආවා යාළුෆිට් බුවා සමග. ඊටත් පැයකට විතර පස්සෙ ආදාළ පොලිස් වසමෙ ජිප් එකක් පුරවලා නිලධාරී මහත්වරු සෙට් එකකුත් ආවා. එක එක කතා සතුටු සාමිචි අස්සෙන් රට බ්‍රෑන්ඩ් වලින් බෝතල් 2ක 3කුත් ඉවර උනා. ඊට පස්සෙ ඉතිං චන්ඩියා ආරූඩ උනු මහත්වරු "යමං කොල්ලො උඹට පාට් දාන එකා බලන්න" කියාපි.පිටගමා අපත රෑන සමග නිළධාරි සෙට් එකම ජයරත්නයගෙ ගෙදරට. පිටගමාගෙ ගැම්ම කොහොමද කිව්වොත් ඕ.අයි.සි. වගෙ තමා ගියෙ. යද්දි ඉතිං ජයරත්නය නැත, රෑ ආපු මල්ලිලා දෙන්නා ඇත. පොළිසියෙන් කතා කරලා අරුන් දෙන්නට දුන්නා කනේ පාර ගානේ. අපත රැලේ හිටි වළස්මුල්ලෙ එකෙක් දුන්නා තව කනේපාර ගානේ, ඊට පස්සෙ කොහොමද ගැම්ම!

                                      එදායින් පස්සෙ ගමම බයයි සහ දුටු තැන බලෙන් හො කතාව. අපත රැලේ තුන් දෙනෙකුත් නැවතුනා පිටගමා එක්ක. ගමේ කැකුළියො ටික සිනහ පපා කොමළ වෙලා ඇඹරිලා කැරකිලා තමා හිටියෙ. ගමේ කොල්ලො ටිකත් එකා එකා සෙට් උනා, බුළත් හප හප හිටපු එවුන් දෙතුන් දෙනෙකුගෙ බුළත් කෑමත් නවත්තල දැම්මා.කොළඹත් එක්ක ඇවිත් මාළබේ ස්කීම් එකෙත් ඉඳලා උන් කොළඹ ආතල් එකත් අරන් දුන්නා. දෙන්නෙකුට කොළඹ ගාර්මන්ට් එකක ජොබ් සෙට් කරලා නවාතැන් එහෙමත් හදලා දුන්නා. ජයරත්නලා ඌගෙ අයියලා - මල්ලිලා එහෙම පැත්ත පළාතක ආවේ නෑ ඊට පස්සෙ. හැබැයි ඉතිං අපේ කාකි යුනිෆෝම් සෙට් එක වදයක් උනා, හිටි ගමං බොතල් උස්සං එනව තුන් හතර දෙනා. එහෙම ආවම බයිට් හදන්නයි අරවයි මේවයි, එකෙක් හිටියා චමියා කියලා අන්තිමේ ඌ පොලිසියට බයිට් හදන කුක්ම උනා. අනික ඒ ගෙදර ලොකු වළව්වක් වගෙ සුද්දන්ගෙ කාලේ හදපු ගෙයක්, ලස්සනට හොටෙල් එකක් වගෙ තියං හිටියෙ. කාකි සූට් හිටි ගමන් ගෑණු පරාණත් උස්සං එන්න පටන් ගත්තා. ඕං ඉතිං ඒ පාර පිටගමා මාස 2ක 3කින් එන්න ආවා මොකද එක තැනක ඉන්න බැරි පණු අමාරුවක් තියෙනවනෙ ඒකයි. පහු කාලෙක අනිත් අපතයනුත් ඔය ගම්පලාතෙන් යන්න ගිහින් තිබුනා. බොහො කාලෙකට පස්සෙ යාලු ෆිට් බුවයි, අපේ ලොක්කයි, අපේ එදා සෙට් එකේ කිහිප දෙනෙකුයි එකතු වෙලා පොඩි සාදයක ඉන්දැද්දි යාළු ෆිට් බුවා කිව්වා.

" මූ නම් මාර බඩුව පනීයා අර ගමත් එක්කත් ගේම ඉල්ලලා තනියෙංම හිටියා අර වත්තේ"

අපේ ලොක්කා.- "එහෙම තමයි දකුණෙ කොල්ලන්ගෙ හයිය.."

පිටගමා :- "පිස්සුද සර් මම එදා ඌට ගැහුව්වෙ ජයරතන්යා කියලා දන්නෙ නැතුව, ගැහුව්වට පස්සෙ මොනව කරන්නද ඉතිං."

යාලු ෆිට් :- "මම හිතං හිටියෙ මෙච්චර කල් තෝ පට්ට වැඩර් කියලා."

පිටගමා :- "මොන වැඩර්ද සර්, අරූගෙ මල්ලිලා දෙන්නට ගැහුව්වට පස්සෙ මං නිදා ගත්තෙත් ගාලේ තිබුනු කාමරේ..."

එන්නං ඈ.... බොලා කුප්ප කතා කියනව එහෙම නොවෙයි.
___මයිනා___

No comments:

Post a Comment