Sunday 31 March 2019

මයිනාගෙ කතා... 36 රෙන්න බරා......

මයිනාගෙ කතා... (36).... රෙන්න බරා......

                                      ටොෆික් එක ඊයා..... නේ, කරන්න දෙයක් නෑ අද ලියන්න වෙන්නෙ ඌ ගැන. ඌ කිව්වට සමවයසෙ හාදයෙක් හැබැයි අපිත් එක්ක යාළු මිත්‍ර සමාගම් අතේ දුරින්. හේතු දෙකක් නිසා එකක් ඒකා හෙණම කුලෑටි ගොං වස්සෙක්, අනික තමා ඌ මව් පේන දුරින් ඉන්න හාදයෙක්. සෙල්ලම් කර කර ඉන්න ගමන් ගෙදර දුවනවා අම්මා හොරැ අරන් ගිහින්ද බලන්න. 
                                                  ඇත්තම කිව්වොත් ඒ මව්තුමියයි පුත්‍ර රත්නයගෙයි බැඳිම නිසාම උගේ පිය රජානො වෙනත් තැනක වාසල් කොරටුවක් පනින්න පුරැදු උනා.  දැං අහපියව් ඇයි කියලා.  බොළව් අරැට යන්තං දණ ගාන්න පුළුවන් වෙච්චි දවසෙ ඉඳන් අරෑ නොවෙයි පිය රජුට මව් දේවිය ඉන්න ඉසව්වකට යන්න දුන්නෙ. ඌ ස්කොලේ දාපු දවසේ ඉඳන් තාත්තා සතුටෙන් හිටයළු ඩියුටි ෂිප්ට් එක මාරැ කරලා උදේ වරැවෙ වැඩ ටික අහවරයක් කරන්න.  ඒත් ඉතිං මූ පාසල් ගියදා පටන් තක්ෂලාවෙ කෙටි බිත්තියෙන් එබිකම් කරනවළු අම්මා ඉන්නවද බලන්න.  එහා පැත්තෙ කඩේක තිබ්බ රතු පාට ලියුම් පෙට්ටිය උඩට වෙලා ඉන්න එක තමා ඌගෙ අම්මගෙ රාජකාරිය. අර ලියුං පෙට්ටියට ලියුමක් දාන්න කවුරැ හරි ආවම අරැන්දෑ පැත්තට කැරකිලා ලියුං දාන කට පෙන්නනවා. එක දවසක පියුං මහත්තයා වැරදිලා රෙද්ද අස්සට අත දැම්මාය කියන්නෙ. ඒ කතාවට නම් අරැගෙ තාත්තා කිව්වලු "
"මම අත නොතියන එකේ ඌ හරි අත තිබ්බනෙ".. කියලා.

උංගෙ තාත්තා පොලේ බිස්නස් කරා සල්ලි එහෙම තිබුනා.  හැබැයි අර ගොං වස්සට හෙණ ආදරෙයි.  ඌ උප්පාද උනාට පස්සෙ තමාලු අරැගෙ තාත්තට හරිගියෙ.  ඊට කලින් නන්නත්තාර වෙලා නහුතෙටම කෙළවිලාලු හිටියෙ.  මූට තාත්තා ඕනම දෙයක් දෙනවා හැබැයි මූ අම්මව නම් තාත්තා ඉන්න පැත්තකට යවන්නෙ නෑ.  තාත්තා ගෙදර නම් මූ අම්මා ලැට් එකට ගියත් එළියට වෙලා ඉන්නවා අම්මා එනකම්.  එක දවසක අපි හින්නි එවුන් කාලේ ගොං වස්සගෙ ගෙදර එහා පැත්තේ පොල් කෑල්ලෙ සෙල්ලං කරනවා. අරෑ ගෙදර දිව්වා අම්මා හොරැ අරං ගිහින්ද බලන්න.  ටිකකට පස්සෙ මූ මිදුලට පැනලා කෑ ගහනවා
"මගෙ අම්මව මරණවො" කියලා
එහා පැත්තෙ ගෙදර ඉන්නෙ ඌගෙ පුංචි අම්මා.  පුංචි ගෙට දුවද්දි අරැගෙ තාත්තා සරම නැතුව ඉන්නවලු පිහියත් උරැක්කු කරන්.  මස්සිනාගෙ පිහිය දැකලා නෑනා කලන්තෙ දාලා වැටිලා.
එදා වෙච්ච ඒ අවමානෙන් පස්සෙ තමා උගෙ තාත්තා පොලට එන ඇහැට කණට පේන එහෙකට පිහියෙන් අනින්න ගියෙ.  උංගෙ පුංචිටත් පිහියෙන් ඇනපු කතාවක් ගමේ තිබුනා.  සමහර වෙලාවක අරෑගෙ අප්පා බීපු වෙලාවට කියන්නෙ
"ගිය ආත්මෙ මේකිගෙ මිනිහ තමා මූ" කියලා.

