Sunday, 14 April 2019

මයිනාගෙ කතා.... 42 කටා -3

මයිනාගෙ කතා....42... කටා -3

                                      නෑම,කෑම සහ ඉල්ලං කෑම මේ සියල්ල කටාගෙ ජීවිතේට බද්ධ වෙච්ච දේවල්. අපරාදේ කියන්න බෑ එකට ගියපු එකා දාලා එන්න බැරි අමාරුව නිසා කටා අපිට බුෆේ ක්‍රමේට හරි පස්සෙ පන්නා දෙන ක්‍රමේට හරි කෑමක් දුන්නා මාසෙකට සැරයක්.


                                   ඒ කාලේ අවේලාවේ පාරවල් ගානේ තාප්ප බෝක්කු වගෙ තැන්වල රස්තියාදු වෙන හාදයන්ට පොලිසියෙන් කම්බුල් පාර බැගින් එහෙමත් නැත්තං කණ පැලිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුනා. කටා සහ අපත පිරිස මයිනත් ඇතුළුව පාරක් අයිනේ වළක් බහින වෙලාවේ පොලිසියෙ මහත්තරු ටිකක් ආවා.

"මොකද තොපි පාරේ කරන්නෙ? "
"සර් දානේ ගෙදරක යන්න ඉන්නෙ"
"දානේ ගෙවල් තොපිට.... #@#%^& "
"පටාස්" පළවෙනි එකාට කනේ පාරක්
"චටාස්" දෙවනි එකාට කනේ පාරක්
අපේ කටා පැන්නා ඉස්සරහට,

කටා- "අතක් තියන්න එපා එක කොල්ලෙකුටවත් තරුවයි පටියයි නැතුව ගෙදර තමා ඉන්න වෙන්නෙ"

S.I. - "ඇයි තෝ මොනව කරන්නද?"

කටා -"කරන්නෙද යනවා මානව හිමිකම්. මාස 6ක් විතර ගෙදරට වෙලා ඉන්නකොට තේරෙයි තමුසෙට වෙච්ච දේ"

යකෝ S.I. මහත්තය ටිකක් පසු බැස්සා සිංහ සෙයියාව වෙනස් උනා.

කටා:- "පාරේ හිටියා කියලා කාටවත් ගහන්න ඔයාලට බෑ ප්‍රජාතන්ත්‍රවාදි රටක නිදහසේ රැස්විමේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවා"

S.I. - "තමුසේ කියවනව වැඩියි දැං තියෙන්නෙ හදිස්සි නීතිය ක්‍රියාත්මක කරලා."

කටා - "හදිස්සි නීතියෙන් සෝදිසි කරන්න පුළුවන් ගහන්න නීතියක් නෑ, හරි මම දැං මේ දෙන්නා අරං ඉපිරිතාලෙට යනව මෙඩිකල් එකක් අරං ඉතුරු ටික කරන්නම්"

        කටා ඉතිං සක්කුවෙන් පෑනක් අරන් අනිත් රාළාමිලගෙ නම්බර් 3ත් ලියා ගත්තා. පාරේ ආපු ත්‍රි වීල් එකට අත දාලා අනිත් උන් දෙන්නත් දාගෙන ගියා. වටේ පිටේ ආපු මිනිස්සුත් හොල්මං යකෝ ඒකට.




                   පහුවදා එක RPC කෙනෙක් ඇවිත් කටාව හොයනවා. ඒ රාළහමි අපේ ඉන්දිකයට සෙට් වෙලා අහලා "මල්ලි ඊයේ මෙහෙම පොඩි සීන් එකක් උනා ඒ මල්ලිව පොඩ්ඩක් හම්බවෙන්න බැරිද, ඒ මල්ලිට ඒක අමතක කරලා දාන්න කියන්න මල්ලි.අපි දරු පවුල්කාරයො නේ මල්ලි."කියලා.ඉන්දිකයත් කියල එයාලගෙ මාමා කෙනෙක් තමයි හයිකෝට් එකේ අර ලෝයර් කියලා තව ටිකක් රාහළාමිව අන්දවලා යවලා. බය වෙන්න එපා ඔයාලත් පාඩුවෙ ඉන්න එයත් පාඩුවේ ඉඳි කියලා. හැබැයි අර S.I. බුවා කටාට ගේමක් දෙන සයිස් එකේ හිටියෙ ඒත් ඊට කලින් උන්දෑ මාරු වෙලා ගියා වෙන පොලිසියකට. කියන්න අමතක උනා අර S.I. ලොක්කගෙ දෙවනි කනේ පාර කාටද ලැබුනෙ කියලා හිතා ගන්න පුළුවන් නෙ?


                                          තව දවසක කටාගෙ වද කිරිමකට කටා කෑල්ලක් දැකලා ඒක බලන්න යමල්ලා කියලා ඉතිං ඩබල් දාලා බයිසිකලේ කට්ටියම ගියා රත්ගම මොන්ටෝරියා වත්ත කියන පැත්තට. කටා එක්ක ගියා කියන්නෙම කෑමක් බව දන්න හින්දා මයිනා බයිසිකලෙ ගෙනාවෙ නෑ. කටාගෙ බයිසිකලෙ පොල්ලෙ තමා ගමන් කරේ. කටා ඉතිං ගියා කෑල්ලගෙ ගෙවල් දිහාවෙ පාරෙන් ගිහින් එන ගමන් මූ කෙල්ල දැකලා පාරෙදි කතා කරන්න නැවතුනා. අර කෙල්ල මූ දැක්කා විතරයි ස්පීඩ් එක ඩබල් කරා. මූත් මී හරකා වගෙ අර කෙල්ලගෙ අතිං ඇල්ලුවා නවත්ත ගන්න හිතන්.


                                                 ඒක දැක්ක ඒ ඉස්සරහ ගෙදර හිටපු එකා, ඌ ඒ කෙල්ලගෙ අයියලු . ආයේ ඉතිං මොනවද ආපු ගමන් බයිසිකලේ අල්ලන් හිටපු මයිනට දුන්නා පයින් එකක් මයිනයි බයිසිකලෙය  දඩෝරියං ගාලා බිම! වටේ පිටේ හිටපු කොල්ලො කුරුට්ටො ඉතිං අතට අසුවන සියළු දේ සමග සටන් බිමට. සමහර ඇන්ටිලා කොස්සද, ඉදළද, කොහු පොල්ලද රැගෙන පාරට! බයිසිකලේ කෙලින් කරන් පැදගෙන යන්න තරං වෙලාවක් නෑ බයිසිකලේ කේබල් ලොක් එක ගත්තා අතට මයිනා ගම හරහා දුවන්න සූදානම් උනා.

                                               කෙල්ලගෙ අයියා සහ පිරිස කටාට නෙළනව හො ගාලා. මයිනා දුන්නා කේබල් පාරක් අයියට! "දුවපං කටෝ" කියලා. මයිනගෙ උරපත්තට එකෙක් ගැහුව්වා ස්ටම්ප් පාරක්, තව එකෙක් පස්ස පැත්තට බැට් පාරක්, පහර පිට පහර ලබමින් මයිනා ගම හරහා! අපිට වඩා මීටර් 100ක් විතර ඉස්සරහින් ආපු අනිත් පිරිසත් හැටට හැටේ පදිනව ඩබල් දාලා අපිත් එක්ක ආවේ නෑ වගෙ. එකෙක් ගල් පාරක් එව්වා මයිනගෙ අතට වැදුනු පාර කේබල් එක බිම, කටා පේනතෙක් මානෙක නැත. මයිනා අතනින් මෙතනින් කැලෑවලින් කුරුඳු වතු මැද්දෙන් දුවලා දුවලා ගෝනපිනුවල මහවේල්ල කියන හරියට ආවා. පාරේ ගිය ලෑන්ඩ් මාස්ටර් එහෙක නැගලා හික්කඩුවට ඇවිත් ගෙදරට සේන්දු උනා. 


                                                        ඒහෙමයි කියලා පාඩමක් ඉගෙන ගත්තද නෑ නේ. අපේ ගම්පලාතට ටිකක් එහා ගමක තිබුනා අවුරුදු උත්සවයක්. වැඩක් පලක් නැතිකමට ඉතිං අවුරුදු ඉවර වෙලා තියපු අවුරුදු උත්සවේ බලන්න කට්ටියම ගියා. අපි ගිහින් මද වෙලාවකින් කටා අපේ ඉව පාරේ ඇවිත් උත්සව භූමියට සේන්දු උනා. දැන් කෑමක් ෂුවර් බව දන්නම නිසා කට්ටියම නැවත යමු කිව්වට එකෙකුටවත් යන්න හිතක් නෑ. ඇයි ඉතිං වටේ පිටේ චීත්ත කෑලි, ගවුම් කෑලි, සායකොට දාලා යන්න හිතේයෑ. ටික වෙලාවක් යද්දි කටා චාටර් වෙන්න ගත්තා. ඒ වෙනකොට සැඳෑ අඳුර ගලාගෙන එනවා එකාට එකා පෙනෙන නොපෙනෙන තරමට අඳුරුයි, කටා කෙල්ලෙක්ගෙ කොහෙන්දො අතගාලා කෙල්ල යාළු කොල්ලා උගෙ සෙට් එකත් එක්ක ඇවිත් කටා පැත්තකට එක්ක ගිහින් සළකනව.

