මයිනාගෙ කතා...60... ගරුන්නාන්සෙ...
ඉස්සර ඉතිං අපි හිතාන උන්නෙ අපි තමයි චන්ඩි කියලා එහෙමත් නැත්තං අපි කාටද බය කියලා. ඒ මෝරාල් එක කොච්චරද කියනවා නම් අපි අලියෙක් ෆේස් ටු ෆේස් ආවත් කුම්බස්තලය බිඳලා දාන්න තරං වීරයො කියලයි හිතන් හිටියෙ. ඔය කියන මරි මෝඩ වීරකම හින්දා ඉතිං අත පය කඩා ගත්ත ඔළු පලා ගත්ත අවස්තා එහෙම නැතුව නොවෙයි.
ඔන්න ඔය කියන වීරකම හෙවත් මෝඩකම නිසා සොහොන් පිට්ටනිවල නිදා ගැනිම, රෑ 12ට ගමන් යෑම වගෙ වැඩත් කලා. රෑට ගඟෙ ගිහින් කකුළුවො ඉස්සො එහෙම අල්ලගෙන බාබක්‍යු දාගෙන කාලත් තියෙනව. අපරාදේ කියන්න බෑ අපේම උං අපිව බය කරන්න යකාට ඇඳපු ඇඳිල්ලට අපි යකා මූනට මුන ගැහුනත් නහාය මිරිකන සයිස් එකේ හිටියෙ. මේ විදියට හිතිං වීරයො කියලා හිතං කයිය ගහාගෙන ඉන්න කාලෙක සුපිරිම බුවෙක් සෙට් උනා. ආයේ කියනවනම් එකෙන්ම නියම ගුරෙක්, සුපිරි වැඩකරැවෙක්. එක ගෙදරක තොයිලෙකට ඇවිත් ඒ වැඩේ සාර්තකත්වය දුටු අනිත් ඈයොත් එක එක වැඩ කර ගන්න අර ගුරැන්නාන්සෙගෙ පිහිට පැතුවා.
ඔය අතරිනුත් විශේෂයෙන්ම උණු සිද්දිය තමයි බෝට්ටු වලට මාළු අහුවෙන්න කරපු ගුරැකං. මේ ගුරැන්නානසෙගෙ වැඩ ඉතිං එකල මාළු මුදලාලිලා අතර පැතිරිලා ගිහින් ගුරැන්නාන්සෙ පුල් බිසි. සමහර ගුරැකම්වලට උවමනා කරන අඩුම කුඩුම හොයන්න බොහො වෙලාවට ආවේ කළූපේ කියන ගමට. කළුපේ නැති බඩකඩිත්තු ඔක්කොම තිබුනේ බේරතුඩුවේ. බේරතුඩුවට යන්න වෙන්නෙත් තොටගමුව කළුපේ ගම් 2ක පහු කරන්. ගුරැන්නාන්සෙට උවමනා කරන බොහොමයක් බඩු හොයන්න ආපු පොර මයිනලා දන්න පොරක්. එක නැට්ටෙ දෙහි, අහු, තොළඹ, හොඬළ, පැඟිරි දර වගෙ එක එක ලබ්බවල් හොයාගෙන එන එකා ඉතිං මයිනලා මුණ ගැසි මයිනලගෙ මාර්ගෙන් මේ දේවල් අරන් යනවා. ඉඳ හිට මයිනලටත් "මල්ලි ආප්ප කාපල්ලා කොත්තු කාපල්ලා" කියලා රැපියල් 500ක් 1000ක් දීපු අවස්තා එහෙමත් තිබුනා.
ඕං එක දවසක සොඳුරැ සවසක ගුරාට අඩුම කුඩුම හොයන බූවා ආවා. එදා මූ අපෙන් ඉල්ලුවෙ පළමුවරට පීදුනු පොල්ගහකින් ගෙඩියක්. එහෙම පොල් ගහාක් මතක් කරලා ඒ ගහෙන් ගෙඩියක් බිමට දාන්නෙ නැතුව කඩලා දුන්නා. එදා ඉතිං අයියා ගුරාගෙ වැඩ කිඩ සහ පංපෝරි ගැහුව්වා. ඒ අතරිනුත් වැඩිපුරම සිත පැහැර ගත් සිද්දිය උනේ මළ මිණියක් නැගිට්ටවලා ඒ මළ මිණියෙ දිව මන්ත්‍ර බලෙන් කපලා කරන ගුරැකමක් ගැන. අනේ ඉතිං මේක කණ වැකුණු වෙලාවෙ ඉදං වීරයො පිරිසට මේ වගෙ සිද්ධියක් දකින්න පට්ට ආශයි. අර අයියත් ඉතිං හිතවත්කම වැඩි නිසාම අසවල් දවසෙ අසවල් තැන අපි මෙහෙම වැඩක් කරනවා කියන ඉඟිය දුන්නා.
