Sunday, 24 May 2020

මයිනාගෙකතා... 86 ... යාළුවො...1

මයිනාගෙකතා... 86.... යාළුවො...1

                               බුදු හමුදුරුවො මිත්‍රයො ගැන දේශණා කරද්දි පුන පුනා කියනවනෙ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන. එහෙම කළ්‍යාණ මිත්‍රයො ලබන්නත් පිං කරලා තියෙන්න ඕනේ. අද කියන්න යන්නෙ මට ජීවිතේ හම්බ උණු සමහර යාළුවො ගැන. හොඳ නරක සැප දුක මැද්දෙ ජීවිත ගෙවද්දි අපිට විවිධ යාළුවො මුණ ගැහෙනවනේ. සමහර යාළුවො වළ කපනව තොපි කම්මුතු වෙලාම පළ කියලා. තව සමහර එවුං වරෙං මචං ගොඩට කියලා කොහොම හරි අත දීලා වලෙන් උඩට ගන්නව. එකට එක පත කාපු එවුංම තමා පසු කාලෙක ලොකුම හතුරන් බවට පත් වෙන්නෙ. ඒක සනාත වෙන ලොකුම උදාහරණෙ තමා මෛත්‍රිපාළ සිරිසේන කියන්නෙ. මහින්ද කඳවුරෙ මහින්දට හිටපු විශ්වාසවන්තම සගයා. මහින්ද විදේශගත වෙන වෙළාවට මහින්දට අයත් අමාත්‍යංශ වගෙම ආරක්ශක අමාත්‍යංශය පවා බාරබදුන්නෙ සිරිසේනට. ඒත් ඉතිං හැන්දෑවේ ආප්පත් කාලා යන ගමං තාප්පෙට චූ කරලා යයි කියලා කවුරුත් හිතුවෙ නෑ. උදේ බළද්දි සිරා නැත....... සොරි ඩොට් කොම් තමා. තුංමුල්ලෙ පද්මෙගෙ ඉඳලා අද වෙනකම් ලංකාවෙ පාතාළ ඉතිහසය අවුස්සලා බලද්දි හොඳ හොද කතා මතුවෙන්නෙ ඒකයි.

                    මයිනලගෙ සෙට් එකෙත් විවිධ යාළුවො හිටියා. එකට කාපු, එකට බීපු, එකටම වළ බැහැපු මේ අස්සෙත් හිතලා හිතා ගන්න බැරි චරිතත් හිටියා. සමහර උන්ව තේරුම් ගන්නම අවුරුදු ගාණක් ගියා. හැමෝම එකට ඉන්න අතරේ විදේශගත විමේ පළමු වරප්‍රසාදය ලැබුනෙ මයිනට, ඒ ජර්මනියට යන්න. දන්න හිතවත් දුර නෑකමකුත් තිබුනු පවුලේ ළඟම හිතවතෙකුත් උනු හාදයෙක් මයිනව ඌගෙ හොටලේ වැඩට නවත්ත ගත්තා. ඔය හොටලේ ඉන්න දවස්වල හැමදාම උදේ කෑමට එන ජර්මන් අම්මෙකුයි ළමයි දෙන්නෙකුයි මයිනා එක්ක හිතවත් උනා. ඒ හිතවත්කමේ අවසන් ප්‍රථිඵළය උනේ අර ළමයි දෙන්නා හැම දවසකම මයිනව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් අත් අල්ලගෙන වැල්ලෙ ඇවිදීම. අවසානෙට අර ළමයින්ට මයිනව එක්ක යන්න ඕන උනා ජර්මනියට. මයිනගෙ හිතවත් අයියට අයියගෙන් ගෙදරට ආදි වශයෙන් ආපු යෝජනව මයිනගෙ තාත්තා ප්‍රතික්ෂේප කරා. ඊටත් එහා කාරණාව උනේ සමහර යාළුවො මයිනව විවිධ උපැහරණ මගින් රට යෑමේ ආශාවට තිත තැබ්බවීම. ඒ වෙද්දි මයිනගෙ වයස 17යි, යාළුවො අතරිනුත් එකෙක් පුන පුනා රට යෑමෙන් විය හැකි ආබාද ගැන කිව්වා. ඒඩ්ස්, සමාජරෝග, රක්ෂණ මුදල් ලබා ගැනිමට මරා දැමීම, ශරිර අවයව ගලවා ගැනිම වගෙ දේවලුත් කිව්වා. ඕකා නිසා මයිනා කී සැරයක් නම් වලි දාගෙන ඇද්ද එක සැරයක් ගම් පෝරියල් එකකුත් කෑවා.
ඊට පස්සෙ මයිනා අධ්‍යාපන වැඩකටයුතු කරගෙන වළක් බැහැගෙන අපත සෙට් එක එක්ක වළියක් ජොළියක් දාගෙන හිටියා. ඒ වෙද්දි අර මයිනව පස්සට ඇදපු එකා උදේට උදේට වැල්ලෙ බහින්න ගත්තා. සුද්දෙක් හරි සුද්දියෙක් හරි සෙට් කරගෙන රට පනින්න. ඔය විදියට අවුරුදු 3ක් 4ක් යද්දි මයිනට නැවත රට යන්න අවස්තාවක් ලැබුනා ඒ ඔස්ට්‍රියාවට හැබැයි හොර පාරෙන්. ඒ අවස්තාවටත් අර කලින් කිව් එකාම හේතු කාරනා කිව්වා, හොර පාරෙන් ගියාම ඇතිවෙන ගැටළු සහ අවදානම ගැන. ඔස්ට්‍රියාවේ සීතලට මිනිස්සු මැරෙන හැටි, ජොබ් එකක් නැතිව එහෙ ජීවත් වෙන්නෙ කොහොමද, ඒ කාලේ ලක්ෂ 3ක මුදලක් ඉල්ලුවා වීසාවලට. ඒ මුදල් ණයට අරන් ගෙවන්න බැරි උනොත් වගෙ දේවල් කියමින් මූ ඒ ගමනත් නතර කෙරෙව්වා. ඊට මාසෙකට විතර පස්සෙ මයිනට ආරංචියි අර ඕස්ට්‍රියා වීසා දෙන්නම් කිව් අංකල්ව හම්බ වෙන්න අරු ගිහිං කියලා. හැබැයි ඌට අර පුද්ගලයා උදව් කරෙ නෑ. ඊටත් මාස කිහිපෙකට පස්සෙ මයිනගෙ මිත්‍රයයි උගෙ මල්ලියි තව එහෙකුයි උදේ කාලේ ගෙදර නෑ. උංගෙ ගෙදරින් ඇහුව්වමත් "තුන් දෙනාම උදේම කොහෙද ගියා" කියනව. ගෙදර එවුනුත් අපිට හරියට මොකවත් කියන්නෑ. මේක අපේ අපත සෙට් එකටම මාරම ප්‍රශ්ණයක්, කටා ඊළඟ දවසේ පාන්දරම කාටත් හොරෙන් අරුන් 3න් දෙනා පස්සෙන් ගිහින්. මුන් 3න් දෙනා ඌරවත්තෙන් බස් එකෙන් බැහැලා ස්විමිං කරන සර් කෙනෙක් එක්ක යනව දැකලා. ස්විමිං කරන සර්ව අපේ අනිත් අපතයෙකුත් හොඳටම අඳුරනව. ඌත් අහම්බෙන් ගියා වගෙ සර්ව හම්බ වෙලා ආගිය තොරතුරු කතා කරන අස්සෙ අර සර් කියලා "අසවල් 3 දෙනා මේ දවස්වල එනව මගෙන් ලයිෆ් ගාර්ඩ් සෙටිෆිකට් ගන්න, රට යන්න කියලා". විස්තරෙ දැන ගත්තට කවුරුවත් අරුන් 3 දෙනාට ඒ බවක් ඇඟෙව්වෙ නෑ.

                                       සති 2කකට විතර පස්සෙ දවසක සෙට් එක අරුංගෙ ගෙවල් දිහාවට ගියා, අරුං ගෙදර නෑ. ගෙදර උන්ගෙන් ඇහුවම කිව්වෙ "ලොකු අක්කලගෙ ගෙදර ගියා, සතියකින් විතර එයි" කියලා. අපේ කටා ඉතිං මළ පැනලා කිව්වා "සතියකටද ගියෙ, එකට හිටපු යාළුවොන්ටවත් නොකියා රට ගියානේ බළමුකෝ කාටද හරියන්නෙ කියලා" . යං බං කටා මුං ආශ්‍ර්ය කරපු අපිටයි ගහන්න ඕනේ කියාගෙන සෙට් එකම ආවා. මුං 3න් දෙනා ගිහින් තියෙන්නෙ සෞදියට හොටෙල් එකක ලයිෆෆ් ගාර්ඩ්, විස්තරේ ඔක්කොම හොයාගෙන කට්ටියම පාඩුවෙ හිටියා. සෙට් එක අතරේ නීතියක් දැම්මා අරුංගෙ ගෙදර කිසි කෙනෙක් එක්ක කතා බෑ, ඒ ගෙදරට යන්නත් බෑ. එහෙම ගිහිල්ලා අහු උනොත් නැවත අපි සමග යාළුකම් බෑ. අරුංගෙ ගෙදර පළාතක එකෙක් යන්නැත ශ්‍රමදායකත්වය ලැබෙන සේවා මුළින්ම ඇණ හිටියා. ඊළඟට ආර්ථික වාසි.... එළවළූ, මාළු වගෙ දේවල් වෙනදා දෙනව ඒවත් නැවැත්තුව. ලෙඩකට දුකකට බළන ඒවත් නැවතුනා. සම්බාධක පැනවෙද්දි නිකංම ගෙදර උංගෙ හුළං බැස්සා.