ඌට වසර 18ක් වෙනකනුත් නිදා ගත්තෙ අම්මා ළඟ තාත්තා වෙනම කාමරේක. 18න් පස්සෙ ඌ නිදා ගත්තෙ අම්මගෙ චීත්තයක් පොරවගෙන.  හැබැයි පුතෝ මූ එක රැයක් ගෙදරින් පිට නම් ඉන්නෙ නැත කොයි දීපංකරෙ ගියත් අම්මත් ඇදන් තමා.  ගමේ අපේ කිහිප දෙනෙක් එකතු වෙලා අවුරැද්දකට සැරයක් කතරගම ට්‍රිප් එකක් යනවා දවස් 3ක.  මයිනාගෙ ගෙදර ඈයො සහ අපතයෝ වැඩි දෙනෙකුත් ට්‍රිප් එකේ.  මේ ට්‍රිප් එක ෆුල් ෆන් ට්‍රිප් එක නිසා මේ ගමනට බොහො අය ස්වකැමැත්තෙන් වේලාසනම එකතු වෙනව.  මෙදා පාර ට්‍රිප් එකට ගොං වස්සයි ඌගෙ තනියට මෑණියන් වහන්සෙයිත් සහභාගි උනා. දොර දෙකේ ලේලන්ඩ් එක දැං ට්‍රිප් එකේ.  අග්ගබෝධිය වැන්දා, වේරහේන වැන්දා, වැවුරැකන්නල වැන්දා...... සිංදු කනවා බෙර පලනවා. 





                                                            අපරාදේ කියන්න බෑ සියළු තැන්වලදි අරැගෙ අම්මා අරැට වඩේ කවනව, අයිස්ක්‍රිම් කවනව, බොම්බයි මොටයි කවනවා, බාබානයිස් කවනවා..... ලට්ට පට්ට ලොට්ට සියල්ල කනවා.  සාමාන්‍යයෙන් දවල් කෑමට හවස 3 හො 4 වෙද්දි තිස්සමහරාමෙට ගිහින් තිස්ස චෙත්‍ය පිටිපස්සෙ තියෙන ඇල පාරෙන් හොඳට නාලා  කාලා තමා කතරගමට පිටත් වෙන්නෙ. රෑ කතරගම ගිහින් වැඳලා පුදලා නැමඳලා නැවත විශ්‍රාම ශාලාවට එන ගමනේ, අරෑ තම්බපු බඩ ඉරිඟු, උණු උණු පැණි ආප්ප, තම්බන ලද රට කජු ........... . එකී මෙකී නොකී සියල්ල මෑණියන් වහන්සෙ සපයනවා පුත්‍ර රත්නය අඹරණවා.  අපරාදේ කියන්න බෑ මුළූ ට්‍රිප් එකේම ඈයෝ මව්තුමියගෙ දාරක සෙනහස සහ පුතණ්ඩියාගෙ අතී විශේෂ බොක්ක ගැන කතාව.  ඒ සබ්බ සකලමනාවම කාපු මේ කා පාළුවා රෑට ට්‍රිප් එකේ ඈයො ශ්‍රමදානෙන් උයාපු බතුත් කෑවා කිහාංකො.  ගත පෙලා කන වෙලේ තල තලා නිදා ගත්තා මදුරැවන්ව හොඳේ.