                                                                                               
                     අපේ එවුනුත් ඉතිං අපේ එකාව හොයාගෙන ගිහින් සංග්‍රම භූමියට ප්‍රවිශ්ඨඋනා. මයිනා ඇඳං හිටි ටි ෂර්ට් එක ගලවලා ඉනේ බැදං වළියේ!  ඇඟෙන් පතෙන් ලොකු- මොලෙන් පොඩි තඩියා කොහෙන්දො අතට අහු වෙච්ච පොල්ලකින් හතර පැත්තටම වනනවා! වළියට ආපු ඒ පැත්තෙ එවුං දිව්වා ටි සර්ට් එක නැතුව හිටපු මයිනව ඒ පැත්තෙ එකෙක් කියලා හිතපු තඩියා දුන්නා මයිනටත් පොලු පාරක් නළල පැලි පැණි බහින්න. "තඩියො මං හු## මයිනා" කියාගෙන පත බෑවුනා බිම. අපරාදේ කියන්න බෑ මැහුං 3ක දැම්මා වැඩියෙ නෑ, අදටත් නළල්තලාවෙ විරාජමාන වන කැළල අන්න ඒ වැරදි පොලු පාර තමයි.

කටා ගැන කියනව නම් කතා ගොඩයි ඌ ගැනම කියලා හරි යන්නෙ නෑනේ ඒක නිසා වෙන කතාවකට යමු නේ
...... එන්නං ඈ......
___මයිනා____

Friday, 12 April 2019

මයිනාගෙ කතා ... 41 කටා - 2

මයිනාගෙ කතා ... (41) ... කටා - 2 

                                                 කොහෙන් කොහොම මඟ හැරලා මාරු වෙන්න හැදුවත් කටාව හලනවා කියන එක බොරුවක්. කොයි ලෝකේ ඌට හොරෙන් ගියත් ඌත් එනව අපිව හොයාගෙන.කටාව කට් කරලා කට්ටියම එක පාරක් තොරණ් බලන්න කොළඹ යන්න තීරණය කරා. සියළු සංවිධාන කටයුතු කටාට රහසේ සිද්ධ කරලා හවස 4ට විතර තිබුනු කෝච්චියක කොළඹ යන්න සෙට් උනා. 
                          කට්ටියම 3.30ට විතර කටාගෙ ගෙවල් පැත්තට ගිහින් කටාගෙ ආච්චිගෙන් කටා කෝ කියලා අහලා මාරු උනා.එහෙම කරේ කටා ඇහුව්වොත් උඹලගෙ ගෙදර ගියා "ආච්චි උඹ නෑ" කිව්වා කියන්න පුළුවන්නෙ.                                                 
                                         කටා නැති පරම ප්‍රීතියෙන් සියළු දෙනාම කොච්චි පෙට්ටියක් දෙවනත් කරමින් සිංදු කෑම ආරම්භ කරා. කියන්න සංතෝෂයි මේ විදියට ගිහින් අළුත්ගම ස්ටේෂන් එකේදි දකිනවා කටා "කොකා සේ" බෙල්ල දික් කරමින් කෝච්චි පෙට්ටි ඇතුලට එබි එබි එනවා. සිංදු ඉවරයි ෆන් ඉවරයි කට්ටියම අනිත් පැත්තෙන් කෝච්චියෙන් බැහැලා මාරු උනා. කොළඹ තොරණ් බැලිල්ල ඉවරයි, පාඩුවේ අම්බලන්ගොඩට ඇවිත් තොරණ බලලා ගෙදර ආවා.  කටා කොළඹ ගිහින් තනියම තොරණ් බලලා ආවා.
                                              දන්න අඳුරන හිතවත් පොරක් වෑන් එකක් අරන් ඒකට බාරයක් වෙන්න කතරගම යං කිව්වා. මයිනයි තවත් 4 දෙනෙකුයි නොමිලේ කතරගම ගියා. අග්ග බෝධිය වැඳලා, වේරහේන, වැවුරුකන්නල, තිස්ස වැඳලා කතරගමට. මැණික් ගඟෙන් නාලා හවස මහ දේවාලෙට යද්දි කටා දේවලෙ ඉස්සරහ ඉන්නවා ,අනේ ඉතිං කටාව දැං කට් කරන්න බෑ නොවෑ ඌවත් පිනා චාන්ස් ට්‍රිප් එකට එකතු කරන් වැඳලා කරලා නවාතැන්පොළට. 
                                     පාන්දරම නැගිටලා කිරි වෙහෙර එහෙම වැඳලා සෙල්ල කතරගමට. කටාට අවවාද අනුශාසනා දීලා එහෙම පාඩුවෙ හිටපිය කියල නැත්තං තෝ මග දාලා අපි යනව කියලා කිව්වා. දේවාල එහෙම වැඳලා එන ගමං දොදොල් මාකට් එකට රිංගුවා. ඔය දොදොල් මාකට් එකේ ඉන්නවා ගම් පලාතේ අපේ වර්ගයෙ එවුන් වගයක් කඩයක් දාගෙන. ගමේකම අපේකම දෙකම හින්දා අපේ එවුන් කවදා ගියත් දොදොල් එහෙම ගත්තෙ එතනින්.  ඕං ඉතිං කඩේට ගියාම එන්න "එන්න පුතේ" කියලා වාඩි කරවගෙන, ගමේ විස්තර අහන ගමන් දොදොල් කෑල්ලක් එක්ක තේ කෝප්පයක් එහෙමත් දුන්නා.
                                          අනේ ඉතිං වලත්ත කටාගෙ උම්බෑ කියන ගතිය මතු උනා. දැං මූ අහනවා දොදොල් හදන විදිය සහ අමුද්‍රව්‍ය එකතු කරන විදිය. අර නැන්දයි මාමායි මූට කියලා දුන්නා දොදොල් හදන හැටි,මූට තව ප්‍රශ්නයක්, දොදොල් වල මිල වෙනස් වෙන හැටි.  කඩේ මාමා රහසක් නැතුවම කියලා දුන්නා ඒ රහසත්,ලාබම එකට යම් ප්‍රමාණයක පාන් පිටි මාත්‍රාවක් එකතු කිරිම සහ තවත් බොහො දේ. ඔන්න ඉතිං කටාගෙ ඇඟ ඇතුලේ හැංගිලා හිටපු පාරිභෝගික සේවා අධිකාරියෙ නිළධාරියා එළියට පැන්නා.
"එහෙම කරන්න ඔයාලට අයිතියක් නෑ පාරිබෝගික සෞඛ්‍ය ගැන ඔයාලට කිසිම ප්‍රමිතියක් නෑ" "ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය හරහා නඩු පවරන්න පුළුවන්, දඩත් ගෙවල හිරෙත් යවන්න පුළුවන්. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්න දෙන්න බෑ" අර කඩේ ඇතුලේ ඉඳං මූ පොර වෙන්න ගියා. හැබැයි ඉතිං මේ මී හරකට අමතක උනා මේ කියවන්නෙත් බෙන්තර පාලමෙන් මෙහා පැත්තෙ එකෙකුට කියලා. විනාඩියක් ගියෙ නෑ කටාට කම්මුල් පාරක් වැදුනා අපරාදේ කියන්න බෑ ඇඟිළි 4ක් මූනේ සළකුණු වෙන්න.
           "මුගෙ අම්මට ###න කැ# බල්ලා උස්සලා ගහනව පොළවේ.   අපේ එකෙක් කියලා සැළකුවාම ආවා අපිටම අරින්න" .   මාමට යක්ෂය ආරෑඩ උනා මේ හිකනැල්ලා හින්දා.   මාමව කූල් ඩවුන් කරලා හිටපු එවුන් කටාට ගහන සයිස් එකට ඇවිත් යංතං ගොඩින් බේරං ෂේප් උනා.
                               කටා ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගෙ ගිහින් වෑන් එක ළඟට වෙලා හිටියා අපි එනකම්ම. කටයි පුපයි වහගෙන ට්‍රිප් එක ඉවර කරපු කටා ඊට පස්සෙවත් හැදුනද? පිස්සුද හැදුන්නෑ.
පැය 24යි උපරිම ඊට පස්සෙ සුපුරුදු චරිතෙටම ප්‍රවිෂ්ඨ වෙනව ආයෙමත් ගොං තමා.
එන්නං තව කියන්න තියෙනවා...... ඉවර නෑ....
🤔___මයිනා___

Wednesday, 10 April 2019

මයිනාගෙ කතා....40 කටා - 1

මයිනාගෙ කතා....(40).... කටා - 1 

                                              කටා කියන්නෙ වෙනස්ම විදිහේ පොරක්.. ලෝකෙටම එකයි ජාතියෙ එකෙක්. තැනක් නොතැනක් නැතුව කියවීමත්, ඕනෑ එකටත් එපා එකටත් දෙකටම හොම්බ දැමිම සහ ඉල්ලං කෑමත් නිසා නම් දරාපු හාදයෙක්. මාසෙකට සැරයක් කාගෙන් හරි ඉල්ලං කෑමක් සෙට් නූනා නම් අනුන් වෙනුවෙන් හරි ගිහින් බඩ කට පුරා කෑම කටාට ආවේණික පුරුද්දක්. අපි කටාව කොයි තරම් කට් කරත් වැඩක් නෑ කටා කොයි ලෝකෙට හරි අපිව සොයාගෙන එනවා.. පෙර කරුම පටිසන් දෙන්න සෙට් උනාම මේ වගෙ යාළුවො ජීවිතේට ළං වෙන එක වළක්වන්න බෑ නෙව.