                                       හරියටම මාස 3ක් යද්දි දෙන්නෙක් ලංකාවට කෑම බීම නැතුව පඩිය රියාල් 500යයි. විඳිය යුතු සියළු ගැහැට මැද උන් දෙන්නා ලංකාවට. අයියයි මල්ලි දෙන්නගෙන් මල්ලි වෙන හෝටලෙකට වැටිලා තියෙන්නෙ, ඌ එහෙ නැවතිලා. අරුං දෙන්නා ලංකාවට ආවා උං දෙන්නා හුඹහෙන් ඇදපු තළගොයි වගෙ වෙලා, කළු වෙලා කෙට්ටු වෙලා. අරුන් දෙන්නා ආවා මිතුරු කැළම ඉන්න තැනට දවසක කොහොමද මංචංලා කියාගෙන. අපේ කටා "උඹලා ඇයි අපි බළන්න ආවේ, අපෙයි උඹළගෙයි යාළු හිතවත්කම් ඉවරයි. මීට මාස 3කට කලින් අපි ඒවා ඉවර කලා. අපි ඉන්න පැත්තකටවත් එන්න එපා" කිව්වා. මයිනටත් මළ ඕවර් වෙලා හිටියෙ "අනේ.... @රියො තොපි මම රට යන්න හදද්දි දාපු පානිය කොහොමද?. තොපේ පපු හොඳ නෑ තොපේ ජීවිතෙට තොපිට හරි යන්නෙත් නෑ, තොපි වගෙ වසළ @රියො එක්ක යාළුකනුත් එපා අපිට" කට්ටියම බැනලා අරුන්ව එළවලා දැම්මා. ඊට මාස කිහිපෙකට පස්සෙ මයිනත් රට ආවා.... අර රට ගිය අනිත් එකා සෞදියේදි ආගම මාරු කලා ඌටත් එහෙදි පිස්සු හැදිලා ලංකාවට එව්වා අවුරුදු 3කට පස්සෙ.

                                   මයිනා රට ආවට පස්සෙ මයිනගෙ තත්වය හාත්පසින්ම වෙනස් උනා. ගම්පලාතේ සහ ලංකාවෙ එවුන්ට ප්‍රි වීසා දුන්නා, රටදි ජොබ් නැතුව ලංකාවෙ එකෙක් සෙට් උනා නම් ජොබක් දෙන්න පුළුවන් තත්වෙට මයිනා ආවා. ඊට පස්සෙ අරුං මයිනගෙන් උදව් ඉල්ලලා මාර විදියට මයිනගෙ ගෙදරට ඇවිත් තිබුනා. මයිනා මෑණියන්ට කියලා තිබුනෙ ටෙලිෆෝන් නම්බරෙවත් දෙන්න එපා කියලා. අද මේ වෙද්දිත් අපේ කිසිම යාළුවෙක් උං තුන්දෙනා එක්ක කතා කරන්නෙ නම් නැත. අවුරුදු 3කට විතර ඉස්සර ලංකාවට ගියපු වෙලාවක පිස්සු හැදුනු එකා නම් ඇවිත් දුක කියලා රුපියල් 5000කුත් ඉල්ලගෙන ගියා. මයිනා නම් අදත් සතුටින් සුවෙන් ඉන්නව..... අරුංග ජීවිත නම් බොහොම අසීරුවෙන් ගෙවනව. ඊට පස්සෙත් යම් යම් @රි වැඩ අරුං කලා කියලා අරංචියි ඒකෙනුත් මිනිස්සුන්ගෙන් පිරිහිලා ගියෙත් උන්මයි. එන්නං.... ඈ....
_____මයිනා_____

Saturday, 23 May 2020

මයිනාගෙ කතා... 85... finger bowl

මයිනාගෙ කතා... 85.. .finger bowl..

මයිනා ස.පෙළ එහෙම ඉවර කරල රිසාල්ට් එනකං හිටපු කාලේ, මයිනගෙ හිතවත් අයියා කෙනෙක් මයිනව ඇදගෙන ගියා ඌ කරපු හෝටලේ වැඩට. හික්කඩුව සංචාරක පුරවරෙ තිබුනු හෝටලේ මයිනා කිචන් හෙල්පර් විදියට තමා දැම්මෙ. ඒකට හේතු දෙකක් තිබුනා එකක් තමා ඒ වෙද්දි හිටපු කිචන් ස්ටාප් එක දෙයියනේ කියලා උනුත් කාලා ගෙවල්වලටත් පාර්සල් ඇදලා යාළුවොත් ස්ටාප් රූම්වලට ගෙනත් කන්න දීම.  අනික තමයි මයිනා නසරාණි වෙලා මහඋළු ගෙදර නවතින සයිස් එකක් තියෙන හින්දා මූට මොනව හරි පුරුදු කිරිම. මයිනව කිචන් එකේ එවුන්ට හඳුන්වලා දුන්නෙ නැන්දගෙ පුතා කියලා. "ලක්ෂමන් මේ මගෙ නැන්දගෙ පුතා එයාට කියන්න අඩු පාඩු උවමනා ඒවා එයා ලිස්ට් හදයි, එයාටත් වැඩ උගන්වන්න" කියලා අයියා ගියා. කුස්සියෙ සෙට් එක සහ වේටර්ලා සෙට් එක බැළුවා මූට වළිය දාන්න බෑ, ගම් පළාත අප්සට් ඒක නිසා දෙන්න පුළුවන් උපරිම වැඩ දීම පටන් ගත්තා.

පිඟන් සේදීම, වළං සේදීම, ළුනූ කැපිම, හාල් සේදීම ආදි වශයෙන් වැඩ පිට වැඩ. චුට්ටක් වාඩි උනා නං සද්දෙ "වාඩි වෙලා බෑ මල්ලි වැඩ වැඩ" පළවෙනි දවසෙ ෆුල් අමාරුයි. කොහොම හරි මයිනත් කට්ට කාගෙන අදිනව. අරුං බැළුවා මූට වැඩ දීලා දන්නන්න බෑ, අයියට කේලම් කීම පටන් ගත්තා. අපේ එකා මීටර් කරන් හිටියෙ කුස්සියෙ ලිස්ට් එක කෙටි වෙලා තමයි එන්නෙ දැන්. වෙනදට සතියට දෙපාර ගෙනාපුවා දවස් 10කට විතර එක පාරයි එන්නෙ. අරුන්ට ඇහෙන්න පොඩි සද්දයක් දාලා එහෙම හැමදාම රෑට අයියා කෑම කන වෙලාවට මයිනවත් ළඟ තියං තමා කෑම කන්නෙ. එහෙම කන ගමං මයිනට හැන්ද ගෑරොප්පුව පාවිච්චි කරන හැටි එහෙම කියලා දෙනව. හොටෙල් එහෙකදි කෑම ගනිද්දි එහෙම හැසිරෙන විදිය වගෙ දේවල්, පිටරටවලින් විශේෂයෙන්ම යුරෝපා ජාතිකයන්ට ගරු කරන හැටි එහෙමත් කියලා දෙනව.  ඒ අස්සෙම කියනව කෝමහරි හැන්ද පුරුදු වෙයං හොඳ කුකෙක් උනා කියන්නෙ එකෙන්ම ගොඩ කියලා. මයිනට යංතං පදං කෑම හැදිමේ හැකියාවක් තියෙනව මෙහෙම උන්නට හරිය. ඒ හැමදේම අතරෙ වැදගත් උනේ අයියා කියලා දීපු ඩිසපිලීන් පාඩම තමයි.

මයිනා රට ආවට පස්සෙ මයිනගෙ රැකියාව ටික ටික ඉහළට ගිහින්, ආයතන වැඩකටයුතුවලට වෙනත් රටවලටත් යන තැනටම ආවා. ඔහොම ගියාම හොටෙල් කෑම බීම ආයතනයෙන් දෙනව, එහෙමත් නැත්තං අපේ වැඩවලට සම්බන්ධවෙන අනග්‍රාහකයො දෙනව. ඔහොම ගියාම ඒ ඒ අය එක්ක බොහොම සුහදව වැඩ කරල අවශ්‍යය වැඩ කටයුතු කරගෙන එන එක මයිනා පරිසමට කරා. ඒ වගෙම මයිනගෙ ආයතනයටත් බොහොම ලාභ ලැබුනා. මයිනා සුපර් ස්ටාර් වෙද්දි මුලින්ම රිදුනේ ඉන්දියන් වේ#ගෙ පුතාලට. විශේෂයෙන්ම මළයාලින්ට ඇස්වල කටු අනින්න වගෙ උනා මේ වැඩේ. මොකද මළයලි හැම එකාම උපාධි ගහපු එවුන්, අනික තමා මේ ලෝකේ කපටිකම උපතින් අරං ආව ජාතියක් ඇත්නම් උං තමා. ඕං ඉතිං කම්පැණියෙ එවුං දෙපැත්තට බෙදුනා. ඒක හරියටම කියනව නම් මුස්ළිම් සහ හින්දු බෙදිමක් තමයි උනේ. හැබැයි හිංදු මුස්ළිම් බෙදිමක් නැතුවම මළයාලි එකම ගොඩකට උනා. අන්තිම වෙද්දි එහෙන් මෙහෙන් කේළම් එහෙට මෙහෙට යන එක තමා උනේ. ඒ වෙද්දි කම්පැණියටම හිටියෙ මයිනත් එක්කම ලංකාවේ එවුං 4යි. මයිනා ෂේප් එකේ ලංකාවේ එවුං වැඩට අරං ගොඩ වැඩි කරා. ඔය අතරේ වැඩිපුරම බොසාට කේළම් කියපු මළයාළියව මයිනා එක්ක වැඩවලට දැම්මා. මයිනා ඉතිං වෙනදා වගෙම ෆුල් හැපි එකේ වැඩ, අර මළයාලියා පට්ට කයිය ඌ සියල්ලම දන්නව කියලා.