මයිනයි තවත් ගෙදරින් පැන ගන්න පුළුවන් ගල් ඉබ්බො 3 දෙනෙකුයි ආදාල දවසෙ රෑ 9ට විතර අදාල තැනට හොරෙන් රිංගුවා. අදාල සොහොන් පිට්ටනියෙ තැනක ඈතට වෙන්න තිබුනු අරලිය ගහාකට නැගලා ගුරා ඇතුළු පිරිස කරන වැඩේ දිහා බලන් ඉන්නවා. ගුරැයි තව 6 දෙනෙකුයි තටු හදලා පන්දම් පත්තු කරලා මීණිවලක් හාරලා සාම්බ්‍රනි ගහානවා මතුරනවා වැඩ කෝටියයි. සුදු සරමට උඩින් රතු රෙද්දක් ඇඳන් හිටපු ගුරා එක සැරෙට මායම් වෙලා වගෙ ගැස්සි ගැස්සි මතුරන වේගෙ වැඩි කලා. ඈත අරලිය ගහ උඩට වෙලා සිද්දිය දෙස බලාගෙන අපතයන් පිරිසත් ඉන්නවා. එක සැරේ ගුරා දැම්මා සද්දයක් "කවුද බොළ තව එවුං වගයක් ඉන්නෙ" අපි ඉතිං මීක් නෑ. "පළයව් මෙතනින්" කියලා තව සද්දයක් දැම්මා. අනේ ඉතිං අපි නෙවෙයි සැළුනේ ගුරා හයියෙන් හයියෙන් මතුරගෙ ගිහින් අපි හිටි පැත්තට පන්දමක් දික් කරලා ගැහුව්වා දුම්මල පාරක්. හතර දෙනාම අරලිය අතුත් කඩං බිමට, ආයෙ ඉතිං කිලෝමිටර් 2කක් විතර දුවලා තමයි නැවතුනෙ.
කට්ටියම ගෙවල් වලට ගියාට අපේ එකෙකුට ටිකක් අවුල් වගෙ. ඊළඟ දවසේ අරෑට උන අරන් එක එක විකාර කියවනව, දුවන්න හදනව. මොකක්ම හරි අවුළක් උනා කියලා දැන ගත්තු අපි ගියා ගුරාගෙ ගෝළයා හොයාගෙන. අරැට අපි විස්තරෙ කිව්වා අපි තමයි රෑ සොහොනට ආවේ බලන්න ආශ හිතුනු නිසා අපේ එකෙකුට උන අරන් කියලා. අරැ ඉතිං ගුරැන්නාන්සෙ ඉන්න තැනට අපිව එක්කං ගිහින් අපිට කියලා සමාවත් අරන් අපේ එකාගෙ ගෙදරට ඇවිත් නූලක් බැන්දා. නූළ බැන්දට පස්සෙ අරැගෙ උනත් අඩු වෙලා විකාර කියවන එකත් නැවතුනා.
බය වෙච්ච එකාගෙන් ඇහුව්වා "ඈ බං අපි ඔක්කොම එකටම නේ හිටියෙ, උඹ විතරක් කොහොමද බං බය උනේ" කියලා.
" අඩෝ අර ගුරැන්නාන්සෙ පන්දමට දුම්මල ගැහුව්වට පස්සෙ උසම උස මිනිහෙක් ඇවිත් අපි හිටි අරලිය ගහෙ අත්තෙන් ඇදලා කඩලා දැම්මා".
"ඉතිං බං අපි දැක්කෙ නෑ නේ"
"අපි ගහෙන් වැටිලා දුවගෙන එද්දි ඒ මිනිහ අපි ආපු පාරටත් ආවා" "මං හිතුවේ උඹලත් දැකලා ඇති කියලා"
"ඒකත් මාර වැඩේ නේ බං උඹ දැකලා අපි දැකලා නෑ"
ඊට දවස් කිහිපෙකට පස්සෙ අපිට අර ගුරැන්නාන්සෙ මුණ ගැහුනා. අපි ඇහුව්වා ඇයි අරයා විතරක් බය උනේ අපි එහෙම කිසිම දෙයක් දැක්කෙ නෑ නේ කියලා. අපි 3න් දෙනාගෙන් එකෙකුට කිව්වා
" උඹ කාටවත් බය නෑ උප්පත්තියෙන්ම බළවත් එකෙක් මනුෂ්‍ය අමුනුෂ්‍ය කාටවත් උඹව බය කරන්න බෑ" කියලා.
මයිනගෙ දිහා බලලා ඇහැව්වා "කවුද ඔය සුරේ බෙල්ලට දැම්මේ"
ඇත්තටම ඒ සුරේ දැම්මෙ තාත්තා හැබැයි ඒ සුරේ ගැන මම හිතන් හිටියෙ තාත්තා මමයි මල්ලියි වෙන් කරලා හඳුනා ගන්න දාපු එකක් කියලා.
"ඔය සුරේ බොහොම බළගතු යන්ත්‍රයක් දාලා තියෙන්නෙ, කොල්ලො හිතා ගනිං උඹේ හතර පැත්තෙන් හතර දෙනෙක් ආරක්ෂාවට ඉන්නවා කියලා"
"හැබැයි ඉතිං උඹේ නොසැලකිල්ල නිසාම ඔය සුරේ උඹ නැති කර ගන්නවා" "පරිසම් කර ගනිං ඕක"
"අනිත් එකා උඹත් රාස්ස ගනේ නොවැ බං හිත හයියයි ඒකයි බය නූනේ"
ඊට පස්සෙ ගුරැන්නානසෙ අපි එක්ක බොහොම හිතවත් උනා. එක එක සිද්දි ගැනත් බුද්ධ මන්ත්‍රවලට අමුනුෂ්‍ය බළවේග යටත් වෙන හැටිත් කියලා දුන්නා. එකම එක දවසක අපිව එක්ක ගිහින් ගඟ අයිනක ඉඳගෙන යම් කිසි ගුරැකම් වැඩක් කලා. පැහැදිළිවම දැක්කා ගඟෙ වතුර උඩින් දුවගෙන ආපු එකෙක් තටුවෙ තිබුණු බැදපු බිත්තරෙ අරං ගියා. එදා එතන ඇති උනු පරිසර වෙනස් වීම ගඟෙ වතුරෙ ඇති උනු වෙනස එක්ක නම් ඇත්තටම බය උනා. ඊට පස්සෙ නම් අමනුෂ්‍ය බළවේග එක්ක විහිළු කරන්න හිතුවේ නෑ.
__මයිනා__

No comments:
Post a Comment