                                                    හැබැයි ඉතිං මේ කටා අපිට නැතුවත් බැරි ඇතුවත් බැරි එකෙක්. උන්ගෙ අම්මා හිටියෙ රට ඒක නිසා ඌගෙ ළඟ සල්ලි තිබුනා හැන්දෑවක කොත්තුවක ආප්පෙක බිලක් ගෙවන වෙලාවට නම් අපිට ඌ දෙයියෙක් උනා. කටා කියන්නෙ එක පැත්තකින් අමර කපටියෙක්, සමහර වැඩ එක්ක අපිට හිතෙන්නෙ ඌට මොළ 4ක් විතර තියෙනව කියලා. ඌගෙ තිබුනු අනිත් වැදගත්ම කාරණාව තමයි සියළුම පුවත්පත් කියවිම සහ දැනුමෙන් සන්නද්ධ වීම. බොහෝ කරුණු කාරනා සම්බන්ධව මූට දැනුම තිබුනා ඕනැම දෙයක් පිළිබඳව තර්ක කරලා දිනන්න මූට පුළුවන් ඒක ෂුවර්. ඉල්ලං කෑම විනෝදාංශය කරගනිපු මූ සමහර වෙලාවට අපිටත් ඉල්ලලා දුන්නා මදි නොකියන්න. අපි මූව මග හැරලා මොන දීපංකරේ ගියත් මූ අපිව හොයාගෙන එනව. එහෙව් මූ ගැන තමයි කියන්න යන්නෙ.



                                       සන්ටෙල් කම්පැණිය ලංකාව පුරාම තමන්ගෙ ප්‍රචාරණ කටයුතු කරගෙන ගිහින් දකුණු පලාතටත් සේන්දු උනා. ගස් උඩ ලයිට් කනුවල එතන මෙතන අතන කොතන බැලුවත් සන්ටෙල් ප්‍රචාරක දැන්වීම්. එක දැන්වීමක් ආවා සුදු පාට ඝණකම රෙද්දක. ආං ඒ රෙද්ද ගලවං ඒකෙන් සර්ට් මහලා මියුෂිකල් ෂෝ වලට අඳින අමුතු ගොං රැල්ලක් ආවා අපේ පලාත පුරාම.  අන්තිමට උනේ සන්ටෙල් එකෙන් බැනර් දානවා අපේ එවුං කපනවා. අවසානෙ අදාල සමාගම පොලිසියෙ සහය පැතුවා බැනර් ටික බේර ගන්න. ඕං ඉතිං අපේ කටාටත් බැනර් සර්ට් එකක් මහන්න හිතිලා රෑ යාමේ ගිහින් බැනර් කපන්න තව එකෙක් එක්ක. බැනර් 3ක් මූ කපාගෙන තව බැනර් එකක් කපන්න අනිත් එකාව නග්ගලා ලයිට් කනුවකට. ඒ මොහොතෙම පොලිසියෙන් පැනලා මූව අල්ලං මූ බිම ඉඳං ලයිට් කණුවට නැගපු එකාට කියනවලු

"තව ටිකක් උඩට කරලා ගැට ගහපං, නැත්තං තොටගමුවෙ මදාවිකාරයො ගලවං යයි"
පොලිසයත් අංඥකොරොස් වෙලා ඇහැව්වලු

"තමුසේ මොකද කරන්නෙ"

"මම තමයි සර් මේ බැනර් ගැට ගහන්නෙ රුපියල් 500ක් දෙනව එක රෑකට, මේ හරියේ ගැට ගහන්නෙ අපි දෙන්නා ලොරිය බැනර් ටිකයි අනිත් අයයි අරං අරච්චිකන්ද දිහාවට ගියා"

"තමුසෙලා ඉවරද දැං"

"තව 3ක් තියේ සර්, ඒක ඉවර කරලා ඉස්සරහට යනව ලොරිය මගදි හම්බ වෙයි" කොහොමද ටිකිරි මොලේ.

"හා... හා.... තමුසෙලා යනවකො" කියලා පොලිසියත් ගිහිල්ලා.




                                                            ගාල්ලෙ සමනල පාලම ළඟ මියුසිකල් ෂෝ එකක් තිබුනා, කටාගෙන් මාර වදේ බලන්න යමල්ලා කියලා. මුගෙ වදේ සහ කොත්තු සංග්‍රහයකුත් දෙනවා කියපු නිසා ගියා සමනල පාළම ලඟ මහා සංගීත රාත්‍රිය බලන්න. ගෲප් එක ස්ටේජ් එක උඩ සෙල්ලං.. පහල බලන්න ආපු උන් එක එක ඩාන්ස් උඩරට නැටුං, වන්නං, කස්තිරං, බල්ටි, වඩිග පටුන, දෙවොල් නැටුම අරවද මේවද ඔක්කොම තිබුනා. කටා සහ පිරිසත් වඩිග පටුන ඩාන්ස් එක දානවා,එකෙක් දෙන්නෙක් බල්ටි ගහනව විකාර කෝටියයි.   මයිනා ඉතිං බලං ඉන්නව පොළව ඇද තැංවල මයිනට නටන්න බැරි කේස් එකක් තිබුනා.   කටා සහ පිරිසට එහා පැත්තෙ තව කොල්ලො සෙට් එකක් නටනවා.   කොණ්ඩ කොටට කපලා ටිකක් එකම විදියෙ ටයිප් එකක් මයිනා තීරණය කරා මුං නේවි එකේ හරි ආමි එකේ හරි වෙන්න ඇති කියලා.  ටික වෙලාවකින් කටාගෙ පිරිස සහ අනිත් පිරිස නැටුම් තරඟෙකට අවතීරණ උනා.
අපේ එකෙක් ගෙම්බා ඩාන්ස් - උංගෙ එකෙක් නයා ඩාන්ස්,
අපේ එකෙක් අඟර ඩාන්ස් - උංගෙ එකෙක් දඟර ඩාන්ස්,
අපේ තඩියත් ඒ අස්සෙ ජිම් පප්පා ඩාන්ස්..


                                            නැටුම් තරඟය ඉතාම උච්ච අවස්ථාවකට පැමිනෙමින් තිබුනා.  ඕං ඉතිං කටා සුපුරුදු ගොං පාර්ට් එකට පැමිනෙමින් සිටියා. අනික් පාර්ශවයේ එවුන්ගෙ ඇඟේ හැපිම, කකුලක් උසවා බල්ලා චූ දාන ආකරය පෙන්නවිම, ඇඟිළි වලින් කුණුහරැප පෙන්නවිම සහ වෙනත් රිලා චූන් වැඩ. එන පොට හොඳ නැති බව දැනුන නිසා මයිනා තඩියව පැත්තකට ඇදගෙන ඇවිත් කිව්වා "තඩියෝ කෑමක් සෙට් වෙන්න හදන්නෙ මාරු වෙන්න හදපං ඉක්මනට" කියලා. තඩියා කියාපි "කවුද බං මේහෙ අපිට වලි දාන්නෙ" කියල. අනේ ඉතිං තොපි බුෆේ දාගෙනම කාපල්ලා කියලා මයිනා සයිඩ් එකට උනා.






                                          කටා එකෙක් තල්ලු කරා ඒ පැත්තෙ එකෙක් කටාව තල්ලු කරා, කටා වැඩර් වගෙ දුන්නා එකෙකුගෙ කන හරහා පාරක් මයිනා තව ටිකක් දුරට උනා. අපරාදේ කියන්න බෑ හයේ හතරේ සෙට් එකක් ආවා 20ක විතර, කටා ඇතුළු පිරිසට දුන්නා දීමක් ආයේ ඉතිං බිව් රංකිරි කටින් එන්න. උසට මහතට හිටපු තඩියට පස් හය දෙනෙක් වට කරං වෙනම බාබකිව් එකක් දුන්නා... ඕක මැද්දට ගිහිං නිකං කන්න ඕනේ නෑනේ මයිනා පැත්තකට වෙලා පාඩුවේ බලං හිටියා. ආවා පොලිසියෙන් වලිය වෙන තැනට. අනිත් සෙට් එකෙක් "අපි නේවි එකෙන්" කිව්වා විතරයි පොලිසියත් මාරු. විනාඩි 20ක් විතර ඉතා හොඳ කෑමක් ලැබිමෙන් පස්සෙ ඉතිං හොයාගන්නවත් නෑ කට්ටිය. දුවන්න පුළුවන් එවුන් දුවලා, අනිත් එවුන් මඩ නාගෙන මඩ කාගෙන වැටිලා. හකු පැනලා දත් කැඩිලා ඔලු පැලිලා හදිස්සි අනතුරු වාට්ටුව වගේ. මයිනා බැලුව තඩියා කෝ කියලා තඩියා නැත. මයිනා ෂේප් එකේ කොළඹ බස් එකක එල්ලිලා මාරු. පසුදා උදේ 10ට විතර ගියා තඩියලගෙ ගෙවල් පැත්තට. තඩියා ඉන්නව ඔළුව එහෙම වෙලාගෙන ඇහැ වටේ නිල්පාට කරන් කෙඳිරි ගගා.

