Friday 6 September 2019

මයිනාගෙකතා... 64.... හොරා කෑම - 1

#මයිනාගෙකතා... 64.... හොරා කෑම - 1

සාමාන්‍යයෙන් අපි හැම එකාම හොරා කනව නෙව, ගෑණු පිරිමි බේදයක් නැතුවම. හොරා කෑමත් විවිධ අංශ කරා විහිදි පැතිරි තියෙනව. රටේ පාළකයගෙ ඉඳලා ගමේ ග්‍රාමසේවකට යනකම්ම හොරා කනව. සමහර කෙල්ලො ඉන්නව නෙව ලුනු එකේ ඇඟිල්ල දාලා හරි හොරෙන් දිවෙ ගාගන්න. තව තව එක එක හොරා කෑම් තියෙනව, මේ කියන්න යන්නෙත් එහෙම හොරාකෑම් කිහිපයක් ගැන.

                                               සමහර දවසක හැන්දෑවෙ මළගෙවල් වල නයිට අදිද්දි වටේ පිටේ වතුවල තියෙන පොල් ගස් වලට තමා බබා ලැබෙන්නෙ. ඔන්න ඔහොම එක දවසක මළ ගෙදරක ගිහිං හොර කුරුම්බා කෑමකට සෙට් උනා. කට්ටිය 12ක් හො 13ක් හිටියා, ඉස්සර මළ ගෙවල් සහ රෑ ගමන් වැඩි නිසාම මයිනා පිට කොටුවෙ කෑල්ල 20යි ගොඩෙන් ගෙනාපු පෙන්ටෝර්ච් එකක් ළඟ තියන් හිටියෙ. සෙට් එකම පාර දිගෙ ඇවිත් මළ ගෙදරට කිලෝ මිටරයකට විතර එහා තිබුණු ටිකක් ලොකු වත්තකට පැන්නා. ඒ වත්තෙ ගෙදරටම කිට්ටුව තිබුණු පැළ ගහකට තමා ගේම දෙන්න හදන්නෙ. ඒ ගහෙ උස අඩි අටක් විතර, ගහට නගින්න උවමනාවක් නෑ එකෙක්ගෙ කර උඩට තව එකෙක් නැග්ගා නම් ගෙඩි කඩන්න පුළුවන්. ඇඟපත සමග සවි ශක්තිය තිබුනු තඩියගෙ උඩට කැහැටුවට හිටි කට්ටව නැග්ගුවා. තඩියගෙ කර උඩ ඉඳං කට්ටා ගෙඩිය ගෙඩිය කඩලා තඩියගෙ අතට දෙනව තඩියගෙ අතිං මයිනා අරං හෙමහිට බිමින් තියනව. තඩියා සැරින් සැරෙට "අඩෝ පට්ට ගඳයි බං" කියනව. මයිනා පෙන් ටෝර්ච් එක ගහලා බැළුවා බළු ගූ තැම්බක් චොරොස් වෙලා තියෙනව. කෝකටත් කියලා කට්ටගෙ කකුළට ගහලා බැළුවා හුටා මූ තැම්බ පාගගෙන තමා තඩියගෙ කරට නැගලා තියෙන්නෙ.

"හුටා තඩියො මුගෙ කකුලේ බං බළු ගූ" කිව්වා විතරයි තඩියා "මුගෙ ආච්චිට හාල් ගරන්න" එපැයි කියලා පැත්තකට පැන්නා. කට්ටා එල්ලුනා පොල් අත්තක අනේ ඉතිං අත්තත් ගලවං කට්ටං දඩෝ ගාලා බිමට. "@#තක් කරනවනෙ @රි තඩියා" කියලා අරු දාපි සද්දයක්. ලයිට් වැටුනා ගේ හතර වටේම, මයිනා පැනලා දිව්වා. ඒ අනුගමනය කරපු අනිත් එවුනුත් දිව්වා ගෙදර එකා ඇවිත් රීප්ප පටි පාරක් දුන්නම තමයි අරුන් දෙන්නට දුවන්න මතක් උනේ. තඩියව අඳුර ගත්තා කට්ටව හරියට දැක්කෙ නෑ. තඩියා ඇඳං හිටපු ටී සර්ට් එකේ බළු ගූ චොරොස්, මහ රෑ දොළහට තඩියා ලක්ස් කැටයක් ඉවර වෙනකං නෑවා. අර ගෙදර එකා පොල්ලක් අරන් මළ ගෙදරටත් ඇවිත් කුරුම්බා කඩපු එවුන් හොයලා. යංතං බේරුනා හොයාගෙන ගෙවල්වලට නාපු නිසා.

