Friday 29 March 2019

මයිනාගෙ කතා....34 සැළළිහිණිය

මයිනාගෙ කතා.....34... සැළළිහිණිය....

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බැද කිකිණිය දද ගිගිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුර වරට





කැළණිය වර්ණනාව 11 වසර සිංහළ සහිත්‍ය පොතේ සැළළිහිණි සංදේශයෙ එන කවියක්.  මයිනා ස.පෙළ කරන කාලේ විෂය නිර්දෙෂයේ තිබුනු අගනා සංදේශ කාව්‍යක්. "ගුත්තිලය" වෑත්තෑවෙ හිමි, "අයියානායක" විමලරත්න කුමාරගම, "මගෙ රට" පි.බි. අල්විස් පෙරේරා.   මතකයෙ හැටියට නම් මේ සියල්ල අපේ සිංහළ පොත් දෙකේ තිබුනා. එවකට සිංහළ විෂය ඉගැන් වු ගුරැතුමිය මයිනගෙ ඥාති වෙන ඒත් ටිකක් සැර පරැෂ කෙනෙක්. එතුමියට මයිනා නොදැක සිටිමත් දුකට කාරණාවක් වගෙම මයිනා දැකිම කේන්තියට කාරණාවක්. එතුමිය අතේ කුමන ආකාරයෙ භාණ්ඩයක් තිබුනත් එයින් පහරක් ගැසිම එතුමියගෙ පුරැද්දක්. එතුමියගෙන් ගුටි කෑම මයිනාගෙ පුරැද්දක් දෙදෙනාට දෙදෙනා නොදැක සිටිමත් දැකිමත් දෙකම පුල් අවුල්.

                                          
                                           එතුමිය වෙන පංතියක උගන්වන වෙලාවක ඒ අහාල පහාලින් ගියා කියන්නෙ බඩුම තමා. "තමුසේ මෙහෙ එනවා" අතේ තියෙන පොතේ මුල්ලෙන්  ඔළුවට. ගුරැ විවෙකාගාරෙ පැත්තෙන් ගියොත් උණු වතුර බෝතලෙන් ඔළුවට අපරාදේ කියන්න බෑ එවැනි ගුරැ ගෝල සබඳතාවක්.  ඒ කාලේ ඉතිං පොතේ තියෙන කවි සියල්ල පාඩම් කරන්න ඕනෙ.  හිටි ගමන් එක ළමයෙක් නැගිට්ටවලා කවි පාඩම්ද කියලා බලනවා. ඒ නැගිට්ටවන ළමයා මයිනා වීමෙ සම්බාවිතාව 90%ක් විතර තමා. සැළළිහිණි සංදේශය පාඩම පටන් ගත්තා මාගෙ දයාබර ගුරැතුමිය තරයේ කියා සිටියා කවි පාඩම් කරපල්ලා මම හැම කෙනාගෙන්ම ආහනවා කියලා. අනේ බොහොම උනන්දුවෙන් ආශාවෙන් නිදි වරා රෑ පුරා ඉඩක් ලද ඇසිල්ලෙ සැළළිහිණියෙ කවිම පාඩම් කරනවා. යංතං කවි බොහො ප්‍රමාණයක් පාඩම් ගුටියක් නොකා ෂේප් වෙන්න පුළුවන්.  කියන්න සංතෝෂයි පිංවතුනි එදා සිංහළ පීරියඩ් 2ක් එකට තිබුනු දවසක්. අද කවි ටික අහානවා කියන එක සුවර් උදේ ස්කෝලේ ගියපු ඇසිල්ලෙ පොත පෙරලන් කවි පාඩම් කරනව. එක නස්කූණියෙක් ඇවිත් කැළණිය වර්ණනාව කවිය වෙනත් විදියකට කියාපි.