"මොකෝ මචං දැන් සනීපද"

"අඩෝ තෝ කිව්ව වෙලාවේ ආවා නං මට මේම වෙන්නෑ බං"

"හා ඇත්තද දැන්ද ඒක මතක් උනේ"

"තවත් යන්නෑ කැ# කටා එක්ක කොහෙවත්"

එහෙමයි කියලා ඉතිං කටා හැදුනද නෑ නේ..
අපි හැදුනද ඒත් නෑනේ.. සැරින් සැරේ ඌත් කාලා අපිටත් සෙට් කරා, කන බොන දෙයක් බෙදා හදාගෙන කන්න කියලා මොන්ටිසෝරියේ තිලකා මිස් කිව්වලු... ඒ හුරුව වෙන්නැති ඔය..


තව තියෙනව ඈ.... ඉවර නෑ.....
__මයිනා__

Tuesday, 9 April 2019

මයිනාගෙ කතා ....39 පිං සිද්ධ වෙච්චාවේ


මයිනාගෙ කතා ....(39)… පිං සිද්ධ වෙච්චාවේ...

                         ලොව්තුරා බුදුරජානන් වහන්සෙ තරම් දානය ගැන පින ගැන වෙනත් කිසිම ආගමික ශාස්තෘවරයෙක් දේශණා කරලා නෑ. දානය ගැන මහ පුදුම විදියට බුද්ධ දේශනාව පුරාම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දන් දෙන්න දෙන්න පින තමයි වැඩි වෙන්නෙ..



                                     ඒ වගෙම සමහර පුද්ගල චරිත ඉන්නවා ලෝකෙට පේන්නෙ මාර සිල්වතුන් විදියට,ඇත්තටම උන් දස කාඩ සල්ලාල චරිත. එහෙම ඈයෝ මයිනගෙ ජීවිතේදි විටින් විට හම්බවෙලා තියෙනවා මාරයි, කියලා වැඩක් නෑ. දවල් දවසෙ පොර ටෝක් දෙන ආදර්ශමත් යුග දිවියක රහස් ලොවට කියපු එකෙක් ගෙදර ගෑණි එක්ක ගහ ගන්නෙ උයාපු හට්ටි මුට්ටිවලින්. සමහර මිනිස්සු ගෑණු ලෝකෙට සමාජෙට පෙන්නන චරිතේ නොවෙයි සමාජයෙන් වහං උනාම ඉන්නෙ. සමහර පුද්ගළ චරිත ගැන හිතා ගන්න බෑ මේ අරයමද කියලා, එහෙම වෙලාවට ඉතිං අපිට වහ කන්න හිතෙනව උං ගැන හිතලා..

                                     හැබැයි මෙහෙම දැකපු මුණ ගැහුණු බොහො දෙබිඩි චරිත එහෙමත් නැත්තං ගෑනු මිනිස්සු මයිනගෙ විදේශගත ජීවිතේදි තමයි වැඩි පුරම දැක්කෙ. මේ කියන්න හදන චරිතයත් එහෙම එකක් තමා. මයිනා රට ආපු මුල් කාලේ ගොනා සහ තණකොළ න්‍යායෙන් තමයි හිටියෙ රට ගැන හරි අවබෝධයක් එනකම්.


                                              මයිනගෙ යාළු හිතවත් අයියා කෙනෙකුත් හිටියා රටම, ඌ නැවතිලා හිටියෙ ලංකාවෙම කෙනෙකුගෙ ගෙදර රෙන්ට් එකට කාමරයක් අරන්. ඔය ගෙවල් අයිති එකාගෙ නම ඉන්දික. ලංකාවේ ඉන්න කාලේ ජෝන් කීල්ස් සමාගමේ තමා වැඩ කරලා තියෙන්නේ. කෙලින්ම කියනව නම් උගත් වැදගත් ගුණවත් නැණවත් මහත්තයෙක් බොහො ලංකාවෙ අය ගරු සරු ඇතුව කට පුරා මහත්තයා කියලා තමයි කිව්වෙ. "ඉන්දිකයියා" කියල කිව්වෙ හිතවත්ම සහ ඌගෙ ළඟින්ම හිටපු කෙනෙක් විතරයි. අඩුම තරමේ ඌගෙ පුංචි අම්මගෙ පුතා කිව්වෙත් "ඉන්දික මහත්තයා" කියලා.

                                      ඉන්දිකයියයි ගෑණි ළමයි දෙන්නයි තමයි ගෙදර හිටියෙ අනිත් කමර 2කක හිටියෙ මයිනගෙ හිතමිත්‍ර යාළු අයියයි තව වයසක ඩයල් එකකුයි. වයසක බුවත් හොඳ ජොබක් කරා හැබැයි වැඩට ගිහින් ඇවිත් කාමරෙට වැදිලා දොර වහ ගත්තම ආයෙත් එළියට පහළියට යන්න එළියට බැස්සොත් විතරයි. මයිනගෙ අයියගේ කාමරෙ තිබුනේ ඉන්දිකයගෙ කාමරේට අල්ලපු කාමරේ.. කාමර 2ක අතරේ උඩින් බිත්තිය අතරින් අඩි 2කක දිගට හිඩැසක් තිබ්බා. එතනින් මයිනගෙ අයියගෙ කාමරේ අල්මාරිය උඩට නැග්ගම අනිත් පැත්තෙ කාමරේ බලන්න පුළුවන්. අපේ එකාත් උදේ 9ට යනව රෑ 7ට විතර එනව, නිවාඩු දවසෙ කොහෙ හරි යනවා.
                                         වයසක පොර පොඩියට ෂොට් එකක් එහෙම දාලා පාඩුවේ ඉන්න සුපිරි පොරක්. මයිනත් ඉතිං නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට ඔය පැත්තට යනව එහෙම ගියාම ඉන්දිකයා ඇතුළු පිරිස සමග සංවාද වලටත් එකතු වෙනව. බීමේ ආදීනව, කාමයෙ ආදීනව වගෙ දේවල් ගැන මූ දේශන, ධර්ම ටෝක් ඇහුව්වම හිතෙන්නෙ මූ නම් සෝවන් වෙලා ඇති කියලා. සමහර පවුල් ප්‍රශ්ණ සමතයකට පත් කරෙත් මූ ගෑණිටයි මිනිහටයි එන්න කියලා බණ පදයක් එහෙම කියලා මූ දෙන අමර ටෝක් හම්මා......! හාමුදුරුවොත් පරාදයි මුගෙ සීලෙට!

                                                    සමහර දවස්වල මයිනට ගෙදර යද්දි රෑ 23 වගෙ වෙන දවස් තියෙනවා, එහෙම දවස්වලට මයිනා ගෙදර නොගිහින් අයියලගෙ ගෙදර යනවා. එහෙම යන්නෙ දවල් වෙනකම් නිදා ගන්න ඕන නිසා මොකද මයිනගෙ අක්කගෙ ළමයි එක්ක නිදා ගන්න බෑ ,උං කෑ ගහනවයි දඟළනවයි එක විකාරයයි. අයියාකාරයා මයිනට වෙනම යතුරක් එහෙම දීලා තිබුනා කැමති වෙලාවක ඇවිත් ඉන්න කියලා. මේ කියන දවස් වෙද්දි ඉන්දිකයගෙ පවුල ලංකාවට ඇවිත් හිටියෙ දවල් දවසේ ගෙදර කිසි කෙනෙක් නෑ. මයිනට රෑ වෙච්ච දවසක අයියලගෙ ගෙදර  නිදා ගන්න ගියා. මයිනා අපතයා පොළවෙ ගැහුව්වා වගෙ නිදි අයියා කාරයා සුපුරුදු පරිදි වැඩට ගියා. රෑ 3ට විතර මයිනා ඇවිත් නිදි කියලා ඉංදිකයා දන්නෙ නෑ. අයියා මයිනව කාමරෙ ඉන්දැද්දි පිටිං ලොක් කරගෙන තමයි වැඩට ගියේ. දවල් 11ට විතර මයිනට දැනුනා කවුරු හරි දොරේ හැඬල් එක කරකැව්වා වගෙ. මයිනා බැළුවා කවුරුත් ආවේ නෑ, ටිකකින් ඉන්දිකයගෙ කාමරේ දිහාවෙන් ගෑණු කට හඬක් ඇහුනා. ඉන්දිකයගෙ ගෑණි ලංකාවේ නේ... ඈ යකෝ මේ වෙලාවේ කොහෙන්ද ගෑණියෙක්? මයිනා ඉතිං මේසෙට නැගලා එතනින් අල්මරියට නැගලා බැළුවා, මෙන්න බොල ඉන්දිකයා වයසක පහෙ ගෑණියෙකුගෙ ඇඳුං ගළවනවා