මයිනට එක ඉංදියන් එකෙක් කිව්වා උඹ පරිසමින් ඉඳපං මුං පට්ට කපටියි රංඩු නොවි මොළෙන් ගහපං මුන්ට කියලා. ඕං මයිනයි මළයාළියයි ගියා ඩුබායිවලට මයිනා ෂේප් එකෙ මළයාලියව මීටර් කරන් ඉන්නෙ. මූට ඉංග්‍රිසි කියවන්න බෑ හොටෙල් මෙනු එක මයිනා ඕඩර් කරන දෙයක් මූ කනව. අනික තමා මූ මයිනා කරන දිහාම බලන් ඉඳලා ඒකම කරනව. මයිනා හිත හිත හිටියා හිටපං තොට දෙන්නං කොයි වෙලාවක හරි හොඳ පරිප්පුවක් කියලා. ඊළඟ ටුවර් එක තිබුනේ ඉන්දියාවෙ ආග්‍රාවලට, සපත්තු ඕඩර් වගයක් දෙන්න. ආග්‍රාවල ඉන්න එක සප්ලයර් කෙනෙක් ෆයිව්ස්ටාර් හොටෙල් එකක් එහෙම සෙට් කරලා උපරිමයෙන් සංග්‍රහ කරන්න. ඉන්දියාවට ගියාම මයිනා කෑමෙන් බීමෙන් බොහොම පරිසන් වෙනව. මොකද අජීරණයක් එහෙම හැදුන නම් එහෙම වැඩ කෙසේ වෙතත් ලැට් හොය හොය තමා ඉන්න වෙන්නෙ. ඉන්දියාවෙ ලැට්වලට යනවට වඩා හොඳයි පුප සුපර් ග්ලු ටිකක් දාලා අලව ගන්නව. ආග්‍රාවලට ගියපු දවසෙ රෑ අපි හිටපු හොටෙල් එකෙම රෙස්ටුරන්ට් එකට සප්ලයර්ලා දෙන්නෙක් උංගෙ මැනේජ්ලා දෙන්නෙකුත් එක්ක ඩිනර්වලට ආවා. මළයාලියා ෂර්ට් එක යට කරලා ටයි එකක් එහෙම දාලා මැනෙජින් ඩිරෙක්ට වගෙ, මයිනා ටීෂර්ට් කෑල්ලයි ඩෙනිමයි කොතනටත් දමන පටි සෙරෙප්පු දෙකයි. දැන් මළයාලියා පට්ට වැඩර් වෙලා රඟනව කියන්නෙ රැඟිල්ලක් අපේ බොසා අයිඩියා ගන්නෙත් උගෙන් වගෙ. මෙනූ එක ආවා මයිනා ග්‍රිල් චිකන් එකකුයි චිප්ස් එකකුයි ඕඩර් කරා. අරුත් දැන් ගල් ඉබ්බා වගෙ "සේම් දේදෝ" කිව්වා. ඕඩර් එක ආවා මයිනා ගෑරොප්පුවෙන් ඇනලා එක චිකන් කෑල්ලක් කැපුවා විතරයි, මළයාලියා පටන් ගත්තා මස් කපන්න. ටං...ටිං.... ටුං.... සවුන්ඩ් සමග අරු කනව මයිනා හැඳි, ගැරොප්පු, පිහි පැත්තකින් තියලා අතින් කන්න පටන් ගත්තා.





මුළු රෙස්ටූරන්ට එකම අරූ දිහ බළනව, මූ වගක් නැතුව කම්මලෙ එකා යකඩ තලන්න වගෙ වැඩ. සප්ලයර්සලා මූණට මූණ බළනව, ඉංදියාවේ අපේ ඔෆිස් එකේ එකා මයිනගෙ මූණ බළනව. අරු හෝ ගාලා කනව හරියට ඌ තමයි මූළු හෝටලේටම චීප්ගෙස්ට් වගෙ. මයිනා වෙටර් කෙනෙකුට කිව්වා "වන් පින්ගර් බෝව්ල් ප්ලීස්" කියලා. අරුත් කන ගමන්ම අතින් වේටර්ට ඌටත් එකක් ඕන කියලා පෙන්නුවා. වේටර් මදක් උණුසුම් වතුර සහිත කෝප්ප දෙක ගෙනත් දෙන්නා ළඟින් තිබ්බා. ඔය අත හොදන කෝප්පෙ එන්නෙ දෙහි පෙත්තක් එහෙම දාලා නේ. අර ගොන් නාම්බා අරක තියපු ගමන් ගුඩුස් ගාලා බීපි. සප්ලයර්ලට හිනා වෙන්නදො අඬන්නදො කියලා හිතා ගන්න බැරුව ගියා. ඒක අරං ආපු වේටර්ට හුචුස් ගාලා හිනා පැන්නා, අනිත් මේසවල හිටපු එවුන් කුටු කුටුව. අර වේටර් අනිත් එවුන්ට මූව පෙන්න පෙන් වෙනම ආතල් එකක. මයිනා පාඩුවේ අර කොප්පෙන් ඇඟිළි ටික හෝද ගත්තා. අරුට දැන් කාලා කා ගන්න බෑ උනු ලැජ්ජාව, මයිනට ආපු හිනාව බොහොම අමාරුවෙන් ආයාසෙන් යට කර ගත්තා. ඉංදියාවෙ ඔෆිස් එකේ එකාට මළ මූ කරපු වැඩේට. අරු හුළං බැහැපු බැළුම වගෙ නෝ කතා නෝ සිනා විරුව පට්ටං ගහගෙන ඉන්නව. ඩිනර් ඉවර කරලා එළියට ආපු ගමන් ඉංදියාවේ ඔෆිස් එකේ එකා කතා කරලා කුවයිට් ඔෆිස් එකට අරු ඉස්සරහම කිව්වා "උඹලා කොහෙන්ද මුං හොයලා එවන්නෙ, මෙන්න මූ අත හොදන කෝප්පෙ බිව්වා" කියලා. කුවයිට් එකේ ඔෆිස් එකේ ඒක ප්‍රචාරය උනේ මළයාලියා අත හෝදපු ඉඳුල් වතුර බීපු විදියට. අනේ ඉතිං අරු කුවයිට් ඒකට ආවට පස්සෙ හෙළුවෙන් හිට ගත්තා වගෙ තමයි. හැම එකාම අරුව නෝන්ඩි කරනව "මොකද බං ඉඳුල් වතුර බිව්වෙ උඹට සුප් එකක් වගෙ පෙනුනද" කියලා. අන්තිමේ ඌ කම්පැණියෙනුත් අයින් වෙලාම ගියා. මයිනා නං බහිරවයා ලැග ගත්තා වගෙ තමා ඒ කම්පැණියෙම වැඩ තාම......
එන්නං ඈ.........
___මයිනා___

මයිනාගෙ කතා... 83.... පිංබතා..

මයිනාගෙ කතා... 83.... පිංබතා..

                                  සමහර ගම්වල ඉන්නවනෙ පන්සල ගෙදර කරගත්තු එවුං පිරිසක්. වයසක උපාසකලා හිතං ඉන්නෙ උං හරි ශ්‍රද්ධා සම්පන්න, සිල්වන්ත, ගුණවන්ත පිරිසක් කියල නේ. ඒ උනාට උං කරන කියන දෑ ගැන කුමට කතාද. ගල් වඩු කර්මාන්තයෙ ඉහළටම ගියපු සහ පසු පස ආර ක්‍රිඩාවෙ කප් ගනිපු එවුං උං කියලා පිළිගන්න ගමේ සමහර වැඩිහිටියො කැමති නෑ නෙව. මයිනගෙ ගමෙත් හිටියො ඕං ඔහොම කැස්වටුවො 3න් 4 දෙනෙක්. දහම්පාසල ඇතුළු පන්සළට අයිති බෞතික වස්තූන්ගෙ නිළ නොවන අයිතිකාරයො වෙලා හිටියෙ උන් තමා. ඕනෑම පොදු කටයුත්තකදි එක දාගන්න පුප දෙන්න හිටපු මේ සෙට් එකයි මයිනලගෙ සෙට් එකයි හිටියෙ ආරෝවෙන්. මයිනලගෙ සෙට් එක මුහුනට මුහුන ගේම ඉල්ලුවට පිංබත් සෙට් එක ගේම ගැහුව්වෙ ෂේප් එකේ. ඔය පිංබත් සෙට් එකේ ප්‍රධානියා වෙලා හිටියෙ මයිනගෙ නැන්දා කෙනෙකුගෙ පුතෙක්. නෑකම තිබ්බට මයිනට ඕකා දිරවන්නෙම නෑ, ඕකා ගහපු ගේම් 2ක 3ක්ම මයිනට මාට්ටු. කොයි වෙළාවක හරි තොට දෙන්නං කිය කිය හිත හිත ඉන්දැද්දි දවසක ඒකට කරුණු කාරණා යෙදුනා.

                           අපේ එකෙක් අවුරුද්දක් විතර ගමේ කෑල්ලකට ට්‍රයි කරා. හැබැයි ඉතිං ඒකි නෙවෙයි අපේ එකාට කැමති උනේ. ඕං අපේ එකාට අර පිංබත් සෙට් එකේ එකෙක් වළිය දාලා. "උඹ මොකද අපේ මාමගෙ දූගෙ පස්සෙන් එන්නෙ" කියලා. ඕකට අපේ එකා අරූට ගේම ඉල්ලුවම පිංබත් සෙට් එකම එකතු වෙලා අපේ එකාට සද්දෙ දාලා කණත් අතගාලා එවලා. අපේ එකා ඉදිමිච්ච කම්මුළත් එක්ක මයිනලගෙ ගෙදරට "මයිනා අරුං සෙට් එක එකතු වෙලා මට ගැහුව්වා බං" "අම්මට ##%#න උන්ට ගියපු රට, වරෙං යන්න බලන්න" කියලා මයිනත් අරූ එක්ක ගියා වළිය වෙච්ච දිහවට. යද්දි මයිනගෙ නැන්දගෙ පුතා වෙච්චි පිංබතා එනවා ඉස්සරහට. "මූත් හිටියද" කියලා අහද්දි අරූ කිව්වා මූ තමයි බං කනට ගැහුව්වෙ කියලා. ආයේ ඉතිං මොනවද පිංබත්ට දුන්නා දීමක් දෙන්නා එක්ක ගමම වට වෙලා බේර ගන්නකම්ම. ඕං ඉතිං නෑ පරපුර මයිනාට විරුද්ධව නැගි සිටියා.