                                                                 පසුදා උදෑසණ කිරි වෙහෙරත් වැඳලා කට්ටිය සෙල්ල කතරගමට සැපත් උනා.  දැං අපරාදේ කියන්න බෑ සුපුරැදු පරිදි මව් - පුතු සෙනෙහස පටන් අරන්.  දොදොල් ගන්නවා සාම්පල් බලනව, බෙළි මල් බොනව, රණවරා බොනව, දිවුල් ගන්නව..... වැඩ ගොඩයි.  සෙල්ල කතරගමත් වැඳං ඉවර වෙලා කට්ටියම බස් එකට නගින්න යද්දි දකිනවා, මව් සෙනහස උතුරා ගිහින් අර ගොං වස්සට  මීකිරි හට්ටියක් කවනවා.  ඊළඟට සිතුල් පව්වට දවල් කෑම සිතුල් පව්වෙදි කන්නයි අදහස. ඕං සෙල්ල කතරගමින් පිට වෙලා ටිකක් දුර එද්දි ගමේ එළවළු කඩ පේලියක්.  මෑ කරල්, වම්බටු, දිවුල් මළු, දෙළුම් සමග කර්ත කොලම්බන්.... ඇතුළු තවත් වර්ග වල රස අඹ.  හිටපු ගෑණු පරාණ ලාබේට එළවලු ගන්න අතරෙ අර මෑණියො පුතණ්ඩියට රට අඹ ගෙඩියක් කවනවා. මූ ලොකු සයිස් අඹ ගෙඩියකුත් උගුරෙන් පහළට දා ගත්තා. 

                                                      දැන් සිතුල්පව්ව රජමහ විහාරය බලා යාළ වන මැදට. අලි නාවන වලවල් සහිත දුවිලි පිරැණු අති දුෂකර පාර. කොටි කලබළ නිසා ඩ්‍රයිවර් අයියා අරිනවා වහානෙ ජෙට් එක වගෙ. වලවල් වල වැටෙනවා පැද්දෙනවා ගැස්සෙනවා ඇඩ්වාන්චර් වැඩ කෝටියයි. ඒ අස්සෙත් ගියපු කෙල්ලන් කොල්ලන් "ඉස්සං මගුරං ලොකු වැළි ගොව්වං" කියනවා. අර ගොං වස්සා අතේ පොඩි ලී කෑල්ලක් තියං බස් එකේ සීට් එකේ අල්ල ගන්න තියෙන ඇලුමිනියම් බාර් එකට තට්ටු කර කර ආවේ.  හිටි ගමන් තේරෙණවා මු නිකං යකඩ තලනවා වගෙ අර ලී කෑල්ලෙන් ඇලුමිනියම් බාර් එකට ගහගෙන ගහගෙන යනව. අනේ සුපෙම්වතුනි බලන්න දුකයි අරැගෙ මූණ විරැව පට්ටං ගැහිලා. බොහොම අපහසුවෙන් මූ ෂීට් එකේ ඇඹරෙණවා. මූ බොහොම ආයාචනාත්මක බැල්මකින් අපි දෙස බලනවා. කැළණි හිඟන්නා වගෙ හටපු මූ ඔළුවෙන් මයිනට ළඟට එන්න ඉඟි කරා
"මචං මයිනො මට අමාරැයි බස් එක පොඩ්ඩක් නවත්තපං" කිව්වා. නිසි බළධාරියා උණු මයිනගෙ තාත්තට මැසෙජ් එක දුන්නා.

මයිනගෙ තාත්තා - "ඩ්‍රයිවර් මල්ලි කොල්ලෙකුට අමාරැයි පොඩ්ඩක් නවත්තමුද"

ඩ්‍රයිවර් - "පිස්සුද මද්දු අයියෙ මේ හරියෙ කොටි එනවා. පෙරේදත් බස් එකකට වෙඩි තියලා"

"තියෙන අමාරැවක් තද කර ගනිල්ලා ආයෙමත් සිතුල් පව්වෙ තමා නවත්තන්නෙ"

කොන්දා මල්ලි - "පේන්නැද්ද අලි බෙටි ළඟ ළඟම අලියෙක් ඉන්නවා. ඇරලා යං...."