                                                  හිටපිය කැ# උපාසකයා තොගෙ ආච්චිට හම#නන්න කියලා මයිනා අල්මරියෙන් බිමට බැහැලා මයිනගෙ ළඟ තිබුනා නොකියා e70 ෆෝන් එකක් එකත් අරන් ආයෙමත් අල්මරිය උඩට. ඉන්දිකයියා හෝ ගාලා වනනවා මයිනා විඩියෝ පාරක් දැම්මා විනාඩි 3ක වගේ..
වැඩේ කරං ඉවර වෙලා මූ අර ගෑණිට කියාපි "අනේ පිං සිද්ද වෙච්චාවේ අක්කේ" කියලා. (මූ කෙළලා තියෙන්නෙත් ධර්මෙං) මයිනට පැන්නා හිනාවක් හුචෝස් ගාලා ඇඳට පැනලා බඩ අල්ලං හිනා ඉතිං. දොරවල් ඇරෙන වැහෙන සද්ද ඇහුනා ඊට විනාඩි 5කට විතර පස්සෙ කාමරෙ දොරට ගැහුව්වා. මයිනා ගිහින් දොර ඇරියා ඉන්දිකයා දැං මළ පැනලා!

"තමුසේ මොකද මෙහෙ කරන්නෙ? කාමර දුන්නෙ අයියට විතරයි මේ මාසේ අයියටත් වෙන කොහෙ හරි හොයා ගන්න කියනව"කිව්වා..


"ආ.... ඇත්තද තමුසෙට සල්ලි දිලා අයියා ඉන්නෙ එහෙම කියපු කියපු වෙලාවට යන්න අපි හිඟන්නො කියලද හිතේ?"

"තමුසෙට නාකි ගෑණු ගෙනත් කෙළින්න හොඳයි අපි දැක්කම තමා අවුල, වැඩි සද්දෙ දැම්මොත් #කවනව කැ# උපාසකට"


"ඇයි තමුසෙ මට මොනවා කරන්නද"


"කරන්නෙද මේ බලපං කරන දේ උඹ හිතුවද මමත් දඹල්ලෙ මොළෑවේ කියලා" පෙන්නුවා විඩියො එක. (ඉන්දිකයගෙ ගම දඹුල්ල දිහාවේ.) අනේ ඉතිං සිංහ වෙස් අරගෙන හිටපු ඉංදිකයා බල්ලා වෙලා ගිහින් අත් දෙක එකතු කරලා වැන්දා මයිනට.


"අනේ මල්ලි කාටවත් කියන් එපා ඕයි මගෙ පවුල කැඩෙයි"


ඉන්දිකයා පවුලට පට්ට බයයි සහ ඉන්දිකගෙ ගෑණි හොඳ සල්ලි තියෙන පවුලක මූ බය උනා ගෑණිට කියයි කියලා.

"තමුසේ වීරයා වෙන්නැතුව පාඩුවේ හිටියොත් ඉතිං හරි නැත්තං කෙළවන එකම කෙළවනව ආයේ දෙකක් නෑ නාකි ගෑණු ළඟට ආයෙමත් රිංගන්න බැරි වෙන්න"

ඉන්දිකයා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ හිටියා ආයේ කටක් ඇරියෙ නෑ. අපේ අයියටත් කිව්වා කැ# ඉන්දිකයා මොනව හරි පාර්ට් එකක් එහෙම දැම්මොත් කියපං කියලා. ඊටත් අවුරුදු දෙකක් විතර යනකං ඉන්දිකයා රට ඉඳලා ලංකාවට ගියා, ඒ වෙනකං ඉන්දිකයා නොවෙයි බණ දෙසන්න ගියේ කාටවත්.

අන්තිමට යද්දි ඒ ගේත් අපේ අයියට දීලයි ගියේ ඉන්දිකයා.

එන්නං ඈ.........
___මයිනා____

Saturday, 6 April 2019

මයිනාගෙ කතා ... 38 පෙම් සුව සහ පොළිසිය


මයිනාගෙ කතා ..38 .. පෙම් සුව සහ පොළිසිය

                                "පෙම් සුව විඳනු වගෙ ප්‍රීතියක් ඇත්තෙ නෑ"   ජෝතිපාළ මහත්තයා ඔහොම කිව්වට පෙම්සුව විඳින දෙස බළං ඉන්න සමහර ඈයොන්ට හෙණ ජෙලස් එකක් තියෙන්නෙ.  ඒ අතරිනුත් පොළිසියෙ අයියලට තියෙන්නෙ වෙනම අමාරුවක් සහ ඇම්මක්.   ලංකාවේ විවිධ ප්‍රදේශවල නගර මධ්‍යයෙ තියෙනව නෙව අනේක විද උද්‍යාන.  ගාල්ල දර්මපාල, කොළඹ විහාර මහ දේවි, ගම්පහ, පේරාදෙනිය වගෙ ඒවා වඩා ප්‍රසිද්ධයි.  ඒ අතරිනුත් කොළඹ විහර මහ දේවි පාර්ක එකේ එක කොටසක් තියෙනව පෙම්වතුන්ටම වෙන් උනු ලව් පාර්ක් කියලා කියන්නෙ. පාර්ක් එකේ උදේ ගේට්ටු ඇරපු වෙලේ ඉඳලා හවස 3 වෙනකම් තනිකඩ පොරවල් හො පාසල් ළමුන් හො ඒ පැත්තට යෑම තහනම්.


                                             මයිනා සහ කුක්කුඩෝල් ප්‍රේම වෘතාන්තය සැරටම ලියැවෙන කාලේ තහාංචි බාධක ඇනුම් බැණුම් රැවුම් ගෙරවුම් මැද්දෙ කොහොම කොහොම හරි දෙන්නා ඉතිං තැන් තැන්වල සෙට් වෙනව. කුක්කුඩෝල් උසස් පෙළට ගාල්ලෙ යන්න ගත්තට පස්සෙ ටිකක් මුණ ගැසිමේ නිදහස තිබුනට දෙපැත්තෙම ගෙවල්වලට කේළම් ගලා යෑමේ අඩුවක් තිබුනේ නෑ. කුක්කුඩොල් පංති යන අතරේ ඉතිං මයිනාගෙ විශේෂ පංතිවලටත් සහභාගි උනා. විශය භාහිර ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික දැනුම මයිනා විසින් අඩු නැතුව කියලා දුන්නා. පාට ඇඳුම් ඇඳගෙන පංති එන සෙනසුරාදා සහ ඉරිදා දවස් තමයි ඉතිං වැඩිපුරම අමතර පංති සඳහ යොදා ගත්තෙ.

                                                                     දර්මපාළ පාර්ක් එකේ තඩි ගහක් මුලක හරි ෆිල්ම් හෝල් 4න් එකක හරි එහෙමත් නැත්තං කොටුව ඇතුලේ කොතන හරි මුල්ලක තමයි ඔය විශේෂ වු අවශේෂ පංති පවත්වන්නෙ. ෆිල්ම් හෝල් කේස් එක නම් ඉතිං මාස කිහිපයකට සැරයක් තමා සිද්ධ උනේ, නෝ ජොබ් කම්පැණියෙ විධායක අධ්‍යක්ෂ වෙලා හිටපු ඒ කාලේ කොහෙ තිබ්බ සල්ලිද බං. දර්මපාළ පාර්ක් එකේ ප්ලේස් එකකට සෙට් වෙන එක අමාරුයි මොකද කුකුලා අතේ අරන් පාර්ක් රිංගන එවුන් වැඩිපුර ඉඳපු නිසා. අනික ඉතිං එක ගහ වටේට ජෝඩු ජෝඩු උනාම එක එකාගෙ පෞද්ගළිකත්වයට හොඳ නෑ නේ. එක එක හේතු කාරණා එක්ක පැහැදිළි කරලා ගත්තම වඩාත්ම සුදුසු තැන තමයි ගාළු කොටුව පෙම් කෙළියට. හැබැයි ඉතිං සුදුසු තැන උනාට ප්‍රේමයට අකුල් හෙළන පොළිසිය තමා පුරස්නෙ. හිටි ගමන් කඩා පැනලා කපල් තිහ හතළිහක් එක පෙළට පොළිමේ ගාල්ල පොලිස්ථානයට අරගෙන යන උජාරුව බලන්න එපැයි.