                ඔං ඔය අස්සෙ අනුංගෙ සීනී කිරන්න සෙට් වෙච්ච එකෙක් මයිනට වළිය දැම්මා. ඒ වෙද්දි අරංචිය ලැබුනු මයිනා සහ සමාගමේ එවුං සිද්ධිය වෙච්ච තැනට. අර අනුංගෙ සීනී කිරන්න ආපු එකාට සෙට් එකම එකතු වෙලා වළිය දැම්මා. ඌ ඒ වෙද්දි දේශපළඥ්ඥයෙකුට පන්දම අල්ලගෙන හිටපු නිසා ඌ ගමට ලොක්කා වෙලා හිටියෙ. උගෙ ලොකුකම් දෙපිටින් යන්න කියලා සෙට් එකම නෙළපි අරූට. සෙරෙප්පු දෙකත් දාලා අල්ලපු ගෙදරකට පැනලා ඇඳ යටට රිංගලයි ඌ බේරුනේ. පිංබත් සෙට් එකට බෙදපු ප්‍රමාණය මදි නිසා නැවත ඒ අඩුව පුරවන්න හිතාගෙන කට්ටියම විසිරිලා ගියා.   හැබැයි ඉතිං මෑණියන්ට සහ පියාණන්ට නෑ සනුහරෙ එවුං කියලා තියෙන්නෙ "පුතණ්ඩියට ළඟඳිම මහඋළු ගෙදර ලගින්න වේවි"
"කාණු පල්ලක ඉඳීවි කොයි වෙලාවක හරි"
"ආං මද්දු අයියෙ උඹගෙ පුතා අදත් බීලා රණඩුවක් පටලගෙන"
"හොයල බළපං අක්කෙ කුඩු ගහනවද දන්නෑ"


                                ඕං ඉතිං පරළ වෙච්ච රංජනී මාතාව කොස්ස, ඉදළ, කුරුඳු පොල්ල ආදි සුළු අවි ප්‍රහරයක් දියත් කරලා, ඒත් මදී කියලා හිතුනු නිසා කැත්ත අරං ආපි බෙල්ල කපන්න.
"තෝ අපිට ගමේ ඉන්න දෙන්නෙ නැද්ද මදාවියො, අර පොඩි එකාගෙ පයට පෑගෙන දූවිළි වටින්නෑ තෝ"
දැම්මා සුපුරුදු වාඛ්‍යය, හරි මම යන්නං වැඩේ ඉවර නේ කියලා මයිනා ගියා කාටවත් නොකියම කොළඹ. හැබැයි ඉතිං යන්න කලිං අර පිංබත් සෙට් එකේ තව එහෙකුට දුන්නා රන්තරු පේන්න. මයිනා කොළඹ ගියාට මොකද සිකුරාදට රෑට ගමේ තමයි. ඒ දවස්වල සීනිගම දේවාලේ උත්සවේ පටන් අරන්. පරණ කෝන්තර පිරිමහ ගන්න ඊට වඩා හොඳ දවස් තවත් කොහෙද?. නැවත අර පිංබත් සෙට් එකට සහ උන්ට සපොට් එකට ආපු තව සෙට් එකකට වැල්ල දිගෙ දුවන්න දුන්නා. අපරාදේ කියන්න බෑ අර පිංබත් සෙට් එකට දුටු තැන දෙනව. ඔය සෙට් එකේ එකෙක් උගෙ පෙර කරුමයක් පටිසන් දීලද කොහෙද හැමදාම ගුටි කනව. අපේ එවුනුත් දුටු තැන අරුට ගහනව, පප්පා ගමේ සෙට් එකෙන් අම්බානක කන රෝමන්කාරයො වගෙ අරූම හැමදාම කනව. මයිනගෙ මෑණියන් මයිනට ගම් පළාත තහනම් කළාපයක් බවට පත් කරා.

                                  ඒකට හේතු උනු ප්‍රධාන කාරණාව උනේ සිකුරාදාවක ගමේ ආපු මයිනා සහ ඉතිරි නඩේ තව එකෙකුගෙ වළියකට අත දමා තවත් පිංබතෙකුට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනතුරු පහරදී වළිය බේරිමට ආ ඌගෙ අක්කා කෙනෙකුටත් පහර දීම. ඒ අක්කා ළමයෙකු ලැබි රෝහලේ සිට පැමිණ තිබුනේ එදිනමයි. ඒ වළියට අත දැමිමට ආ වෙනත් පිරිසකට එතෙක් කැලේ, කොලේ, මඩේ, ඇලේ, දොලේ, ලැට් එකේ සඟවා තිබු කඩු, කිණිසි, කිරිච්චි, ගල්කටස්.... ආදි සියළුම අවි ආයුද එළියට ගෙන ප්‍රදර්ශණය කිරිමත් නිසා පොලිසියෙ මහත්වරුන්ගෙ සදාදරණිය පැමිණිම සිදුවිම අවුළටම ගියා. මයිනා හැර අනෙකුත් ඉබ්බන් මාට්ටු වි පොලිස්බාරයට පත්උනා. නඩුවක් නොගිහින් සමාදානයෙන් වැඩේ ගොඩ දා ගත් නමුත් මයිනා සතුව තිබු ඉතාම අගනා දෙපැත්ත කැපෙන සුදු යකඩ කඩුව හා අඩි එකහමරක පමණ කුඩා කඩුව තඩියා විසින් අස්තානගත කරන ලදි. තඩියා සැඟ වු තැනින් වෙනකෙකු ගත්තාද? තඩියාම ගල් බනිස් කරාදැයි අදටත් නොදනිති.

                                            කරුමෙට කරගසා අඩුපාඩු නොමැතිව නිතර දෙවේලේ අම්බානක අපේ එවුංගෙ කෑම ලැබු පිංබත් මෑන් ගම හැරදා කොළඹට සේන්දු විය. බොරලැස්ගමුවේ තිබු ආයතනයක රැකියාවට ගිය ඌට,😂😂😂 ඌගෙ කරුමය කොළඹදිද ගෙවන්නට සිදුවිය. ඒ දිනක් බොරැල්ල බස් නැවතුමේදීද තවත් දිනක විහරමහදේවි පාර්ක් එක ඇතුලේ කාන්තා පරාණයක් ඉදිරියේද මයිනා විසින් උගෙ කණ පැළිමයි. ඉන් කළකිරි ගෙදර ආ පිංබත් මෑන් ගමෙදි අම්බානක කෑම කොළඹ ගිහිල්ලත් කෑම කියා වස පානය කලේය. හැබැයි ඌ නොමලේ අපේ වාසනාවට බවත් දනිමු. ඉන්පසු ඌගෙ තාත්තා මයිනාගෙ පියාණෝ හමු වි දුක පවසා හඬා වැටි වළිය සමතයකට පත් කර ගත්තාය. එහෙත් අදටද ඌ නම් මයිනා යන මාවතක පාරක හො දිශාවකවත් නොයයි. එලෙසින්ම මයිනාගෙ නැන්දගෙ පුතාවන පිංබතාද අද වනතුරු මයිනා දෙස නොබලයි. මයිනාගෙ නෑ සනුහරෙ ඈයෝ අද වනවිට මයිනාට කරණු ලබන ගරු බුහුමන් දුටුවිට, මයිනා පශ්චාත්බාගයෙන් සිනාහවි අතීතයට පැන දුවයි. "උන් මැරිලා ඉපදුනාද මං මැරිලා ඉපදුනාද" මයිනා එලෙසින් සිතයි. එන්නං ඈ...
____මයිනා____

#මයිනාගෙකතා ...84... බ්ලැක්මේල්

#මයිනාගෙකතා ...84... බ්ලැක්මේල්....

                                ලොකු ලොකු පොරවල් සමහර වෙලවෙට බ්ලැක්මේල් වෙන්නෙ බොහොම පොඩි එවුං අතිං. ටෙලිෆෝන් විඩියො, ටෙලිෆෝන් කෝල් සමහර එවුංගෙ ජීවිත උඩු යටිකුරු කරනව.  ඉස්සර නම් සමහර ෆොටෝ එකකින් පුළුවන් කෙනෙකුට සියදිවි හානි කර ගන්න තැනට පත් කරන්න. ස්මාර්ට් ෆෝන් අන්තර්ජාළය නැති කාලේ ඔය ෆොටෝ එකක් කියන්නෙ පුදුම විදියෙ ආයුධයක්. අපේ රටේ හිටපු ජනාධිපති බිරිඳකගෙ ටෙනිස් ගහන ෆොටෝවක් ගත්තා කියලා නෙව අර මාධ්‍යවේදියෙකුටත් වැළිගම යන්න උනේ.

                                 ගහෙ, කොලේ, කැලේ, ඇලේ, වෙළේ ආදි තැන්වල හක්කලං කොරන හාදයන්ට එක එක අංජබජල් සීන් මාට්ටු වෙනව. ඔයවගෙ සීන් එකක් මාට්ටු උනාම මාස 2ක 3කට ලොතරැයියක් ඇදුනා වගෙ තමයි. කොත්තු බිල් , ආප්ප බිල් වගෙම තව තව බොහො දේ වාසි විදියට ලැබුනා. එහෙම සෙට් වෙච්ච එකෙක් ගැන කලින් ලියලත් ඇති ග්‍රීස් යකා කියලා. එක දවසක හවස් යාමේ 4ට විතර කට්ටියටම ආවා කුරුම්බා බීමේ දොළදුකක්. එක එක තැන්වල තිබුනු ගස් ගැන කතා කරලා අවසානෙට ආපු තීරනේ උනේ අරුංගෙ වත්තෙ කුන්දිරා ගහ. හැබැයි ටිකක් අවුල් කන්ද ගැට්ටෙ ගහ තිබ්බෙ, එහා පැත්තෙ ගෙදර එවුං එළියට ආවොත් බඩු මාට්ටු. වෙන දෙයක් වෙද්දාවෙ කියලා සෙට් එකම ගියා කුරුම්බා කඩන්න. පිරිසෙන් වැඩි දෙනෙක් ළඳු කැළෑවෙ පින්න ගස් අස්සෙ කැප්පිටිය ගස් අස්සෙ ස්ථානගත උනා. ගහට නගින්නෙ මයිනා, කඩලා බිමට දාන ගෙඩි අල්ලන්නෙ තඩියා. මයිනා ඕං හෙමිහිට ගෙඩිය ගෙඩිය කඩලා තඩියට දානව. තඩිය නොකර සද්ද දාන ගෙඩි අල්ලලා බිමින් තියනව.