ඈ පැමිණිය රෑ පැමිණිය ඇඳ ළඟට
මා නැගිණිය ඈ නැගිණිය ඇඳ උඩට
රස වැහෙන ## පැමිණියෙ %% අගට
සැළිහිණිය #% #% පළ කැළණියට

කියන්න සංතෝෂයි සතියක් පුරා පඩම් කරලත් සැළිහිණියෙ කවි පාඩම් නැති අපත රැළට, එකම එක පාරකින් මේ තඩි කුණු හරැප කවිය මතකයි කිහල්ලකො. සැළිහිණිය පැත්තක තියෙද්දි දැන් ඉතිං මේ කවිය මුමුණනවා. හෙමින් සැරෙ කාළය කවුළු දොරින් පැන ගිහිල්ලා ගුරැතුමිය පංති කාමරෙ දොරෙන් ඇතුලු උනා. ඇදපංකො පීරියඩ් 2ක් එක දිගට දැං. තැනින් තැන එක එකා නැගිට්ටුවා ගුරැතුමිය කවි අහනවා පුළුවන් එවුන් කියනව බැරි එවුන් කෝටු පාර 2ක බැගින් කනවා. තව තැනකින් කෙල්ලෙක් නැගිට්ටුවා ඒකි ඉතිං තාලෙට


"පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට"..
කිව්වා විතරයි මයිනා සිර කරන් සිටි ඒ අසිරැ වලත්ත කාඩ හිනාව හුචුස් ගාලා පැන්නා එළියට. අනේ ඉතිං රතුව ගිය දෑසින් යුතුව කාළි යකින්න සේ රවා ඔරවා ගුගුරා "තමුසේ කියනවා" කියලා දුන්නා විදානයක්. කියන්න කුජීතයි මිත්‍රවරැණි මතක් නොවේ මෙලෝ මළ දානයක්.

"පැහැසරණිය ඈ පැමිණිය" "බඳ කිකිණිය පල කැළණිය"

කියලයි කිය උනේ සුපෙම්වතුනි ආදරණිය ගුරැතුමි ගත්තා අතට රත්මල් කෝටුව "මොනවද තෝ කියන්නෙ හරකෝ" කියලා දුන්නා දීමක් අනිත් එවුන් සිනා සයුරෙ ගිල්වලා. ගහපිය බූරැවා දණ එළියට ගිහින් කියපි. දැන් ඉතිං ගිණ අවුවෙ තාප්පෙන් එළියට ගිහින් දණ ගහාගෙන ඉන්නව. අපරාදේ කියන්න බෑ පාසලේ හිටපු විනීතම දරැවෙක් නිසා දණ ගසා සිටින ස්තානයෙන් මාර්ගය හරහා ගමන් ගන්න සියළු ගුරැ බවතුන් කෝටු පාරක්, අඩි රෑල් පාරක්, ටොක්කක් හො අතේ තියන් යන පොතෙන් එකක් හරි ගහගෙන යනව.


පීරියඩ් දෙක ඉවර කරලා ඒ ආදරණිය ඥාති ගුරැ උත්තමාවිය ආවා ළඟට.

"අද තොගෙ මහ එකා හම්බ වෙන්න මම එන්නං කෝ" කියාපි.
ඔළුවෙන් පටන් ගත්ත හිරියක් ඇඟ පුරා ඇවිත් කකුල් දෙකෙන් පහාළට බැහැලා ගියා. මුත්‍ර බරකුයි කක්කි බරකුයි හිස මත පාත් කර ගෙනම. අපේ මහ තැන ෂොට් එකක් දාපු වෙලාවක එහෙම ආවොත් ගෙදරින් ලැබෙන පිංබත් ටිකත් නැතුව යනව. පෙර වැරදි වගෙකට ගෙදරිනුත් අනතුරැ ඇඟවීම් ඇවිත් තිබුනෙ. මොනව කරන්නද එනදේකට මූණ දීලා රජෙක් වගෙ....... මූණ හොදගන්නව කියලා හිත හදාගෙන හිටියා. හැන්දෑවේ 7ට විතර මහ තැන කෑ ගහපි