                                    පොළිමේ ජෝඩු ජෝඩු එකා පසින් එකා බැගින් පොත්වලින් මුණු වහගෙන බෑග්වලින් මූණු වහගෙන යන අහිංසක විලාසේ බලන්න දුකයි අප්පා. එහෙම අරං ගිහිල්ලා ගෙවල් වලට පණිවිඩ ඇරලා දෙමව්පියො ගෙන්නවලා ඒ කරන හරියක් #%න පොලිස්කාරයො. ඕං ඔය පොලිස් හුට පටේ හන්දා කොටුවට ගියාම මයිනා ෆුල් ඇලර්ට් මොන කර්තව්‍යක යෙදිලා  හිටියත් වටපිටාව ගැන පට්ට අවදානෙන් තමා ඉන්නෙ. මයිනගෙ ගෙදරට වගෙම කුක්කුඩෝල්ගෙ ගෙදරටත් එහෙම සීන් එකක් ගියා කියන්නෙ මරණයක් ෂුවර්. ඕං එක සෙනසුරාදාවක මයිනා ගාල්ලට ගියා, මයිනගෙ බොක්කෙ ෆිට් යාළුවෙක් හිටියා අකුරළ "ජගා" කියලා මූත් කෑල්ලට අමතර පංතියක් පවත්වන්න ඇවිත්. දෙන්නම කතා උනා කොටුවේ යන්න. ඕං ඉතිං මයිනා කෑල්ලට මුහුදු හුළං වැදි වැදි ප්‍රසව හා නාරි වේදය පාඩම පටන් ගත්තා විතරයි ඈත පේනව නුහුරු ඩයල් වගයක් එනවා හැම එකාම කළු සපත්තු දාලා.


                                       මයිනගෙ ටිකිරි මොළේට වැටහුනා බඩු බනිස් වෙන්න යන්නෙ කියලා. කුක්කු ඩෝල්ට කිව්වා      "පොළිසියෙන් එනවා, තමුසේ ඔහොමම ඉන්නවා මම මාරු වෙනව"
මයිනා පැන්නා එතනින් පහාළට එහා බංකුවේ හිටපු එකාට කිව්වා    "ජගෝ පොළිසියෙන්"  කියලා.   අරු ඉතිං ඔළුව උස්සලා බැළුවා,   "නේවි එකෙං බං"   කියලා ආයෙමත් අඹේවෙල ගියා.  අනේ ඉතිං මයිනා මීටර් 50ක් විතර සිං ගාලා දුවලා ආයෙමත් තාප්පෙ උඩ කොටසට නැගලා බැළුවා. කියන්න දුකයි දෙයියනෙ මිටර් 100 දුවන පෙම්වතුන්, ගමහරහ දුවන පෙම්වතුන් ආදී වශයෙන් විවිධ ක්‍රීඩකයන් සහ ක්‍රිඩිකාවන් පොළිස් අත්තඩංගුවේ. මයිනා මොකවත් නොදන්න තොත්ත බබා වගෙ පාඩුවේ අයින් වෙලා පයින් ගියා "කොටුවේ කඩේට".





                                                  පැය බාගෙකට විතර පස්සෙ මයිනා පාරට ඇවිත් බැළුවා දෙන්නා දෙන්නා අත් අල්ලන් පාර දිගෙ පොළිස් ආරක්ශාව පිට පොළිමට යනව පෙම්වත් උනු පෙම්වතුන්.  කියන්න දුකයි මයිනගෙ අතීජාති මිත්‍රයා "ජගා" පොතකින් මූණ වහගෙන යනව කෑල්ලගෙ අතකින් අල්ලන්.  මයිනාගෙ නෑදෑ වෙන R පීසී කෙනෙක් හිටියා ගාල්ලෙ පොළිසියෙ ඒකට කියලා ජගාව බේර ගන්න කියලා හිතං මයිනත් අනිත් පැත්තෙං පෙළිසිය දිහාවට ගියා.   ඕං ඉතිං පොළිසියට ගිහින් වසන්ත රාළහමි හම්බවෙන්න ආවේ කියලා බංකුවක් උඩින් වාඩි වෙලා ඉන්දැද්දි ආං ඒකා අර අල්ලං ආපු කෆල්වලට හෙණ සද්දයක් දානව. යකෝ මුගෙ ඝණකම D.I.G. මහත්තයා ළඟත් නැතුව ඇති. මයිනා ඌට පේන්න ළඟට ගියාම මූ ඇස්දෙක පුංචි කරලා නෝන්ඩි බැළ්මක් දාලා බැළුවා. ආවා ළඟට

"උඹ දැන් කොටුවෙ ඉඳලා දිව්වා නේ"

"පිස්සුද අනේ මම කොටුවේ කඩේට ගිහින් එන ගමං"

"දැං කෝ උඹ ගනිපුවා"

"ජොකෙක් ගන්න ආවේ පට්ට ගණං නේ හික්කඩුවෙ ළාබයි හෂාන් එකෙං ගන්නව"

"අනේ මේ මම නොදන්න ජොකා මම දැක්කා තෝ දුවනව පණ කඩාගෙන, වහෙ ඔහොම දුවලා තෝ තාප්පෙන් පල්ලට වැටුනා නං තොගෙ කෑළි ටික තමා අර ගන්න වෙන්නෙ"

"ඔයා ඉතිං පිළිගන්නෙම නෑ නේ"

"දැං උඹ ආවේ ඇයි කියපං"

"බාප්පෙ මගෙ යාළුවෙක් අරං ඇවිත් ඌව එවනවකෝ, උං ගෙ ගෙදරට අරංචි උනොත් හෙණ කේස් එක"

"කොයි එකාද කිහාං"

"අර ඉන්නෙ දුඹුරු පාට සර්ට් එක ඇඳලා"

"ඌ ද ඕකගෙ අත හැට්ටෙ අස්සෙන් එළියට ගත්තෙ මම ගිහින් බොළ ඕකා පොළිසියෙන් එනවා දැක්කෙත් නෑ"

"එහෙම කරන්න එපා ඉතිං මොනව හරි කරල දෙනවකෝ"

"කතා කරපං ඌට"

"ජගා" මයිනා අරුට කතා කලා

"ඈ බං තෝ පොඩි කාලේ අම්මා තොට කිරි දුන්නෙ නැද්ද"

"දුන්නා සර්"

"එහෙනං තෝ වවුලා වගෙ එල්ලිලා හිටියෙ" "උඹ දැං ඔය කෙල්ලව බඳින්නමද ඉන්නෙ නෑනේ"

"බඳින්නම තමයි සර්"

"ඇත්තද එහෙනං යමං බන්දලා දෙන්න, 18ත් සම්පුර්ණයි නේ"

"අනේ සර් නංගි A/L කරලා ඉවර උනාම බඳින්න ඉන්නෙ"

"අනේ තොගෙ බැඳිළි" "පළ මෙතනිං තොගෙ අයිඩින්ටියත් අරගෙන"
මයිනා අරුත් එක්ක යන ගමන් "බාප්පෙ ගිහින් එන්නං ඈ" කිව්වා

"උඹලගෙ තාත්තා හරි අම්මා හරි හම්බ උනාම කියන්නංකෝ පුතාගෙ තරම"

"හරි ඉතිං කියන්න කෝ, ඊට පස්සෙ පවුන්ඩේසන් කපන්න, ළිං හාරන්න, මුල් ගලවන්න, ගෙපළ ගොඩ කර ගන්න එහෙම ඒ දෙන්නටම එන්න කියන්න හොඳේ"

"තෝ නං මද්දු අයියගෙ වෙන්න බෑ"

"ඒක ඉතිං දන්නෙ අම්මා තමයි හම්බ උනු වෙලාවක අහලා බලන්නකෝ"   කියලා මයිනා මාරු.  


                                   ඕකගෙ ගේ හදන වැඩවලට මයිනා මාර ශ්‍රම දායකත්වයක් දුන්නා,  ආයේ උගේ සහොදරයෙක්වත් එහෙම උදව් කරන්නෙ නෑ ඌට.  හැබැයි ඉතිං ඒ අරංචිය ගෙදරට ආවේ නෑ ආවා නං මේ කතාව ලියන්න මයිනා ඉතුරැත් නෑ. ඔය පොළිස් බාප්පා හරි හොඳ එකා හැබැයි ඉතිං උතුරැ නැගෙනහිර ක්‍රියාන්විතයෙදි මිය ගියා මතක විදියට පරන්තන් පොලිසියට කොටි ගහද්දි වෙන් ඕනා. මයිනා දුවපු සීන් එකට නම් කුක්කුඩෝල් අවුලෙන් හිටියා ටික දවසක්. ඒකත් ටික දවසකින් ෂේප් උනා ඉතිං මයිනා සෝක පණිවිඩ යවනකොට. දැං ඉන්න එවුන් නං කෑල්ල උස්සං යන්නෙ රෑම් එකකට නේ අපේ කාලේ එහෙම නෑ හමුදුරැවනේ......

මයිනාගෙ කතා... 37 පොඩි බෝට්ටුව

මයිනාගෙ කතා... 37 ... පොඩි බෝට්ටුව..