                                                   ඉස්සර මයිනා සහ අපත පිරිසට තිබුනා අවළං පුරුද්දක්, හැන්දෑවට ආප්ප කෑම. කට්ටියම සල්ලි එකතු කරලා හො සමහරවිටක තනි ධන පරිත්‍යාගයෙන් හො මේ ආප්ප කෙළිය ඇදන් ගියා. සමහර දවසක ඉතිං ආප්ප කන්න මුහුදේ තිබුනු කොරල් පර ටිකත් ගලවලා ගෝණි කරලා විකුණුවා. අපරාදේ කියන්න බෑ සිනීගම, වැරැල්ලානෙ, තොටගමුවෙ හාදයන්ට සුනාමිය ඇවිල්ලයි කොරල් පර කඩන එකේ ආදීනව කියලා දුන්නෙ. ඕං ඔහොම එක දවසක මස්තෙ ගහලා අතේ පිච්චිය නැතුව වේළි වේලි ඉන්න දවසක කටා කතා කරා වරෙල්ලා ආප්ප කන්න යන්න කියලා. කටාගෙ අම්මා හිටියෙ රට ඒක නිසා කටාගෙ ළඟ සල්ලි තිබුනා. කට්ටියම දැන් ගාළු පාර දිගෙ ඇවිදගෙන එනව වැල්ලවත්තෙ අරක්කු චන්දරේ මාමාගෙ කඩේ මුලින්ම අහුවෙන්නෙ. කටා දිගටම යනව, ඊළඟට ගාමිණි අයියගෙ කඩේ ඒත් කටා දිගටම යනව. "කොහෙද බං යන්නෙ ගමිණි අයියගෙ කඩේට යමං" "වරෙං බං ලුමබිණියෙන් කමු" කියාගෙන කටා යනව ඒ පස්සෙන් අපිත් යනව. මේ කඩ දෙකටම නිතරම යනව සහ කඩදෙකේම එවුං අපේ ගෙවලුත් දන්නව. අපිටත් අවුල් මූ මොකද අද ලුම්බිණි යන්නෙ කියලා.

                                                        මූ ලුම්බිණියෙ හෝටලේ ළඟට කිට්ටු වෙලා කියාපි "උඹලා අප්ප අරං කාපල්ලා අවුළක් නෑ හැබැයි මම වෙන මේෂෙක ඉඳන් කන්නෙ, බිල මම ගෙවන්නං උඹලා කාපල්ලා හරිද" කියලා. අපිට මොකෑ තෝ බිළ ගෙවනවනං කියලා හිතං කට්ටියම ලුම්බිණියට රිංගලා ආප්ප කනව. ඔය ලුම්බිණියෙ වැඩ කරන මිනිස්සුයි අයිතිකාරයයි මයිනගෙ අප්පගෙ බොක්කෙ ෆිට් බූවාලා, එතනින් මෙහා පැත්තෙ අබේවීර ස්ටෝර්ස් එක. අබේවීර එකේ ඉන්නෙත් මයිනගෙ තාත්තගෙ ළඟම හිතවත් අය, හික්කඩුවෙ සිකරට් ඒජන්සිය කරේ එයාලා. අබේවීර ස්ටෝර්ස් එක ඉස්සරහ පැත්තෙ චන්දන ෆාර්මසිය ඒකත් එහෙමයි. ඔය හරියෙ පාරෙන් ගියත් කඩේකට ගොඩ උනත් තාත්තට නිව්ස් එක යනව. ඒක නිසා මයිනා ඔය හරියෙන් ගියත් බොහොම පරිසමින් තමා ගමන් ගත්තෙ. කට්ටියම ආප්ප කනව දෙයියනේ කියලා දන්සැලක් කනව වගෙ. සෙට් එකම ආප්ප කාලා ඉඟුරු ප්ලෙන්ටියක් එහෙම බොනව, කටා කිව්වා "උඹලා ප්ලෙන්ටිය බීලා ඉස්සරහට පලයල්ලා මම එන්නං" කියලා.