"ලොකු එකා මෙහෙට වරෙන්"

අසරණ බැල්මක් මව්තුමිය දෙස බලාගෙන පිය රජතුමා ළඟට පිය මැන්නා. මයිනගෙ මල්ලි ඉතිං නිධානයක් ලැබුනු හිඟන්නෙක් වගෙ බලන් ඉන්නවා සතුටු සිතින් මයිනා ගුටි කනකං..
"මොකද අද ස්කෝලෙ උනේ"
"කවියක් බැරි උනා කියලා දණ ගහලා තිබ්බා"
"මට කිව්වා උඹගෙ අස්සරෙ එච්චරට හොඳ නෑ කියලා. පාඩම් කරපං හොඳට"
"තෝ කකුල් දෙකෙන් උස්සලා පොළවෙ ගහන්නෙ වැරදි කරලා අහු උනොත්"

හම්මෙ යංතං ඇති තාත්තා සිල් ගනිපු දවසක් සහ ගුරැතුමිය අතරමගක මුණ ගැහිච්ච නිසා වැඩේ ගොඩින් සේප්. මයිනගෙ මල්ලිට වැඩේ අවුල් ඇයි තාත්තා ගොඩින් වැඩේ සේප් කරපු නිසා. මූ මයිනා එද්දි දැම්මා කකුලක් මයිනා වැටෙන්න. මයිනත් මොකද කරෙ වැඩිපුරත් බර දාලා එහා පැත්තෙ පිහියකින් වැඩක් කර කර හිටපු අක්කගෙ උඩට පත බෑවා. ඕං ඉතිං තාත්තගෙ මල ඕවර් උනා "මොකද බොල" කියනකොටම අක්කා කිව්වා

"පොඩි එකා කකුළ දැම්මා ලොකු මල්ලි වැටුනා"

අනේ ඉතිං ප්‍රිතීයෙන් පිනා සිටි මයිනාගෙ මල්ලිට පේර කොටුවකින් පහාර පිට පහාර වදිද්දි පස්වනක් ප්‍රිතීයෙන් පිනා මයිනා ලැබූ ආතල් එක මුදල්වලට ගත නොහැකි බව සඳහන් කරනු කැමැත්තෙමි.

අනේ මිත්‍රවරැනි කියන්න විළි ලැජ්ජයි ගුත්තිල කාව්‍ය තුලත් අපේ හැතිකරෙ හැදු කවිය තවමත් මතකය ඒත් ගුත්තිලයෙ කවි කිසිවක් මතක නැත. නිකං ඉන්න වෙලාවට සැළළිහිණියෙ කවිය කියපල්ලා ඒකත් පට්ට........... මයිනා ......

2 comments:

  1. අයියෝ.... හිනාවෙලා මැරුණා මේක කියවලා… :D :D :D

    අනේ මයිනෝ, මේ ලිවිල්ල නතර කරන්නවත් ලියන විදිය වෙනස් කරන්නවත් යන්න එපා කවදාවත්...

    ReplyDelete
  2. උබගේ ලියවිල්ල නම් මරු බං
    උදේ පාන්දර ලේ ටික පිරිසිදු කරගත්තා

    මගේ පාසල් කාලෙත් ඔය වගේ කතා අප්‍රමාණයි
    අපේ එකෙක් හිටියා 7 පන්තියට ගිහිල්ලත් හරියට පාඩමක් කියවන්න බැරි
    දවසක් මුට පන්තියේ ඉස්සරහ ඉතිහාස පාඩමක් කියවන්න දුන්න
    මු කියවගෙන යනකොට , කවුදෝ නොදන්නා රජ කෙනෙක්ගේ නමක් කියවුනා
    අයි. වී. පරාක්‍රමබාහු කියල
    යකෝ ටිකක් වෙලා ගියාමයි තේරුම් මුට රෝම ඉලක්කම මාරු වෙලා කියලා

    අදටත් ඌව අපි දන්නේ අයි. වී කිව්වහම

    ReplyDelete