               බෝට්ටු කිව්වාම වර්ග රාශියයි, නැවෙන් පටන් අරන් කුඩා ඔරුව දක්වාම බෝට්ටු තියෙනවා. නැවෙන් පස්සෙ තියෙන ලොකුම බෝට්ටුව තමයි ටෝලර් යාත්‍රාව. ඊට පස්සෙ ටැංකි බෝට්ටුව හෙවත් බහුදින ධීවර යාත්‍රාව. ඊට පස්සෙ ඉතිං එක එක බෝට්ටු තමා. ඩෝරා කියන්නෙ නාවුක හමුදා සතුව තිබෙන සුපිරි ප්‍රහාරක යාත්‍රාවක් ඊශ්‍රායලය නිෂ්පාදනයක් වෙච්ච ඩෝරා එක කොපි කරලා අපේ නේවි එකත් ඊට නොදෙවෙනි යාත්‍රාවක් නිෂපාදනය කලා. ඒත් ඉතිං ඔය ඔළුගෙඩි එහෙට මෙහෙට වෙලා දියවන්නා කෙළියෙන් පස්සෙ ඒ වැඩ සියල්ල අංජබජල් වෙලා නන්නත්තාර වෙලා කරන්නාගොඩ ලොක්කට උසාවි යන්නත් උනා නොවෑ.


                 හැම එකාම නගින බහින වහනයක් තමයි බස් එක, සමහර වෙලාවක බස් එක කියන නම අපේ අංජබජල් ටයිප් කාන්තාවන්ටත් කියනවා. ඕන්න ඔය කිව්ව ටයිප් එකේ ගෑණියෙකුට තමයි "පොඩි බෝට්ටුව" කියන නම දාලා තිබුනේ. ඒ ටයිප් එකේ ගෑනු දෙන්නෙක් හිටියා ශරීර ප්‍රමාණයෙන් කුඩා හින්දා පොඩි බෝට්ටුව කියන නම මේ කියන ගෑණු කෙනාට රිජිස්ටර් උනා. හැබැයි ඉතිං කොහෙන් ආවද කියලා දන්නෙ නැති මේ ගෑණු කෙනාට මේ පැත්තට එන්න හේතු උනු කාරනාව උනේ මිනිහ මත්කුඩු උරන්නෙක් වීම. තමුංගෙ මිනිහා හොයාගෙන කුඩු විකුණන තැන්වල කරක් ගහාපු ගෑණිත් අන්තිමේ මත්කුඩු උරන්නියක් බවට පත් උනා. ගෑණිටයි මිනිහටයි කුඩු ගන්න සල්ලි නැති නිසා අන්තිමේ ගෑණි සරළ සහ කෙටිම මාර්ගයෙන් සල්ලි හොයන්න පටන් ගත්තා. ගාළුපාර අයිනේ තිබුනු පොඩි ගෙයක් කුළියට අරන් උන්ගෙ දරුවත් ගෙනැත් නැවතුනු පොඩි බෝට්ටුව අන්තිමෙ තොටගමුවෙම පදිංචි උනා.

                අවුරුදු 9ක 10ක උනු පොඩි බෝට්ටුවගෙ කොල්ලා නස්කූණි නසරාණි වෙන්න පටන් ගත්තා. දවල් දවසෙ අම්මෙක් තාත්තෙක් නැති ගෙදර පොඩි එකා තනියෙන් හරි වටේ පිටේ පොඩි උන් එක්ක රංඩු වෙවි යාළු වෙවි හිටියා. අනේ පව් අහිංසක පොඩි එකා කියලා වටේ පිටේ හිටපු මිනිස්සු කන්න ටිකක් එහෙමත් දුන්නට පොඩි බෝට්ටුවට නම් එතරං අනුකම්පා කරේ නෑ කවුරුවත්..   ඒ කාලේ ඔය තොටගමුවේ හිටපු සමහර හාදයන්ගෙ කෝඩු කඩලා රතී කෙලිය පුරුදු කරන්න පොඩි බෝට්ටුව මහඟු සේවයක් කරා. මුල් කාලේ ඇහැට කණට පේන්න හිටියට කුඩු උරන්න ගත්තට පස්සෙ පොඩි බෝට්ටුව ඩස්පා වෙලා මුඩුක්කු ටයිප් එකටම ආවා. ආයේ ඉතිං තොටගමුවේ ගෑණු ළඟත් නැති වඳුරු කුණුහරුප වලින් සන්නද්ද වෙලා ගේම නම් ගේම ටයිප් එකටම පොඩි බෝට්ටුවත් ආවා.

                     මේ කියන කාලේ වෙනකොට මයිනා සහ අපත රැළ ගජ ඉළංදාරි.. රස්තියාදුව උපරිමෙන්ම තිබුණු මේ කාලේ එක සත් ගුණවත් පොහොසත් සෙනෙහෙබර මාමා කෙනෙක් පෙට්‍රල් ගහගෙන පැදපං කියලා උගස් ගනිපු ට්‍රේල් බයික් එකක් දුන්නා එක දවසකට. වඳුරංට කණ්නාඩිය අහුනා වගෙ ඉතිං දැං බයිසිකලෙ පදිනව ගම ඇතුලේ පාරවල් වල. පෙට්‍ර්ල් ගහන්න සල්ලි හොයපු විදිය කියන්න ලැජ්ජයි ඒක නිසා නොකිය ඉන්නං හරිද? අපේ හිටපු එවුන්ගෙන් එකෙකුට හොඳටම බයික් පදින්න පුළුවන්, ඌ තමයි අපිට බයික් පදින්න ඉගැන්නු එකා. මූට හිටිගමන් ගාලුපාරේ බයික් එක පවනට බඳු වේගයෙන් යෑමේ උවමනාවක් ඇති උනා. එකෙක් ගිහින් තොටගමුවේ හංදියෙ ඉඳලා සිනීගම දේවාලේ ළඟට වෙනකම් ට්‍රැෆික් මාමලා නැති බව සනාත කරගෙන ආවා.
                 

              ඕං දැං ට්‍රේල තොටගමුවේ හංදියෙ ඉඳලා සීනිගම දේවාලේ පැත්තට පවනට බඳු වේගයෙන් ඉගිලෙනව, වරැල්ලාන හංදියෙන් හරවන් ආයෙමත් තොටගමුවේ හංදියට එනවා. හොඳටම බයික් පදින්න පුළුවන් එකා 100ට විතර වේගෙන් එද්දි පොඩි බොට්ටුවගෙ කොල්ලා කොස්සක් දාපි පාරට අරූ දන්න දහඅට වන්නං ඔක්කොම දාලා බෙල්ල කඩා ගන්නැතුව බේරුනා. පොඩි එකා අත්වැරද්දෙන් කොස්ස දාන්න ඇති කියලා හිතලා පොඩි එකාට පාරට එන්න එපා කියලා ඊළඟ රවුම තඩියට දුන්නා.



                          බයික් උගන්නන එකත් පිටි පස්සෙ දාගෙන තඩියා එනව ට්‍රේලේ. අර වලත්ත පොඩි එකා දැම්මා එක සැරෙටම කොස්ස පාරට! අනේ ඉතිං ගෙම්බා පොළවෙ ගැහුව්වා අරුන් දෙන්නම ගාලු පාර බදාගෙන අතපය දෙරි ගහගෙන ඉන්නවා. මළ ඕවර් වෙච්ච අපේ එක ගල් ඉබ්බෙක් දුන්නා පොඩි එකාට කනේ පාරක් සිහි නැතුව වැටෙන්න. පස්සේ ඒකාට වටේ පිටේ එවුන් එකතු වෙලා වතුර ගහලා සිහිය අරන් තිබුනා. අපේ එකා ගහපු පාරට ඇඟිළි 4ක් අරැගෙ කම්බුලේ. වැටිච්ච එවුන් දෙන්නත් බෙහෙත් දාගෙන බයිසිකල් පැදිල්ලත් නවත්තලා ගෙවල් වලට ගියා. ඒ වෙලාවේ නැගිටල පොඩි එකාගෙ කණ පලන්න බැරි වෙච්ච දුක තඩියගෙ හිතේ තදින්ම පැළපදියම් වෙලා තිබ්බා...

                ඒ සිද්ධිය වෙලා දවස් 3කට 4කට විතර පස්සෙ පොඩි බෝට්ටුවයි කොල්ලයි පාරෙ යනව. අපේ අපත නඩෙත් වීදි සංචාරයෙ යන ගමන් දෙපැත්තෙ එවුන් මූණට මූණ මුණ ගැහුනා. පොඩි බෝට්ටුව ඉතිං අර කොල්ලට ගහපු එකාට කඩාගෙන පැන්නා..

"තෝ මොකද මගෙ කොල්ලට ගැහුව්වෙ, ළමයා මරන්නද හදන්නෙ?"

"උඹේ ළමයා හරියට හදපං මදාවි වැඩ කරන්න උගන්නන්නැතුව"

"මගෙ ළමයා මම හදා ගන්නං තොපි ඔක්කොම අරන් යනව පොලීසි කොල්ලා මරන්න හැදුවා කියලා, බලපිය මම කරන වැඩේ තොපිට"

"තොට පුළුවන් දෙයක් කරපිය පට්ට #සි, ආතක් පාතක් නැතුව තෝ තොටගමුවට ආවා මදිවට අපේ කරේ නගින්නත් ආවද"
චටාස්, පටාස්, @#%^^" , %$&%$, .....