                                 පොල් ගහ තියෙන්නෙ පොඩි කඳුගැටයක් උඩ, එතනින් පහළ ගෙදර කෙල්ල පිටි පස්සෙ දොරෙන් දඩේ බඩේ සිං ගාලා එළියට ආවා. කන්ද උඩහට වෙන්න දිගට ළඳු කැලේ පහළ ඉන්න එවුන්ට උඩ හරියට පේන්නෙ නෑ. හැබැයි උසට තියෙන පොල්ගස් පේනව පහළට. මයිනා අනිත් උන්ටත් අතින් සිග්නල් එකක් දුන්න නිහඬ වෙයව් කියල. අර එළියට ආපු එකි උංගෙ ගෙදරටයි කන්දටයි අතරින් තියෙන කොටසට ආවා. පට ගාලා ගත්තා සිකරට් එකක් පත්තු කරා හිටු ගාලා අදිනව. ඕකි ටිකක් පොළවට උඩින් ගිය එකියක් ඒක නිසා මයිනලගෙ බ්ලැක් ලිස්ට් එකේ හිටියේ. මයිනා පොල් ගහ උඩ ඉඳන්ම කෑ ගැහුව්වා "මම දැක්කො" කියලා. අරකි උඩ බැළුවා පැනලා දිව්වා, ඕකි දන්නව මයිනලගෙ සෙට් එක දැන ගත්තා කියන්නෙ පාරෙ බැහැලා හමාරයි කියලා. ගේ ඇතුළට දුවපු එකී ආයමත් දුවගෙන ඇවිත් පොල් ගහ දෙසට වැඳලා ගෙට දිව්වා.

                                           පහළ හිටපු එවුන්ට මාර අවුළ මයිනා මොනවද දැක්කෙ කියලා. හැම එකාම අහනව මොනවයි බං දැක්කෙ කියලා. අරකි සිකරට් බිව්වා කියන්නයෑ මුන්ට "ආතල් එකට සද්දයක් දැම්මා බං" කියලා වැඩේ යට ගැහුව්වා. ඊළඟ දවසේ අර පොළවට උඩින් ගියපු එකි බොහොම විමසිල්ලෙන් පාර දෙස බළ බළ එනව. මයිනා සහ පිරිස තාප්ප කෑල්ලක් උඩ ඉන්නව මේකි "ලොකූ පොඩ්ඩක් එන්නකො" කිව්වා නිකං මැළවිලා ගිය ස්වභාවයෙන්. අනිත් අපතයො කෑ ගහනව "හම්මට ලොකූ ඈ..." "හා...හා.. ඇදං පළයංකො" "ළඟදිම කන්න වෙන සයිස් එකක් තියෙන්නෙ මයිනට" "හිටපං කුක්ඩොල්ට කියන්නං"
                                           මයිනා ඉතිං අරකි ඉන්න තැනට ගියා. මේකි අඬන්න ඔන්න මෙන්න තියං අහනව "ඔයා කාට හරි කිව්වද" "නෑ හලෝ පිස්සුද, මම කාටවත් කියන්නෑ" "සත්තයි කියන්න" කියලා මේකි අත දික් කරපි. අනිත් අපතයංගෙ හිතේ මොකක් හරි වෙන සීන් එකක් තමයි කියලා. වෙනදට දෙස නොබලා පාරේ යන එකි අද මයිනා ඉස්සරහ අසරණ වෙලා බලන් ඉන්නව. මයිනත් අරකිගෙ අත උඩිං අත තියලා "සත්තයි කාටවත් කිව්වෙ නෑ" කිව්වා. ඕං ඉතිං අරකිගෙ ඈලී මෑලි ගතිය නැති වෙලා හිනාවක් ආවා මූණට. "මං කාටවත් කියන්නෑ හලෝ බය නැතුව ඉන්නව" කිව්වම මේකි "තැංක්‍යු" කියාගෙන ගියා. "තැංක්‍යු විතරක් නම් මදියි හොඳේ" කියාගෙන මයිනා නැවත අපතයො අතරට. ඕං ඉතිං කතා ගොඩයි උං අස්සෙ.... ඊට පස්සෙ ඉතිං කාළයක් යනකම් මයිනගෙ කල්ල මරේ තමයි. එක එක කැවිළි වර්ග ඉඳ හිට කේක්, වත්තෙ හැදෙන පළතුරු ගෙඩිය වගෙ දේවල් මාස 3ක් විත ලැබුනා. අපතයන්ගෙ කතා හිංදා මයිනම ඒවා නවත්තලා දැම්මා නැත්තං වෙන ජංජාලයක් වෙනව.

                             ඊළඟ එක ඡන්දයක් දවසක රෑ සෙට් එකම ඡන්ද ප්‍රථිඵළ බලන්න එකෙකුගෙ ගෙදරට සෙට් උනා. ඒත් ඉතිං රෑ 2ට විතර මයිනට ගෙදර යන්න ඕනේ කියලා එන්න ආවා. හිටපු ගෙදර එකා මයිනට ටෝර්ච් එක දුන්නා මෙකත් අරං පළයං කියලා. මයිනා ඉතිං පාර දිගට හතර අතට ගෙවල් වලට ටෝර්ච් එක ගගහ එනව. එක ගෙදරක් තියෙනව එකම ඉඩමේ ගෙවල් 2කක් ගෙවල් දෙක අතරේ පරතරය මීටර් 20ක් විතර. එක ගෙදරක ඉන්නෙ හබියා රට ඉන්න අක්කා කෙනෙක්, අනිත් ගෙදර අක්කගෙ නෑනයි නැන්දම්මයි. ඊට වටේ තියෙන ගෙවල් තියෙන්නෙ ඈතින් ඈතින්. හබියා රට ඉන්න අක්කගෙ ගෙදර තියෙන්නෙ නැන්දම්මගෙ ගෙදරට එහා පැත්තෙන්. අක්කගෙ ගෙදර කවුරු හරි යනව නම් යන්න ඕනේ නැන්දම්මගෙ ගෙ ඉස්සරහින්. හැබැයි තාප්පයක් තියෙනව ඔතනින් පැන්නොත් අක්කගෙ ගෙදර යන්නත් පුළුවන්. ඒ තාප්පෙ ඉද්ද මල් වතුසුද්ද මල් දිගට වවලා තියෙන්නෙ. තාප්පෙන් පැනලා මල් පඳුරුවලට කවර් වෙලා අක්කගෙ ගෙයි ජනේළයක් ළඟටත් යන්න පුළුවන්. එතන ලයිට් කණුවෙ ලයිට් එක හවස මයිනලා දාලා ගියෙ. මයිනා බැළුවා ලයිට් එක ඕෆ් වෙලා. මයිනා ලයිට් කණුව ළඟට ඇවිත් ස්විච් එකට ටෝර්ච් එක ගහලා බැළුවා ස්විච් එක ඕෆ්. මයිනා ලයිට් කණුවේ ස්විච් එක ඔන් කරලා ටෝර්ච් එක අර ගෙදර පැත්තට ගැහුව්වා. අර හබියා රට අක්කගෙ ගෙදර ඉද්ද මල් පඳුරු පැත්තෙ ජනේලෙන් ෂෝටක් ගහපු එකෙක් එළියට පැනපි.

                                   මයිනා ටෝර්ච් එක ඕෆ් කරලා ලයිට් කණුව යටට ආවා. ලයිට් කණුවෙ ලයිට් එළිය යටට වෙලා මයිනා බලං හිටියා ජනෙලෙන් පැනපු එකා තාප්පෙන් පනිනකං. සද්දයක් බද්දයක් නෑ මයිනා හොඳටම දැක්කා එකෙක් ජනෙලෙන් පැන්නා ඊට පස්සෙ ජනෙලේ වහගත්තා. විනාඩි 5ක් 10ක් බැළුවා දැම්මා සද්දයක්.... "තෝ ඔතනින් එළියට වරෙන් නැත්තං මං කෑ ගහනව" කියලා. අනේ ඉතිං ගමේ ඉන්න ත්‍රීවීලර් පොරක්, අර අක්කලගෙ ගෙදර ප්‍රවහණ කටයුතු කරන්නෙ එකා. අරූ අත් දෙකත් එකතු කරන් වැඳගෙනම එනවා "අනේ මයිනෝ කෑ ගහන්න එපා බං" කියාගෙන.
"මං බං ඡන්දෙ බලන්න ආවා"
"අනේ තෝ උක, ඒක වෙන්නෑ ජනෙලෙන් පැනලා ආවේ"
"අනේ බං හරි ඉතිං කාටවත් කියන්න එපා චාටර් උනොත් ගමේ ඉඳලා ඉවරයි"
"මම කාටවත් කියන්නෑ උඹ පළයංකෝ" කියලා මයිනා ආවා ගෙදර.

එදා ඡන්ද ජය සමරණ එවුංගෙන් ආතල් එකක් ගන්න කියලා හිතං පාර පැත්තට එද්දි අර අක්කා එනව මයිනලගෙ ගෙවල් පැත්තට. අර අක්කා ඉතිං මයිනා දැකපු හැටියෙ "ලොකු මල්ලි මම ඔයාව බලන්න තමයි ගියේ" කිව්වා.
"ඇයි අක්කෙ මොකද්ද උවමනාව"
"අනේ මල්ලි කකුල් දෙක අල්ලලා වඳින්නං කාටවත් කියන්න නං එපා"
"නෑ අක්කෙ මම කාටවත් කියන්නෑ"
"මම ඔයාට ඕන උදව්වක් කරන්නං හොඳ මල්ලි නේ"
"සත්තයි කියන්නෑ අක්කෙ තමුසෙ බය නැතුව ඉන්නවකො, හැබැයි ඔය වැඩේ වැරදියි හොඳේ" කියාගෙන මයිනත් ගියා. එදා පටන් මාස ගාණං යනකං තව පල්ලමක් සෙට් උනා, අපරාදේ කියන්න බෑ ATM කාඩ් එකක් පාස්වර්ඩ් එක එක්කම හම්බ උනා වගෙ තමයි. හැන්දෑවට පාර පැත්තට යද්දි "මල්ලි කොහෙද යන්නෙ" , "ටවුන් එක පැත්තට යනව අක්කෙ කොත්තුවක කන්න කියලා". "අනේ මල්ලි මටත් ආප්ප ටිකක් ගෙනත් දෙන්න" කියලා අක්කා 500ය 1000 දෙනව. ඉතුරු මයිනට තමා.... හොඳම වැඩේ අර තාප්පෙන් පැනපු එකා අක්කගෙ නෑනට සෙට් වෙලා උන්දෙන්නගෙ ලව් එකට අක්කා හරස් වීම. ඒත් ඉතිං උන් දෙන්නා බැන්දා අක්කා අරුං දෙන්නා දෙස බළ බළ දුකෙන් කාළය ගත කලා. මයිනා තව තව බ්ලැක්මේල් සීන් කරලා ගාණ කපා ගත්තා එදිනෙදා වියදම්වලට. ඒවා පස්සෙ කියන්නං..... ඈ...
____මයිනා____

Monday, 20 April 2020

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර...