                                     කට්ටියම කාලා බීලා කඩෙන් එළියට බැහැලා ආවා, කඩේ ඉස්සරහ තැග් ගැහෙන්නයෑ කියලා ගාළු පාර දිගෙ ඉස්සරහට ඇවිදගෙන එනව. එන ගමන් අබේවීර ස්ටෝර් එකේ තට්ටෙ අයියටත් අයියෙ කියාගෙන හිනාවකුත් දාගෙනම ආවා. ඒ වෙද්දි වෙලාව හවස හයාමාරට විතර ඇති. මෙන්න බොළං කටා දුවගෙන එනව "දුවපල්ලා" කියාගෙන. මූ ගිය තැන කෑමක් සහ නෑමක් නිසා හැමෝම පුළු පුළුවන් විදියට දුවගත්තා ආප්ප දිරවන්නත් එක්කම. මහපාරෙන් රේල්පාරෙන් අර පැත්තෙන් මේ පැත්තෙන් දුවල දුවල කට්ටියම එකතු උනා සුපුරුදු අපත පොට් එකට.

තඩියා:- මොකෝ වහෙ උනේ

කටා:- බොලා කාපුවට බිල ගෙව්වෙ නෑනේ බං කඩේ එවුං වළිය දැම්මා

කට්ටා:- @රි වැඩ කරන්න එපා වහෙ, දැං ඒ පැත්තකටවත් යන්න බෑ නේ.

සුද්දා:- ගහා #කයගෙ කණ පොඩි වෙන්න.

                                            කට්ටියම කටාට වළිය මයිනට පට්ට බයයි යකෝ හෙට උදේ තාත්තට ඔය කඩේක එකෙක් කිව්වා කියන්නෙ ඩබල් පෝරියල් නෙ. මයිනා කටාව බෙල්ලෙන් අල්ලා තල්ලු කරල දාලා තඩියයි සුද්දයි එක්ක ගෙදර දිහාවට ආවා. එදිදි පිය රජානෝ ශාන්ති එක්ක තනිවෙලා සිරස බලනව. ෂේප් එකේ තාත්තව එළියට එක්ක ඇවිත් සුද්දයි, තඩියයි එක්ක තාත්තට කිව්වා විස්තරෙ.  

"තෝ වල් බල්ලා මට පාරේ බහින්නත් නැති කරපිය, දැං අම්මට ඇහුනනං බලාගනිය තොට කරන දේ"

"අම්මට ඇහෙන්නැති වෙන්න නේ ඉතිං ඔයාට කිව්වෙ"

"මං උදේට ගිහින් බලන්නං" කියල ඉතිං පිය රජානෝ කොන්තරාත්තුව බාර ගත්තා.

                                        පහුවදා උදේ තාත්තා තඩියයි, සුද්දයි එක්ක ගිහින් පෙරදා වෙච්ච වරද උනේ මෙහෙමයි කියලා කියලා රුපියල් දෙසිය ගානක බිලකුත් ගෙවල ඇවිත් තිබුණා. කටාව දැක්කම නම් තාත්තට මළ පැනලා "තෝ උස්සලා ගහනව පොළවේ වල් බල්ලා" කියලා තිබුනා. ඊට පස්සෙ කටා එක්ක ආප්ප කන්න ගියේ බොහොම පරිසමින්.
එන්නං එහෙනං ඈ.... හොරෙං කාලා දුවපල්ලා ඒකත් පට්ට්
___මයිනා___

No comments:

Post a Comment