කොටි බය අලි බය සමග අරෑට ඇති උනු ගූ බය. එක වලකින් බස් 
එක ගොඩ ඇවිත් අනිත් වලට වැටෙද්දි "බ්රෝස්සසසසසස්" සද්දෙකුත් එක්ක බස් එකම ගඳ ගහන්න පටන් ගත්තා. විළි ලැජ්ජයි පිං වතුනි කියන්නත් එක්ක අර විසි එක් වියැති තරැණ මහාතාට කලිසමේ ගූ ගිහින්. කහාපාට ගණ කොටස කලිසමෙ ඉතුරැ වී හොදි කොටස ෂිට් එකත් තෙමං කකුල් දෙක දිගෙ බස් එකේ බිමට. සිංදු ඉවරයි තාල ඉවරයි සොමිය ඉවරයි ගන්දස්සාරෙ බෑ දැං. ඩ්‍රයිවරයා වේගය ඩබල් කරලා බස් එක අරන් ඇවිත් නැවැත්තුව සිතුල්පව්වෙ වැව ළඟ. අනේ ඉතිං මයිනා ඇතුළු පිරිස අර කිඹුල්ලු හිටපු වැවෙන් වතුර ඇදලා බස් රථය හොදලා අර ගොනාගෙ ෂැම්පු බෝතලේම බස් එක ඇතුලට හලලා පව්ඩර් එකක් තිබුනා ඒකත් හලලයි බස් එකේ ගඳ නැති කරෙ. අපේ ට්‍රිප් එකේ ගියා කටකාර කෙල්ලෙක් ඒකි අපේ තාත්තට කියාපි

"මද්දු මාමේ ආයෙමත් ට්‍රිප් එද්දි මේ රෙන්න බරයි ඌගෙ අම්මයි නම් එක්ක එන්න එපා හොඳේ" කියලා.

එදා සිතුල්පව්වෙදි ඌට දාපු ඒ නම ලියාපදිංචි උනා. නම නිහාල් උනත් "රෙන්න බරා" කියන නමින් තමයි හැම කෙනාම ඌව දන්නෙ. හැබැයි ඊට පස්සෙ අපි ඉන්න පාරකින්වත් ඌ ගියෙ නෑ.

ටිං බෙලෙක්ක ටක්ක බක්ක
සද්ද හඬවලා...
කබල්ම බස් එකක් සොයා කොල්ලො
ට්‍රිප් එකක් ගියා.....

ට්‍රිප් ගියාට කමක් නෑ පෙරේතකමට මීකිරියි අඹයි කන්න එපා තොපිලා.. බස් එකේ තමා රෙන්න වෙන්නෙ.....
___මයිනා__

3 comments:

  1. සෙන්න බරා කසාද බැඳලැයි දැන්?

    හයියෝ... මං හිතුවෙ මං නමය පන්තියේ ඉන්න කාලෙ පන්තිය ඇතුලෙ ඔහොම වැඩක් වෙච්ච එකෙකුට තමයි එච්චර වයසකදි ඔහොම දෙයක් උනේ කියලා. බැලුවම අප්පේ... අරම කනකොට හිතන්න එපායැ අම්මයි පුතයි දෙන්නම, මේවා අනිත් පැත්තෙන් යන්නත් එපායැ කියලා... අම්මා මොකද කළේ? ඒ ලව් එකේ හැටියට නම් අම්මා එපායැ අත් දෙකෙන්ම සුද්ද කරන්න..

    ReplyDelete
  2. ඈ පෝ.... ! ඉතිං අර උඩ අහල තියෙනව වගේ උන්දැගෙ අම්ම මොකද කොළේ?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඒ අම්මණ්ඩි අර කිඹුල්ලු ඉන්න වැවට බහින්නයි කොල්ලො එක්තු වෙලා හෝදලා දැම්මා

      Delete