                         දන්නව නේ, කොල්ලන්ට කොළු කාලේ හරියට වැඩ නෙ. "බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ" කිව්වෙ ඔන්න ඔය කාළවකවානුවට තමා. අතන මෙතන කොතන උනත් තියෙන දානෙට, මගුළට, පිරිතට, මළගමට ආදි වශයෙන් ඔය කොයි තැනත් කොල්ලො පෙනි ඉන්නව. දන්න - නොදන්න, ඥාති - නොඥාති, මිතුරු - සතුරු.... සියළු දෙනාගෙම පොදු වැඩවලට කොල්ලො බොක්කෙං වැඩ. මළගෙයක් නම් ඒ ගෙදර සමග තියෙන සම්බන්ධතාවය අනුව තමයි එතන රැඳෙන කාළය ගණනය වෙන්නෙ. හත් දවසම ඇදපු මළගෙවලුත් නැතුවම නොවෙයි.

                 මයිනා සහ අපත නඩේ කියලත් වැඩි වෙනසක් නෑ, පොදු වැඩ සහ පොදු ක්‍රියාකාරකම්වලදි ඉදිරියෙන්ම හිටියා. ගමේද පිට ගමකද කියලා වෙනසක් නැතුව කොතනටත් උපරිමයෙන් සහය දුන්නා. ඕං ඉතිං එක දවසක මයිනලට සෙට් උනා දානෙ ගෙදරක යන්න ඇල්පිටිය දිහවේ, කට්ටගෙ පුංචි අම්මගෙ ගෙදර. කට්ටගෙ පුංචි අම්මා කියන්නෙ අපෙත් පුංචි අම්මා වගෙ නිසා අපතයන් රැළ ඒ දානමය පුණ්‍ය කටයුත්තට සහබාගි වෙන්න තීරණය කලා.  කට්ටගෙ පුංචි අම්මට තමංගෙ පරපුරෙ එවුංගෙ පිරිස් බළය වැඩිපුර පෙන්නන්න ඕන නිසා හැම එකාටම එන්න කියන පණිවිඩේත් ලැබුනා.   අපරාදේ කියන්න බෑ දානෙට කලින් දවසෙ උදේම කට්ටියම ඇල්පිටි යන්න කියලා සූදානම් වෙලා ගාළු පාරට ආවමයි දැක්කෙ ගමෙං බාගයක් එතන.  අපරාදේ කියන්න බෑ ඉතිං දන්නව නෙ කටවල් වල හැටි.  එන එන බස් එකේ ඉඩ ඇති හැටියට කොහොම කොහොම හරි කට්ටියම අම්බළන්ගොඩට සේන්දු උනා.  ඊළඟට තියෙන ඇල්පිටි බස් එක කිව් එකට එන්නත් කලින් අර තොටගමු සෙනඟ බස් එකට නැගිපි.  අපරාදේ කියන්න බෑ තව ඇඟිල්ලක් ගසන්න ඉඩ නැත.  ඩ්‍රයිවර්ටයි කොන්දටයි කිව්වා හැමොම ඇලිපිටියට යන්නෙ දැං යමං මොන කිව්ද මොන ටර්නද කියලා.  ඩැයිවරයගෙ සීට් එක යංතං ඉතුරු වෙලා තිබ්බා. ඒකට ඌ ගොඩ උනා ඩෑස් බෝඩ් එක උඩිං කොන්දවත් වාඩි කරං එක පිම්මෙ ඇල්පිටියට.  කොන්දා ඇලිපිටියෙන් බැහැලා ඉස්සරහා දොරෙන් හැමෝම බැහැපල්ලා කියලා ටිකට්වල සල්ලි ගත්තා.

                     කට්ටිය 70ක් විතර මහ පෙරහැරක් වගෙ පුංචිගෙ ගෙදරට.  ටින්, බෙලේක්ක, හට්ටි, මුට්ටි, බාස්කට් එක්ක සෙට් එක කඩං පත් උනා.  ළමා, තරුණ, මහළු ගැහැණු, පිරිමි වශයෙන් හැම එකාමත් හිටියා.  ඒ මහ පිරිස දැකලා අති උනු බයට බාප්පට සිහි නැතුව ගියා, පුංචි ප්‍රීතියෙන් පිනා ගියා.  පළමුව තේ පැන් සංග්‍රහය... දුන්නා සෙට් එකම මෙසෙත් සුද්දයි කෑමත් සුද්දයි ගෙදර හිටපු අනික් ඈයො තූෂ්නිම්භූත වෙලා ගියා.  උස්සං අපු හට්ටි මුට්ටිවල බළ මාළු, බටු මෝජු, සුදූළුණූ වෑංජන, අච්චාරු සහ විවිධ වර්ගවල කැවිළි.  ඒවා දැකලා බාප්පා නැවත පියවි සිහියට ආවා.  ඇයි යකෝ දානෙට උවමනා සේරම බඩු තොටගමුවේ ඈයෝ අරං ඇවිත් නෙව.  පිරිසක් ඇළට නාගන්න ගියා, පිරිසක් ළිඳට නාගන්න ගියා, තව පිරිසක් අරං ආපු බෝතල් සමග සප්පායං වෙන්න ගියා, බොහොම සුළු පිරිසක් දානේ ඉදිරි වැඩ ගැන සාකච්චා කරන්න ගියා.





                              ඉනපසු එළඹි දවල් කෑම වේලාව.... ආයෙමත් හැන්දෑව ගැන ෂුවර් නැති උන් දීලා ඇරියා බඩේ හතර මුල්ල ඇදෙන්න. අපරාදේ කියන්න බෑ දෙවනි පාරටත් ආං අර බාප්පට සිහිමුර්ජා උනා. කාලා ඉවර වෙලා පැයක් ගිය තැන රාහුළ හාමුදුරුවො බැඳං වැඩ ගත්ත යක්කු ගාණට තොටගමුවෙ එවුං වැඩ.  වත්ත සුද්ද කිරිමේ සිට ළුණු සුද්ද කිරිම දක්වා සියළු වැඩ අපේ එවුං අතට පත් වෙද්දි, එගම පුරවැසි සහ බාප්පාගෙ ඥාති හිතවත් සියල්ලම පැත්තකට වීසි උනා. හවස් වෙද්දි හයි කරපු තහඩු ටෙන්ට් එකේ දැහැත් විඩ සෑදිම සහ වෙනත් පිරිකර සූදානම් වීමත් සිද්ද උනා.  වටේ පිටේ ඇහැට කණට පේන නොපෙනෙන සියළුම ගවුම් කෑලි දානෙ ගෙදර දිහවට, අපේ හාදයො දෙපැත්තෙන් පෙර පෙර පැණි හළනව.   ගමත් එකයි කොහෙත් එකයි න්‍යායෙන් ගමේකම මතුවෙලා එද්දි ආයේ පිට කියලා නෑ ආමන්ත්‍රණය හුයන්නෙන්.  ඒ වගෙම ගමේකමට කටට හුරු පුරුදු නම්වලින්.  සැන්ඳෑ අඳුර ලොව ගළන වෙලාවේ අපේ කටාට වැසිකිළි යෑමේ උවමනාවක් ආවා.   කටා ගෙට මීටර් 20ක් විතර ඈතින් තියෙන වැසිකිළියට.


                                පෙර පුරුද්දට මු ඇඳන් හිටපු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩින් තිබ්බා.  සාං.. ගාලා එතනට ගිය එකෙක් අරුගෙ ෂෝටයි ජොකයි ඉස්සුවා.   කටා ලෝඩ් එක බාලා ඇතුලෙ ඉඳන් වස්තරා ඉල්ලනව කරුණාවෙන්.  කට්ටිය ශබ්ද නැත.  දෙවනි පාර රළු බසින් ඊට පසු සුපුරුදු වාග් මාලාවෙන්.   ඇඳුං ගනිපු එකාගෙ අම්මා තාත්තා සහවාස වෙච්චි තැන ඉඳලා වදලා ලොකු මහත් කරපු හැටි සහ මේ මොහොතවන විට බල්ලෙකුත් කෙළපු කතාවක් වෙනකං කටා කියාපි.  දානේ ගෙදර ආපු එගම වැසි කන්තාවන් කන්වල ඇඟිළි ගහගෙන, වැඩිහිටි මාමාලා තූෂ්ණීම්භූත වෙලා, කෙල්ලො ගෙවල්වල දුවලා.   ඕං ඔය වෙලාවේ ආපු ලෑන්ඩ්මාස්ටරයක් පන්සලෙන් පිඟන්, කෝප්ප, පැදුරු, පඩික්කං ආදිය අරන් එන්න යං කියලා කතා කලා.   වල් වළත්ත නසරාණි සෙට් එකෙන් බාගයක් අර ලෑන්ඩ්මාස්ටරේට නැග්ගා.   එක නසරාණියෙක් කටාගෙ ෂෝටයි ජොකයි ලෑන්ඩ්මාස්ටරේට දාගෙන පන්සලට අරන් ගිහින්.  මළ පැනපු කටා "තොපිට මගෙ ප## බලන්න නේ ඕනේ කියාගෙන ලැට් එකෙ දොරත් ඇරන් එළියට ආපි.  ඇස් වසාගත් ගෑනු, බිම බලාගත් පිරිමි, ක්ලාන්තෙ දාපු ආච්චිලා, හූ තියපු කොල්ලො මැද නැවත අරුට මතක් උනා මේ ගෙදර නෙවෙයි කියලා.  කටා නැවත අසුරු සැනින් වැසිකිළියට, ඒ වෙද්දි සියල්ල සිදුවී හමාරයි.   කට්ටගෙ පුංචි අම්මා සිහි නැතුව වැටිලා.   තවත් පැය බාගෙකට පස්සෙ ආපු ලෑන්ඩ්මාස්ටරෙ තිබුනු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩට.   වස්තරා ඇන්ඳට ඒ වෙද්දි කටාගෙ ආත්මේම නිර්වස්තරා වෙලා ආහවරයි.   ලැට් එකෙන් එළියට ආපු කටා විළිලැජ්ජාව මැද ඇඳුම් බෑග් එකත් අරං දානේ පැත්තක තියෙද්දි ගෙදර ගියා.  යන්න කළිං ලැජ්ජාව දෙපිටිං යන්න කියලා "තොපි ගස් කැ%යො එකාට එකාට පොළු පාර ගානෙ දෙනවා වරෙව්කො හෙට ගෙවල්වලට" කියාගෙනම ගියා. "කටා ඇල්පිටි යමුද" ඇහුව්ව නං ඉතිං කටාගෙන් අහගන්න තිබුනා හොඳ හොඳ වචන ටිකක්. එන්නං ඈ.......
___මයිනා___

#මයිනාගෙකතා... 81... ගම හරහ

#මයිනාගෙකතා... 81... ගම හරහ...