          මළ පැනලා හිටපු තඩියා දීලා ඇරපි පොඩි බෝට්ටුවට පයින් එකක්. එකා දෙන්නා වට උනා "මොකද බොළව් රණඩු වෙන්නෙ" කියලා එක නැන්දෙක් ඇහුව්වා. අර පට්ට #ස පොඩි බොට්ටුව කියාපි.

       "අනේ බුදු නැන්දෙ පෙරේදා රෑ මුං දෙන්නා මාත් එක්ක නිදා ගත්තා සල්ලි දුන්නෙ නෑ දැං සල්ලි ඉල්ලුවම මට ගැහුව්වා"  කියලා කියාපි මයිනයි තඩියයි පෙන්නලා. 

                 අසරණ මයිනා ඉතිං බොහොම අසරණ විලාසෙන් රැස්ව සිටි පිරිස දෙස බැලුවා. ගිණි පුපුරු පිට වෙන දෑසින් කුක්කු ඩෝල්ගෙ අම්මා බලං ඉන්නවා, මයිනලගෙ ගෙදරට ගෙවල් 2කකට එහා පැත්තෙ ගෙදර රොයිටර් සේවයෙ වැඩ කරන නැන්දෙකුත් කට කනේ තියං බලං ඉන්නවා. තඩියා පැනපු ගමං පොඩි බෝට්ටුව බිම දාලා බෙල්ල පාග ගත්තා, වටේ පිටේ මිනිස්සු එකතු වෙලා බොහොම අමාරුවෙන් පොඩි බෝට්ටුව බේරලා යැව්වා. මයිනා ඉතිං හිත හදා ගත්තා ගෙදර කෑම එක වළඳන්න, ලව් එකටත් ඉතිං දෙයියංගෙම පිහිටයි කියලා හිත හදා ගත්තා.

ගෙදරට එද්දි "බ්‍රේකින්ග් නිව්ස්" බලලා ගෙදර අය සුළුඅවි එහෙම සූදානම් කරගෙන ඉන්නවා. රංජනී මාතාවට අනුව "පරම්පරාව කාලා දැළි ගාලා පාජාවේ ගිහිල්ලා එන ගමං" තමා මේ. කොසු පොලු කුරුඳු දර ඇතුළු එකී මෙකී නොකී ප්‍රහරයක් දීමෙන් අනතුරුව සුපුරුදු දේශනය. "පොඩි එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් තෝ වටින්නෑ කාළකණ්ණියා" ඕං ගෙදරින් ලැබුනු තැන. 

                දැං අර "පොඩි බොට්ටුව" මරන්න තරං කේන්තියි, දෙන්නං තොට හොඳ ගේමක් හිටපිය කෝ! කියලා ඒ ගැන විවිධ සැළසුම් දහසක් හිත යට.
             කුක්කුඩෝල් බලන්න කියලා ඉතිං ඉස්කෝලේ ඇරෙන වෙලාවේ ගියා ස්ටේෂන් එක දිහාවට.. පුහ්! ඒකිගෙ රැස්! "මට තමුසෙත් එක්ක කතාවක් නෑ " කියල ගියපි. හරි ඉතිං ලව් එකටත් බඩු හරි! දැන් නම් පොඩි බෝට්ටුව අහු උනොත් ඕකි හතරට පළනව පට්ට #%ති...&**%&** හිතේ කේන්තියෙන් ගියා තඩිය හම්බ වෙන්න.
"තඩියො අම්මාගෙන කෑවා දවස් තුනක් නැගිටින්න බැරි වෙන්න, ලව් එකත් හබක් අර #සිට පිහි පරක් අනින් හිතෙනව බං"

"යමං පාර පැත්තට "

මයිනයි තඩියයි පාර පැනලා රේල් පාර උඩින් එද්දි ඈත පේනව  පොඩි බොට්ටුව කුඩු විකුණන එකාගෙ ගෙදර ළඟ කතා කර කර ඉන්නව. තඩියා එතනම තිබුනු ගිණිසීරිය ගහකින් කඩලා ගත්තා අත්තක්, මයිනා කල්පනා කරා දැං මූ මේ ගෑණිට ගැහුව්වොත් මෙතන කුඩු විකුණන එකා එක්කත් ඇර ගන්න වෙනව.

"තඩියො ගොනා නොවි ඉඳපං පොඩ්ඩක්"

"නෑ මේ #%තිට ගහනව මම අද"

"වහෙ යමං කෝ තෝ"

"හරි යමං එහෙනං"

               ආරංචි කරලා බැලුවා පොඩි බෝට්ටුව තමයි කුඩු විකුණන එකාගෙ කුඩු හංගන් ඉන්නෙ. දෙකේ කාසි දාලා ගත්තා කෝල් එකක් පොලීසියට. අරන් කිව්වා "කුඩු වගයක් හැංගුවා වල් බෙලි ගහක සර්ලා ආවොත් අල්ල ගන්න පුළුවන්" කියලා. වල් බෙලි ගහ ගැනත් සියළු විස්තර කිව්ව. අපරාදේ කියන්න බෑ පැයකට විතර පස්සෙ 20ක විතර පොලිස් බළඇණියක් කඩං පැන්නා! මයිනටයි තඩියටයි පට්ට හැපි!





             රත්ගම SI කෙනෙක් හිටියා කළු මහත පොර අපිත් එක්ක ටිකක් ෂේප් යකෙකුටවත් බය නැති මිනිහා. රේල් පාර දිගෙ SI එනව ඉස්සරහාට, පොඩි බෝට්ටුව ඈත ඉඳන් බලන් ඉන්නව පොලීසිය දිහා. SI හරියටම මයිනයි තඩියයි පහු කරද්දිම "සිල්වයියා අර මල් මල් ගවුම ඇඳපු එකිගෙ ජංගියෙ කුඩු හංගන් ඉන්නෙ" කියාගෙන ඉස්සරහාට ගියා. අපරාදේ කියන්න බෑ පොඩි බෝට්ටුවට දුන්නා පොලු පාරවල් ටිකක් කකුල් දෙක දිගෙ චූ යන්න. මයිනටයි තඩියටයි පට්ට හැපි ඉතිං.. පොඩි බෝට්ටුවට මොනව උනාද දන්නෙ නෑ ඊට පස්සෙ.
                  කුක්කු ඩෝල්ට ශෝක සැනසුම් වේදනාවන් ලියලා හසුන් 2කක් යැව්වා නෝ ආන්සර්.. ගියා ඊළඟ දවසේ ස්ටේෂන් එකට කතා කරන්න හිතන් නෝ චාන්ස් "තමුසේ කතා කරන්න එපා මා එක්ක" තමයි ප්‍රතිචාරය. ස්ටේෂන් එකේ විරුවා පට්ටං ගහගෙන ඉන්න කොට තඩියගෙ නංගි ස්කෝලේ ඇරිලා එනව,ඒකිත් එක්ක රේල් පාර දිගෙ ජොඩු දාලා අයිස් පැකට් එකකුත් උර උර ආවා. කුක්කු ඩෝල් බලං ඉන්නව ගෙදර ඉඳං මයිනා යන දිහා. පැයකට විතර පස්සෙ පණිවිඩයක් ආවා "හවස 6ට දේවාලෙට එන්න" කියලා කුක්කු ඩෝල්ගෙන්. තඩියගෙ නංගියි කුක්කුඩෝලුයි තරහයි හේතුව නම් හරියටම දන්නෙ නෑ, හැබැයි තඩියගෙ නංගි නම් ටිකක් චාටර්. හවස ඉතිං දේවාලෙට ගියාම ලොකු මල්ලියි කුක්කුඩෝලුයි පංතියෙ තව යාළුවො දෙන්නෙකුයි තෙල් මල් එහෙම අරන් දේවාලේ. කුක්කුඩෝල් ආවා ළඟට..

"දැං දිවුරනව අර ගෑණි කිව්වේ බොරු කියලා"
අනේ ඉතිං දෙවොල් දෙයියො සාක්ෂි කරගෙන දිවුරුවා අර ගෑණි කිව්වෙ බොරු කියලා.




             පොඩි එකාට ගහපු නිසා තමයි එහෙම උනේ කියන එකත් කියලා දුන්නා කුක්කු ඩෝල්ට. මේකි ඉතිං බොහොම හුරතලෙන් කියාපි "තඩියගෙ නංගි එක්ක ආයෙමත් පාරේ යන්න එපා හරිද?"කියලා.
"හරි ආයෙමත් යන්නෑ"
"එහෙනං දිවුරන්න"
"තමුසෙට පිස්සුද ඒ මගෙ හොඳම යාළුවගෙ නංගි, පාරේ මුන ගැහුනම එහෙම යන්න පුළුවන්ද?"
තඩියගෙ නංගිට පිං සිද්ධ වෙන්න ලව් එකත් ආයෙමත් අටව ගත්තා. ඊටත් දවස් කීපෙකට පස්සෙ තඩියා පොඩි බොට්ටුවගෙ කොල්ලා උස්සලා මුහුදට විසී කරන්න හැදුවේ. මයිනා බොහොම අමාරුවෙන් තමයි ඒක නවත්ත ගත්තෙ.
එන්නං ඈ..... බොට්ටු පදින එවුන් පරිසමින් හොඳේ...