                                               කාලෙන් කාලෙට එන එක එක ක්‍රිඩා තියෙනව නෙව. ක්‍රිකට්, වොළි බෝල් ඔය අතරින් පළමු තැන ඉන්නව. අවශේෂ ක්‍රිඩා අතරේ එල්ලෙ, චක්ගුඩු වගෙ ඒවා තමයි ඉස්සරහින්ම ඉන්නෙ. ඒ වගෙම මළළ ක්‍රිඩාත් සමහර එවුංගෙ ඇඟවල් ඇතුළට බැහැලා ඒ අංශෙනුත් ඉදිරියට යන එවුං ඉන්නව.

ඉතිහස කතා පෙරලගෙන යද්දි මළළ ක්‍රිඩා අංශයෙන් කප් ගහපු නම තියපු එවුං එමටයි නෙව. කාල් ලුවිස්, හුසේන් බෝලට් වගෙ එවුං තමා මේ කාලේ ලෝක මට්ටමෙ ඔය නම තියං ඉන්නෙ. ලංකාවෙ ඉස්සර හිටියා මැරතන් කරූ සහ තිලකරත්න. ලංකාවේ නම මුලින්ම ඔය අංශෙන් ලෝකෙට ගෙන ගියපු පොරක් තමා ඩනකන් වයිට් කියන්නෙ . ඒ වගෙම තමයි ලෝකේ විශිෂ්ඨතම පරාජිතයා වශයෙන් හඳුන්වනු ලබන කරුණානන්ද ලංකාවේ නම ජපන් පාසල් පෙළ පොතටත් දා ගත්තා. ඒ ඔහු පරාජිතයෙකු ලෙස නොපසුබට උත්සහය නිසයි.
සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුළවංශ මයිනලගෙ ගැටව් අවදියෙ හිටපු ජනප්‍රියම ක්‍රීඩිකාවො තමා. ඒ කාලේ මයිනලගෙ ගමෙත් හිටියා අයියයි නංගියි දෙන්නෙක්, පැය 24 පුරාම දුවපු එකම කෙරුවට උං දෙන්නා දිනපු තරඟයක් නම් දන්නෙ නෑ. ඔය කෙල්ලට නම් කිව්වෙ මයියොක්කා දර්ශා කියලා, උං කොහෙ ඉන්නවද කියල නම් දන්නෙ නෑ.





එක කාලෙක මයිනටත් හිතුනා මැරතන් කරූ වගෙ වෙන්න. එහෙම හිතලා තනියට තව ගොබිලො දෙන්නෙකුත් ඇදගෙන හැන්දෑවට හැන්දෑවට මයිනා පුහුණුවිම්වල නිරත උනා. තොටගමුවෙ හංදියෙ ඉඳලා කහව හංදියට ගිහින් හැරිලා ඒම තමා කලේ. මයිනා සහ අනිත් උන් දෙන්නා සමග පුහුණුවීම් කරනව පෙරගමන් සයිකල් පසුගමන් සයිකල් සමග අනික් අපතයොත් එනව. ඕං ඔහොම දවස් 10ක් 15ක් ප්‍රැක්ටිස් කරද්දි මයිනලට සහබාගි විය හැකි තරඟයක් පිළිබඳව හෝඩූවාවක් ආවා. මයිනත් මොකද කරේ අනිත් එවුං දෙන්නත් සමග ඒ මහ ගම හරහ දිවිමේ තරඟයට සහබාගි වීමට තීරණය කලා. දින ගෙවි ගියා තරඟය පවත්වන දිනය ආවා මයිනත් අනිත් එවුං දෙන්නව ඇදගෙන ගිහින් තරඟයට සහබාගි උනා. තරඟය ආරම්භ කිරිමට අංක එහෙම ලැබුනා 60ක් විතර පිරිසක් තරඟෙට සහබාගි උනා.


                   ටික වේලාවකට පසු තරඟය අරම්භ කලා මයිනා සහ පිරිස තරඟ බිමේ. මයිනට සහ අනිත් එවුං දෙන්නට වතුර අරං බීම අරං ග්ලූකෝස් අරන් බයිසිකල් පෝළිමකුත් සපෝට් එකට එනව. ඕං ඔහොම දුවගෙන යද්දි සමහර උං අතරමග නවතිනව තව සමහර උං දුවනව. මයිනත් එක්ක ආපු අනිත් උන් දෙන්නත් උංගෙ උපරිම වේගෙන් දුවන්න ගත්තා. මයිනා පහු උනා සපෝට් එකට ආපු එව්වො අරුන් දෙන්නා තරඟෙ දිනවන්න ඕන නිසා මයිනගෙ සහය පැත්තකට දාලා අරුන් එක්කම ඉදිරියට. මයිනා ඉතිං පුළුවන් උපරිමෙන් ඇදගෙන එනව. මග දිගට ඉන්න නරඹන්නො වතුර බකට් එහෙම තියාගෙන ඉඳලා දීලා අරිනවා පෙර වෛර පිරිමන්නැහෙ. එකේක ගහපු වතුර පාරකට ක්‍රීඩකයෙක්ගෙ කණේ වතුර ගිහින් ඌ උඩ පනිනව ඔළුවට ගහ ගන්නව එක විකාරයයි. තව නරඹන්නෙක් ගහපු වතුර එක සමග පනිට්ටුව පැමිණීම නිසා තවත් ක්‍රීඩකයෙක් ලේ පෙරාගෙන. මේ සියල්ල දැක දැක මයිනා තරඟයෙ. ඕං ඉතිං මයිනගෙ කරුමේ සෙට් වෙච්ච තැනකදි එක නරඹන්නෙක් දීලා ඇරියා මයිනටත් වතුර එකක්. කියන්න අජූතයි පිංවතුනි, තුං නොදකිං ඒ වතුර එක මූ පොල් ලෙලි පල් කරන වළක වතුර එකක් ගහලා තියෙන්නෙ. ගන්දස්කාරේ බෑ මදුරු පණුවොයි ඉස්ගෙඩියි හිට ඇඟෙ කටට ගියපු වතුර වලට තෑහ් තූ තූ... තමා. "හිටපිය කැ@යා තොගෙ අම්මට #කවලා ගන්නෙ" කියලා මයිනා අරු එක්ක වළිය ඇද්දා. මයිනා තනියෙං හිංදා ගේම ඉල්ලුවට වැඩක් නෑ "හිටපං රේස් එක ඉවර වෙලා එන්නං" කියලා මයිනා දුවනව ආයෙමත්.  සපොට් එකට ආපු බයිසිකලයක් ආයෙමත් ඇවිත් මයිනා නැතුවට බලන්න. මයිනගෙ ළඟ පට්ට ගඳයි ඉස්ගෙඩිත් ඇඟෙ.

                 ආපු එකාට විස්තරෙ කියන ගමන් මයිනා රේස් එකේ පස්ස බැළුවම එකෙක් ළඟ ළඟම එනව ඇඟෙ ඉතිරි සියළූ වෙර වීරිය අරං මයිනා තරඟය නිමා කලා.      කියන්න සංතෝෂයි මිත්‍රවරුණි අර පස්සෙන් ආපු එකා අන්තිමයා.   ඊට කලින් ආපු මයිනා අන්තිමයට කලින් එකා.   තරඟය නිමා කළ පිරිස 38යි මයිනා 37 වෙනියා. මයිනගෙ අපතයො දෙන්නා 3 වෙනියා සහ 7 වෙනියා වෙලා තිබුනා. සියළුම අපතයන් මයිනට මඩ වතුර ගහපු එකා හොයන්න පිටත් උනා.  15ක පමණ පිරිසක් මඩ වතුර ගහපු එකා හොයන්න උගෙ ගමට.   යද්දි ඌ කුරුඳු වගයක් පටවන්න ලෑන්ඩ් මාස්ටරෙන් ගිහිල්ලා.   අර කුරුඳු පටවන්න ගියපු තැනට ගිහින් අරූව අල්ල ගත්තා,  අරන් ආවා දෙකක් දීලා ඊට මෙහා තිබුනු පල් වෙච්ච පාළු ළිඳක් ළඟට.  අර ළිඳෙන් වතුර බාස්කට් එකක් අරන් බාගෙකින් අරූව නෑව්වා ඉතිරි බාගෙ බීපිය කියලා අරූටම දුන්නා.   අරූ දැන් නොඳිනා වැඳුං වඳිනව සමාව ඉල්ල ඉල්ල.   කුරුඳු පටවන්න ආපු එකා නැතුවට කුරුඳු වත්ත අයිති එකා හොයාගෙන එද්දි පාළු ළිඳ ලඟ අරූව දණ ගස්සලා පල් වතුර පොවන්න හදනව.   සිද්ධියෙ අග මුළ නොදන්න කුරුඳු අයිතිකාර එකා ගේම ඉල්ලුව. වළිය වෙනතකට කට්ටියම සෙට් වෙලා කුරුඳු අයිති එකාට දෙන්න හදද්දි සද්දෙට පාරේ ගිය මාමා කෙනෙක් ආපි.





                 උන්දෑ ආපු හැටියෙ "මොකෑ පුතේ මේ" කියල අහපි.   හුටා උන්දෑ මයිනගෙ අප්පගෙ ළඟම බොක්කක්. කටා කිව්වා සීන් එක මෙහෙම දෙයක් මූ කරා ඒකට පනිෂ්මන්ට එකක් දෙන්න ආවේ.  මේ මාමා අපිත් එක්ක වළියට ආවා දෙන්නටම එකට තියලා දෙන්න හැදුවේ කියල.  ඔන්න ඕක අතෑරලා දාපං පුතේ බල්ලෙක් කෑවට උඹලා බල්ලො කන්න යන්නෑ නේ කියලා මාමා ධර්මෙන්ම වැඩේ ෂේප් කලා. මාමා හින්දා වැඩේ අතෑරලා එන ගමන් එකෙක් ඇරූගෙ ලෑන්ඩ්මාස්ටරේ ස්ටාර්ට් කරන හැඬල් එක අරන් ඇවිල්ලා. මයිනලා ඇවිත් පැයකට විතර පස්සෙ අරු එනව තව ලෑන්ඩ්මාස්ටරයක් තියෙන මාමා කෙනෙකුත් එක්ක.   ඒ ආපු මාමාත් ගමේ බොහොම ගෞරවයට පාත්‍ර උනු කෙනෙක් අරූට මොකවත් කර ගන්න විදියක් නැති උනා ඒක නිසා. "තෝ පරිසම් වෙලා ඉඳපං මේ මාමා නිසා බේරුණා" කියලා හැඬල් එකත් දීලා යැව්වා.   මාස 2කක් විතර ඕකව අල්ලන්න ට්‍රයි කරාට ඌ නොවෙයි අපි යන එන පාරකවත් ගියෙ.   එන්නං ඈ.......
____මයිනා___

Saturday, 4 April 2020

මයිනාගෙකතා... 80... වීදී හිඟන්නො

#මයිනාගෙකතා... 80... වීදී හිඟන්නො....

                   මයිනා ගම් තුළානෙන් වීසී වෙලා කොළඹට ගාල් වෙද්දි ගමේ හිටපු අපත රෑණට නොදෙවෙනි රැළකට තමයි සෙට් උනේ. වළස්මුල්ලෙ 6 දෙනෙක්, පොළොන්නරුවෙ එකෙක්, කැබිතිගොල්ලෑවෙ එකෙක්, රාජගිරියෙ රියල්ම අපතයෙක් සහ මයිනා කියන කණ්ඩායම තමා හිටියෙ. වළස්මුල්ලෙ 6 දෙනාගෙන් එකෙක් මේ වෙනකොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත්ව මහ උළු ගෙදර සිටින අතර ඉතිරි 5 දෙනා සමග තවම අතේ දුරින් සබඳතා ඇත. අනිත් උන් තුන් දෙනා කොයි දීපංකරේදැයි නොදන්නා අතර උන් කවදා හරි දවසක මුණ ගැසේවියි සිතමි. එවකට යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය උසස් නිළදාරියෙකුට අයත් නිවසක් අප සැමගෙ නවතැන විය. මයිනා එවකට වෙළඳ දැන්වීම් නිර්මාණය කළ ආයතනයක සේවය කළ අතර ඇතැම්විටක අර නිළදාරියාගෙ වැඩකටයුතු වලටද සහයෝගය ලබා දෙන ලදි.

                    යළට මහට වැඩට යෑම නිසා මයිනාගෙ ජොබ් එක හුටස් වීම නිසා මයිනාද මාළබේ නිවසේ නිත්‍යය සාමාජිකයෙකු බවට පත්විය. පෙර කී නිළදාරියා විසින් පවත්වාගෙන ගිය පෞද්ගළික ආරක්ෂක සේවාවෙන් පඩි ලබා දෙමින් අප 8 දෙනෙකුට විවිධ වැඩ කටයුතු බාර විය. ඒ අතර එතුමාගෙ තනි නොතනියට යෑම අප දෙදෙනෙකුගෙ දෛනික කාර්‍ය්ය විය. කොයි වැඩේ තිබ්බත් හිතුනු ගමන් ට්‍රිප් යෑමට අමතක නොකල අපතයන් නුවරද, මාතරද, අනුරාධපුරේද කියා වෙනසක් තිබුනේද නැත. ඒ සඳහ වෙනමම ගමන් මල්ලක්ද ඩොලැක්කියක්ද තිබුනු අතර කොටුව දුම්රිය ස්තානයෙන් තිබුනු පළමුවන දීර්ඝම දුම්රිය ගමන අපගෙ ට්‍රිප් එක විය. ඩෝලේ පලා ගීත කකා අපි ට්‍රිප් ගියා ඇත්තම කියනව නම් අන්න ඒවයි ට්‍රිප්. පොළොන්නරුවෙ එකාට ඩොලැක්කි වාදනය සම්බන්ධව හසළ දැනුමක්ද මියුරු ගීත ගායන හැකියාවක්ද තිබුනි. විශේෂයෙන්ම පැරණි ගීත ගොන්නක් ඔහු සතුව තිබු බව කිවමනාය. ඒ හා සමානවම වළස්මුල්ලෙ හාදයෙක්ද හරිම අපූරු ගීත සමුදායක අයිතිකාරයෙක් බව කිව යුතුය. උන් දෙන්නා එකතුව අපි අමානන්දයට පත් කළ අවස්ථාද එමටය. විටෙක වටේ පිටේ ප්‍රේක්ෂකයන්ද අමානන්දයට පත්කල අවස්ථාද අපමණය.

                           ඕං ඔහොම දවසක කට්ටියම හිටි ගමන් ට්‍රිපක් සෙට් උනා. කිහිප දෙනෙකුගෙ අතේ මුදලුත් තිබුනෙ නෑ. හැබැයි කැබතිගොල්ලෑවෙ අපතය කිව්වෙ සල්ලි අවුළක් නෑ බං යමල්ලා මොනව හරි කර ගන්න බැරියැ කියලා. එදත් ස්ටේෂන් එකට ගිහින් කැබතිගොල්ලෑවෙ එකා ටිකට් අරං ආවා. "කොහේ බං යන්නෙ" කියලා ඇහුවම "යමං බං කතරගම" කිව්වා. ඕං ඉතිං මාතරට වෙනකං කෝච්චියෙ එතන ඉඳං කතරගමට බස් එකේ. කට්ටියම ඉතිං කතරගම ගියා කාමරයක් අරං එදා රෑ ඒකේ නැවතිලා කතරගම වැඳ පුදාගෙන පහුවදා උදේ කිරි වේහෙරත් වැඳලා සෙල්ලට ගියා. සෙල්ලත් වැඳලා ඇවිත් කට්ටියම දවල් කාලා ඉවර වෙලා බිළ ගෙව්වම ආයෙත් කොළඹ එන්න සල්ලි නැත. ඉතිං මොකෑ කරන්නෙ බස්වල නිකං එක්කං යනව කියලෑ. දැං ඉතිං කට්ටියම කල්පනා කරනව මොකද කරන්නෙ කියලා. වළස්මුල්ලට වෙනකං යන්න තිබුනා නං ඇති බං ගෙදරට ගිහිං සල්ලි අරන් යන්න පුළුවන් අපිට කියලා වළස්මුල්ලෙ සෙට් එක කියනව.



              ඕං අපේ කැබතිගොල්ලෑවේ එකා දුන්නා අයිඩියාව. "සිංදු කියලා ගාණ කපමු" මයිනට සිංදු බැරි නිසා පැත්තකට උනා. වළස්මුල්ලෙ එවුං දෙන්නෙකුත් මයිනා හිටපු තැනට. කැබැතිගොල්ලෑවෙ එකා එහා පැත්තෙ කඩේකට ගිහින් ඉටිකොළ කෑල්ලක් අරන් ආවා. පොළොන්නරුවේ එකා ඩොලැක්කෙත් තියන් ඉටිකොලේ උඩින් වාඩි උනා, පටන් ගත්තා සිංදු කියන්න. වටේ පිටේ හිටපු එකා දෙන්නා කිට්ටු උනා. වැඩේ නැගලා යනව පොලොන්නරුවෙ එකා "පිදුරු සෙවිකළ පැල්පතෙ" සිංදුව කිව්වා අංකල්ලා සෙට් එකක් එතන නැවතිලාම හිටියා. "පුතා තව සැරයක් අරක කියන්නකො" කියලා මාර ඉල්ලීම්. වළස්මුල්ලෙ එකා කිව්වා "ගැල් පුරවා.....ගෙන හනි හනි හනිකට තවලම් අපි යනව" එතන හිටපු 50ක් 60ක් මිනිස්සු "තව පාරක් කියන්න මල්ලි" කියලා ඔය සිංදුව තුන් සැරයක් කිව්වා. ඔය සිංදුවෙ මැද හරි ලස්සන කොටස් ටිකක් එකතු වෙනව ඒවා එහෙම අරූ නළවලා දුන්නෙ. පැය එකහමාරක් ගියෙ නෑ රුපියල් එක්දාස් හයසීය ගාණක් සල්ලි වැටිලා. සියේ පනහයේ ඒවත් තිබුනා ආපරාදේ කියන්න බෑ. පොඩි සල්ලි ටිකත් කඩේකට දීලා මාරු කරගෙන කට්ටියම වළසුමුල්ලට ගිහින් දවස් 2කක් එහෙත් ඉඳලා කොළඹ ආවා.

                           එද්දි කට්ටියම කතා උනේ යකෝ ජොබ් නොකර වීදි හිඟන්නො උනා නම් හොඳයි කියලා. ඊට පස්සෙත් ට්‍රිප් ගියා හැබැයි ආයෙත් වීදී සංගීත සාජ්ජ නම් දැම්මෙ නෑ. අදත් මම ඔය "ගැල් පුරවාගෙන" ගීතයට නම් පට්ටම ආශයි. ඒ වගෙම ඔය සිංදුව "පිදුරු සෙවිකල" "මනමාළ ගිරව්" වගේ ගීත ඇහෙද්දි හිත අතීතෙට පැනලා නවතිනව නිරායාසයෙන්ම. ඒ සියල්ලම අතීතෙට එකතු වෙච්ච තවත් මතක ගොන්නක් බවට පත් කරමින් කාළය වේගයෙන් ඉගිළිලා ගිහින්. එන්නං ඈ.....
___මයිනා____